05/10/2024
කිලෝ ගානක් පිටේ දාගෙන ඇඟට දුක් දීගෙන මේ කරන්නෙ පිස්සු වැඩක් කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්.
එකපාරක් සොභාදහමෙ සුන්දර රූසපුවට ඒ පහසට වසඟ උනොත් ඇය නොදැක ඉන්න බැරි වෙන තරමට ඇබ්බැහි වෙනවා.
මුලින්ම මම එයාව දැක්කෙ 1997දී කැඩෙට් කරනකොට...
එදා ඉදල අද වෙනකන් පුලුවන් හැමවෙලාවෙම හැමෝම නොයන කදු මුදුන් එයාව දකින්න ඒ පහස ලබන්න කැලැවල මම ඇවිදිනවා...
උඹ දැන් වයසයි..! "ඔව් දැන් වයසයි!"
"ඇගේ හයියට වඩා හිතේ හයියෙන් යන වාර අනන්තයි..."
මම මේක නවත්තනවද? නෑ.." නවත්තන්නෙ නෑ.."
කාටවත් නවත්තන්නත් බෑ.."
මගේම ක්‍රමයකට...
මගේම නීතියකට...
ස්වයං විනයක් එක්ක මම ආපු ගමනක්!
ඒ නිසා වැහිකුනාටු සුලං මේ මොන හේතුව ආවත් මම මේක නවත්තන්නෙ නෑ...!
දවසක සීතල උස් කදු මුදුනක ගිනිමැලයක් ලග ඉර හෙමින් පායගෙන එනකොට මගේ හුස්මපොද නික්ම ගිය නිසල සිරුර තියෙයි...
ඒ දවස වෙනකන් මගේ ගමන මම යනවා...
- සු ධා ර
Trekker Srilanka