05/03/2021
අතීතයේදී හිරු තැටිය , පා තැටිය , වැලි තැටිය මෙන්ම සෙවනැල්ලෙන්ද කාලය නිර්ණය කරගත් මානවයා හට මෙම රන් හා සමාන කාලය එක් නිමේශයට මැන ගැනීමට කාර්මීකරණයත් සමග අවශ්‍යතාවය මතු විය එහි ප්‍රතිඵලයක් ලෙස දැති රෝදය නිර්මාණය වූ අතර ක්‍රම ක්‍රමයෙන් එය වැඩි දියුනු වෙමින් වර්තමානයේ අප භාවිතා කරන ඔරලෝසුව දක්වා විකාශනය විය .
විවිධ මාදිලියේ ඔරලෝසු වර්තමානයේ භාවිතයේ පවතින අතර වඩාත් ප්‍රචලිත මෙන්ම , සමාරයේ යම් වෙනසකට ලක් වූ " ස්මාර්ට් වොච් " පිලිබදව මෙම ලිපි පෙල මගින් දිගහැරේ..
රැහැන් රහිතව , අතේ ගෙනා යා හැකි ඩිජිටල් උපාංගයක් වන මෙය පළමුව ලොවට බිහි වුයේ 1998 වර්ෂයේදී ය . එතැන් සිට විවිධ පහසුකම් එක් කරමින් විවිධ මාදීලියේ , විවිධ හැඩැති , නවීන උපංග වලින් සමන්විත ඔරලෝසු වෙළඳපල වෙත නිකුත් වූ අතර ඒවා ඉතා ශ්‍රීඝයෙන් ජනගත වන්නට විය . 1999 වන විට සැම්සුන් ආයාතනය විසින් ලොව ප්‍රතම ඔරලෝසු දුරකථනය හදුන්වා දෙන ලදී .එය SPH - WP10 නම් විය .එහි ලබාදී ඇති පහසුකම් ලෙස ස්පීකර්ස් , ඒක වර්ණ LCD තිරය , ඉදිරියට නෙරා ඇති ඇන්ටනාව මෙන්ම විනාඩි 90 ක කතා කාලයද දැක්විය හැකිය .
ඉන්පසු ලිනක්ස් අත් ඔරලෝසුවේ පහසුකම් වැඩිදියුණු කර එහි අනුවාදයක් නිර්මාණයට IBM ආයතනය ක්‍රියාත්මක විය .එහිදී පැවති බැටරි ආයූ කාලය පැය 6 - 12 දක්වා වැඩිදියුණු කිරීම ආදී ක්‍රියා මෙන්ම ඔරලෝසු ඉතිහාසය ආන්දෝලනයට ලක් කෙරෙන කම්පනය සහ ඇගිලි සලකුණු සංවේදක එක කිරීමද මෙහිදී සිදුවිය .
මෙසේ IBM , LINUX , SONY වැනි ආයතන මගින් විටින් විට එලිදක්වන ලද විවිධ මාදිලියේ ස්මාර්ට් ඔරලෝසු බොහෝදුරට පෙර ඔරලෝසු හා සංසන්දනයේදී ඉදිරියෙන් පැවතියද , මිනිසාගේ විවිධ වූ අවශ්‍යතාවයන් හේතුවෙන් තව තවත් ස්මාර්ට් ඔරලෝසු නිපදවීමට හා සංවර්ධනයට අවශ්‍යතාවය මතු විය .ඒ සදහා 2013 වර්ෂය වනවිට සම්බන්ධ වී සිටි ආයතන ලෙස ඇපල් , බ්ලැක්බෙරි , ගූගල් , LG , ටොමීබා මෙන්ම ඒ අතරින් සුවිශේෂ ලෙස කැපී පෙනුන ආයතනය වන්නේ NOKIA සහ LENOVO දැක්විය හැක .
2014 වර්ෂයේ සැප්තැම්බර් 9 වන දින ඇපල් ඉන්කෝපරේටඩ් විසින් සිය පලමු ස්මාර්ට් ඔරලෝසුව "ඇපල් වොච් " ලෙස නම් කර 2015 වර්ෂයේ නිකුත් කරන ලදී .
මෙහි ඇපල් වොච් සීරීස් 3 හීදී දුරකථන ඇමතුම , පණිවිඩ යැවීම් ආදී පහසුකම් ලබා දී තිබුනි .2018 සැප්තැම්බර් මස ක්වාල්කොම් විසින් ස්නැප් ඩ්‍රැගන් 3100 චිපය හදුන්වා දෙන ලදී .සාමාන්‍ය මූලික ඔරලෝසු ක්‍රියාකාරකම් මෙන්ම පියවර ලුහුබැදීම් වැනි තරමක් දියුණු තාක්ෂණික ක්‍රියාකාරකම් ද අන්තර්ගත වීම සුවිශේෂීත්වයකි.
මෙලෙස ක්‍රමයෙන් විකාශනය වෙමින් පැමිනි ස්මාර්ට් ඔරලෝසු අද සමාජයේ වැඩි පිරිසකගේ දෑත් වල දැකිය හැකිවීම අතීත පියවරයන්ගේ ශේෂ මතකයට නැංවීමකි.