21/07/2026
🔥 夏本番!熱中症 (ねっちゅうしょう) ගැන දැනුවත් වෙමු! 🔥☀️
ජපානයේ ගිම්හාන කාලයේදී උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය (湿度) වැඩි වීම නිසා 熱中症 (Heat Stroke / Heat Illness) ඇතිවීමේ අවදානම වැඩි වේ.
熱中症 කියන්නේ ශරීරයට වැඩි උණුසුම දරාගත නොහැකි වී, ශරීරයේ ජල ප්‍රමාණය (水分) සහ ලවණ (塩分) සමතුලිතතාවය බිඳ වැටීම නිසා ඇතිවන තත්ත්වයකි.
🌡️ 熱中症 の主な病型 (ප්‍රධාන වර්ග 4ක්)
① 熱失神 (ねっしっしん)
➡️ උණුසුම නිසා රුධිර නාල පුළුල් වී මොළයට ලැබෙන රුධිර ප්‍රවාහය අඩුවීම.
症状 (ලක්ෂණ):
• කරකැවිල්ල
• ඇස් අඳුරු වීම
• සිහි නැති වීම
② 熱けいれん
➡️ වැඩිපුර දහඩිය දැමීමෙන් ජලය සහ ලවණ අඩුවීම.
症状:
• අත් පා මස්පේශි කැක්කුම්
• වේදනාකාරී ගැස්ම
③ 熱疲労 (ねつひろう)
➡️ ශරීරයේ ජලය අඩුවීම නිසා ඇතිවන තත්ත්වය.
症状:
• හිසරදය
• ඔක්කාරය
• අධික දුර්වල බව
• අවධානය අඩුවීම
④ 熱射病 (ねっしゃびょう)
🚨 ඉතා බරපතල තත්ත්වයකි.
➡️ ශරීර උෂ්ණත්වය පාලනය කරගත නොහැකි වීම.
症状:
• සිහි මද බව / සිහි නැති වීම
• ව්‍යාකූල බව
• උණුසුම් වියළි සම
• ජීවිතයට අවදානමක් ඇතිවිය හැක
🚑 熱中症 සැකයක් ඇති වුණොත් කරන්න ඕන දේ:
✅ වහාම සීතල ස්ථානයකට ගෙන යන්න
✅ ඇඳුම් ලිහිල් කරන්න
✅ ශරීරය සිසිල් කරන්න (ගෙල, කිහිලි, ඉඟටිය වැනි ස්ථාන)
✅ සිහිය හොඳ නම් ජලය සහ ලවණ ලබා දෙන්න
⚠️ සිහි නැති අයට බලෙන් බීම දෙන්න එපා
📞 බරපතල නම් 119 අමතන්න
💧 熱中症予防 (වැළැක්වීම)
🥤 නිතර වතුර බොන්න (තද පිපාසය එනතුරු ඉන්න එපා)
🧂 දහඩිය වැඩි නම් ලවණ අවශ්‍ය වේ
🍵 ORS (経口補水液), sports drink වැනි electrolyte drinks භාවිතා කළ හැක
👒 තොප්පි සහ සීතල ඇඳුම් භාවිතා කරන්න
🏠 Air conditioner භාවිතා කිරීමට බිය නොවන්න
😴 හොඳ නින්දක් ලබාගන්න
🍚 නිසි ආහාර වේලක් ගන්න
👵👴 විශේෂ අවධානය යොමු කළ යුතු අය:
• වැඩිහිටියන් (高齢者)
• ළමුන්
• පිටත වැඩ කරන අය
• තනිව ජීවත් වන අය
විශේෂයෙන් වැඩිහිටියන්ට පිපාසය දැනීම අඩුවිය හැකි නිසා, ඔවුන්ට නිතර ජලය පානය කිරීමට මතක් කිරීම වැදගත්.
🌻 මේ ගිම්හානයේදී අපි හැමෝම 熱中症 වලින් ආරක්ෂා වෙමු!
#熱中症 #熱中症対策 #熱中症予防