The Book

The Book Where Books Find Homes 📚🖤

නොගැළපෙන වර්ණ....වැහැරුණු කුඩයක නොගැළපෙන වර්ණ'තරවර්ණ ගලපනු වෙනුවටකැඩුණු දාරයෙයදම් කූරු යළිඍජු කරන්රළු රිවි රැසඅබිමුවසුරැ...
23/06/2026

නොගැළපෙන වර්ණ....

වැහැරුණු කුඩයක
නොගැළපෙන වර්ණ'තර
වර්ණ ගලපනු වෙනුවට
කැඩුණු දාරයෙ
යදම් කූරු යළි
ඍජු කරන්
රළු රිවි රැස
අබිමුව
සුරැකි වියනක
වේශ මවමින්
අසිදිසි වර්ණ සංයෝජනයක්
හිසට සලසයි
සෙවණ බිඳුවක්....

කෞ✍🏽

Red White & Royal Blueඑකිනේකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙස මුණගැසෙන මේ ඇමරිකා ජනපතිනියගේ පුත්‍රයා සහ එංගලන්තයේ දෙවැනි ඔට...
20/06/2026

Red White & Royal Blue

එකිනේකා නුරුස්සන සතුරන් දෙදෙනෙකු ලෙස මුණගැසෙන මේ ඇමරිකා ජනපතිනියගේ පුත්‍රයා සහ එංගලන්තයේ දෙවැනි ඔටුන්න හිමි කුමාරයා "අසම්මත" යැයි පිළිගැනෙන ප්‍රේමයක බැඳෙති.

අසම්මත ප්‍රේමයක් නිසා දෙරටක් යුධ වදිනු ඇතිද ?
ඉතිහාසය තුළ මේ ආදරය ක්කෙසේ ලියවෙනු ඇතිද ?

1500/=

රතුම රතුපාට මැයිමාර ගහක් එක්ක ඔබ මම සමිධ හා සංචරණි.....මම හරි බයයි ආය කියවන්න මේක. මගේ ඇස් වලින් කඳුළු වැටෙන තරම් සංවේදි...
09/06/2026

රතුම රතුපාට මැයිමාර ගහක් එක්ක ඔබ මම සමිධ හා සංචරණි.....

මම හරි බයයි ආය කියවන්න මේක. මගේ ඇස් වලින් කඳුළු වැටෙන තරම් සංවේදි වෙනව මම ආදරය හරිහැටි නොලැබුන නහරබන් වලට. මන් හරි බයයි නොලැබෙන දේකට. මඟදි අතහැරෙන දේවල් වලට. එහෙම දෙයක් ගැන එකපාරකට වඩා කියවන්න බැරි තරම් දුර්වල හිතක් මට තියෙන්නෙ.
මට බෑ ලේසියෙන් අතහරින්න.මට ඕනෙ සමිධව සංචරණී එක්ක එකතු කරවන්න.මන් ආසයි එයාල මැයිමාර ගහ යට කතාකරනව බලන් ඉන්න. සුවඳ සාදික්ක එක්ක මිශ්‍ර වුණු උළුහාල් අබ අහුරක රස බෙදාගන අමුතු කෑමක් හදනවා බලන් ඉන්න.
මට පුළුවන් නම් යන්න ඒ මැයිමාර ගහ ළඟට, සංචරණීව හොයාගන.ඇයට කියන්න ඕනෙ සමිධ වගේ ආත්මයක් තව කල්ප ගාණකට එයාට මුණ නොගැහෙන බව කියන්න.එයා වගේ අයිතිකර ගැනීමක් නැතිවම නිවෙන ආදරයක් අන්න ඒකෙ සංකේතය තමයි අර මැයි මාර ගහ බව ඇයට කියන්න.
මගේ හිතේ සමහර ඉනි තවදුරටත් සවිවෙන තුරු මෙය නැවත නොකියවන බවට ඉටා ගතිමි.මට මෙයා දරාගත නොහැකි තරම් බරය. බර වැඩිය.

කෞ✍🏽

විනිවිදය යළි ඉපදිලා....සංසාර කැඩපතට නෙක වර්ණ අතුරලාවිනිවිදයෙ අවසානහුස්ම ටික ගිලිහිලාබොරක් නොව දේදුනුයපාටකින් මුව හැඩවෙලා...
02/06/2026

විනිවිදය යළි ඉපදිලා....

සංසාර කැඩපතට
නෙක වර්ණ අතුරලා
විනිවිදයෙ අවසාන
හුස්ම ටික ගිලිහිලා
බොරක් නොව දේදුනුය
පාටකින් මුව හැඩවෙලා
නෙකරූප වත මතින්
සිනහවී හිනැහිලා
නෙත් කෙවනි උණු කඳුළු
වැටී පැහැයත් බොරවෙලා
ටිකෙන් ටික එයි
යළිත් හුස්මක්
විනිවිදය යළි ඉපදිලා

කෞ✍🏽 (2021)

මලක් ඕනෑ කර තිබේ...සුවඳ පාට පිරිච්ච හීනෙකළඟ තියාගන ඉන්නඅවුරුදු ගණන් පරණ මතක එක්කලපිටු අතර වේළෙන්නආදරේ හිතුණ හැටියෙමපෙති ...
22/05/2026

මලක් ඕනෑ කර තිබේ...

සුවඳ පාට පිරිච්ච හීනෙක
ළඟ තියාගන ඉන්න
අවුරුදු ගණන් පරණ මතක එක්කල
පිටු අතර වේළෙන්න
ආදරේ හිතුණ හැටියෙම
පෙති පහස විඳගන්න
පොකුරක් නැතත්
මොනරකුඩුම්බිය මලක් හෝ
ඕනෑකර තිබේ.

කෞ✍🏽

1925 & 1932 🌪️🍃හුදකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද ? පාළු දියඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කා...
19/05/2026

1925 & 1932 🌪️🍃

හුදකලා වතු බංගලාව අවට සැරිසරන සුදු යුවතියගේ ආත්මයේ අරමුණ කුමක්ද ?
පාළු දියඇල්ල පාමුලට පාවී එන මළ සිරුර කාගේද ?
දෙවයේ රුදුරු තීන්දුව පිළිගනිමින් හපුතලේ මන්දාරම් අදුරු අහස යට සීතල කඳුඅතර සැගවීගිය අසම්මත අදරයක්....

1925 - 700/=
1932 - 1200/=
පොත් දෙකම එකවර මිලදී ගන්නේ නම් 1500/=

පොටි නොගෑ පපුව 🫟තීන්ත ගෑ මුත් - පොටි නොගෑපපු කුහර බිත්තිඅබලනින් වගුරුවයිඋඩින් ගෑ තීන්ත පතුරු...කෞ✍🏽
17/05/2026

පොටි නොගෑ පපුව 🫟

තීන්ත ගෑ මුත් - පොටි නොගෑ
පපු කුහර බිත්ති
අබලනින් වගුරුවයි
උඩින් ගෑ තීන්ත පතුරු...

කෞ✍🏽

රෞද්‍රාක්ෂි 🧬🧫සිය එකම දරුවාගේ මරණය නිසාවෙන් ශෝකයෙන් පීඩිතව ජීවත්වන මවකගේ කායික, මානසික සහ සමාජීය අරගලය මෙන්ම මිනිසුන් ධන...
16/05/2026

රෞද්‍රාක්ෂි 🧬🧫

සිය එකම දරුවාගේ මරණය නිසාවෙන් ශෝකයෙන් පීඩිතව ජීවත්වන මවකගේ කායික, මානසික සහ සමාජීය අරගලය මෙන්ම මිනිසුන් ධනය, බලය අරබයා සිදු කරන ඇතැම් ක්‍රියාවන්ගෙන් තවත් මව්වරුන්, පියවරුන්, දරුවන් සහ මුළු මහත් සමාජයට සිදුවබ අසාධාරණකම් වල ප්‍රමාණය කෙතරම් බිහිසුණුදැයි කියාපායි.

චීනයේ වූහාන් නගරයේ විද්‍යාගාරයක් තුළ කෘතිමව නිපදවූ වූහාන් - 400 නක් වයිරසයක් පිළිබඳවය.
මෙය ලියැවී වසර හතළිහකට පසු වූහාන් නහරයෙන් ඇරඹුණු කොඩිඩ් -19 වයිරසය සමඟ මෙම පොත ආන්දෝලනයකට තුඩු දුන්නේය.

850/=

මේඩ්නස්... 🫆ඒ වූ කලී අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පි‍රිසකගේ එකතුවකින් සැදි "මේඩ්නස්" නම් රහස් සමාජයකි. අබිරහ...
12/05/2026

මේඩ්නස්... 🫆

ඒ වූ කලී අත්‍යන්ත සුන්දරත්වයකින් සපිරි ශිෂ්‍යාවන් පි‍රිසකගේ එකතුවකින් සැදි "මේඩ්නස්" නම් රහස් සමාජයකි. අබිරහස් හැසිරීමෛන් යුත් මහචාර්‍ය එඩ්වඩ් ෆොස්කාගේ අඳුරු බලපෑමට ඔවුහු නතු වී හිඳිති.

We all Keep Secrets Even From Our selves

900/=

ආදරයෙන් කියවන පිටු 🖤📖
10/05/2026

ආදරයෙන් කියවන පිටු 🖤📖

Address

Colombo
00130

Telephone

+94761149613

Website

Alerts

Be the first to know and let us send you an email when The Book posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Book:

Share

Category