17/04/2026
ඔබ දවසට කී පාරක් නම් ඔබේ ස්මාර්ට් ෆෝන් එක අතට ගන්නවා ඇද්ද? ෆෝන් එකේ තිරය දිහා බලන් හිටියට, ෆෝන් එක පිටුපස තියෙන කැමරා ලෙන්ස් අස්සේ තියෙන පුංචිම පුංචි රහසක් ගැන ඔබ කවදාවත් හිතලා තියෙනවද?
ඔබේ ෆෝන් එකේ කැමරාවට හරි, එහෙමත් නැත්නම් ෆ්ලෑෂ් එකට හරි කිට්ටුවෙන් බලන්න. එතන ඉදිකටු තුඩක් විතර කුඩා පුංචිම පුංචි හිලක් තියෙනවා ඔබට පෙනේවි. සමහරවිට ඔබ හිතනවා ඇති මේක ෆෝන් එක රීසෙට් කරන්න දාපු තැනක් කියලා, නැත්නම් නිකන්ම නිකන් මෝස්තරයක් කියලා.
හැබැයි ඇත්තම කතාව ගොඩක් වෙනස්. හේතුව ඔබ හිතන දේ නොවෙයි!
මේ පුංචි හිල පිටිපස්සේ තියෙන්නේ ඔබේ ඇමතුම් වල ගුණාත්මකභාවය තීරණය කරන අතිශය සංකීර්ණ තාක්ෂණයක්. ඔබ දන්නවද, මේ පුංචි හිල නැති වුණොත්, ඔබ කොච්චර මිල අධික ෆෝන් එකක් පාවිච්චි කළත් වැඩක් වෙන්නේ නැති තරමට ඒක වැදගත්.
ඇත්තටම මේක මයික්රොෆෝනයක්. හැබැයි මේක ඔබේ කට ළඟ තියෙන සාමාන්ය මයික් එක වගේ නෙවෙයි. මේකට කියන්නේ "Secondary Noise-Canceling Microphone" එකක් කියලා.
දැන් ඔබට ප්රශ්නයක් එන්න පුළුවන්, ෆෝන් එකට ඇයි මයික් දෙකක්? ඇත්තටම අද කාලේ එන ගොඩක් ස්මාර්ට් ෆෝන් වල මයික් 3ක් විතර තියෙනවා. මේ කැමරාව ළඟ තියෙන මයික් එකේ රාජකාරිය ඔබ කතා කරන දේ ග්රහණය කරගැනීම නෙවෙයි, ඔබ අවට තියෙන "අනවශ්ය සද්ද" වලට සවන් දෙන එක.
හිතන්න ඔබ ඉන්නේ වාහන තදබදයක් මැද, නැත්නම් හුළඟ තදින් හමන තැනක කියලා. ඔබ කෝල් එකක් ගන්නකොට, යට තියෙන ප්රධාන මයික් එකට ඔබේ කටහඬ වගේම අවට තියෙන වාහන වල සද්දයත් ඇහෙනවා. අන්න ඒ වෙලාවට තමයි මේ කැමරාව ළඟ තියෙන පුංචි මයික් එක වැඩ පටන් ගන්නේ.
එය අවට තියෙන ඝෝෂාව (Ambient Noise) විතරක් හඳුනාගෙන, ඒ සද්දයට සමාන ප්රතිවිරුද්ධ තරංගයක් (Anti-noise) නිර්මාණය කරනවා. සරලවම කිව්වොත්, ඒක අවට තියෙන කරදරකාරී සද්ද කපලා ඉවත් කරනවා. ඒ නිසා තමයි ඔබ කොච්චර සද්ද බද්ද තියෙන තැනක හිටියත්, අනිත් පැත්තේ ඉන්න කෙනාට ඔබේ කටහඬ විතරක් පැහැදිලිව ඇහෙන්නේ.
හැබැයි ඔබ දන්නවද මෙතන තව රහසක් තියෙනවා. ඔබ වීඩියෝ එකක් රෙකෝඩ් කරනකොට, මේ මයික් එක "Stereo Sound" ලබා දෙන්න උදව් වෙනවා. ඒ කියන්නේ සද්දය එන්නේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද කියලා වෙන් කරලා අඳුරගන්න මේ පුංචි හිල උදව් වෙනවා.
මේ අවසානයට කියන්න යනදෙත් ගොඩක් වැදගත් දෙයක්. සමහරු මේ පුංචි හිල ඇතුළට ඉදිකටු වගේ දේවල් දාලා සුද්ද කරන්න යනවා. එහෙම කළොත් ඔබ කරන්නේ ඔබේ ෆෝන් එකේ තියෙන සංකීර්ණම සෙන්සර් එකකට හානි කරන එක. ඒ වගේම ඔබ දාන ෆෝන් කවර් එකෙන් මේ හිල වැහිලා තිබුණොත්, ඔබේ කෝල් වල පැහැදිලි ගතිය නැති වෙලා යනවා.