ICT Nexus

ICT Nexus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICT Nexus, Shopping & retail, Saman lena, Colombo.

18/01/2026

ඔයා Ai වලින් මොනවාහරි හොයනවා නම්,ප්‍රෂ්ණයක් විදියට අහනවට වඩා මෙහෙම Try කරලා බලන්න.
First comment 🚮

14/11/2025

True Or False😐

ChatGPT got feelings 😂😅🤘
12/11/2025

ChatGPT got feelings 😂😅🤘

19/10/2025

❣️රොබෝ Smart දුරකථනය✌

Honor සමාගමේ රොබෝ Smart දුරකථනය!
Innovation යනු කැමරාවක Mega Pixels ගණන වැඩි කිරීම හෝ කැමරාව සෙන්ටි මීටර් කීපයක් එහා-මෙහා වෙනස් කිරීම නොවන බව පසත් කර දෙමින් ජනප්‍රිය Smart Phones නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙලේ ආයතනයක් වන Honor සමාගම විසින් පසුගිය දා නවතම ස්මාර්ට් ජංගම දුරකථනයක් නිවේදනය කරනු ලැබුවා. එය නම් කර ඇත්තෙ 'Honor Robot Phone' ලෙසයි. 😎❤️

මෙය අනෙකුත් සියළු දුරකථන වලට වඩා විශේෂ වන්නෙ එහි අඩංගු අති විශේෂිත කැමරාවයි.

Fold out Camera Arm එකක් සහිත මෙම ස්මාර්ට් දුරථනය කුඩා Gimbal එකක් ආකාරයටද ක්‍රියා කරන බවයි සඳහන් වන්නේ. එය දුරකථනයේ පසුපස කොටසේ ආවරණය වී තිබෙනවා.

Honor ආයතනය වාර්තා කරන ආකාරයට මෙම Robot Smart ජංගම දුරකථනය 2026 වසරේ මාර්තු මාසයේදී නිල වශයෙන් එලි දැක්වීමට කටයුතු සැළසුම් කර ඇති අතර එහි අනෙකුත් විශේෂාංග සහ මිල ගණන් ද එදින නිවේදනය කරන බවයි වාර්තා වන්නේ.

Source | Honor | tsml

මේ වැසි දිනවල [Ctrl]+[S] ඔබේ ලඟම මිතුරා කරගන්න. ❣️
10/10/2025

මේ වැසි දිනවල
[Ctrl]+[S]
ඔබේ ලඟම මිතුරා කරගන්න. ❣️

මේ අවස්ථාව 2025 දෙසැම්බර් 9 වෙනිදායින් අවසන් වෙනවා. ඒ නිසා ඉක්මන් කරන්න!ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයින්ට Google වෙතින් සුපිරි අව...
08/10/2025

මේ අවස්ථාව 2025 දෙසැම්බර් 9 වෙනිදායින් අවසන් වෙනවා. ඒ නිසා ඉක්මන් කරන්න!

ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයින්ට Google වෙතින් සුපිරි අවස්ථාවක්! 👨‍🎓👩‍🎓

දැන් ඔබට Google Gemini Pro Plan එක සම්පූර්ණයෙන්ම නොමිලේ අවුරුද්දක් සඳහා ලබාගන්න පුළුවන්. මේක අධ්‍යාපන කටයුතු වලට විශාල උදව්වක් වේවි!

මේ දීමනාවෙන් ඔබට ලැබෙන දේවල්:
• ✨ Unlimited Chats සහ Image Uploads
• 🧠 Gemini 2.5 Pro model එකට ප්‍රවේශය
• 📚 Deep Research සහ Audio Overviews පහසුකම්
• 📝 Quiz හදාගැනීමේ හැකියාව
• ☁️ 2TB File Storage එකක්!

Offer එක ලබාගන්න මෙතනට යන්න:

gemini.google.com

මේ post එක share කරලා ඔබේ යාලුවන්ටත් දැනගන්න සලස්වන්න. 🫶❣️

🎓📚 ඉගෙනුමෙන් ඉස්සරහට යන්න උදව් වෙන, ටිකක් අලුත් AI ටූල්ස් 10ක් ගැන කියන්නම්!1️⃣ Perplexity AI 🔍: රිසර්ච් එකට ගොඩක් ලේසි!...
30/09/2025

🎓📚 ඉගෙනුමෙන් ඉස්සරහට යන්න උදව් වෙන, ටිකක් අලුත් AI ටූල්ස් 10ක් ගැන කියන්නම්!

1️⃣ Perplexity AI 🔍: රිසර්ච් එකට ගොඩක් ලේසි! ඔයාගේ ප්‍රශ්නවලට ඉක්මනින් උත්තර දෙනවා, ඒ එක්කම ඒ උත්තර ආපු තැන් පවා පෙන්නනවා.
🔗 https://www.perplexity.ai/

2️⃣ QuillBot ✍️: ලියන එක වඩාත් පැහැදිලි හා ලස්සන කරනවා. පැරෆ්‍රේසින්, ග්‍රැමර් චෙක් කිරීම, ටෝන් එක ගලපන්නත් පුළුවන්!
🔗 https://quillbot.com/

3️⃣ MathGPTPro ➗: ගණිත ගැටලුවලට ඉක්මන් විසඳුම්! ඕනෑම මැතුමැටික් ප්‍රශ්නයකට 90%ක නිවැරදි උත්තර දෙනවා.
🔗 https://www.mathgptpro.com/

4️⃣ Cognii 🤖: ඔයාගේ ලිවීම් ඇගයීමට AI ටියුටර් කෙනෙක්! තනි තනි උපදෙස් දීලා ලියන හැකියාව ටොප් ලෙවල් එකට ගෙනියනවා.
🔗 https://www.cognii.com/

5️⃣ NotebookLM 📖: Google ගෙන් එන රිසර්ච් ටූල් එකක්! PDFs, Docs, හෝ YouTube වීඩියෝ බලලා ඔබේ රිසර්ච් එකට ලේසි කරනවා.
🔗 https://notebooklm.google/

6️⃣ Elicit AI 🔬: ඇකඩමික් රිසර්ච් එකට සුපිරි! පේපර්ස් හොයාගන්න, සම්මරයිස් කරන්න, ඔබේ වැඩේ ලේසි කරනවා.
🔗 https://elicit.org/

7️⃣ Consensus AI 📊: විද්‍යාත්මක රිසර්ච් එකට විශේෂයි! 200 මිලියන පේපර්ස් එකතුවකින් උත්ත7759c2d5-4e3e-4b7a-8c1f-5a8e9b1c2d3eර හොයාගන්න.
🔗 https://consensus.app/

8️⃣ Team-GPT 👥: ගුරුවරුන්ට හා සිසුන්ට එකට වැඩ කරන්න AI එකෙන් උදව්! ලෙසන් ප්ලෑන්, ග්‍රූප් චැට්, රිසර්ච් එක ලේසි කරනවා.
🔗 https://www.team-gpt.com/

9️⃣ Socratic by Google 🧠: සිසුන්ට ප්‍රශ්න ඇහුවම උත්තර දෙනවා, ඒ විතරක් නෙමෙයි, ඒවා පැහැදිලි කරලා, වීඩියෝ ලින්ක්ස් එක්ක එනවා!
🔗 https://socratic.org/

🔟 Otter AI 🎙️: ලෙක්චර් එකකදි නෝට්ස් ගන්න ඕනි නෑ! රියල්-ටයිම් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකෙන් ඔක්කොම රෙකෝඩ් කරලා තියාගන්න.
🔗 https://otter.ai/

🎯 මේ ටූල්ස් ටික ඔයාගේ ඉගෙනුම් ගමන වේගවත් හා රසවත් කරනවා! ලින්ක්ස් එක්ක ට්‍රයි කරලා බලන්න, ඔයාට හොඳම එක හොයාගන්න! 💡🫶🫀

Perplexity is a free AI-powered answer engine that provides accurate, trusted, and real-time answers to any question.

Font Gift (check comment ❣)
26/09/2025

Font Gift (check comment ❣)

Gemini එකෙන් වේවා ChatGPT එකෙන් වේවා එහෙමත් නැත්නම් Leonardo AI එක වේවා මේ ඕනෑම image generate කරන්න ගන්න AI model එකකින...
25/09/2025

Gemini එකෙන් වේවා ChatGPT එකෙන් වේවා එහෙමත් නැත්නම් Leonardo AI එක වේවා මේ ඕනෑම image generate කරන්න ගන්න AI model එකකින් හරියටම අපිට ඕන output එක ගන්න prompt එකක් ලියන්න ඔයා දන්නවද? සාමාන්‍යයෙන් ඔයා IT කේෂේත්‍රයේ රැකියාවක් කරන කෙනෙක් හරි අධ්‍යාපනය ලබන කෙනෙක් හරි නම් මේ ගැන දන්නව ඇති. ඒ උනාට ලංකාවේ බහුතරයක් ඉන්නේ එහෙම අය නෙමේ හින්දා මන් හිතුවා මේ හැමෝටම තේරෙන විදියට හරියටම කොහොමද prompt එකක් ලියන්නේ කියන එක කියලා දෙන්න. එහෙනම් යමු කතාවට.

මේකෙදි මන් prompt එකක් ලියන්නේ කොහොමද කියලා විතරයි කතා කරන්නේ. Gemini එකට හරි ChatGPT එකට හරි යන කෑල්ල, ඔයාගේ පොටෝ එකක් upload කරන විදිය එහෙම දන්නැත් නම් පොඩ්ඩක් YouTube එකේ search කරලා බලන්න අද වෙද්දි ඕන තරම් ඒ ගැන කියන වීඩියෝ තියෙනවා. අනික ඒ කෑල්ල මට මෙහෙම ලියලා කියලා දෙන්නත් බෑනේ. ඔයාල ඇහෙන් දකින්නම ඕනේ කරන විදිය. අනිත් එක මන් මේ කියන පහල දාන විස්තරය ලොකු හෑල්ලක් වගේ පෙනෙයි. හැබැයි ඒ ටික ඔක්කොම කියවන්න. මොකද මේ පටන් අරන් තියෙන්නේ photographer වෘත්තියේ අවසාන කාලය. ඔයා මේ කියන ටික හරියට ඔලුවට දා ගත්තොත් ඔයාට ආයේ කවදාවත් ලක්ෂ ගණන් දීලා photographer කෙනෙක්ව ගන්න ඕනේ නෑ.

හරි අපි එහෙනම් මුලින්ම බලමු ඇයි අපිට මේ විදියට හරියට prompt එකක් ලියන එක වැදගත් වෙන්නේ කියලා. ආහ් තව දෙයක් කියන්න ඕනේ මන් මෙතනදි උදාහරණ විදියට කතා කරන prompt ඉංග්‍රීසියෙන් ලිව්වට ඔයාට අදාල AI model එකට සිංහලෙන් උනත් දෙන්න පුලුවන්. මොකද අද වෙද්දි බහුතරයක් image generate කර ගන්න භාවිතා කරන AI model වලට අපිට වැඩිය හොදට සිංහල තේරෙනවා.

සාමාන්‍යයෙන් image prompt එකක් කියලා කියන්නේ AI model එකට, අපට නිර්මාණය කර ගන්න ඕනේ දේ ගැන විස්තර කරන වචන ටිකට. හැබැයි පැහැදිලි prompt එකක් හා නොපැහැදිලි prompt එකක් අතර වෙනස හරියට රෑ දවල් වගේ. මන් ඒක විස්තර කරන්න උදාහරණයක් කියන්නම්කෝ.

Prompt 1: “A dog in a park.”

Prompt 2: “A golden retriever puppy sitting on fresh green grass in a sunny park, with a blue sky and children playing in the background, photorealistic, 4k.”

මෙතන ඔයාලට පේනව ඇති උදාහරණ විදියට මන් prompt දෙකක් ලියලා තියෙනවා. එතනින් ඔයා පලවෙනි prompt එක අරගෙන ඒක google Gemini වගේ මොකක් හරි AI model එකක ගහලා enter කරොත් ඔයාට නිකන් park එකක ඉන්න බල්ලෙක්ව හදලා දෙයි. සමහර වෙලාවට ඒ හදලා දෙන පොටෝ එක cartoon එකක් වගේ වෙන්නත් පුලුවන්. හැබැයි ඔයා දෙවන prompt එක දුන්නොත් ලස්සනට ඇත්තක් පින්තූරයක් වගේම එකක් හදලා දෙනවා. අන්න ඒක තමා අපි හරියට prompt ලියන එකේ වැදගත්කම.
සාමාන්‍යයෙන් මේ විදියට ඔයාට ඇත්තටම අවශ්‍ය ප්‍රතිඵලය ලබා දෙන prompt එකක් ලියන්න නම් ඔයා මුලින්ම ඒක හරියට ව්‍යුහගත කරලා ඉන්න ඕනේ. ඒ විදියට ලියන විශිෂ්ඨ image prompt එකකට නම් පහත අංග ටික ඇතුලත් වෙලා තියෙන්න ඕනේ.

🔴Subject – ඔයාට හදා ගන්න ඕනේ පින්තූරයේ ඉන්න ප්‍රධාන පුද්ගලයා හෝ වස්තුව

• Example: “A medieval castle” (මධ්‍යතන යුගයේ බලකොටුවක්)

🔴Details – Specific features, characteristics, or qualities. ( අදාල ප්‍රධාන වස්තුවේ හෝ පුද්ගලයාගේ තිබිය යුතු ලක්ෂණ හෝ ගුණාංග)

🔴Example: “Made of grey stone, with tall towers, surrounded by a moat” (දිය අඟලකින් වට වෙලා තියෙන, අළු පැහැති ගල් වලින් ඉදි කල හා උස කුළුණු සහිත)

🔴Style – The artistic direction you want. (ඔබට අවශ්‍ය කලාත්මක දිශාව)

• Example: “In a watercolor painting style” (දියසායම් සිතුවමක් වගේ පින්තූරයක්)

🔴Mood/Atmosphere – The emotion or feeling you want the image to give. ( අදාල පුද්ගලයාගේ තිබිය යුතු මනෝභාවය හෝ වායුගෝලයේ ස්භාවය)

• Example: “Mysterious and gloomy, with fog in the background” (අභිරහස් සහ අඳුරු, පසුබිමේ මීදුම සමඟ)

🔴Technical Aspects – Resolution, lighting, angles, etc. (විභේදනය, ආලෝකකරණය, කෝණ, ආදිය.)

• Example: “Ultra-realistic, 8k resolution, cinematic lighting, wide-angle” (අධි යථාර්තවාදී හෝ සිනමාත්වක වැනි)

මේ කිව්ව ටික හරියට ඒකාබද්ධ කරනවා කියන්නේ හරියට ඔයා චිත්‍රපටියක අධ්‍යක්ෂක වගේ AI model එක මෙහෙයවනවා වගේ වැඩක්.

දැන් බලමු මේ විදියට හරියට prompt එකක් ලියන පියවර ටික මොකක්ද කියලා.

1. Start with the Subject – AI මොඩලයෙහි අවධානය යොමු කිරීමට ඔයාට අවශ්‍ය දේ ගැන හිතන්න මුලින්ම. එය පුද්ගලයෙකුද, භූ දර්ශනයක්ද, වස්තුවක්ද, නැතහොත් වියුක්ත සංකල්පයක්ද? ඒ වගේම නිශ්චිත වන්න. “කුරුල්ලෙක්” යැයි පැවසීම වෙනුවට “පියාපත් මත තැඹිලි පාට පිහාටු සහිත පණ තියෙන නිල් පාට මැකෝ ගිරවෙක්” වගේ විස්තර ඇතුව ඔයාට ඕන විදිය පැහැදිලි කරන්න.

2. Add Context and Background - ඔයා හදන පින්තූරයේ තියෙන වටපිටාවෙන් තමා ඔයාගේ පින්තූරයට ජීවයක් එක් කරන්නේ. මොකද අපි නිකන්ම ගිරවෙක් ඉන්නවා කියලා කිව්වට සමහර වෙලාවට ගිරව් කැලෑ අත්තක් මත වාඩි වී ඉන්නත් පුලුවන්, එක්කෝ දිය ඇල්ලකට ඉහලින් පියාසර කරන්නත් පුලුවන් එහෙමත් නැත්නම් මුහුදු කොල්ලකරුවෙකුගේ උරහිස මත වෙලා ඉන්නත් පුලුවන්නේ. ඒ කියන්නේ ඔයා AI මොඩල් එකට කියන සෑම සන්දර්භයක්ම වෙනස් ප්‍රතිඵලයක් නිර්මාණය කරනවා.

3. Define the Style - ඔයාට ඕනේ ඇත්තම එකක් වගේ යථාර්ථවාදී පින්තූරයක්ද, චිත්‍රයක් වගේ එකක්ද, ඩිජිටල් සිතුවමක්ද එහෙමත් නැත්නම් anime style එකක්ද කියන එකත් පැහැදිලිව සදහන් කරන්න prompt එක ලියද්දි.

4. Include Lighting and Atmosphere - ආලෝකකරණය කියන්නේ පින්තූරයක ස්භාවය සම්පූර්ණයෙන් කන පිට හරවන්න පුලුවන් එකක්. ඒ හින්දා මතක ඇතුව ඔයාගේ prompt එක ලියද්දි ඒකට golden hour, neon glow, cinematic shadows, soft candlelight වගේ ආලෝකකරණයට අදාල වචන දාන්නත් අමතක කරන්න එපා.

5. Specify Technical Quality - අන්තිම එක තමා ඔයාට අවශ්‍ය මොන වගේ Quality එකක් තියෙන පින්තූරයක්ද කියන එක සදහන් කරන්න. ඒ කියන්නේ ඔයාට තියුණු බව, ගැඹුර හෝ යථාර්ථවාදය අවශ්‍ය නම් high definition, photorealistic, 8k, macro photography. වගේ වචන භාවිතා කරන්න.
හරි දැන් බලමු මෙහෙම prompt එකක් ලියද්දි ඔයාල කරන පොදු වැරදි මොනවාද කියලා.

🛂ඕනෑවට වඩා නොපැහැදිලි වීම - හිතන්න ඔයාට හදා ගන්න ඕනේ පියාඹන කාර් තියෙන අනාගත නගරයක රාත්‍රී දසුනක් කියලා. එහෙනම් ඒකට ලියන prompt එකේ ඔයා නිකන්ම නගරයක් කියලා දැම්මොත් ඒක වැරදී. එතකොට හරියට එන්නෑ පින්තූරය. ඒක වලක්ව ගන්න නම් ඔයා කියන්න ඕනේ නියොන් ලයිට් සහිත පියාඹන මෝටර් රථ සහ වැස්සෙන් තෙමුණු වීදි සහිත හා සිනමා ශෛලියෙන් යුක්ත අනාගත සයිබර්පන්ක් නගරයක රාත්‍රී දසුනක් කියලා.

💡📸ඔයා prompt ලියද්දි අනවශ්‍ය ඉඟි ඕනෑවට වඩා ලියන එක - ඔයා මාළිගාවක පින්තූරයක් නම් හදන්නේ ඒකට ලියන prompt එකේ “මකරුන්, සුරංගනාවියන්, නයිට්වරු, ගින්න, අභ්‍යවකාශ නැව්, රොබෝවරු, කඳු සහ සාගර සහිත මාලිගාවක්” කියලා දෙන්න එපා. ඒකෙදි ඔයා මාළිගාවකට අනවශ්‍ය ගොඩක් දේවල් කියලා. ඒ වෙනුවට හැකි සෑම විටම එක් ප්‍රධාන අදහසක් කෙරෙහි අවධානය යොමු කරන්න. එතකොට ඔයාට සැමවිටම වෙනස්කම් ජනනය කරන්න පුලුවන්.

🔴පින්තූරයේ විලාසය නොසලකා හැරීම. - සාමාන්‍යයෙන් AI model එකක් ගොඩක් වෙලාවට සාමාන්‍ය රූප ලබා දෙන්නේ. හැබැයි ඔයා හරියට යථාර්ථවාදය, විකට කලාව වගේ යොමු විලාසයක් එක් කරොත් AI එකත් ඔයාට ඒ විදියටම හදලා දෙයි.

තව කියන්න අමතක උන කරුණක් තමා මතක් කරලා prompt එකක් ලියද්දි ඔයාට පින්තූරය අවශ්‍ය size එකත් දාන්න. 16:9 size, TikTok video size, Intergram post size, Facebook cover photo size, 1200*1450 size වගේ. ඒ වගේම තමා හොද prompt එකක් ලියද්දි ඔයාට ඒකට යටින් negative prompt එකකුත් ලියන්න පුලුවන්. ඒකෙන් කියන්නේ ඔයාට ඕන පින්තූරයේ තියෙන්න ඕනේ නැති දේවල් මොනාද කියන එක. ඒකට උදාහරණයක් දාන්නම් මන් පහලින්,

Prompt: "A high-resolution illustration of the evolution of potatoes from wild species to modern cultivars, showing genetic diversity and geographical spread."

Negative Prompt: "Low quality, cartoonish style, text overlays, watermarks, distorted anatomy, unrealistic colors, cluttered background."

මේක තමා මන් හිතන්නේ වැදගත්ම කාරණය ඔය උඩ මන් කිව්ව ඔක්කොම කියවලත් ඔයාට හරියට prompt එකක් ලියා ගන්න බැරි නම් ඔයා ඒක අදාල AI model කියලා ලියව ගන්න. උදාහරණයක් විදියට ඔයා fb එකේ උඩට පහලට යද්දි දකිනවා ලස්සන පොටෝ එකක්. ඒක ඇත්ත එකක් වෙන්න පුලුවන් AI වලින්ම හදපු එකක් වෙන්න පුලුවන්. කොහොම හරි ඔයාට ඒක හදා ගන්න ඕනේ නම් ඔයා ඒ පින්තූරය ChatGPT එකට වගේ upload කරලා කියන්න මට මගේ පින්තූරයක් යොදාගෙන මේ වගේම පින්තූරයක් හදා ගන්න පුලුවන් විදියේ හොද විස්තරාත්මක prompt එකක් ලියලා දෙන්න කියලා. හරි සරලයි.

මන් පහලින් දාන්නම් ඒ වගේ හොදට ලියපු image prompt කිහිපයකට උදාහරණ ටිකක්. මේ article එක medium එකේ හරි blogger එකේ හරි දාල link එක මේකට දානවා කියලා මුලින් හිතුනත් පස්සේ හිතුනා නෑ මේක සිංහලෙන්ම ලියලා page එකේ දැම්මොත් ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒ හින්දා මේක කියවන හැමෝම like එකක් comment එකක් share පාරක් දාගෙන යන්න අමතක කරන්න එපා. තව තේරුන් නැති දෙයක් තිබ්බොත් පහලින් comment එකක් දාගෙන යන්න.

1. Nature Scene
“A majestic snow-capped mountain under a starry sky, reflected in a calm lake, ultra-realistic, long exposure photography style.”

2. Portrait
“A 19th-century woman in a red velvet dress, holding a lantern, oil painting style, dramatic lighting, mysterious expression.”

3. Fantasy
“A dragon flying over a floating island with waterfalls spilling into the clouds, magical atmosphere, digital painting, high detail, 8k.”

4. Product Photography
“A luxury wristwatch on a marble table, soft shadows, studio lighting, photorealistic, ultra-high definition.”

5. Cartoon Style
“A cheerful panda eating bamboo under cherry blossom trees, Pixar-style 3D animation, bright and colorful.”

❣️

Google just launched OPAL😛🫶A FREE no-code platform that lets anyone build fully working AI apps❣️🫶
15/09/2025

Google just launched OPAL😛🫶

A FREE no-code platform that lets anyone build fully working AI apps❣️🫶

💡 දැන් ශ්‍රී ලංකාවත් Facebook Monetize Eligible Countries ලිස්ට් එකට ඇතුළත්.මේක තවමත් Beta Program එකක්. ඒ කියන්නේ පරීක්...
09/09/2025

💡 දැන් ශ්‍රී ලංකාවත් Facebook Monetize Eligible Countries ලිස්ට් එකට ඇතුළත්.
මේක තවමත් Beta Program එකක්. ඒ කියන්නේ පරීක්ෂණ මට්ටමේ වැඩක්.

📝 මතක තියාගන්න ඕන දේවල්:

✅ CM Tool (Content Monetization Tool) ඇවිත් තියෙන්නේ Profile – Professional Mode හෝ Page වලට විතරයි.
✅ Followers 1000+ සහ No Violations තියෙන්න ඕනි.
✅ Copyright, Hate Speech, Spam වගේ විෂයන්ට Violation ආවම Monetization On වෙන්නෙ නෑ.
✅ Original Content – Photo, Reels, Story, Text – දාන්න. Meme/Copy දාන්න එපා.
✅ Copyright Scan එකක් තියෙනවා. උස්සල දාපු දේවල් නිසා block වෙන්න පුළුවන්.
✅ Payout ගන්න නම් $100+ එකතු වෙන්න ඕනි.
✅ Bank ගිණුමක් (Sampath, Commercial, NTB වගේ) හදාගන්න පුළුවන්.
✅ Setup කරන්න හැමදේම ඔයාටම කරන්න පුළුවන්. වෙන අයගෙන් course කරලා අහන්න ඕනි නෑ.
✅ Google → Meta Transparency Center කියල Search කරන්න. Community Guidelines/Sinhala වලින්ම තියෙනවා.

⚠️ අවධානයෙන් ඉන්න:

Monetize On වුණාම Original Content විතරක් දාන්න.
කුණුහරප / Bullying / Copyright Post / Spam😐Monetization Suspend වෙයි.
Report වලට බය වෙන්න එපා.
🙂ඔරිජිනල් Content නම් බලපෑමක් නෑ.

Address

Saman Lena
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Nexus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share