Little Elephant

Little Elephant Little Elephant offers safe, educational, and fun toys that help children learn, grow, and play with joy.
🐘Fun. Learn. Grow.💙

ඔබේ වචනවලින් දරුවාගේ ආත්ම ගෞරවය තළා දමන්න එපා! 💔අමුත්තන් හෝ නෑදෑයින් ඉදිරියේ දරුවාට බැන වැදීම හෝ විහිළු කිරීම ඔවුන්ගේ පු...
15/03/2026

ඔබේ වචනවලින් දරුවාගේ ආත්ම ගෞරවය තළා දමන්න එපා! 💔

අමුත්තන් හෝ නෑදෑයින් ඉදිරියේ දරුවාට බැන වැදීම හෝ විහිළු කිරීම ඔවුන්ගේ පුංචි හිතේ සදාකාලික කැළලක් ඇති කරනවා. ඒ මොහොතේ ඔවුන්ට දැනෙන දැඩි ලැජ්ජාව සහ අසරණකම, අනාගතයේදී සමාජයට මුහුණ දීමට බිය වන, ආත්ම විශ්වාසය අඩු වැඩිහිටියෙක් නිර්මාණය කරන්න පුළුවන්.

වරදක් දුටු විට එය ප්‍රසිද්ධියේ නිවේදනය නොකර, පසුව තනිවම ගෙන ගොස් ආදරයෙන් සහ ගෞරවයෙන් පහදා දෙන්න. ඔවුන්ගේ පුංචි ලෝකයේ ආරක්ෂකයින් ඔබයි. 🛡️❤️

🌐www.littleelephant.lk......................................................

"මේක කරන්න!" කියනවා වෙනුවට මේ පුංචි උපක්‍රමය පාවිච්චි කරලා බලමුද? 🧠✨දරුවන්ට හැමදේම අණ කරනවා වෙනුවට, "අද කන්නේ බත් ද? නැත...
14/03/2026

"මේක කරන්න!" කියනවා වෙනුවට මේ පුංචි උපක්‍රමය පාවිච්චි කරලා බලමුද? 🧠✨

දරුවන්ට හැමදේම අණ කරනවා වෙනුවට, "අද කන්නේ බත් ද? නැත්නම් නූඩ්ල්ස් ද?" වැනි සීමිත තෝරාගැනීම් දෙකක් (Choices) ලබාදීමෙන් ඔවුන් තුළ පුදුමාකාර ආත්ම විශ්වාසයක් ගොඩනැගෙනවා. තමන්ටත් යම් පාලනයක් (Sense of control) තිබෙනවා යැයි හැඟෙන නිසා මුරණ්ඩුකම් සහ කේන්තිගැනීම් ඉතා ඉක්මනින් පාලනය වන බව මනෝවිද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.

කුඩා කල සිටම මේ ආකාරයට තීරණ ගැනීමට අවස්ථාව ලබාදීම, අනාගතයේදී ස්වාධීන සහ වගකීම් සහගත දරුවෙකු නිර්මාණය කිරීමට දෙන හොඳම අඩිතාලමයි. අද සෙල්ලම් කරන වෙලාවටත් "අපි පසල් (Puzzle) එක හදමුද? නැත්නම් බ්ලොක්ස් (Blocks) වලින් ගෙයක් හදමුද?" කියලා දරුවාගෙන්ම අහලා බලන්න.
🌐www.littleelephant.lk......................................................

🧠 ඔබේ දරුවාගේ මොළයෙන් 90% ක්ම වර්ධනය වෙන්නේ මුල් අවුරුදු 5 දී කියලා ඔබ දැනගෙන හිටියාද?ගොඩක් දෙමාපියන් හිතන්නේ දරුවන් නික...
08/03/2026

🧠 ඔබේ දරුවාගේ මොළයෙන් 90% ක්ම වර්ධනය වෙන්නේ මුල් අවුරුදු 5 දී කියලා ඔබ දැනගෙන හිටියාද?

ගොඩක් දෙමාපියන් හිතන්නේ දරුවන් නිකම්ම 'සෙල්ලම් කරනවා' කියලා. නමුත් මනෝවිද්‍යාත්මකව බැලුවොත්, මේ මුල් අවුරුදු 5 තුළ දරුවෙකුගේ මොළයේ තත්පරයකට නව ස්නායු සම්බන්ධතා (Neural connections) මිලියනයකට වඩා හැදෙනවා!

ඒ කියන්නේ ඔවුන් අනාගතයේදී කොයි වගේ කෙනෙක් වෙනවාද, ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එකේ අත්තිවාරම වැටෙන්නේ මේ කාලයේදීයි.

දරුවන් සෙල්ලම් කරන හැම මොහොතකම, බ්ලොක්ස් උඩින් උඩින් තියනකොට, හැඩතල ගලපන කොට ඔවුන් කරන්නේ තමන්ගේම මොළය ශක්තිමත්ව ගොඩනගා ගන්න එකයි. මේ සංවේදී වයසේදී දරුවාට ලැබෙන උත්තේජනයන් (Stimulation) ඉතාම වැදගත්.

💡 ඉතින් ඔබට කළ හැක්කේ කුමක්ද?

තිර කාලය (Screen time) අඩු කර, දරුවාට අතින් අල්ලා, ස්පර්ශ කරමින් සෙල්ලම් කළ හැකි Open-ended සෙල්ලම් බඩු ලබා දෙන්න. එය ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ තර්කන හැකියාව පුදුමාකාර ලෙස වර්ධනය කරනවා.

අපි "Little Elephant" හරහා හුදෙක් ප්ලාස්ටික් කෑලි වෙනුවට, දරුවාගේ බුද්ධිය වර්ධනය කරන අධ්‍යාපනික සෙල්ලම් බඩුම ඔබට ගෙන එන්නේ මේ විද්‍යාත්මක පසුබිම නිසයි. දරුවන්ගේ මොළයේ වර්ධනයට කෙළින්ම උදව් වෙන මේ සුවිශේෂී සෙල්ලම් බඩු කිහිපයක්ම ප්‍රායෝගිකව පාවිච්චි කරන විදිය ගැන ලස්සන වීඩියෝ පෙළක් ඉදිරියේදී අපේ පේජ් එකෙන් ගෙන එන්න සූදානම්. ඒ සඳහා අප සමඟ රැඳී සිටින්න!

🌐www.littleelephant.lk 🐘✨

ඔබේ දරුවා මේ දවස්වල වැඩිපුරම අවධානය දීලා කරන සෙල්ලම මොකක්ද? පහළින් කමෙන්ට් කරන්න! 👇💬
......................................................

දරුවා කෑගහලා අඬන්නේ, බිම පෙරළෙන්නේ ඇයි කියලා ඔබ කල්පනා කරනවාද? 🤔🥺බොහෝ වෙලාවට ඒකට හේතුව, ඔවුන්ගේ පුංචි හිතට දැනෙන විශාල හ...
07/03/2026

දරුවා කෑගහලා අඬන්නේ, බිම පෙරළෙන්නේ ඇයි කියලා ඔබ කල්පනා කරනවාද? 🤔🥺

බොහෝ වෙලාවට ඒකට හේතුව, ඔවුන්ගේ පුංචි හිතට දැනෙන විශාල හැඟීම් වචනවලින් කියාගන්න ඔවුන්ට තාම තේරෙන්නේ නැති එකයි.

හිතන්න, ඔබට ලොකු කේන්තියක් හෝ දුකක් දැනෙන වෙලාවක ඒක කාටවත් කියාගන්න බැරි වුනොත් ඔබට කොහොම දැනෙයිද? දරුවන්ටත් දැනෙන්නේ ඒ පීඩනයමයි.

ඉතින් දෙමාපියන්ට මේ සදහා කරන්න පුළුවන් මොනවා ?

දෙමාපියන්ට කරන්න පුළුවන් සරල දේවල් 3ක් මෙන්න: 👇

1️⃣ හැඟීමට නමක් දෙන්න (Name it to Tame it):

දරුවා අඬන විට හෝ කේන්තියෙන් සිටින විට, "ඇයි අඬන්නේ?" කියා අසනවා වෙනුවට, ඔවුන්ට දැනෙන දේ ඔබ වචනවලට හරවන්න.

උදාහරණයක්: "සෙල්ලම් බඩුව කැඩුණු නිසා ඔයාට 'දුක' හිතුණා නේද පැටියෝ?" (එවිට ඔවුන් 'දුක' කියන වචනය ඉගෙන ගනී).

2️⃣ ඔබේ හැඟීම් ගැනත් කතා කරන්න (Model It):

ඔබට දැනෙන දේත් සරලව ඔවුන්ට කියන්න.

උදාහරණයක්: "අද වැඩ වැඩි වුණු නිසා අම්මා ටිකක් 'මහන්සියෙන්' ඉන්නේ."

3️⃣ රූප සහ සෙල්ලම් බඩු උදව් කරගන්න:

කතන්දර පොත්වල ඉන්න චරිතවල මුහුණු පෙන්වා "බලන්න, එයා ඉන්නේ සතුටින්ද? දුකින්ද?" කියා අසන්න. ඩෝල්ස්ලා (Dolls) හෝ ටෙඩි බෙයාර්ලා යොදාගෙන කරන රංගන ක්‍රීඩා (Role Play) මේ සඳහා ඉතාමත් සුදුසුයි.

💡 Little Elephant වෙතින් පුංචි අදහසක් :

දරුවන්ට තමන්ගේ හැඟීම් පිට කරන්න හොඳම මාධ්‍යයක් තමයි "නිදහස් සෙල්ලම" (Open-ended Play). ඔවුන් සෙල්ලම් කරන අතරතුර තමන්ගේ දවස පුරා එකතු වුණු හැඟීම් පිට කරනවා. එවැනි නිදහස් සෙල්ලම් සඳහා දරුවා දිරිමත් කරන්න.

ඔබේ දරුවා මේ දවස්වල වැඩිපුරම පෙන්නන හැඟීම මොකක්ද? (සතුට 😄 / කේන්තිය 😡 / දුක 😢). පහළින් කමෙන්ට් කරන්න! 👇

🌐www.littleelephant.lk......................................................

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Little Elephant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category