28/10/2021
කොහොමද මාගේ යාලුවෝ ටික.හොදින් ඉන්නවා කියල හිතනවා.අදත් වැදගත් කියල හිතෙන topic එකක් අරන් ආවා ඔයාලත් එක්ක කතාකරන්න.මොකක්ද මේ dirty bulk සහ clean bulk එකක් කියන්නේ.සාමාන්‍යයෙන් ඔබට ගැලපෙන්නේ මේකේන් මොකක්ද? හොදයි අපි ටිකක් කතා කරමු මේක ගැන.
ටිකක් පහලින් තියෙන photo එක මුලින්ම බලලා ඉන්න.එකේ dirty bulk කියල ඇඟක් පෙන්නලා තියෙනවා.තව clean bulk කියල දාලා ඇගක් පෙන්නලා තියෙනවා.ඔනේම කෙනෙකුට පේනවා clean bulk කියන ඇග ලස්සනයි.ඒකේ හොද හැඩයක් තියෙනවා.හොද definition එකක් තියෙනවා.six pack එක උනත් හොඳට පේන්න තියෙනවා.ඔනේ වේලාවක shirt එක බය නැතුව ගලවන්න පුළුවන් ඇගක් තමයි clean bulk කියන photo එකේ පේන්න තියෙන්නේ.හැබැයි ඉතින් dirty bulk කියන photo එකේ ඉන්න ඇඟ කොහොමද.ඔයාලා කැමතිද එහෙම ඇගකට?මම නන් පොඩ්ඩක්වත් කැමති නැහැ.අනිවාර්යයෙන්ම ඔයාලත් කැමති නැහැනෙ.හැබැයි ලංකාවේ නෙවෙයි ලෝකයේ ගොඩක් අයගේ ඇගවල් දාන්න වෙන්නේ dirty bulk ගොඩට තමයි.ඒක තමයි ඇත්ත.ලංකාවේ ගොඩක් ඔය gym යන අයගේ ඇඟවල් වැටෙන්නේ dirty bulk කියල ගොඩට.මොකක්ද එහෙම කියන්න හේතුව ගොඩක් අයට තියෙන්නේ fat වලින් පිරුණු,කිසිම හැඩයක් නැති ඇගවල්.ඉතින් ඇයි මෙහෙම වෙලා තියෙන්නේ.clean bulk එකක් කරන්න ඇත්තටම අමාරුයිද?නැහැ clean bulk එකක් එහෙමත් නැත්නම් fat අඩු muscles වැඩි ඇඟක් හදන්න අමාරු නැහැ.හැබැයි ඔබ ගොඩක් ඒ සදහා මහන්සි වෙන්න ඔනේ.කිසිම දෙයක් කරන්න අමාරු නැහැ.හැබැයි ඔබ ඒ සදහා ඔබගේ කැපවීම සහ දායකත්වය සීයට සීයක් 100% දෙන්න ඕනේ.
මන් මෙතන තව වැදගත්ම දෙයක් කියන්න ඔනේ.ඔබ gym එකට යන්නේ bodybuilding තරගයකට සූදානම් වෙන්න නෙවෙයි නම් ඔබට off season එකක් කියල නැහැ.ඔබ සාමාන්‍යයෙන් රැකියාවක් කරන ගමන් gym යන කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම clean bulk එකක් තමයි කරන්න ඔනේ.එහෙම clean bulk එකක් කරනකොට ඔයාට අමුතුවෙන් cutting කියල දෙයක් කරන්න නැහැ.මොකද ඔයාගේ ඇඟ නියමිත විදියට,හැඩයකට දැනටමත් තියෙන නිසා.clean bulk එකක් කරන එකේ වාසිය ඒකයි.හැබැයි bodybuilding competition වලට සූදානම් වෙන අය එහෙම නෙවෙයි.එයාලා තරග කරන්නේ නැති දවස්වල හොඳට කෑම කාලා dirty bulk එකක තමයි ඉන්නේ.තරග කරන කාලය ලන් වෙනකොට එයාලා cutting period එකකට ගිහින් ඇග තරගයට සුදුසු විදියට fat එක burn කරලා muscles හොඳට පේන විදියට ඇඟ හදාගන්නවා.නමුත් මේ ක්‍රමය සාමාන්‍යයෙන් job එකක් කරන කෙනෙකුට ගැලපෙන්නේ නැහැ.job එකක් කරන කෙනෙක් කරන්න ඔනේ නිතරම clean bulk එකක් පවත්වාගෙන යන එක.
මන් කලින් කිව්වා වගේ clean bulk එකක් කියන්නේ ඇත්තටම ලෙහෙසි දෙයක් නෙවෙයි.මොකද මෙතැන ගොඩක්ම ඔයාගේ diet එක එහෙමත් නැත්නම් ඔයා කන බොන දේවල් ගොඩක්ම වැදගත් වෙනවා.clean bulk එකකට අනිවාර්යයෙන්ම වැදගත් වෙන දේවල් ටිකක් මන් එකින් එක පහලින් සදහන් කරන්නම්.
1) clean bulk එකකට අනිවාර්යයෙන්ම අවශ්‍ය පලවෙනිම දේ තමයි ඉවසීම.ඔයාට පුදුම හිතෙන්න ඇති නේද.නැහැ පුදුම වෙන්න දෙයක් නැහැ.ඉවසීම නැත්නම් ඇඟක් නෙවෙයි ජිවිතයෙ කිසිම දෙයක් කරන්න බැහැ.ඔයා ලස්සන ඇඟක්,clean bulk එකක බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට හොද ඉවසීමක් මෙතැන තියෙන්නම ඔනේ.මොකද මේකට ටිකක් කාලයක් යන්න පුළුවන්.සතියෙන් දෙකෙන් ඔයාගේ ඇඟක් වෙනස් වෙන්නේ නැහැ.විශේෂයෙන් ඔබ job එකක් කරන ගමන් gym යන කෙනෙක් නම් ඔබට ලොකු කාලයක් යන්න පුළුවන්.මොකද job එකත් එක්ක ඔයාට gym එකට පැමිණිම සහ ඔයාගෙ ආහාර ගැනීම නිසියාකාරව සිදු නොවෙන්න පුළුවන්.එහෙම උනාම ඉතින් ඔයාට හොද ප්‍රතිඵල බලන්න ටික කාලයක් බලන් ඉන්න වෙනවා.ඒක නිසා ටිකක් ඉවසන්න පුරුදු වෙන්න.හැබැයි වැඩේ දමලා ගහලා යන්න එපා.කොහොමහරි කරනවා කියන සිතුවිල්ලෙන් ඉන්න.
2) දෙවෙනි වැදගත්ම කාරනය තමයි ඔයගේ කෑම බීම.එහෙමත් නැත්නම් ඔයාගේ diet එක.මේක තමයි අපේ ගොඩක් අයට ඉතින් කරගන්න අමාරුම වැඩේ.මොකද ලංකාව කියන්නේ බත්,පාන් සහ පිටි කෑම වලට පුදුම විදියට ඇබ්බැහි වෙලා ඉන්න කට්ටියක්.ඉතින් එහෙම කෑම කාලා නන් ලස්සන ඇඟක් හදනවා කියන්නේ තනිකරම හීනයක්.මේක කරන්න ලේසි නැහැ.ඒක මම අනිවාර්යයෙන්ම පිලිගන්නවා.මොකද ගොඩක් අය job කරනවා.ඉතින් එතන මහන්සි වෙලා ඇවිත් gym එකටත් ගිහින් exercises කරලා ආපුහම බඩගිනියි.එහෙම වෙලාවට ගෙදර තියෙන බත් ටික දෙසාබානවා ඇරෙන්න වෙන මොනවා කන්නද නේද.ඔවි ඒකේ ඇත්තක් තියෙනවා.හැබැයි බත් සහ පිටි කෑම නැතුව ඔබට හොද proteins වැඩි කෑම ටිකක් කන්න පුළුවන් ඔයා දිනුම්.ඔයාට බිත්තර ටිකක්,මස් ටිකක්,හොද එලවලු,පලතුරු,මාලු,මේ වාගේ කෑම ටිකක් ඔයාට කන්න පුළුවන් ඔයාට ලොකු වෙනසක් ඔයාගෙ ඇගේ කරගන්න පුළුවන්.මේවා කියන තරම් ලෙහෙසි නැහැ තමයි.හැබැයි ඔයාට ලස්සන ඇඟක් ඔනේම නම් මේවා අමාරුවෙන් හරි කරන්නම වෙනවා.ලෙහෙසි පාරවල් නැහැ මේවාට.
3)clean bulk එකකට තවත් වැදගත් වෙන දෙයක් තමයි cardio සහ HIT(high intensity training) වාගේ දේවල් ඔයාගේ workout එකට එකතු කරගන්න එක.මන් කියන්නේ නැහැ පන යනකන් cardio කරන්න කියල.හැබැයි ඔයා අනිවාර්යයෙන්ම cardio වලට වැඩි අවධානයක් දෙන්නම ඕනේ.විශේෂයෙන් ඔයා six pack වගේ දෙයක් බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම cardio ගොඩක් වැදගත්.ඒ වාගේම abs වලටත් සැලකියයුතු කාලයක් ලබාදීලා abs trainig කිරීමත් වැදගත්.ඇත්තටම ලන්කාවේ ගොඩක් මන් දකින දෙයක් තමයි මේ cardio සහ body weight exercises නොකිරීම.අපේ ඔය ගොඩක් gym යන අයට තාම හරියට pull ups ටිකක්,push ups,bar dipsටිකක් ගහන්න බැහැනෙ.push ups ටිකක් ගහන්න කිව්වාම ඉතින් ඇබරෙනවා.හැබැයි මහලොකු බරවල් දාගෙන,කෑ ගහගෙන squats ගහනවා,bench press ගහනවා.ඒවත් ඔනේ තමයි.හැබැයි අමතක කරන්න එපා,body weight exercises වල ලොකු වැදගත්කමක් තියෙනවා කියන එක.ගොඩක් තියෙනවා body weight exercises.හැබැයි අඩුම push ups,pull ups සහ bar dips මේවා ටිකවත් කරන්න.ඒවා කරනකොට fat එක burn වෙන්න ගොඩක් උදව් වෙනවා.ඒක නිසා cardio සහ body weight exercises වලට හොද අවධානයක් දෙන්න.
මම ඉහත සදහන් කරපු දේවල් ටික ටිකක් උනන්දුවෙන් සහ කැපවීමෙන් කලොත් අනිවාර්යයෙන්ම clean bulk එකක් ලබාගන්න අමාරු නැහැ.ඉවසීම ඇතිකරගෙන වැඩේට බහින්න.අනිවා ඔයාට පුළුවන්.මන් හැමදාම කියනවා වගේ නිතරම ධනාත්මකව සිතන්න.පුළුවන් පුළුවන් කියල නිතරම හිතන්න.
Optimum fitness page එකත් එක්ක දිගටම රැදිලා ඉන්න.තවත් වටිනා ලිපි සහ videos ඔයාලා වෙනුවෙන් සූදානම් කරමින් ඉන්නේ.ඔයාලගෙ අදහස්,යෝජනා,චෝදනා කියන්න,msg කරන්න.මොකද ඔයාලාගේ page එක මේක.මේක යන්න ඔනේ ඔයාලට කැමති විදියට.ඉතින් ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.
නැවත වටිනා දෙයකින් හමුවෙමු.
Optimum fitness❤️💪
0766809234