Cute sajee mart

Cute sajee mart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cute sajee mart, Shopping & retail, Thalawa. Anuradhapura. sri lankan, Anuradhapur.

Trendy Clothes | 👜 Cute Bags | 🕸️ Quality Mosquito Nets | bedsheet |කර්ටන්| Eco bag

​සාධාරණ මිල ගණන් යටතේ උසස්ම තත්ත්වයේ නිෂ්පාදන ගෙදරටම ගෙන්වා ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න!
📲 Call/WhatsApp: 078 347 7434
✨ Sajee Cutemart - Your Choice, Our Quality!

18/08/2026
18/08/2026

💥අපි අද කාන්තා ඇඳුමක පතරොමක් නිර්මාණය කිරීමේ දී අවශ්‍ය වන Across Front මිනුම නිවැරදිව සොයා ගන්නා ආකාරය ඉගෙන ගමු.

🔥🔥ඇඳුමක අත් කට ප්‍රදේශය රැලි ගැසීමක් නැතිව ඇඟට ලස්සනට නීට් එකට තියන්නේ මෙන්න මේ Across Front මිනුම නිවැරදිව සහ හරිම ස්ථානයේ ලකුණු කළ පතරොමකින් ඇඳුම මැසුව විටයි.

💥💥 මෙය සොයාගන්නා ආකාරය කොහොමද කියලා බලමු අපි..

0️⃣1️⃣ පතරොම අඳින්න පෙර සිරුරෙන් මිනුම් ලබා ගැනීම වඩාත් නිවැරදි ...

💥 කොහොමද දන්නවද මිනුම ගන්න විදිහ

👉 මෙන්න මෙහෙම ගන්න

ඉදිරිපස එක කිහිල්ලක ඇල හැඩය පටන් ගන්න තැන සිට අනෙක් කිහිල්ල පැත්තේ ඇල හැඩය පටන් ගන්න තැන දක්වා පපුවට ඉහළින් තිරස් අතට මනින්න.

▶️එසේ ලබා ගන්නා මිනුම

පතරොමේ ලකුණු කරන්නෙ අපි දෙකෙන් බෙදලා එන උත්තරය..

▶️ එම සම්පූර්ණ මිනුමෙන් භාගයක් (1/2) තමයි ලකුණු කරන්නෙ.

පැහැදිලි නේද?

0️⃣2️⃣ උරහිස් මිනුමම පාවිච්චි කරලා සිරුරෙන් මිනුම් ගැනීමට අපහසු අවස්ථාවලදී මේ විදිහට ගණනය කරන්න පුළුවන්

▶️ (සම්පූර්ණ උරහිස් මිනුම - අඟල් 1) ÷ 2

උදාහරණයක් බලමු අපි

උරහිස අඟල් 14 නම්,

⏩ උරමිනුම 14 - 1 = 13 / 2 = 6.5 අඟල් වේ.

💥💥 එතකොට Across front මිනුම අඟල් 6.5යි..

📍දැන් මේ හොයා ගත්ත මිනුම පතරොමේ ලකුණු කළ යුතු නිවැරදි උස කොහොමද සොයා ගන්නේ

මෙන්න මෙහෙම හොයාගන්න

🔥 Center Front රේඛාවේ සිට හරහට Across Front මිනුම ලකුණු කිරීමට භාවිතා කරන ස්ථාන දෙකක් තියෙනවා... ඒ තැන් දෙකෙන් ඔබේ කැමැත්ත පරිදි තැන තෝරා ගන්න..

👉 පලවෙනි ක්‍රමය තමයි උරහිසේ සිට පපුව රේඛාව දක්වා ඇති දුරේ මැද ලක්ෂ්‍යය සොයා ගෙන ඒම ස්ථානයේ සිට across front මිනුම ලකුණු කිරීම (වඩාත් නිවැරදි ක්‍රමය නම් මේක)

🔥 ඒකට හේතුව තමයි අත් කට ඇලය (Armhole curve) ආරම්භ වන්නේ උරහිස මුදුනේ ඉඳන් නිසා, සම්පූර්ණ අත් කට ගැඹුරේ මැද ලක්ෂ්‍යය ගැනීමෙන් නිවැරදි හැඩය ගන්න පුළුවන් වෙනවා

👉 දෙවන ක්‍රමය නම් මූලික කර ගැඹුරේ සිට පපු රේඛාව දක්වා ඇති දුරේ මැද ලක්ෂ්‍යයේ සිටද ලකුණු කළ හැකියි.

💥💥💥 මේ ක්‍රම දෙකේ වෙනස තමයි දෙවන ක්‍රමය බොහෝ විට පලමු ක්‍රමය මගින් ලැබෙන ලක්ෂ්‍යයට ඉතා ළඟින් තමයි තියෙන්නේ... නමුත් කර ඉතා ගැඹුරු ඇඳුම් වලදී මෙම ලක්ෂ්‍යය වෙනස් වෙන්න පුළුවන් නිසා හැම වෙලාවකම "මූලික කර" මට්ටමේ සිට පමණක් මේ සඳහා භාවිතා කරන්න දෙවන ක්‍රමය ගන්නවා නම්.

0️⃣3️⃣ පපුවේ මිනුම පාවිච්චි කරලත් මේ මිනුම සොයාගන්න පුළුවන්
මෙන්න මෙහෙම

👉(පපුවේ වට ප්‍රමාණය ÷ 8) + අඟල් 1/2

උදාහරණයක් බලමු අපි

▶️ පපුව වට මිනුම 38 / 8 = 4.75 + 0.5 = 5.25යි.

💥 කලින් ක්‍රම වලින් ඔබ තෝරාගත් ක්‍රමය යටතේ Center front රේඛාවේ මැද ලක්ෂ්‍යයේ සිට CF රේඛාවට ලම්බකව Across Front මිනුම සලකුණු කරන්න.

💢 ඊටපස්සෙ උරහිස් කෙළවරේ සිට Across Front මිනුම ලකුණු කළ ලක්ෂ්‍යය හරහා පපුව රේඛාවට සම්බන්ධ වන සේ අත් කට ලස්සනට නිවැරදිව අඳින්න.

💥💥 මේක හොඳින් මතක තියාගන්න

▶️ Across Back මිනුම පිටුපස පතරොමේ ලකුණු කරන්නේ පිටුපස අත් කට ගැඹුරේ මැද ලක්ෂ්‍යයේමයි..

🔥🔥 ඇඳුමක් ඇන්ඳම ඉදිරිපස කිහිල්ල අසල රැලි ගොඩක් තියනවා නම් ඒකට හේතුව පතරොමේ ඔබ Across Front මිනුම ලකුණු කළ තැන ඕනෑවට වඩා පහතින් වීම හෝ මිනුම් ප්‍රමාණය වැඩියෙන් ලකුණු කිරීම යන හේතු නිසාවෙනි,.

💢 අදත් වටිනා මාතෘකාවක් තමයි ඔයාලට ගෙනාවේ.....

අළුතින් ආරම්භ උන අධිවේගී කාන්තා ඇඳුම් නිර්මාණය කිරීමේ පාඨමාලාව සඳහා ඉතාමත් ඉක්මනින් සම්බන්ධ වෙන්න.... කාන්තා ඇඳුම් නිර්මාණය කිරීමේ දී අවශ්‍ය වන සියළුම මිමි එකින් එක විස්තර කරමින් කියා දෙන මෙම විශේෂ zoom පාඨමාලාව සඳහා සම්බන්ධ වෙන්න කැමති දරුවන් ඉක්මනින් වට්ස්ඇප් මැසේජ් එකක් දාලා ලියාපදිංචි වෙන්න...

ඩිලිට් නොවන රෙකෝඩින් මාලාවක් ලබා දෙනවා ලයිෆ් ටයිම් බලන්න පුළුවන් විදිහට...

ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පාඨමාලාව සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් සිසුන් 50 දෙනෙක්ට පමණක් බැවින් ඉක්මනින් ඔබේ වටිනා අවස්ථාව ලබා ගන්න....

18/08/2026

Lassana gaumak mahamuda

Address

Thalawa. Anuradhapura. Sri Lankan
Anuradhapur

Website

Alerts

Be the first to know and let us send you an email when Cute sajee mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share