TT Bookshop & Com

TT Bookshop & Com Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TT Bookshop & Com, Book shop, Jaya Mawatha, Anuradhapura.

Photocopy, Printout(Colour & black n white) Scanning, Laminating, Binding, Email, All kind of School suppliers, Stationeries, Newspapers, Reload and Bill payments, Utility Bill payments, All kind of Sim Activations

06/07/2026

🚨 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම: දෙමාපියන් නිතරම වරද්දාගන්නා "පොදු ගැටළු" කිහිපයක් මෙන්න! 🚨

👇👇ගොඩක් දෙනාට තියෙන පොදු ප්‍රශ්න ටිකක් තමා මේ . 👇👇

✈️ දෙමාපියන් විදේශගතව සිටීම සම්බන්ධයෙන්:

* **ලංකාවේ ඉන්න කෙනා අයදුම්කරු වෙන්න:** දරුවාගේ මව හෝ පියා විදේශගතව සිටී නම්, දැනට ලංකාවේ සිටින කෙනා 'අයදුම්කරු' ලෙසත්, විදේශගතව සිටින කෙනා 'කලත්‍රයා' (බිරිඳ/ස්වාමිපුරුෂයා) ලෙසත් අයදුම්පත පුරවන්න.
* **ලේඛන ඉදිරිපත් කිරීම:** රට ඉන්න කෙනාගේ නමට ඇති ලේඛන, ලංකාවේ ඉන්න කෙනාට සම්මුඛ පරීක්ෂණයට රැගෙන යා හැකියි. ඒ සඳහා කිසිදු බාධාවක් නැත. විවාහ සහතිකය මඟින් ඒ අයිතිය හිමි වේ.
* **"විදෙස්ගත පදනම" (Foreign Category) වැරදියට පාවිච්චි කරන්න එපා:** මව හෝ පියා විදේශයක රැකියාව කළ පළියට මේ ගණයෙන් ඉල්ලුම් කරන්න බැහැ. චක්‍රලේඛය අනුව එමඟින් ඉල්ලුම් කළ හැක්කේ දරුවාද දෙමාපියන් සමඟ විදේශගතව සිටියේ නම් හෝ එසේ සිට මෑතකදී ලංකාවට පැමිණියේ නම් පමණි.

🏠 ඔප්පු සහ පදිංචිය තහවුරු කිරීම:

* **ඔප්පුවේ අයිතිය:** සින්නක්කර හෝ තෑගි ඔප්පු සඳහා ලකුණු ලැබෙන්නේ එය දරුවාගේ මව, පියා, ආච්චි, සීයා හෝ දරුවා/වැඩිමල් සහෝදර සහෝදරියන්ගේ නමට තිබේ නම් පමණි. නැන්දා, මාමා, බාප්පා, පුංචි වැනි වෙනත් ඥාතීන්ගේ නමට ඇති ඔප්පුවලට චක්‍රලේඛය අනුව ලකුණු ලැබෙන්නේ නැත.

* **ජල සහ විදුලි බිල්පත්:** බිල්පත් ඉදිරිපත් කරන්නේ නම් ඒවා අනිවාර්යයෙන්ම මවගේ හෝ පියාගේ නමින්ම තිබිය යුතුය. වෙනත් අයගේ නම්වලට ඇති බිල්පත් ඉදිරිපත් කිරීමෙන් පලක් නැත.
* **කුලී / බදු ගිවිසුම්:** ඔබ කුලියට හෝ බද්දට ඉන්නවා නම්, එම ගිවිසුම් වසර 5ක කාලයම ආවරණය වන පරිදි තිබිය යුතුය. නැතහොත් ලකුණු හිමි නොවේ. (දරුවා පාසලට දාන තුරු මේ ලේඛන ගැන සොයා නොබලා සිටීම තමන්ගේම අතපසුවීමකි).

📄 අතිරේක ලේඛන සහ අයදුම්පත:

* **අවුරුදු 5ක ආවරණය:** සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට නම් අතිරේක ලේඛන 5ම වසර 5ක කාලයම ආවරණය වන ඒවා විය යුතුය. (උදාහරණයක් ලෙස: හැඳුනුම්පත (NIC) පසුගිය වසරේ අලුත් කළා නම් ඒ සඳහා ලැබෙන්නේ ඉතාම සුළු දශම ගණනක ලකුණකි).

* **පිටපත් අනිවාර්යයි:** අයදුම්පත සමඟ පිටපත් අමුණා නොයවන කිසිදු ලේඛනයක් තරඟකාරී පාසල්වල සම්මුඛ පරීක්ෂණයේදී සලකා බලන්නේ නැත. එබැවින් "මේක දාන්න ඕනද, අරක දාන්න ඕනද" කියා ලේඛන හැලීමෙන් වළකින්න.

* **දිවුරුම් ප්‍රකාශය:** ලේඛන සත්‍ය බව තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයේ **මුල් පිටපත (Original)** අයදුම්පත සමඟම යැවිය යුතුය.

> 💡 **විශේෂ මතක් කිරීම:** මේ සියලුම නීති සහ ලේඛන ඉතා දැඩිව පරීක්ෂා කරන්නේ තරඟකාරී සහ ජනප්‍රිය පාසල් සඳහා පමණි. එබැවින් චක්‍රලේඛය හොඳින් කියවා බලා, නීති විධිමත්ව සපුරා අයදුම්පත් යොමු කරන්න.

මම හිතනවා ගොඩක් දෙනාට පිලිතුරක් ලැබෙන්න ඇති කියලා.

අනිත් අයටත් දැනුවත් වෙන්න ශෙයා කරන්න 🙏🙏👍 දාන්න. ♥️

Address

Jaya Mawatha
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when TT Bookshop & Com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share