CR Publishers

CR Publishers හොඳම පොත් අපෙන්..

“මෙන්න මේ ත්‍රීවිල් එකේ තියන පෙට්ටිය ගෙදරට අරන් ගිහින් හෙමීට බිමින් තියපන්.” “මේ මොනවද මේ?” “ගිහින් තියපන්කෝ ඕක.” ඒ තඩි ...
05/09/2026

“මෙන්න මේ ත්‍රීවිල් එකේ තියන පෙට්ටිය ගෙදරට අරන් ගිහින් හෙමීට බිමින් තියපන්.”

“මේ මොනවද මේ?”

“ගිහින් තියපන්කෝ ඕක.”

ඒ තඩි කාඩ් බෝඩ් පෙට්ටිය උස්සන් ගිහින් බිමින් තියලා, මොනවද තියෙන්නේ බලන්න ඇරියා විතරයි තරමක සයිස් කුකුල් පැටව් හය දෙනෙක්ගෙන් දෙන්නෙක් පැනපි එළියට. මළකෙළියයි, කෙළලා හමාරයි, අරුන් දෙන්නා දහ අතේ දුවනවා. දැන් මං උන් දෙන්නා අල්ලන්න දුවනවා. මොන ඇල්ලිලක්ද? මුන් නිකං ජෙට් ඔයිල් බීලා වගේ දුවන්නේ. අන්තිමට කොහොමහරි එළියට පැන්න ජෝඩුවත් අල්ලලා දැම්මා පෙට්ටියට.

“ඔය මැගීලගේ ගෙදරට හම්බුණ පැටව් හයක්. සේරම කිකිළියෝ බං. උන්ට හදන්න බැරිය කියලා මට දුන්නේ. නිකං දුන්න හින්දා මං ගෙනාවා. අපිට බිත්තරයක්වත් ගන්න පුළුවන්නේ. මෙන්න මුන්ට බත් ටිකක්වත් දියං. කොල්ලා ආවම කූඩුවක් හදවමු කැලේ හරියට වෙන්න.”

එදායින් පස්සේ පටන් ගත්තේ චිකන් භීෂණේ. උදේට ඉස්කෝලේ යන්න කලින් වතුර අදිනවා මදිවට කුකුල්ලුන්ටත් කෑමයි, වතුරයි අදින්න ඕනේ. ඒ මදිවට ඒ හැතිකරේ වත්ත පුරා අඟලෙන් අඟලට බෙටි ගහනවා. අපි අඩිය තියන්න ඕනේ බට්ටෝ පනිනවා වගේ. ඒ පැනලත් දවසකට පහ හයක් පෑගෙනවම තමයි. කුකුල්ලු හය වුණාට මුන් බෙටි දාලා තියෙන්නේ දහයේ ගූණාකාරවලින්.
*******************************
සෙල්ලංද කොල්ලෝ...(Pre Order)
කල්පනා කස්තුරිආරච්චි
20% වට්ටම් මිල රු.1360යි
ඩිලිවරි ගාස්තුව රු 400යි.

සෙල්ලංද කොල්ලෝ...(Pre Order)කල්පනා කස්තුරිආරච්චි 20% වට්ටම් මිල රු.1360යිඩිලිවරි ගාස්තුව රු 400යි.**********************...
05/09/2026

සෙල්ලංද කොල්ලෝ...(Pre Order)
කල්පනා කස්තුරිආරච්චි
20% වට්ටම් මිල රු.1360යි
ඩිලිවරි ගාස්තුව රු 400යි.
*************************
කාල යක්ෂණීගේ බර වැඩි වෙලා කියලා ඩයට් කරන්න පටන් ගත්ත දවසේ තමයි අපේ ගෙදර කෑම මේසෙට කණ කොකා පියාඹන ගමන් වසුරු හලලා ගියේ. වෙනදා උදේට, දවල්ට අම්මා බැඳලා දෙන සිමෙන්ති කොට්ට දෙකක් විතර බත් ගෙඩි දෙක වෙනුවට දැන් කාල යක්ෂණී කන්නේ මුං ඇට, කව්පි, කඩල, මදිපාඩුවට මගේ බොටුව.
ඒකි ඒවා කාලා ඉන්නවනම් කමක් නෑ. යකෝ හැමදාම උදේට මෙහෙම ඇට වර්ග කන්න අපිට පුළුවන්ද? ඊයේ උදේට කඩල, පෙරේදා උදේට කව්පි, ඊට කලින් දවසේ මුං ඇට, අද මොනවද මන්දා නමක් ගමක් දන්නෙත් නැති රතු පාට ඇටයක්. රටේම තියන ඇට ජාති කාලා ඉවර වුණාම මේකි හින්දා අපිට දවසක උදේට කනේරු ඇටත් කන්න වෙන එක නම් බඩේ බත් ටික වගේ, ආ නෑ... බඩේ ඇට ටික වගේ විශ්වාසයි. ඇට කාලාම මාව නිකං ඇටකාමා කාන්තාරේ ඇටගැහුණ නාකි ඔටුවෙක් වගේ වෙලා.
************************
ඇණවුම් සඳහා
🚩නම,
🚩ලිපිනය,
🚩දුරකථන අංකය
අපවෙත එවන්න...

📔Inbox CR Publishers හෝ
📲071 081 4513
💻අපගේ වෙබ් අඩවිය www.crbooks.lk/shop

🎁පොත් ලැබුණ පසු මුදල් ගෙවීම්(Cash on Delivery)
🚚දිවයින පුරා බෙදාහැරීම කුරියර් ගාස්තු රු.400 යි.(Cash on Delivery)
📮තැපැල් මගින් ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තු රු.300 යි.(බැංකු තැන්පතු පමණි)
***************************************

****අන්තිමට හදන්න ඉතුරු වෙලා තිබුණේ නාරං කැවුම්. නාරං කැවුම් ටික මුං කැවුම්වලට හපන්. මුං කැවුම් නම් රුයිතෙට හෙණ ගහලා වගේ...
04/09/2026

****අන්තිමට හදන්න ඉතුරු වෙලා තිබුණේ නාරං කැවුම්. නාරං කැවුම් ටික මුං කැවුම්වලට හපන්. මුං කැවුම් නම් රුයිතෙට හෙණ ගහලා වගේ වුණාට පැතලි නිසා අවදානම අඩුයි. නාරං කැවුම එහෙම නෙවේ. තාච්චියට දාලා ටික වෙලාවකින් තාච්චියේ ඉඳලා අඩි එකහමාරක් විතර උඩට පොහ්... පොහ්... ගාලා උඩ පනිනවා.

නාරං කැවුම්වල සද්දෙට රඹුටං ගහේ හිටපු රිළව් රංචුව ආගිය අතක් නැති වුණා, උන්ට රතිඤ්ඤා දානවා කියලා හිතලා. අන්තිමට උඩ ගිය නාරං කැවුම් බැදිලා ඉවර වෙද්දි පොළේ නාරං ගොඩක් උඩට නාරං විකුණන මුදලාලිව කකුල පැටලිලා වැටිලා වගේ. හරිම කලාත්මකයි. නාරං කැවුම් සේරම උඩ බලාගෙන කුරුළු පැටව් වගේ කට ඇරන් ඉන්නවා වට්ටියට වෙලා.

හැබැයි ඉතිං කන්න බැරි වුණත් මෙච්චර කෑම ගොඩක් හදපු එකට ගැන කාල යක්ෂණීව අගය කරන්න ඕනේ. කොහොමත් මේ මනමාලයා ඇතුළු පිරිස ප්‍රථම වතාවට දකින්නෙ රුවිතෙට හෙණ ගහපු මුං කැවුම්, පරාගණය වෙලා වැඩිවෙච්ච මල් සහ සමනල කොකිස්, උඩ පැනලා කට ඇරිච්ච නාරං කැවුම්, බයින්ඩර් ගම් දොදොල් එක්ක පෙරේදා හදපු කොණ්ඩ කැවුම්. හැබැයි ඒකේ කොණ්ඩෙ එන්න කුමාරිකා තෙල්වලින් ආයේ බැදලා සන්සිල්ක් ශැම්පු ටිකක්වත් දාන්න ඕනේ. කොණ්ඩෙ එන තැන කූරෙන් ඇනලාම හැදුණ හිල විතරයි තියෙන්නෙ, කොණ්ඩෙ වැවිලා නෑ. ඒකට කොණ්ඩ කැවුම් කියන්න බෑ. වළ කැවුම් හරි, හිල කැවුම් හරි, නැත්තම් බුරි කැවුම් හරි තමා කියන්න පුළුවන්.☺️☺️

පුවත්පත්වල පළ වූ සත්‍ය කතා 32ක්..කතෘ. නන්දි අලුත්ගේ රත්නවීර1. සිඟිති අවුරුදු කුමරියගේ ඉරණම2. බිළිඳු දරුවාට අමානුෂික ලෙස ...
25/08/2026

පුවත්පත්වල පළ වූ සත්‍ය කතා 32ක්..
කතෘ. නන්දි අලුත්ගේ රත්නවීර

1. සිඟිති අවුරුදු කුමරියගේ ඉරණම
2. බිළිඳු දරුවාට අමානුෂික ලෙස පහරදී මරා දැමු මව්පිය යුවළක්
3. තිරිසනුන් අතින් මරණයට ගොදුරු වූ මලර්
4. රන් මාලය නිසා ජීවිතය බිලි දුන් සුජාතා
5. මවගේ අසම්මත ප්‍රේමයට ජීවිතය දුන් මල් කැකුළ
6. මුදලට ගිජු වූ පාපතරයෙකු අතින් මරු වසඟයට ගිය සමනලී
7. සිව් දෙනෙකුට ජීවිත අහිමි කළ වියරු පෙම
8. ජීවිතයට අත්වැලක් සොයා ගොස් මරණය වැලඳගත් ගැහැනියක්
9. දියණියන්ට ඉව අල්ලන දෙවැනි සැමියෝ
10. වැරදුණු කසාදයක් කළ හදියක්
11. වතුර බැරලයක ගිලී මිය ගිය නිවිතිගල බිලිඳාගේ මරණය
12. මීවද කඩමින් වයසට ගිය තනිකඩ හාමු මහත්තයා
13. සල්ලි නොදුන්න නිසා පුංචි අම්මගේ ඔළුවට කොටලා
14. රබර් වත්තෙන් මතු වූ ජස්ටින්ගේ වෑන් රිය
15. කාමාතුරයකුට ගොදුරුවීමට වයස් සීමාවක් නැත
16. ගිනිගත් යුගදිවිය ජීවිත හතරක් වනසයි
17. දාහතර හැවිරිදි සිසුවිය කෙලෙසා මරා දාලා
18. ලේස් එක දෑතට, මේස් එක බෙල්ලට, දරුවා මරුට
19. කැපුණු ඇඟිල්ලෙන් හෙළිවුණු ඝාතනය
20. මාමේ මට ගහන්න එපා. මම ගණන් වරද්දන්නේ නැහැ.
21. පාපතරයෙකුට බිලි වූ අහිංසකාවිය
22. සැමියාගේ පොරෝ පහරින් මියගිය දෙදරු මව
23. පෙම්වතිය මරා රන් බඩු කොල්ල කෑ පෙම්වතා
24. අනේ අපේ අම්මා කෝ
25. දෙසොහොයුරියන්ටම පෙම් බැඳි පොළඟා
26. අහිමි ආදරයට බිල්ලක් වූ නව යොවුන් කුසුමිය
27. මොරගෙරි කන්දේ ඝාතනය
28. එක් දරු මවගේ ඝාතනය
29. ප්‍රේමය නිසා ගිනිගත් රූපිකා
30. අත්තම්මලාට බැල්ම හෙළන යක්ෂයෙක්
31. මම බේරිලා එන්න හැදුවා, ඒත් බැරි වුණා අම්මේ
32. ප්‍රේමයටත්, බේබදු කමටත් ජීවිතය දුන් ඉන්ද්‍රාණි

ලේ සුවඳැති පිටු..
20% වට්ටම් මිල රු.800යි
ඩිලිවරි ගාස්තුව රු 400යි.
************************
ඇණවුම් සඳහා
🚩නම,
🚩ලිපිනය,
🚩දුරකථන අංකය
අපවෙත එවන්න...

📔Inbox CR Publishers හෝ
📲071 081 4513
💻අපගේ වෙබ් අඩවිය www.crbooks.lk/shop

🎁පොත් ලැබුණ පසු මුදල් ගෙවීම්(Cash on Delivery)
🚚දිවයින පුරා බෙදාහැරීම කුරියර් ගාස්තු රු.400 යි.(Cash on Delivery)
📮තැපැල් මගින් ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තු රු.300 යි.(බැංකු තැන්පතු පමණි)
***************************************

ලේ සුවඳැති පිටු..පුවත්පත්වල පලවූ සත්‍ය කතා 32ක්20% වට්ටම් මිල රු.800යිඩිලිවරි ගාස්තුව රු 400යි.************************ඇ...
23/08/2026

ලේ සුවඳැති පිටු..
පුවත්පත්වල පලවූ සත්‍ය කතා 32ක්
20% වට්ටම් මිල රු.800යි
ඩිලිවරි ගාස්තුව රු 400යි.
************************
ඇණවුම් සඳහා
🚩නම,
🚩ලිපිනය,
🚩දුරකථන අංකය
අපවෙත එවන්න...

📔Inbox CR Publishers හෝ
📲071 081 4513
💻අපගේ වෙබ් අඩවිය www.crbooks.lk/shop

🎁පොත් ලැබුණ පසු මුදල් ගෙවීම්(Cash on Delivery)
🚚දිවයින පුරා බෙදාහැරීම කුරියර් ගාස්තු රු.400 යි.(Cash on Delivery)
📮තැපැල් මගින් ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තු රු.300 යි.(බැංකු තැන්පතු පමණි)
***************************************

කූනිය කින්නි දෙවන මුද්‍රණය.ප්‍රකාශනය CR PUBLISHERS.දිල්රුහා සෙව්වන්දි************************ගල් තලාව මැද දැල්වූ ගිනිමැළ...
21/08/2026

කූනිය කින්නි දෙවන මුද්‍රණය.
ප්‍රකාශනය CR PUBLISHERS.
දිල්රුහා සෙව්වන්දි
************************
ගල් තලාව මැද දැල්වූ ගිනිමැළයේ දැවී ගිය දර කැබැලි සියල්ල රත් පැහැයෙන් දිලිසෙමින් තිබුණි. කිරමාද, නෙරංචිරාලද ගිනිමැලය ආසන්නයේ වකුටු වී නිදමින් සිටියහ. අසල දිය දහරේ හඬ ඇසෙන්නට නොතිබුණද කළු අප්පු සහ කදිරා සිටියේ අවදියෙනි. වනාතරයේ ඝන අඳුර නැති කරමින් හිරු කිරණ එබිකම් කරමින් තිබුණද තවමත් කුරුලු රෑන් කැදැලිවලය. කදිරා ඔවුන් කිසිවෙකුත් අවදි නොකරන්නට මෙන් හිමිදිරි පින්නෙන් තෙත් වී ගිය වන බිම මත සෙමින් අඩි තබා යමින් අවට සෝදිසි කළේය. කළු අප්පුද අවටම සැරිසරමින් සිටින බව ඔහුට දැනුණි. එක් වරම දිය පහර අසලින් ආ වෙඩි හඬට තිගැස්සුණු කදිරා කලබලයෙන් ඒ දෙසට දිව ගියේය. කළු අප්පු වැරදි දඩයමක් ඉලක්ක කොට තිබුණි. දිය පහර අසල මිය ගොස් සිටියේ ගැබ්බර මුව දෙනකි..
*******************
කූනිය කින්නි..
දිල්රුහා සෙව්වන්දි කුළුඳුල් නවකතාව
20% වට්ටම් මිල රු.1200යි
ඩිලිවරි ගාස්තුව රු 400යි.
************************
ඇණවුම් සඳහා
🚩නම,
🚩ලිපිනය,
🚩දුරකථන අංකය
අපවෙත එවන්න...
📔Inbox CR Publishers හෝ
📲071 081 4513
💻අපගේ වෙබ් අඩවිය www.crbooks.lk/shop

🎁පොත් ලැබුණ පසු මුදල් ගෙවීම්(Cash on Delivery)
🚚දිවයින පුරා බෙදාහැරීම කුරියර් ගාස්තු රු.400 යි.(Cash on Delivery)
📮තැපැල් මගින් ගෙන්වා ගැනීමට තැපැල් ගාස්තු රු.300 යි.(බැංකු තැන්පතු පමණි)
***************************************

නොවැළැක්විය හැකි හේතුවක් නිසා 2026.08.02 දින සිට 2026.08.22 දින දක්වා අප ආයතනය වසා තබනු ලැබේ. එම නිසා 2026.08.02 දින සිට...
31/07/2026

නොවැළැක්විය හැකි හේතුවක් නිසා 2026.08.02 දින සිට 2026.08.22 දින දක්වා අප ආයතනය වසා තබනු ලැබේ. එම නිසා 2026.08.02 දින සිට ඇණවුම් බාරගැනීම සිදුකරනු නොලබයි.

2026.08.01 දින දක්වා ලැබෙන ඇණවුම් පමණක් කුරියර් සේවාව වෙත භාර දෙනු ලැබේ.

ස්තූතියි..
CR PUBLISHERS...

Address

6th Lane, Jayanthi Road
Aturugiriya

Alerts

Be the first to know and let us send you an email when CR Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CR Publishers:

Shortcuts

Share

Category