20/03/2026
ඉතාලිය ලෝකයෙ ලස්සනම රට වෙන්න හේතු වන කරුණු 14ක්෴
*භූවිෂමතාවය
දකුණු මලිෆිදානා වෙරළට අව්ව තදින් වැටෙන කොට සිහින් කපු ඇඳුමක් ඇඳන් සීත කරපු බීර එකක් බොන වෙලාවෙම උතුරු ඩොලමිති පැත්තට ගිහින් ජැකට් එකක් දාගෙන උණුකරපු චොකලට් කෝප්පයක් බීලා ඇඟ රත් කර ගන්න පුලුවන්. කදු,පල්ලම්,ගංඟා,නිම්න කිලෝමීටර් 100ක් යද්දි වෙනස් වෙනවා.
*පාරම්පරික අතීතයක් සහිත නගර
රෝමයට ගිහාම මුලු යුරෝපයෙන් වැඩි ප්‍රමාණයක් අණසකට යටත් කරන් හිටපු රෝමන් වරුන්ගෙ වික්‍රමයන් දකින්න පුලුවන්. ෆිරෙන්සි,වෙරෝනා,වෙනීසි මේ කොයි නගරයට ගියත් කෞතුකාගාර සහ පුරාණ නටඹුන් බලන බලන තැන.
*කලාත්මක උරුමය
ලෝකප්‍රකට කාලාකරුවන් වන මයිකල් ආන්ජලෝ,රෆායෙල් වගේ අයගෙ කලා කෘති හැම නගරයකම. කාලාත්මක නිරුමාණ වලින් ලෝකයෙ මුල්ම තැන්වල තියෙන නිර්මාණ හැමෙකක්ම වගේ දැනටත් නිවහන ලෙස උරුමකම් කියන්නෙ ඉතාලිය.
*ආහාර සම්ප්‍රදාය
ලෝකයෙ කෑම වලින් අංක 1 නිතරඟයෙන් හිමි කරන් ඉන්නෙ ඉතාලිය. මේ කෑම විතරක් නෙවෙයි ලෝකයෙ ප්‍රකට කෑම හදන්න ඉවහල් වන අග්‍රගණයේ අමුද්‍රව්‍ය රැසකටත් ඉතාලිය හිමිකම් කියනවා.
*ලෝකයෙ හොඳම වයින්
ඉතාලිය තමයි වයින් වලිනුත් අංක 1. නොහිතන මිළකට නොයෙක් නොයෙක් මාදිලිවල වයින් රස බලන්න නම් වෙන කිසිම රටක් නෑ.
*ගෘහනිරමාණ ශිල්පය
ඉතාලියෙ එදා මෙදා තුරා ඉදිවුන ගෘහනිර්මාණ වල තියෙන අනන්‍යතාවය පුදුම සහගතයි. දැනටත් සමහර කැටයම්, ඉදිකිරීම් කොහොම කලාද කියලා හිතා ගන්න බැරි තරම්. කොලෝසියම,වතිකානුව,වැනීසියෙ වතුර උඩ ඉදිකිරීම් බලන්න ලෝකයෙ හැම කොනකින් සංචාරකයො එනවා.
*ආදරණීය වටපිටාව
අනික් රටවලට වැඩිය ඉතාලිජාතිකයො ආදරණීයයි,කරුණාවන්තයි. ඒ නැතත් පරිසරයෙ විදින කෙනෙකුට ටොස්කානා පලාතෙ පාලු තැනකට ගියත් මුහුදු වෙරළකට ගියත් වයින් වීදුරුවක් තොලගාමින් ආදරණීය හැඟීමක් විඳින්න පුලුවන්.
*පාරම්පරිකත්වය මුසු වුනු උත්සව
හැම කාලයකම ඒ ඒ දේවල් වලට අදාලව පැවැත්වෙන විවිධ උත්සව,ජනහමු වල ප්‍රමාණය ඉමක් නෑ. පරිසරය,රැකියාව,විනෝදාංශය වැනි දේවල්වලට සමුබන්ද මේ උත්සවත් එක්ක එයාලගෙ කම එයාලා අනාගත පරපුරට අමතක වෙන්න නොදී රැකගන්නවා.
*උද්යෝගිමත් මිනිස්සු
යම් යම් දේවල් ගැන දැනගන්න, විස්තර හොයන්න,රසවිඳින්න කැමති අයට උදව් කරන,අනුබල දෙන වෙනත් කිසිම ජාතියක් ඉතාලියෙ හැර නෑ. පුංචි නොදන්න දෙයක් ඇහුවත් අතෙන් අල්ලගෙන එයාලගෙ වැඩ පාඩු කරගෙන ඒ ප්‍රශ්ණය විසඳන්න එයාලා කරන කැපකිරීම පුදුම සහගතයි.
*සන්නාම සහ විලාසිතා
අඳින්න ආස කෙනෙකට,විලාසිතා කරන්න කැමති කෙනෙකුට විතරක් නෙවෙයි මේ වගේ දේවල් ගැන අධ්‍යයනය කරන්න කැමති අධ්‍යාපනය ලබන්න කැමති කෙනෙකුට ලෝකයෙ හොඳම රට ඉතාලිය. මිනුත් මිලාන් නගරය තමයි ඉතාලියෙ විලාසිතා නඟරය.
*දූපත් පාරාදීසයන්
ඉතාලියෙ කම්පානියා පලාතෙ කාප්රි,ඉස්කියා දූපත් වලට ගියත් ලොකුම දූපත් වන සිසිලිය,සර්දේනියාවට ගියත් විඳින්න පුලුවන් විදිහ එකකට එකක් වෙනස්. බෝට්ටු පදින්න, මාලු අල්ලන්න,සිරි නරඹන්න වගේ විවිධ ක්‍රම රැසකින් විනෝද වෙන්න පුලුවන්. ඉතාලිය වටා දූපත් 800ට වැඩි ප්‍රමාණයක් තියෙනවා.
*අතීතය
ඉතාලිය ගැන කතා කලොත් ලොව හොල්ලපු දික් විජය කල ජාතියක්. රෝමන් වරු,නාපොලිතාන් වරු ගැන අපි ලන්කාවෙ ඉඳගෙනත් ඉතිහාසයෙදි ඉගෙන ගත්තා.
*පොහොසත් සාහිත්‍ය සමප්‍රදාය
දාන්තෙගෙ Divine Comedy කියන කෘති දැනටත් රස විඳින්න පුලුවන් ඉතාමත් වටිනා සාහිත්‍ය නිර්මාණ.
ඉතාලිය.
20/03/26.