20/09/2026
New Arrivals.
❤️රක්ෂිත දික්කුඹුර
"අපෙයක්කා" කෘතියෙන් රටක් හඳුනාගත් Raksh*tha Dikkumburaගේ නවතම කෘතිය🥰
"චුට්ටෙමලේ (අපෙයක්කා 2 )
පොතේ මිල රු.1000/=
වට්ටම අඩු වූ පසු මිල රු.800/=
බුක් මාර්ක් එකක් නොමිලේ
........ටුට්ටෙමලේ........
වරක් පාසලට පැමිණි ගුරුවරියක් චුට්ටෙට ගණිතය ඉගැන්වීමට ගොස් තිබුණාය. එබරං සීයාගේ වත්තෙන් චුට්ටෙට පොල් ගෙඩි තුනක් කඩා දෙකක් එබරං සීයාට දුන් විට කීයක් ඉතුරු දැයි ඇය විසින් විමසා තිබුණු අතර “බිංදුවයි” කියා චුට්ටෙ එක වර පිළිතුරු දී තිබුණේය. එසේ විය නොහැකි බවත් එබරං සීයාට දෙකක් දුන් විට එකක් ඉතුරු වන නිසා පිළිතුර එක යැයි ඇය විසින් වරුවක් විතර චුට්ටෙට පැහැදිලි කොට ඔළුව විකාර කරගෙන ගෙදර ගොස් තිබුණේය.
තමන් එබරං සීයාගේ පොල් වත්තෙන් පොල් කඩන්නේ හොරෙන් බවත් එලෙස කැඩූ පොල් ගෙඩි තුනක් සමගින් එබරං සීයාට මාට්ටු වුව හොත් දෙකක් ගෙන තමන්ට එකක් දීම කෙසේ වෙතත් පොල් ගෙඩි තුනත් තමාගේ ඉළ ඇට කිහිපයකුත් එබරං සීයාට දීමට සිදු වන බවත් පසුව චුට්ටෙ ගුරුවරියට පවසා තිබුණේය. හොරෙන් කඩන පොල් තුනක් රැගෙන පොල් වත්තේ අයිතිකරු ඉදිරියට ගොස් දෙකක් දී ඒමට තරම් තමාගේ ඔළුව කුරුවල් වී නොමැති බවත් හොරෙන් කඩන පොල් හොරෙන්ම රැගෙන ඒම තමාගේ සෞඛ්ය රැක ගැනීමට මනා රුකුලක් වන බවත් මෙවන් ගොන් ප්රශ්න අහන ගුරුවරුන් මෙම පාසලට මාරු කර එවන ලොක්කන්ට නම් ඔළුව හොඳ නැති බවත් ඔහු තව දුරටත් පවසා තිබුණේය.
එවිට එම ගුරුවරිය එසේ හොරෙන් පොල් කැඩීම වරදක් බවත් එබරං සීයාට දැනුවත් කොට තුනක් කඩා දෙකක් ලබා දුන්නේ නම් තමා සතුව කීයක් ඇත් දැයි චුට්ටෙගෙන් පසුදින විමසා තිබුණාය. එබරං සීයාගේ වත්තේ පොල් කඩන ගුණේරිස්තන් එක පොල් ගෙඩියක කුලිය ගැනීමට පොල් පණහක් කැඩිය යුතු බවත් පොල් දෙසීයක් විතර ඇති ගසකට නැග පොල් ගෙඩි තුනක් පමණක් කඩාගෙන බිමට බැස එයින් දෙකක් දී පොල් ගෙඩියක කුලියක් ගන්නට ගියොත් පොල් ගෙඩි වලට කලින් පොල් උල්ලං අහගන්නට වෙන්නේ තමාට බවත් චුට්ටෙ පැවසීමත් සමග ඇය අස්වීමේ ලිපිය දී යන්නට ගොස් තිබුණාය.
වෙනත් පොත් සදහා https://sithuwilibooks.lk/shop/
ඔබට අවශ්ය ඕනෑම නවකතා, පරිවර්තන පොත් සිතුවිලි බුක්ස් වෙතින් මිලදී ගැනීමේ හැකියාව වේ .
ඒ සදහා ඔබ කල යුත්තේ
ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp 071 916 4747 සේවා වලට
හෝ https:// sithuwilibooks .lk/shop/ පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.
මිලදී ගැනීමේ හැකියාව වේ .
අවශ්ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit
😀ශ්රී ලංකාව තුල ඕනෑම තැනකට ප්රවාහන ගාස්තුව රු.350/=
( 1000/= වැඩි ඇණවුම් සඳහා)
😀රු.5000/= වඩා වැඩි ඇණවුම් සඳහා ප්රවාහනය නොමිලේ❤️
😀ප්රවාහන ගාස්තුව රු.450/=
( 1000/= අඩු ඇණවුම් සඳහා
#අලුත්පොත් #කියවමු