29/12/2025
🛑 රෑට නිදාගන්න ගියාම "හූ..." ගාන මදුරුවෝ නැති ලෝකයේ එකම රට! 🦟😴 (හිතාගන්න පුළුවන්ද මදුරු කොයිල්, නෙට් මුකුත් නැති රටක් ගැන?)
උත්තරේ තමයි අයිස්ලන්තය (Iceland). 🇮🇸
පුදුම හිතෙන දේ කියන්නේ අයිස්ලන්තයට එහා පැත්තේ තියෙන රටවල් වල (ග්‍රීන්ලන්තය, නෝර්වේ) මදුරුවෝ ඕන තරම් ඉන්නවා. හැබැයි අයිස්ලන්තයේ බෝඩර් එකෙන් ඇතුලට එන්න උන් බයයි.
විද්‍යාඥයෝ කියන විදියට මේකට හේතුව අයිස්ලන්තයේ තියෙන "වෙනස්වන දේශගුණය". එහේ එකපාරටම රස්නෙ වෙනවා, ආයේ සීතල වෙනවා. මදුරුවෙක්ට බිත්තර දාලා පැටව් ගහන්න ඕන කරන "ස්ථාවර පරිසරය" එහේ හැදෙන්නේ නෑ.
හැබැයි එහේ එකම එක මදුරුවෙක් ඉන්නවා! ඒ 1980 ගණන් වල ප්ලේන් එකකින් ආපු එකෙක්. මිනිහව මරලා කුප්පියක දාලා කෞතුකාගාරයේ තියලා තියෙනවා "අයිස්ලන්තයේ හිටපු අන්තිම මදුරුවා" කියලා.
ඩෙංගු බය නැතුව, මදුරු දැල් නැතුව සැපට නිදාගන්න පුළුවන් මේ රටට යන්න ඔයත් ආසද?
ඒත් යාලුවනේ,, අයිස්ලන්තයේ එහෙම උනත් ලංකාවේ නම් එහෙම වෙන්නෙ නෑ,, ඔයට මදුරු දැලක් ගන්නම වෙනවා 😉👍