Asanka K. Dikella

Asanka K. Dikella Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asanka K. Dikella, Shopping & retail, Dehiowita.

දන්සැල් කෙල්ල ❤️(කෙටි කතාව) #දන්සැල්කෙල්ල"අඩෝ...මේ...අරකි මට ලයින් වගේ බන්...මේ පැත්ත බැලුවා දැන් දෙතුන් පාරක්ම..."මම එහ...
27/06/2023

දන්සැල් කෙල්ල ❤️
(කෙටි කතාව)

#දන්සැල්කෙල්ල

"අඩෝ...මේ...අරකි මට ලයින් වගේ බන්...මේ පැත්ත බැලුවා දැන් දෙතුන් පාරක්ම..."මම එහෙම කියද්දි සදුනා ඒ මේ අත හැරි හැරී බලන්න ගත්තා...
"කෝ...කෝ...කොහෙද කොහෙද..."
"යකෝ...ඔහොම බලන්න එපා...එකී දකි... පොඩ්ඩක් ශෙප් එකේ බලපන් හාන් නැතුව..."
හරි ඉතින් කෝ පෙන්නහන්කෝ..."

"ශේප් එකේ ඔහොම ඉස්සරහා බලපන්කො..අපිට ටිකක් ඉස්සරහයින් ඉන්නේ කෙල්ලො සෙට් එකක්...අර එතන සුදු ටිකක් මිටි එකක් ඉන්නේ බන්...එකි..."මම ඌට එහෙම කියද්දී මූ එකපරටම ඒ පැත්ත බැලුවා...මූ සුවර් මේක හානවා...

"යකෝ...ඔහොම බලනවද එක පාරටම...එකී දකී බන්...ඔකනේ ඉතින් තොට මොකුත් කියන්න බැරි..."

"හරි බන්...කැ නොගහා හිටහන්.."

"මොකෝ...මොකෝ...මේ මොකද්ද සීන් එක..."ඔන්න ඉතින් මලිතයත් පැන්නා...

"මුට කෙල්ලෙක් ලයින් වෙලා බන්..."අරූ කෑ ගහලා කිව්වා...

"යකෝ...කට වහන්..."මම එහෙම කිව්වේ පොලිමේ අපිට පිටි පස්සෙ හිටපු උනුත් අපි දිහා අමුතු විදිහට බලපු හින්දා...

"තොපි දන්සල් වදින්නද ආවේ කෙල්ලො ටෝක් කරන්නද...?"ඔන්න අනිකා...ඌ කවින්දයා...ඌ තමයි අපේ සෙට් එකේ එපා කරපුම පොර...අද අපේ සෙට් එකේ මාත් එක්ක පස් දෙනෙක් ආවා දන්සල් වදින්න...
මට තිබුනේ කට වහගෙන ඉන්න...හැම දේම මුන්ට කියන්න යනවනේ මාත්...
පොලිම ඉස්සරහට යන්නෙ හෙමිහිට...බත් දන්සලක් හින්දා ඇතුලට යන අය එලියට එන්න ටික වෙලාවක් යනවා...අනික ටික දෙනයි එක පාරට ඇතුලට ගන්නෙත්...බත් පාර්සල් කරලා දුන්නනම් හරි හැබැයි...

"කෝ...ඉතින් උබ බලපන්..."සදුනා මගේ ලගමයි හිටියේ...අනිත් උන් අපි දෙන්නට පස්සෙ හිටියේ...උන් වෙන කයියක...

"හරි බන් හරි...ඉදපන් එක පාරටම බලන්න බැනේ..."මම අයේ ඒ පැත්ත බැලුවා...එතන තව කෙල්ලෝ හතරක් පහක් වගේ හිටියා...පොලිමක් උනාට කට්ටියා ගැන්සි හැන්සි වගේ කට්ටි ගැහිලා හිටියේ එක හින්ද එයා නිතරම මේ පැත්තට හැරිලා හිටියේ...

මම බලද්දි අයේ එයා ඉස්සරහා බලා ගත්තා...පස්සෙ ෆෝන් එක අරගෙන එක දිහා බලලා කනේ තියා ගත්තා...
"කොල්ලද කොහෙද ෆෝන් කරන්නේ..."මට කියවුනා...

"පිස්සුද තොට...වෙන කවුරු හරි වෙන්න ඇති...කොල්ලෙක් නැතුව ඇති බන්..."ඌ එහෙමයි...

"හිටියත් මොකෝ බන්...නිකන් අතල් එකට බැලුවා විතරයි..."මම එහෙම නිකන් කියලා දැම්මා...ඔය වගේ කොච්චර නම් ලයින් වෙනවද...

"අනේ නිකන් පලයන් යන්න...මම දන්නැද්ද තෝ ගැන...අන්න...අන්න...අයේ බැලුවා...මේ එකි මරු බන්...ටෝක් කරපන්...උබට සෙට් වෙනවා පට්ටට..."

"අප්පෝ...හරි...හරි බන්.උබ හදන්නේ මෙතනම එකිව මට බන්දලා දෙන්නද...පොඩ්ඩක් කෑ නොගහා හිටු..."

කොහොමින් කොහොම හරි අපි දන්සල ඇතුලට ගියා...ඇතුලේ ටිකක් සෙනඟ...අපි ඇතුලට යනකොට අපිට පිනාගකට ලන්ශිට් එකක් දාලා බත් එකක් බෙදලා දෙනවා...සමහර එවාගේ අපිට බෙදා ගන්න තිබුනට මෙකේ එයාලාම බෙදලා දෙනවා...

ඉතින් මම බත් පිනාගත් අරගෙන ඉදගන්න පුටුවක් හෙවුවා...අම්මට සිරී...අර කෙල්ල ගවාම පුටු දෙකක් තුනක් හිස්...කොල්ලා ගැම්මට ගිහින් එතනින් වාඩි වුනා...සදුනත් මොකාද එකා වගේ මගේ පස්සෙන්මයි...මට එහා පැත්තේ තිබුන පුටුවේ ඌත් වාඩි වුනා...

"අඩෝ...අරක නෙද..." ඌ මගේ කනට කරලා කිව්වා...
"ඔව්...ඔව්...කෑ නොගහා හිටහන්..."මම දත් මිටි කාලා ඌට කිව්වා...

මම බත් කටවල් දෙකක් විතර කාලා ශේප් එකේ එයා දිහා බැලුවා...පට්ට...මාරම ලස්සන ඇස් දෙකක් එයාට තිබුනේ...ලගට දකිද්දි එයා තවත් ලස්සනයි...

"ඔයා කැම්පස් එකේද..." දන්නවනේ ඉතින් කෙල්ලෙක් දිහා බලන් ඉදලාම හරියන්නැනේ...පොඩ්ඩක් කතා කරන්නත් ඔනිනේ...

"හ්ම්..."කෙල්ල ගැස්සිලා මගේ දිහා බලුවා...

"ඔයා කැලණි කැම්පස් එකේද..."මම ආයෙත් එහෙම ඇහුවා...ඇත්තටම අපි කැලණි කැම්පස් එකේ අන්තිම year එකේ ඉන්නේ...පෝය දවස හින්දා සෙට් එකත් එක්ක දන්සල් වදින්න ආවේ...මේ දන්සල තිබුනේ කැම්පස් එක පල්ලෙහා main road එකේ...එක හින්දා කොහොමත් මෙතන ඉන්න ගොඩක් උන් කැම්පස් එකේ උන තමයි...එකයි මම එයාගෙන් එහෙම ඇහුවේ...

"ඕව්..."අම්මො...එයා එහෙම කියද්දි නම් පට්ට හැපි එකක් කොල්ලට ආවේ...බුටක් කාලා කෙල වෙලානේ හිටියේ...

"1st year ද..."

"ඕව් අයියේ..."මම කොන්ඩේ බැදලා රැවුලත් ටිකක් වවලා තිබුන හින්ද කෙල්ල කොමත් දන්නවා මම සින්නෙක් කියලා... එකයි කෙල්ල ටිකක් බයෙන් වගේ කතා කලේ...

"මොන faculty යේද...art එකේද..."මම එහෙම ඇහුවේ art එකේ කෙල්ලො කොමත් ලස්සනයිනේ...අපේ උන්ට වඩා...

"ඔව් අයියේ..."කෙල්ල නිකන් ඉස්කොලේ principle ලගට ගියා වගේ...
තව මොකුත් අහන්න හම්බ වුනේ නෑ...මොක්ද ගොඩක් වෙලා ඇතුලේ ඉන්න බෑ...කාපු ගමන් එලියට යන්න ඔනිනේ...මොකද තව කට්ටිය එළියේ බලන් ඉන්නවා ඇතුලට එන්න...ඉතින් අපි එලියට ආවා...

ටැප් එක ගවින් වතුරත් බීලා අපි සෙට් එක පොඩ්ඩක් එහාට වෙලා හිටියා...මම එහෙ මෙහේ බල බල හිටියේ එයා පෙන්න ඉන්නවද කියලා...

"අඩෝ මොකෝ...කාවද ඔය හොයන්නේ..."මලිතා මගෙන් ඇහුවා...

"මූ මේ අර කෙල්ලට වහා වැටිලා..."සදුනා උත්තර දුන්නේ...

"අනේ...මේ එහෙම එකක් නැ බන් මේ මුගේ බොරු...හරි හරි දැන් අපි ඉලගට කොහෙටද යන්නේ..."මම කතාව වෙන පැත්තකට හැරෙවුවා...

"මේ කිරිබත්ගොඩ තොරණක් තියේ...යමු ඒ පැත්තට...තව දන්සල් ටිකකුත් සෙට් වෙයි යනකොට..."මුන්ට කොච්චර කැවත් එපා වෙන්නේ නැනේ...හැබැයි මටනම් එතනින් යන්න හිතක් තිබුනේ නැ...දන්නවනේ ඉතින්...

කොහොමින් හරි අපි තොරණ ලගට ගියා...අතරමගදී දන්සල් දෙක තුනක්ම සෙට් උනා...හැබයි ඒවා බත් දන්සල් නම් නෙවේ...මම ඒ හැම තැනකදිම බැලුවේ අර කෙල්ලව පේන්න ඉන්නවද කියලා...එත් මට එයාව හොයා ගන්න බැරි උනා...සමහර විට අනිත් පැත්තට යන්න ඇති...

"මේ...තොරණ මාර ලස්සනයි නේද බන්..."සදුනා මා ගවින් ඉදන් කිවුවා...තොරණ මාර ලස්සනට තිබුනා...ඒ තොරණ දිහා බලා ඉද්දි නම් මගේ හිත නිවිලා ගියා...මොහොතකට හැම දෙයක්ම අමතක කරන්න පුලුවන් හැගිමක් ඒ තොරණ දිහා බලා ඉද්දි දැනේන්නේ...
අයෙත් ටිකකින් අපි ආපහු හැරිලා එන්න ආවා...හවස කැලණි පන්සල් වදින්න ගිය නිසා අපි හිතුවේ ගෝල් ෆේස් පැත්තට යන්න...ඉතින් අපි කොටුවට යන්න බස් එක්ක එනකන් බලාගෙන හිටියා...

සෙට් එක වල් පල් කියව කියව හිනා වෙනවා...ඉතින් මම ටිකක් එහාට වෙලා facebook එකේ උඩ පල්ලෙහා ගියා...හැබැයි අනේ මන්දා මට මතක් උනේම එයාගේ මුණ...පහුගිය කාලේ මම හිටියේ හෙන අවුලින්...මොකද අපේ බැජ් එකේ එකකින්ම හොද බුටක් කාලා පිස්සු කෙල කෙල හිටියේ මම...එත් දැන් ශෙප්...අලුත් එකකට ගියහැකි...

"මේ...යකෝ...අර අරකි නෙද ඉන්නේ..."මම එකපාරම ගැස්සිලා ගියේ සදුනා මා ලගට ආපු නිසා...

"මොකක්ද...කෝ...කවුද..."

"කවුද අහන්නේ...උබ ලයින් කරපු එක...අර...අර...ඉන්නේ..."අපිට ටිකක් එහායින් එයා එයාගේ යාලුවොත් එක්ක හිටියා...

"අම්මෝ...මුගේ පැණි හිනාව..."සදුනා මගේ හිනාව දැකලා කිව්වේ...ඇත්තටම මට මාර සතුටක් දැනුනේ එයාව අයේ දකින්න ලැබුන එකට...

"අඩෝ...බස් එකක් එනවා...වරෙවු තොපි දෙන්නා..."සෙට් එකේ අනිත් උන් අපිට කැහැහුවා...

"මේ ඉලග එකේ යමු නේ බන්..."මට එයාව දාලා යන්න හිතුණේ නැ...

"මොකක්...මොන මගුලක්ද උබ කරන්නේ...මෙකේ යමන් බන්...කවින්දයා නහෙන් අඩන්න ගත්තා...ඌත් එක්ක මොකුත් බැ අප්පා...කොහොම හරි බස් එක ඇවිත් අපි ඉන්න තැනට ටිකක් ඉස්සරහයින් නැවැත්තුවා...මගුලයි...අන්න අර කෙල්ල යාලුවෝ ටිකත් එක්ක බස් එකට නැග්ගා...

"යකෝ...අන්න අරකි බස් එකට නැග්ගා..."හිතන්න වෙලාවත් තිබුනේ නෑ...මමත් දුවලා ගිහින් බස් එකට නැග්ගා...

"යකෝ *** මු බලහන්කෝ...හිටපිය *** ඔහොම..."මට ඇහුණා අනිත් උන් ටික අ|මු කු|නු|හ|ර|ප|ත් කියාගෙන මගේ පස්සෙන් දුවනවා...

කොහොම හරි කට්ටියම බස් එකට නැග ගත්තේ බස් එක අදිද්දිමයි...

යාලුවෝත් එක්ක එයා පිටිපස්සෙ වාඩි වෙලා හිටියේ...කෙල්ල මාව දැක්කා...අම්මො...ළඟ ඉන්න කෙල්ලට හිනා වෙලා මොනවද කියනවා අන්න...

"අර අයියා නෙද..."එහෙම කියන්න ඇති නෙද...

අපේ උන් ටික ඉඩ තියෙන විදිහට සිට් වල වාඩි උනා...මාත් ටිකක් ඉස්සරහට ගිහින් වාඩි උනා...පස්ස බලන්නත් හිතුනා ඉතින්...ඔනි නැ...හරි නැනේ...කොමත් ඔයා එයාලත් අපි යන දිහාම වෙන්න ඇතිනේ යන්නේ...

පැය බාගයකින් විතර බස් එක කොටුවට ආවා...කට්ටිය බස් එකෙන් බැස්සා...වෙනදට නම් මෙතන ඉදන් ගෝල ෆෙස් එකට යන්න බස් තියේ...එත් අද බස් නැතුව ඇති...කොමත් අද වගේ දවසක පයින් තමා ඔක්කොම අය යන්නේ...ගිහින් තියෙන උන් දන්නවා එකේ ආතල් එක...

"මේ...අන්න උබේ එක ඉස්සරහා යනවා..."

"ඔව්...ඔව්...මං දැක්කා...මං දැක්කා..."

"ඉතින් පලයන්...ටෝකක් දාපන් ගිහින්...අර...අර...එකි යලුවන්ට පිටි පස්සෙන් තනියම වගේ යන්නේ...මරු චාන්ස් එක පලයන් පලයන් .."සදුනා මාව ඉස්සරහට තල්ලු කලා...අනේ මන්ද...කැම්පස් එකේදි ඔනි තරම් කෙල්ලොත් එක්ක කතා කරලා තියෙනවා...එත් අද නම් ටිකක් අවුල් වගේ...පතාගෙන ආපු එකද කොහෙද...

"ආ...මෙයානේ මේ...මතකද මාව..."මම පිටිපස්සෙන් ගිහින් එයාට සෙට් උනා...කෙල්ල ෆෝන් එක දිහා බලාගෙන හිටියේ...

"ආ...අයියේ..."කෙල්ලගේ යලුවෝ ටික එක පාරට හැරිලා බලලා හිනා උනා...උනුත් දන්නවා ඇති සීන් එක...මමත් පොඩි හිනාවක් දැම්මා...

"ආ...නංගිලා...කැම්පස් එකේ නේද..."
මේ මොකද මේ...අ|ම්|ම|ට|සි|රි| මට ඉන්නේ නම් බොක්කෙන්ම සෙට් එකක්...අපේ උන් ටික ඇවිත් එයාගේ යලුවො සෙට් එක කතාවට අල්ල ගත්තා...පිස්සු හැදෙනවා...මේවා ඉතින් සදුනාගෙ වැඩ තමා...ඌ මගේ දිහා බලලා හිනාවක් දැම්මා...අදරෙයි කොල්ලෝ එකෙන්ම...

ඉතින් දන්නවනේ...මුලින්ම කෙල්ලෙක් කොල්ලෙක් හම්බ උනාම කතා කරන දෙවල්...ඉතින් අපිත් ගොඩක් දෙවල් කතා කර කර ඉස්සරහට ඇවිදන් ගියා...

මාරම ලස්සනක් තිබුනේ බලන බලන තැන...මමත් එයා ලගින්ම හිටියේ...එකට එයාගේ අකමැත්තක් තිබුන බවක් පෙන්න තිබුනේ නැ...

ඉතින්...අපේ උන් ටිකත් එයාගේ යලුවෝත් එක්ක හොඳටම පිට් උනා...

කොහොම හරි අපි පාන්දර 1 විතර වෙනකන් ගෝල් ෆෙස් එකේ හිටියා...

පස්සේ අපි අයෙත් කොටුවට ඇවිත් බස් එකක් එනකන් හිටියා...

"අදනම් ගොඩක් ඇවිද්දා නේද...කලිනුත් ඔයා මේ වගේ වෙසක් එකට ඇවිත් තියේද..."

"නැ...මෙහෙම යාලුවොත් එක්ක හරි ආවේ පලෙවෙනි පාරට...හැබයි ඉස්සර නම් එක පාරක් අම්මලත් එක්ක ඇවිත් තියේ වගේ මතකයි..."

"ආ...අපි නම් ඉතින් මේ අවුරුදු තුනේම ආවා...ඉස්සරහට ඔයත් එයි එහෙම..."

ටිකකින් බස් එකක් ආවා...අපි බස් එකට නැග්ගා...මේක නම් පතාගෙනම ආපු එකම තමයි...අපි දෙන්නට එකම සිට් එකක වාඩි වෙන්න උනේ...මොකද අපේ උන්ට කෙල්ලො සෙට් එක අල්ලලා ගිහින් වගේ...උන්ට අපි ගැන ගානක්වත් නැ...

අනේ මන්දා...අපි දෙන්නා නිකන් කපල් එක වගේ...

පාන්දර 1 විතර වෙද්දී අපි කැම්පස් එක ගාවින් බැහැ ගත්තා...එයාලා ඉන්නේ කැම්පස් එක ගාවම බොර්ඩිමක...ඉතින් අපිත් බොර්ඩිම ගවට ගියා...කොමත් කෙල්ලන්ව බොර්ඩිම් වලට ඇරලවන එක කැම්පස් කොල්ලන්ගේ එක ඩියුටියක් නේ...

"එහෙනම් අපි යන්නම්..."මම ඒ ඇස් දිහා බලලා කිව්වා...එයා මගේ දිහා බලලා පුංචි හිනාවක් දැම්මා...අම්මෝ ඒ හිනාව...අනේ ඉතින්...දැන් ඒ හිනාව මගේනේ...

"මල්ලී...කොහොමද...සෙට් නේ..."එන ගමන් සදුනා මගේ කරට අත දාගෙන හිනා උනා...

😍😍😍😍😍😍😍😍😍

ඒ තමයි අපේ පලවෙනී හමුවීම...
සමහර අය අපිට හම්බ උනත් ඒ අය අපිට ලැබෙන්නේ නැත්නම් එක වෙනස් කරන්න අපිට බැ වගේම ලැබෙන්න කෙනෙක් ඉන්නවනම් එක අනිවාර්යයෙන්ම අපිටම හිමි වෙනවා...ඉතින් එයා මගේම උනා...අද මගේ චුටි දුවගේ තුන් වෙනි උපන්දිනේ...ඉතින් අර එයත් එක්ක ඉන්න ලස්සන කෙල්ල තමයි ඒ එදා මට දන්සලේදි හම්බ උන මගේම දන්සල් කෙල්ල...

❤️❤️ නිමි...❤️❤️

මේක කියවන ඔයාට හිතෙයි නේද මේක මගේ කතාවද දන්නෙ නැ කියලා...නැ...නැ...ඇත්තටම මේක මගේ කතාව නම් නෙවෙයි...එත් මෙක ගොඩක් කොල්ලන්ගේ කතාව වෙන්න ඇතී...😍

✍️අසංක


දෙවැනි ආදරේ ❤️
https://m.facebook.com/story.php?story_fbid=275763204807634&id=100071218687869&mibextid=Nif5oz

මට සමාවෙන්න😥  #තාත්තේමාව අතට අරගෙන ඔයා එදා මගේ කනට කරල කිව්වෙ මගේ චුට් පුතා කියලා...අම්මගේ තුරුල්ලේ නිදියැවට මට ඔයාගේ තු...
20/06/2023

මට සමාවෙන්න😥
#තාත්තේ

මාව අතට අරගෙන ඔයා එදා මගේ කනට කරල කිව්වෙ මගේ චුට් පුතා කියලා...
අම්මගේ තුරුල්ලේ නිදියැවට මට ඔයාගේ තුරුලේ දැනුනේ මාරම හැගිමක්...
ටිකක් ලොකු වෙද්දී වැටි වැටි හිටපු මට නැගිටින්න අත දෙද්දි මට හිතුණේ ඔයා තමයි මගේ ලොකේ වීරයා කියලා...
එත්...
දැනුම් තෙරුම් වයසට එද්දි මට මගේ ලොකේ ඔයාව වීරයෙක් උනේ නැ...මං දන්නෙත් නැති ලොකෙට වැඩකුත් නැති කොහෙවත් හිටපු එකේක්ව මම වීරයා කලා...
මම ඔයාව දැක්කේ නෑ...මට ඔයාව හරියට පෙනුණේ නැ...මගේ විදිහට ඔයාව ගැලපුනේ නැ...මට ඔයත් එක්ක එක ළඟ පාරේ බැහැල යන්නවත් හිතුණේ නැ...
ඇයි...
එදා විරයෙක් වෙලා හිටපු මට ඇයි තාත්තේ අද ඔයාව මේ විදිහට පෙනුනේ...
මම ඔයත් එක්ක හරියට කතා කලේ නැ...මම ඔයාගේ මුණ හරියට බලලා නැ...මම කියපු සමහර වචන වලට පස්සේ ඔයා මොකුත් නොකියා නිහඬ උනා...මට හිතුණේ නැති උනාට ඒ තරමට ඒ වචන ඔය හිත පැරුවද...
එත්...
මට පෙන්නෙ නැතුව ඒ වචන වලට ඔයා අඬන්න ඇති නේද තාත්තේ...
මං ලොකෙට යාලුවොත් එක්ක සෙට් වෙලා අතල් ගත්තේ...උන් එක්ක රවුම් ගැහුවේ...කෙල්ලෙක් එක්ක අතින් අල්ලගෙන රට වටේ ගියේ...එකිට වියදම් කලේ...
කාගේ සල්ලිද...
ඒ මට දෙන්න කියලා ඔයා අම්මට දුන්න සල්ලි නෙද තාත්තේ...
කොලුකම ඔලුවට ගැහුවා තත්තේ...ඔයා නැති ලොකේ මට ඔයාව දැන් පෙනවා තත්තේ...එත් මං පරක්කුයිනේ...

බැ අප්පා...මට බැ තාත්තේ...තවත් නම් බැ...අනේ තාත්තේ මට ඔයාගේ ඔය තුරුලේ එක පාරක් නිදා ගන්න දෙන්නකෝ...අනේ නැගිටින්න තාත්තේ...මට දැනුනේ නැති ඔය පපුවේ රස්නේ විදින්න දෙන්න...
ඔයාගේ මේ සිතල කකුල් දෙක උඩ නලල තියලා
මං වදින්නේ...මගේ රත්තරන් තාත්තේ...මට සමාව දෙන්න...🥺😥............................

"ඔයා කවදාවත් ඔයාගේ අම්මා තාත්තගේ හිත එක වචනෙකින්වත් රිද්දන්න එපා...ඇයි දන්නවද...ඔයාට එක තෙරෙද්දි සමහර විට එයාලා අපි ගාවා නැති වෙන්න පුලුවන්..."

✍️අසංක

"අපි මේ කොහෙද යන්නේ...""දන්නේ නැ...""අනේ...කියන්නකො...""අපි මේ පාර ඉවර වෙනකන් ඇවිදන් යං...""අනේ...මං එකට ආසයි...මෙහෙම ඔය...
14/06/2023

"අපි මේ කොහෙද යන්නේ..."

"දන්නේ නැ..."

"අනේ...කියන්නකො..."

"අපි මේ පාර ඉවර වෙනකන් ඇවිදන් යං..."

"අනේ...මං එකට ආසයි...මෙහෙම ඔයගේ අතේ එල්ලිලා යන්න...මං ආසයි..."

"ඉතින් යමු..."

"මල්ලී...පොඩ්ඩක් පාර බලාගෙන පලයන්..."

"ආ...ආ...අනේ සොරි අයියේ..."

💔

✍️ අසංක...

23/05/2023

අද දස්සා ,මහි ,මහෙස්
අම්මෝ...😍

 #ඇයඅම්මේ...ඔයා ඔයාගේ දරුවෝ හදන්න කොච්චර නම් දුක් විදිනවද...ඒ විදින දුක මේ ලෝකේ කාටනම් කියලා අයේ විදින්න පුලුවන්ද...බැහැ...
14/05/2023

#ඇය

අම්මේ...ඔයා ඔයාගේ දරුවෝ හදන්න කොච්චර නම් දුක් විදිනවද...

ඒ විදින දුක මේ ලෝකේ කාටනම් කියලා අයේ විදින්න පුලුවන්ද...

බැහැනේ අම්මේ...

ඒත් අම්මේ...ඉපදීමම දුකක් වෙච්ච් මේ සංසාරෙ තවත් නම් ඔය විදිහට ඔයා කොච්චර නම් කියලා දුක් විදින්නද...

එපා අම්මේ...එපා...දැන් ඇති...ඕක නවත්වන්න...

තවත් දරුවන් වදමින් මේ සංසාරේ දුක් විදමින් ඇවිදින්න එපා...

ඔයා ලේ කිරි කරලා දෙන දරුවා දිහා බලලා මේ සසරෙන් එතෙර වෙන්න අම්මේ......

සියලූම මවුවරුන් ප්‍රර්ථනා කල බෝධින්ගෙන් උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා...!!!

"අම්මේ...අම්මේ..."මම කැගහගෙන ගෙට දිවුවා..."මොකෝ බන්...මොකො මේ බෙරිහන් දෙන්නේ..."අම්මා කුස්සියේ ඉදන් එලියට ආවා..."අම්මේ.....
12/05/2023

"අම්මේ...අම්මේ..."මම කැගහගෙන ගෙට දිවුවා...

"මොකෝ බන්...මොකො මේ බෙරිහන් දෙන්නේ..."අම්මා කුස්සියේ ඉදන් එලියට ආවා...

"අම්මේ...මම කැම්පස්...මම කැම්පස්..."මම කැගැහුවේ පට්ටම සතුටින්...මම සතුටට අම්ම බදා ගත්තා...මගේ ඇස්වල වගේම අම්මගේ ඇස් වලත් තිබුනේ සතුටු කඳුළු විතරයි...

"මොකෝ යකෝ මේ කැගහන්නේ ගමටම ඇහෙන්න..."අයියා සරමත් ගැට ගගහා කාමරෙන් එලියට ආවේ අපේ සද්දේ ඇහිලා...

"මම කැම්පස් සිලෙක්ට් වෙලා ඕයි..."

"අම්මට හුඩු...සිරාවටම...පිස්සු හැදෙනවා ඔයි...වරෙන් යකො...වරෙන් පොඩ්ඩක් මෙහාට...අනේ ඉතින් මගේ පොඩි මල්ලියා..."අයියා මාව බදා ගත්තේ මරම සතුටෙන්...

මගේ ඇස් වලට කඳුළු ආවේ අද මගේ අන්තිම lecture එක වෙලාවෙදි මට ඒ මොහොත මැවිලා පෙනුන හින්දා...

එත්...තව කොච්චර දුර යන්න තියේද...?

✍️✍️ අසංක

දෙවැනි ආදරේ   (කෙටි කතාවකි)කාට කොහොම ආදරේ ❤️ කළත්...හරිම කෙනා පහු වෙලා හරි හම්බ වෙනවා...✍️✍️✍️✍️✍️✍️මං හෙමිහිට කාමරයට එබ...
08/05/2023

දෙවැනි ආදරේ (කෙටි කතාවකි)

කාට කොහොම ආදරේ ❤️ කළත්...
හරිම කෙනා පහු වෙලා හරි හම්බ වෙනවා...

✍️✍️✍️✍️✍️✍️

මං හෙමිහිට කාමරයට එබුනා.එත් හිතේ නම් කිසිම කැමැත්තක් නැ මට මේ වෙන දෙවල් ගැන.මම කොච්චර අකමැතියි කියලා කිව්වත් අපේ අම්මලා එක ඇහුවේ නැ...

මම හෙමිහිට ගිහින් ඇදේ පැත්තක තිබුණු කොට්ටෙයි බෙඩ් ශිට් එකයි අතට ගත්තා.ඇදේ එහා පත්තේ අනිත් පැත්ත හැරිලා එයා නිදාගෙන හිටියේ මොකුත්ම නොවුන ගානට.එයා තාමත් ඉන්නේ මගුල් ඇදුම පිටින්මයි.එත් මට එකෙන් වැඩක් නැ...

මම අනිත් පැත්ත හැරිලා කාමරෙන් එළියට අවේ නිදා ගන්න තැනක් හොයා ගන්න.සාලේ තිබුණු සැටියට කොට්ටේ විසික් කරලා මම එකෙ ඇල උණා.බෙඩ් ශීට් එකත් ඔලුවේ ඉඳන් පොරවගෙන නිදා ගන්න ට්‍රයි කළත් නින්ද අහලකවත් තිබුනේ නැ.හිතේ තිබුනේ දුකයි තරහවයි හින්දා.කොච්චර හිත හදා ගන්න හැදුවත් මට එයා මගේ ලගම ඉන්නවා වගේ දැනෙනෙවා.

"ඇයි මම මෙච්චර පවුකරයෙක් වුනේ...ඇයි මටම මෙහෙම වෙන්නේ.අනේ ඇයි මගෙ මැණික ඔයා මාවත් ඔයත් එක්කම එක්ක ගියේ නැත්තේ.ඇවිත් ඔයා ඉන්න තැනකට මාවත් එක්ක යන්න්කො රත්තරෙනේ..."

මගේ ඇස් වලින් එක දිගටම කඳුළු එන්න පටන් ගත්තා.මට කැ ගහලා අඬන්න හිතුනා.ඒ හින්දා කොට්ටෙ අස්සේ මුණ ගහෙනෙන මම අඬන්න පටන් ගත්තේ මට එක නවත්ව ගන්න බැරි හින්දමයී...මට එහෙම්ම නින්ද ගියා...

............🥺😥..............

මට උදේ ඇහැරෙද්දි හොඳටම දවල් වෙලා.හරියටම ජනේලෙන් අවුව මගේ මුණටමයි වැටුණේ.මම අවුව මුණට වැටෙනවට ඒ පැත්‍තට අත තියාගෙනම සැටියෙන් නැගිට්ටා...

ස්ටුල් එක උඩ දුම් දදා තියෙන ටී එකක් හදලා තියෙන්වා මම දැක්කා.මම එහෙ මෙහෙ බැලුවා කවුරුවත් පේන්න ඉන්නවද කියලා...

පස්සේ මම කුස්සිය පැත්තට ඇවිද ගෙන ගියා.එත් මම තාමත් ඉන්නෙ නින්දෙන් වගේ කියලා හිතුණේ මාව දෙපාරක්ම පුටුවක හැප්පෙන්න ගිය නිසා...

කැම කාමරේ මේසේ උඩ කැම හදලා වහලා තියෙනවා මම දැක්කා...එත් මට ඒ ගැන ගනක් තිබුනේ නැ...

කුස්සියට යනකොට එයා ලිප ළඟ මොනවද කර කර ඉන්නවා මම දැක්කා...
"හ්ම්ම්...ඔය ඉන්නේ මොකුත් නොවුන ගානට...බලහන්කෝ ඉන්න ලස්සන උදේම නාලත් එක්ක." මම මටම කියා ගත්තා...
එයා කොන්ඩේ සාලුවකින් බැඳගෙන හිටියේ. එකයි මට හිතුණේ එයා උදෙම නාලා ඇති කියලා...

ඉතින් මම ආපහු හැරිලා බාත් රුම් එක පැත්තට ගියා...

.........🤨🤨..........

හවස මම එළියේ තිබුණ ඔන්ච්ල්ලාවේ ඇල වෙලා අහස දිහා බලාගෙන හිටියේ...

අද අහස හරිම ලස්ස්නයි.නිල් පාට අහසේ සුදු පාටට වලාකුළු එහෙ මෙහේ දුවන්නේ හරියට අහසත් එක්ක තරහා වෙලා වගේ...

මම එහෙම්මම ඇස් දෙක පියා ගත්තා.එත් එක්කම මාව මොහොතකට අතිතයට පාවෙලා ගියා...

"ආකාශ්...ආකාශ්...අනේ මේ අහන්නකො...අනේ...පොඩ්ඩක් මේ අහන්නකො රත්තරං..."

"ඇයි...ඇයි...මම මෙ අර ඈත මුහුද දිහා බලාගෙන හිටියේ...මරම ලස්සනයි නේද මෑණික හවසට මුහුද..." එයා කියන එක මට ඇහුණේ නැ.මම ඇත සිතිජය දිහා බලාගෙන හිටියේ.එකේ මාරම ලස්සනක් තියෙන්නේ.රතු පාටට අහසයි මුහුදයි එකතුවෙනවා වගේ පෙනකොට....

අපි ගොඩක් වෙලාවට හවසට කතා කර කර ඉන්න එන්නෙ මෙතනට තමයි...

"අනේ මේ...ඔක නෙවෙයි,මම කියන එක අහන්නකො..." එයා මගේ මුණ එයගේ පැත්තට හරව ගත්තා...එයාගේ මුණ දැක්කම නම් ඉතින් මට අයේ වෙන දිහාවක් බලන්න හිතෙන්නෙ නැ.....

"අනේ...මගේ කෙල්ල මේ තරම් ලස්සනයිද..."මම මගේ හිතින් අහන්න ගත්තා...

"ඇයි...කියන්නකො..මොකක්ද..."
"මේ...මට මොනා හරි එහෙම උනොත් ඔයා..."
"මොකක්ද..."මම එක පරටම එයගේ කට අතින් වැහුවා...

"මොනවද මේ ඔයා කියවන්නේ...ඔයාට මොනවා වෙන්නද...පිස්සු කියවන්නැතුව ඉන්න...."මම ටිකක් සැරෙන් එක කිව්වේ....

පස්සේ මම අයේ මුහුද දිහා බැලුවා...එයා මගේ උරහිස්සට ඔලුව තියාගෙනම ටික වෙලාවක් එහෙම්ම හිටියා....

"නැ...ඉතින්...මම කිව්වේ...මට බයයි...මට මොනා හරි උනොත් ඔයා ගැන...එකයි රත්තරං මම ඇහුවේ..."ආයෙත් එයා කියවන්න ගත්තා...

"එහෙම උනොත් මම මැරෙයිනේ මැණික...ඔයා නැතුව මම කොහොමද රත්තරං ඉන්නේ..."මම එහෙම කියාගෙනම ඒ රතු දෙතොල් අතරට උණුසුම් හාදුවක් දුන්නා...

ඒ ඇස් වලින් කඳුළු බිංදු එක දෙක රොස පාට කම්බුල් අතරින් පහලට ගලා ගෙන ගියා....

"මේ බලන්නකෝ...මගේ මැණිකට මොකුත්ම වෙන්නේ නෑ හරිද...ඔයා හැමදාටම මගේ ලගින්ම ඉන්නවා...මුලු ජිවිත කාලෙටම...එක හින්දා...මගේ රත්තරං අයේ ඔය වගේ කතා හිතන්නවත් එපා...හරිද...."මම එයාව මගේ පපුවට තියලා තද කර ගත්තා....

ඒ තමයි මගේ මැනික මාත් එක්ක හිටිය අන්තිම මොහොත.එදා ගෙදර ගිය එයා අයේ කවදාවත්ම මගේ ලගට ආවේ නැ....

මගේ මුලු ඇගම හිතල වෙලා ගියා...අයේ කවදාවත් මගේ මැනික මගේ ලගට එන්නෙ නැනේ...මං මොන තරම් කාලකන්නියෙක්ද...
මං මොන වගේ එකෙක්ද...මට බැරි උනානේ එයාව හරියට බලා ගන්නවත්...

මගේ ඇස් වලින් එන කඳුළු මටම නවත්ව ගන්න බැරි උනා...

........😥🥺.........

මේ අපි දෙන්නා නුවරඑළියේ ඇවිත් ගත කරන පස් වෙනි දවස...එත් අද වෙනකම් මම එයත් එක්ක එක වචනයක්වත් කතා කරලා නැ...මම එයාගේ නමවත් හරියට දන්නේ නැ....

මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා...

"හෙලෝ...කවුද මේ....".

"අම්මෝ...උබට මේ ටිකට අපිවත් අමතක උනානේ...මොනවද අපිවත් අමතක වෙන තරම් වුනේ...ආ....කියපන්...කියපන්....ආ...ආ...."

"පිස්සු කියවන්න එපා බන්.කියහන් ඇයි උබ දැන් මේ මට වද දෙන්න කතා කලේ...උබල ඔක්කොම එකයි බන්..."මට තරහා ගියා...

"අප්පෝ බන්...උබ තාම මලෙන්ද ඉන්නේ..."

මම මොකුත් කිව්වෙ නැ...

"ඔක දැන් නවත්තපන්.ඔය හොඳටම ඇති.උබ කොච්චර ඔය මත්තේ නැහුනත් අයේ එයා එන්නේ නැ බන්.එක තේරුම් ගනින්..."මම අහගෙනම හිටියා...

"මේ අහපන්...එකීට ඔනි උනෙත් උබ සතුටින් ඉන්නවා දකින්නනේ...ඒ හින්දා පිස්සු කෙලින්නැතුව සතුටින් මෙයත් එක්ක ඉන්න බලහන්..."

"අනේ බන්...මට මගේ මැණිකව ගෙනත් දියන් බන්...මට මගේ රත්තරංව ඔනී බන්..."මට ඇඩෙන්න ගත්තා...

"කොච්චර කළත් මට මගේ නෙතුව අමතක කරන්න බැ බන්...මාව මැරෙන්න වගේ..."

"මේ...මේ...ඔය අඩන එක නවත්වපන්...පිස්සුද උබට.උබ හදන්නේ ඔය ඉන්න කෙල්ලගේ ජිවිතෙත් විනාස කරන්නද...ආ...කියපන් මට..."

"මම කිව්වනේ බන්...මම කිව්වනේ...මට බඳින්න ඔනි නැ කියලා...ඇයි බන් අම්මලා එක ඇහුවේ නැත්තේ...ඇයි බන් උබලා මට මගේ පාඩුවේ ඉන්න දුන්නේ නැත්තේ..."මම ඔහේ කියවන්න පටන් ගත්තා...

"හ්ම්...හොදට හිටී එහෙනම්...තෝ එහෙනම් බීලම මැරෙනවා...යකෝ, අම්මක්ට තාත්තෙකට පුලුවන්ද එහෙම තමන්ගේ එකම පුතා කෙල්ලෙක් හින්දා බීලා බීලා මැරිලා යනව බලන් ඉන්න..."

"ආයේ අමුතුවෙන් මැරෙන්න දෙයක් නැ මට..."

"හරි හරි...එක වැඩක් නැ...කෝ දැන් උබේ ලස්ස්න බිරිඳ පොඩ්ඩ..."

"මම තියනවා බන්..."මම ෆොන් එක කට් කරලා දැම්මා...

............☎☎..........

දැන් අපි මෙහේ ඇවිත් සතියකටත් වඩා වැඩී...

මගේ අකමැත්තෙන් තමයි අපේ අම්මලා මට මේ විවාහය කරලා දුන්නේ...මට ඔනි උනේ නෙතුගේ මතකත් එක්ක ජිවත් වෙන්න...ඒත්,අම්මලාට ඔනි උනේ මාව කාට හරි බන්දලා දෙන්න...

අපේ තාත්තාගේ යලුවෙක්ගේ දුවෙකුට තමා මාව බන්දලා දුන්නේ...අපි එහෙ බලන්න ගිහින් සතියක්වත් යන්න කලින් අපේ විවාහය සිද්ද වුණා...එදා ඉඳන් මම තාම එක පාරක්වත් හරියට එයාගෙ මුණ දිහා බලලා නැ...මොකද මම ගොඩක් තරහින් හිටියේ එයා එක්ක...එත් ඉතින් එකේ කිසිම සාධාරණයක් නෑ කියලා මට දැන් තේරෙනවා...මොකද අම්මලාගේ වැඩ වලට එයා මොනවා කරන්නද...

අපේ වෙඩින් එක දවසෙම හවස තමයි අපි මෙහේ ආවේ...හැබැයි මම එන්නෙ කොහෙද කියලවත් දැනගෙන හිටියේ නැ...අපේ තාත්තට නුවරඑළියේ ස්ටේට් එකක් තියෙනවා පොඩි බංගලාවකුත් එක්ක...ඉතින් මමත් ආවට පස්සෙ තමා මෙහේට තමයි එන්නේ කියලා දැන ගත්තේ...එයාලා මට හොරෙන් කලින් ඉදන් හැම දෙයක්ම ගානට සැලසුම් කරලා තිබිලා තියේන්නේ...අපිට ඔනිම කාලයක් මෙහේ ඉන්න කියලා තාත්තා මට කතා කරපු වෙලාවක කිව්වා...එත් ඉතින් මටනම් ඔනි ඉක්මනටම අයේ කොළඹ යන්න...

දවසක් හැන්දැවක මම කාර් එකත් අරගෙන පොඩ්ඩක් ඇවිදින්න එළියට ගියා...මෙහේ ආවට පස්සේ පළවෙනි වතාවට තමා මම මෙහෙම එළියට යන්න හිතුවේ...මට ඒ ගෙදර ඉන්න හිතේන්නේ නැ...එක්කෙනෙක්ට ආදරේ කරලා තව කෙනෙක් එක්ක කොහොමද එක ගෙදරක ජිවත් වෙන්නේ...

මම කාර් එක ඩ්‍රයිවු කරගෙන පර දිගේ ඉස්සරහටම ගියා...හරියටම යන්නේ කොහෙද කියලා අදහසක් තිබුනේ නැ මට...

ඉස්සරහට යද්දි මම දැක්කා පරේ අයිනේ සුදු පාට කාර් එකක් නවත්වලා තියෙනවා...එත් එක්කම ගැනු කෙනෙක් මගේ කාර් එකට අත දානවා වගේ දැක්කා...මම බ්‍රේක් එක පාගලා කාර් එක නවත්වලා ස්ක්‍රින් එක පාත් කලා...

"අනේ සොරි සර් කරදරක් කලා නම්...මට පොඩි උදවුවක් කරනවද...?"ලස්ස්න ගැනු ළමයෙක් මගේ කාර් එකට එබෙන ගමන් එහෙම ඇහුවා...

"ඔව් නංගි කියන්න.මොකක්ද අවුල..."

"අනේ බලන්න්කො අයියේ... මගේ කාර් එකේ ඉස්සරහා රොදෙක හුලං ගිහින්නේ...මම මේ ගෙදර යන ගමන්...මට හිතා ගන්න බැ මොකද කරන්නේ කියලා..."එයා කිව්වා...

"එක්ට්‍රා ටයර් එකක් කර් එකේ තියෙනවද නංගි..."මම උදවු කරන්න හිතාගෙන එහෙම ඇහුවා...
"ආ...ඔව් ඔව් අයියේ..."එයා එහෙම කියාගෙන එයගේ කාර් එක ගවට ගියා...මමත් කාර් එක අයිනට කරලා නවත්වලා කාර් එකෙන් බැස්සා...

ටික වෙලාවක් යද්දි මම කාර් එකේ ටයර් එක මාරු කරලා දුන්නා...

"අනේ බොහොම පින් අයියේ කරපු උදවුවට..."

"අපෝ... ඔක මොකක්ද නංගි...එහෙන්ම් මම හිගින් එන්නම්..." එහෙම කියලා මම ආපහු හැරුණා...

"අයියේ...අයියේ...පොඩ්ඩ්ක් ඉන්නකෝ...."එයා මාව නවත්වන්න හැදුවා...

"ඇයි නංගි..."

"නැ අයියේ...මට අයියව කොහේදි හරි හොදට දැකලා පුරුදුයි වගේ....හ්ම්ම්ම්...."එයා කල්පනා කරන්න පටන් ගත්තා...
"ආ...අයියා ආකාශ් නේද....ඔයා නේද අපේ අහිංසාව බැන්දේ..."එයා එහෙම කියද්දි මට මොකුත් හිතා ගන්න බැරි උනා...මම ටිකක් කල්පනා කලා.එතකොට තමයි මටත් හරියටම එයාගෙ නම මතක් උනේ...

"ආ...ඔව්...ඔව්...." මම මුණට පොඩි හිනාවක් ගත්තා...
"එත් මට නංගිව හරියට මතක නැනේ..."

"ඇයි අයියේ මම තමයි අහිංසගේ හොඳම යාලුවා මිනුලි...ඇයි අයියට මතක නැද්ද වෙඩින් එක දවසේ අහිංසා මාව අයියාට අදුන්වලා දුන්නේ...

"ආ...ආ...හරි...හරි...මට මතකයි...මට මතකයි..."ඇත්තටම මට ලොකු මතකයක් නැ ඒ ගැන.මොකද මම එදා හිටිය විදිහට මට ඒ වෙන කිසිම දෙයක් ගැන ඔනි කමක් තිබුන් නැ...

"මට දැනගන්න ලැබුණා අයියලා වෙඩින් එකෙන් පස්සේ මෙහේ ආවා කියලා...එත් මෙහෙම හමබ වෙයි කියලා හිතුණේ නැ..."

"එතකොට නංගී මෙහෙද ඉන්නේ..."

"ඔව් අයියේ...මගේ ගෙවල් තියෙන්නේ මෙහේ...එත් කොළඹ නැවතිලා තමා ජොබ් එ ක කරන්නේ...ඉතින් මේ නිවාඩුවට ගෙදර එනවා..."

"ආ...එහෙමද..."

"ඉතින් අයියේ...කොහොමද අලුත් ජිවිතේ...අපේ අහිංසා එහෙම සනිපෙන් ඉන්නවා නෙද..."
එයා එහෙම අහද්දි මම ගොළු උනා...මම එයා ගැන කිසිම දෙයක් දන්නේ නැ...එයා සනිපෙන් ඉන්නවද තියා එයා හරියට කනවද බොනවද කියලවත් මම හොයලා බලලා නැහැනේ...

"ආ....ඕ...ඕ...ඔව්...ඔව්...එයා හොදින් ඉන්නවා..."මම ගොත ගැහුවා...

"එහෙනම් කමක් නෑ...පවු කෙල්ල...කොච්චර දුකක්ද හිතේ තියාගෙන ඉන්නේ..."එයා එහෙම කියද්දි නම් මම ගැස්සිලා ගියා...මොකක්ද ඒ...මොනවා ගැනද මෙයා මේ කියන්නේ...මගේ හිnත මගෙන්ම අහන්න ගත්තා...

"ආ...මට තෙරෙන්නෙ නැහැ නංගි මොකක් ගැනද කියන්නේ කියලා..."මම එහෙම ඇහුවා...

"නැ...නැ...අයියේ එහෙම මොකුත් නැ...මම මේ නිකන් කිව්වේ"එයා කලබල වුනා...

"මම යන්නම් අයියේ...රැ වෙන්නත් ලගයිනේ...අනේ අයියට බොහොම ස්තුති කරපු උදවුවට...අහිංසාට කියන්නකෝ මම එයාව මතක් කලා කියලා...අයේ කොළඹ යන්න කලින් පුලුවන් උනොත් එන්නම් එයාව බලලා යන්න..."එහෙම කියලා එයා කාර් එකට නැගලා ගියා...

එත් එයා මොනවා හරි කියන්න හදලා එක මගෙන් හැංගුවා...

............🤔🤔...........

මම අයේ ගෙදර යද්දි ටිකක් කළුවර වැටිලා තිබුනේ...මගේ හිතේ තිබුනෙම අර ගැණු ළමයා කිව්ව කතාව ගැන...

"පවු කෙල්ල...කොච්චර දුකක්ද හිතේ තියාගෙන ඉන්නේ..."මට ආයේ ආයේ එකම මතක් උනා...

එත් ඉතින් මට මොකටද අනේ ඕවා දැන ගෙන...මගේ හිත මටම කියා ගත්තා...

මම කාර් එක ගේ ඉස්සරහා නතර කරලා ගේ ඇතුලට ගියා...එයා පෙන්න හිටියෙ නැ...ඉතින් මම බාත් රූම් එකට ගියා වෝශ් එකක් දා ගන්න හිතාගෙන...

වෝශ් එකත් දාගෙන මම කාමරයට ආවා...එයා පුරුදු විදිහටම ඇදේ එහා පැත්තේ නිදාගෙන හිටියා...මම ඇගට ටීෂට් එකක් දාගෙන කුස්සිය පැත්තට ගියේ මොනවා හරි කන්න කියලා හිතාගෙන...ඒ යනකොට කැම මේසේට කැම ඔක්කොම ඇරලා තිබුනේ...පළවෙනි වතාවට මට එයා ගැන මහ දුකක් ඇති උනා...

මම මේ වෙනකන් එක වචනයක් වත් කතා කරන්නේ නැතුවත් මට මේ විදිහට සලකන එක ගැන මට පුදුම හිතුනා...

පස්සේ මම කැමත් කාලා ආයෙත් කාමරය පැත්තට ගියා...

එයා මේ පැත්ත හැරිලා නිදාගෙන හිටියේ...අනේ මන්දා.මට එයා ගැන දුකක් හිතුනා...මට ආයෙ ආයේත් මතක් උනේ අර කෙල්ල කියපු එක...මට හිතා ගන්න බැ ඇයි මට ඒකම මතක් වෙන්නෙ කියලා...

පස්සේ මම එයාගේ මුණ දිහා බලුවා.මුණ මලානික වෙලා තිබුනේ...
මම එයාගේ මුණට ටිකක් එබිලා බැලුවා...ඒ මුණේ තිබුනේ දුක් බර හැගිමක්...

මම ටික වෙලාවක් එහෙම ඉදලා.මගේ කොට්ටෙයි බෙඩ් ශිට් එකයි ගන්න ගියා...

ම්ම්... අර මොකක්ද...මෙසේ උඩ මොකක් හරි පොඩි පොතක් තියෙනවා මම දැක්කා...මම මෙසේ ලගට ගිහින් ඒ පොත අතට ගත්තා...

මේක මේ ඩයරියක් නෙද...මම මටම කියා ගත්තා...මෙතනට කොහොමද මෙක ආවේ...

පස්සේ මම එකේ මුල් පිටුව පෙරලුවා....එකේ උඩින්ම අපේ වෙඩින් එකේ දිනය ලියලා තිබුනා.ඉට ටිකක් පහලින් 'අහිංසා' කියලා චුටියට ලියලා තිබුනා...

එතකොට තමයි මම දැන ගත්තේ මෙක මෙයාගේ ඩයරිය කියලා...මම එක එහෙම්ම මෙසේ උඩ තියලා කොට්ටෙයි බෙඩ් ශීට් එකයි අරගෙන කාමරයෙන් එලියට ආවා...

සුපුරුදු විදිහට සැටියේ ඇල වෙලා මම සිවිලිම දිහා බලගෙන හිටියා...එත් මට ඔනී වුණා අර ඩයරියේ ලියලා තියෙන්නෙ මොනවද කියලා කියවලා බලන්න...මොනවා උනත් එයා දැන් මගේ බිරිඳ වෙලා ඉවරයිනේ...

මම අයෙත් කාමරයට ගිහින් ඒ පොතත් අරගෙන සැටියේ වාඩි උනා...
එකේ මෙහෙම ලියලා තිබුනා.......................................
අද මගේ ජිවිතේ අඳුරුම දවස...මොකද මට මගේ අනුහස් නැති වෙලා මාසයක්වත් යන්න කලින් මම කවදාවත් දන්නේ නැති එක්කෙනෙක් එක්ක එකම ඇඳක එකට නිදා ගන්න වෙනවා...

ඇයි මං මෙච්චර පවු කාරියක් උනේ...ඇයි මටම මෙහෙම වෙන්නේ...මං කෝමද මේ වගේ දුකක් උහුලගෙන ඉන්නේ අප්පා...අනේ මං මැරිලා යයි දෙයියනේ...
.....................................

මම තවත් පිටුවක් පෙරලා බැලුවා...
අපි දැන් මෙහෙට ඇවිත් දවස් පහක් විතර වෙනවා...එත් තවමත් එයා මාත් එක්ක එක වචනයක්වත් කතා කරලා නැ...මට හිතා ගන්න බැ ඇයි එයා එහෙම කරන්නේ කියලා...මං දන්නැ ඇයි එයා මාත් එක්ක මෙච්චර තරහා කියලා...

මගේ අනුහස් නැති වෙලා අදට හරියටම මාසයක් වෙනවා...මං කොහොමද ඒ මොහොත අමතක කරන්නේ...

එදා මම අනුහස් එක්ක මගේ කාර් එකේ යමින් ගමන් හිටියේ...

"බාබා...අපි අද මේ කොහෙද යන්නේ..."

"ඉන්නකෝ අනේ ටිකක්...ඔයාට ගියහම බලා ගන්න පුලුවන් වෙයි..."මම කිව්වා...

"බැ...බැ...දැම්ම කියන්න...කොහෙද යන්නේ..."එයා හැමදාම එහෙමයි...

"එහෙනම් ඉන්නකෝ..."මම කාර් එක අයිනකට කරලා නතර කලා...
"මං තිරනයක් ගත්තා..."මම කියාගෙනම ගියා...
"මට තවත් බැ අනුහස් මෙක බලාගෙන ඉන්න...අපේ තාත්තා කවදාවත්ම අපිට එකතු වෙන්න දෙන්නේ නැ...එයා හදන්නේ මාව වෙන කෙනෙකුට බන්දලා දෙන්න..."

"මොකක්...කාටද ඒ..."අනුහස් බය වුනා...
"මං දන්නැ අනුහස්...කවුද මන්දා තාත්තගේ යලුවෙක්ගේ පුතෙකුට...මං කොච්චර බැ කිව්වත් එයා එක අහන්නේ නැ...ඔයා දන්නවනේ මට බැ ඔයා නැතුව ඉන්න...එහෙම උනොත් මම මැරිලා යයි..."මගේ ඇස් කදුලින් පිරිලා තිබුනේ...

අනුහස් ඉස්සරහා බලාගෙනම හිටියා...

"අනේ...අනුහස්...කතා කරන්න්කෝ..."

"මං මොනා කියන්නද...මං දැනගෙන හිටියා කවදා හරි ඔහොම වෙනවා කියලා...ඔයා මාව අමතක කරන්න..."
"මොකක්ද..."මගේ ඇස් වලින් කඳුළු වැටෙන්න ගත්තා...
"ඔයාට පුලුවන්ද එහෙම කරන්න...ආ...ඔයට පුලුවන්ද මං නැතිව ඉන්න...ආ...කියන්න අනුහස්...ඔයට පුලුවන්ද එහෙම කරන්න..."

"බැ...බැ...මට බැ එහෙම කරන්න...එත් මට වෙන කරන්න දෙයක් නැ...මං මොකක්ද කරන්නේ..."

"මට පුලුවන් කරන්න..."මම කිව්වා...
"මම තිරනයක් අරගෙන අද ගෙදරින් එලියට ආවේ..."

"මොකක්ද..."

"අපි බදිමු...අපි බැදලා කොහේ හරි යමු..."මම දැඩි තිරනයක හිටියේ...

අනුහස් මොකුත්ම කිව්වෙ නැ...එයා එකට කැමති වුනේ නැ...එයා කැමති නැ මාව ගෙදරට හොරෙන් කසාද බඳිබදින්න...

"ඇයි අනුහස් කතා කරන්නෙ නැත්තේ..."

"ඇයි ඔයාට තෙරෙන්නෙ නැත්තේ...බැදලා මං කොහෙද ඔයාව එක්ක යන්නේ...අර මගේ දුප්පත් ගෙදරටද...නැත්‍තන් වෙන කොහේ හරිද...එතකොට මගේ අර ඇදේ ඉන්න අම්මට මොකද වෙන්නේ...කවුද එයාව බලා ගන්නේ...ආ...මට බැ ඔයාව බැදලා ඔයාගේ මුලු ජිවිතේම දුකින් තියන්න...මට බැ ඔයට දුක් විදින්න් දෙන්න..."එයා කියවගෙනම ගියා...

මට මොකුත් කියා ගන්න වචන අවේ නැ...මගේ ඇස් වලින් කඳුළු එක දිගටම ආවත් මට එක නවත්ව ගන්න බැරි වුනා...

"මේ බලන්න මැනික..."එයා මගේ මුණ එයගේ පැත්තට හරව ගත්තා...

"මටත් ඔනී ඔයාව මගේ ලගින්ම තියා ගන්න තමයි...එත් මං හිතුවේ මගේ පාර ඉක්මනටම හදාගෙන ඔයාගේ තාතතා ලගට ඇවිත් කටක් ඇරලා ඔයාව ඉල්ලන පුලුවන් මට්ටමට එන්න...එත් ඊට කලින් ඔයාගේ තාත්තා ඉස්සර උනා...මට බෑ එහෙම නැතුව මේ විදිහට ඔයාව එක්කරගෙන ගිහින් ඔයාට දුකක් දෙන්න...ඔයට එහෙම ඇවිත් දුක් විදින උනාම මවත් ඔයාට එපා වෙයි කියලා මට බයයී...අනේ... ඒ හින්දා ඔයා තාත්තාගේ තිරනයට කැමති වෙන්න..."අනුහස්ගේ ඇස් කදුලින් පිරුනා...මට කැගහලා අඬන්න හිතුනා...මගේ පපුව හිර වෙන්න වගේ ආවා...මට අනුහස්ගෙන් තොර ලොකයක් තිබුනේ නැ...අද ඒ ලොකේ නැති වෙලා යනවා කියලා එයාම කියද්දි මට එක වාවගන්න බැරි උනා...
එයා මගේ දිහා බලාගෙන ඉදලා එක පාරටම කර් එකේ දොර ඇරගෙන එලියට ගියා...

"අනුහස්...අනුහස්..."මමත් කර් එකේ දොර ඇරගෙන එලියට ආවා...

එයා පාරේ එහා පැත්තට දුවන්න හැදුවා...

මම එකපාරම පොත වහලා දැම්මා...ඊට වඩා දෙයක් එකේ ලියලා තිබුනේ නැ...

"අනේ දෙයියනේ...මං මේ මොකක්ද කලේ..."

මම ඉක්මනටම මගේ යාලුවා ශෙහාන්ට ඇමතුමක් ගත්තා...

"හෙලෝ ශෙහාන්..."

"ඔව් කියහන්...මොකෝ මේ වෙලාවේ..."

"මට කියහන් අහිංස ගැන උබ මොනවද දන්නේ..."

"මොකක්ද...උබ මොනවද මේ අහන්නේ...මට මේ මොකුත් තෙරෙන්නේ නැ මචං..."

"මට ඇත්ත කියපන් ශෙහාන්...උබ තමයි අපේ තාත්තගේ ලගින්ම ඉන්නේ...මට වඩා දෙවල් තාත්තා උබට කියන්වා කියලා මම දන්නවා.."
ඌ මොකුත් කිව්වේ නැ...

"අහිංසාගේ කලින් බොයිප්‍රෙන්ට මොකද උනේ..."
මම කෙලින්ම ඇහුවා...

"හරි...මම කියන්නම්...හැබැයි පොරොන්දුවෙයන් උබ මෙක එයාගෙන් අහන්නෙ නැ කියලා..."

"හරි...මං එහෙම කරන්නෙ නැ..."

"පවු බන් එකී...එකිට කොල්ලෙක් එක්ක සැහෙන කාලෙක ඉදන් සම්බන්ධයක් තිබිලා තියෙනවා.එත් එකට මෙයලගේ ගෙදරින් කැමති වෙලා තිබිලා නැ...පව්...දැන් මසෙකට විතර කලින් එකිගේ ඇස් ඉස්සරහම ඒ කොල්ලා වහනෙකට යට වෙලා බන්...අනේ සමාවෙයන් බන් මමත් උබට මේ කසාදේ කරලා දෙන්න සපොට් එක දුන්නට..."

මගේ අතින් ෆොන් එක අතඇරුනා...මාව එහෙම්ම සැටිය උඩ ඉන්දඋනා...මගේ ඇස් වල කඳුළු පිරුනේ මං වගේම උහුල ගන්න බැරි දුකක් හිතේ තියාගෙනත් ඒ දුක හංගගෙන මට එයා සලකපු විදිහ මතක් උන හින්දා...මට මං ගැනම ලැජ්ජා හිතුනා මම එයට සලකපු විදිහ මතක් උනාම...

..............🥺🥺............

මට තවත් මෙහෙම ඉන්න බැරිවුණා...මට ඔනි උනා එයත් එක්ක කතා කරන්න...මම ඒකට වෙලාවක් එනකන් බලන් හිටියා...

දවසක් හැන්දැවක එයා ඉස්තොප්පුවේ බිම වාඩි වෙලා කනුවට ඔලුව තියාගෙන කල්පනා කර කර හිටියා...මම එයා ළඟින් ගිහින් වාඩි උනා...
එත් කල්පනාව හිනදා එයාට එක දැනුනේ නැ...

"අද වෙනදාට වඩා මාර හිතලයි නෙද..."කතාවට මුල පුරන්න ඔනි නිසා මම එහෙම කිව්වා...එයා එක පරටම ගැස්සිලා ගිහින් නැගිට්ටුනා...

"ඔයා ලොකු කල්පනාවක නෙද හිටියේ..."එයා මොකුත් නොකියා අයෙත් වාඩි උනේ හරියට ආගන්තුකයෙක් වගේ...

ටික වෙලාවක් අපි අතර නිහැඩියාවක් තිබුනා...
මට අයෙත් මොනවා හරි කියන්න ඔනි උනත් මට එකට වචන ගලපගන්න බැරි උනා...

"ම්...මම ආකාශ්..." මම එක පාරටම එයාට අත දුන්නේ හරියට ආගන්තුකයෙක් අතට අත දෙන විදිහට...
එයත් එකට පුදුම උනා...

"ම...මම...අහිංසා..."රෝස තොල් අතර හැන්ගිච්ච පුංච් සිනහවක් එක්ක එයා මගේ දිහා බලලා එහෙම කිව්වා...
ඒ තමයි අපි දෙන්නාගේ පලවෙනි වචන හමුවිම...ඒ වෙලාවේ මට දැනුනේ පලවෙනි වතාවට මම නෙතුත් එක්ක කතා කරපු මොහොතේ දැනුන හැගිමමයි...මම හිතනවා එයාටත් ඒ විදිහටම ඒ හැගිම දැනෙන්න ඇති කියලා...

නිම්...

❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසංක K. දික්ඇල්ල

❤️❤️කැම්පස් සිහිනය❤❤️  ---------------****------------------(( කෙනෙක්ට පුලුවන්ද මෙච්චරම ආදරේ කරන්න...))(මේ මගේ පළවෙනි කත...
01/05/2023

❤️❤️කැම්පස් සිහිනය❤❤️
---------------****------------------
(( කෙනෙක්ට පුලුවන්ද මෙච්චරම ආදරේ කරන්න...))

(මේ මගේ පළවෙනි කතාව.ඒ හින්දා අඩු පාඩු තියේවි.ඒ ගැන මුලින්ම මම ඔයාගෙන් සමාව ඉල්ලනව.ඔයාට එහෙම මොනවා හරි හිතුනොත් comment එකක් දාන් යන්න💙💙)


🌼✍️🌼 *01 කොටස*🌼✍️🌼


🖊️මම කැලණි කන්ද නගින්න පටන් ගත්තා.කොටුව - කඩවත 138 එකක නැගලා කැම්පස් එක ගාවින්ම බැහැ ගත්ත හිනදා ලෙසියි.එත්, තඩි බෑග් එකත් කරේ තියාගෙන ඕක නගින්න ගත්තාම තමයි ඉතින් පට්ටම ආතල් එක.අවුලකුත් නැ ඉතින්, ඉස්සරහයින් එන ලස්සන ලස්සන එවා දැක්කාම ඒ අමරුව දැනෙන්නේ නැ...

මේ මගේ final year එක.සති අන්තේ ගෙදර ගිහින් අයේ එනවා මේ,
අම්මට සිරි call එකක්...
"ඕව් බන් කියහන්" මම උත්තර දුන්නා...
"තෝ කොහෙද *** තෝ ඉන්නේ"එහා පැත්තෙන් එකෙක් කතා කලා.
"මම මේ එන ගමන් බන්.කන්ද නගින ගමන් ඉන්නේ.උබ කොහෙද ඉන්නේ" මම ඇහුවා.
"අඩෝ මෙහෙ මෙහේ..." මම ඉස්සරහා බැලුවා.මු gate එක ගව ඉඳන් මට අත වනනවා.
මම ටිකක් ඉකමන් කරල ඌ ගවට ගියා...

"උබ කියටද ආවේ"මම ඇහුවා.
"උදේ බන්.උබ කිව්වනෙ උදේ එනවා කියල.ඉතින් මම උදේම ආවා." ඌ කිව්වා.
"Sorry බන් මම ටිකක් පරක්කු උනා.අපේ ගමේ අද උදේ බස් එක තිබුනේ නැ.එකයි ටිකක් පරක්කු උනේ" මම එහෙම කිව්වට මට උදේම එන්න කම්මැලි හිතුනා.ටිකක් දවල් වෙල ආවේ ගෙදරින්.බැරිවෙලා හරි ඕක කිව්වනම් ඉතින් කුණුහරප පොලිමක් අහගන්න වෙනවනේ මුගෙන් එකයි...
"හරි හරි වරෙන්කො යන්න jim එකට" අපි jim එක පැත්තට ගියා.jim එක කියන්නේ අපේ කැම්පස් එකේ canteen එකක්...

"අයියේ අපිට වඩේ දෙකයි තේ දෙකකුයි දෙන්න" ඌ තේ එකක් ගෙන්න ගියා, ඉතින් මම බැග් එක මේසයක් උඩ තියලා පුටුවක වාඩි උනා.පට්ට සනිපයක් දැනුනේ කකුල් දෙකට.මොකද, මම හැටන් බස් එකේ අවෙත් හිටගෙනනේ එකයි. අනික එකෙ අද පට්ට සෙනඟ...

"අයියේ ඔයාට මාව මතකද?" Fb එකේ හිටපු මම එකපාරටම ඔලුව උස්සල බැලුවේ ලස්සන කටහඬ ඇහිලා.මගේ ඉස්සරහා ගැනු ළමයෙක් හිටගෙන හිටියා...
"ම්ම්....මට හරියට මතක නැනේ නංගි" මම ටිකක් කල්පනා කරලා කිව්වා.ඇත්තටම මට එයව දැකල තියෙනවා වගේ නම් මතකයි.එත් හරියටම කොහෙදිද කියල මතක නැ...
"ඇයි අයියා මට එදා බස් එකේදි උදවු කලේ.දැන් සති දෙකකට වගේ කලින්" අන්න එහෙම කියද්දිනම් මට මතක් උනා seen එක.මම එදා හවස ගෙදර යන්න හැටන් එකක නැගල සිට් එකක වාඩි උනා.සිට් ඔක්කොම පිරිලා වගේ තිබුනේ.ඉතින් බස් එක අද්දලා ටික වෙලාවකින් කොන්දා ටිකට් ටිකට් ගගා එද්දි මෙන්න මට එහා පැත්තේ හිටපු කෙල්ල බය වෙලා වගේ දගලනවා.මම ඇහුවා ඇයි නංගි මොකක් හරි අවුලක්ද කියලා.එයා කිව්වා පර්ස් එක ගේන්න අමතක වෙලා වගේ අයියේ කියලා. සල්ලියි ඔක්කොම එකෙලු.දැන් බස් එක අද්දල හින්ද බහින්නත් බැනේ. අනික බස් එකෙත් ටිකක් සෙනඟත් එක්ක.ඉතින් මම ඇහුවා ටිකට් එකක් අරන් දෙන්නම් පස්සෙ පර්ස් එක ගිහින් ගන්න කියලා.එතකොට අනේ අයියෙ එකනම් ලොකු උදවුවක් කියලා කිව්වා.ඉතින් මම ටිකට් එකක් අරන් දුන්නා එයාට. අවිස්සාවේල්ලටද කොහෙද තමයි ගත්තේ...
"එදා අයියා මරම උදවුවක් තමා කලේ. නැත්තන් මට මර කට්ටක් කන්න වෙන්නේ"එයා කිව්වා.
"අපෝ එක නම් මොකක්ද නංගි"මමත් කිව්වා.
"මම පර්ස් එක බොර්ඩිමේ දලානේ ඇවිත් තියෙනේ අයියේ.සිහියක් තිබුනේ නැ මට එදා, හදිස්සියෙන් ගෙදර ගියේ.අපේ තාත්තට ලෙඩ වෙලා hospital එක්ක ගෙනිහින් එකයි" එයා මට කිව්වා...
"අප්පා එහෙමද" මම එයා දිහා බලලා කිව්වා.
"ඔව් අයියේ.මම එහා tabal එකේ වඩි වෙලා හිටියේ.අහම්බෙන් වගේ දැක්කේ අයියා අරෙහෙ ඉඳන් එනවා.එත් මම හිතුව ඒ අයියමද කියලා.හිතුවේ නැ අයියා අපේ කැම්පස් එකේ ඉදී කියලා" මම එයා කියන එක අහගෙන හිටියා.එ අතරේ අරුත් තේ දෙකත් අරගෙන ඇවිත් table එකෙන් වාඩි උනා.
"කවුද මල්ලි මේ, උබේ කැල්ලද?"උගේ කටට බ්‍රෙක් නැ.ඒ උගේ හැටි.එකට කෙල්ලට පොඩ්ඩක් හිනා ගියා.
"ඇයි නංගි හිනා වෙන්නේ.උබට එක විහිලුවක් වගේද?"ඌ සැරෙන් වගේ කිව්වා.මේ යන්නේ පොඩි අයගේ රැගින් session එකනේ.එක හින්දා ඌ ඉන්නේම ඒ සින් එකෙමයි.දැක්කම අඳුර ගන්න පුලුවන් junior නම්.ඌට තෙරෙනවා ඇති ඒ කෙල්ල junior කියලා එකයි පොර එහෙම කිව්වේ.
"මේ කට වහගෙන හිටහන්" මම අරුට බැන්නා.නැත්තන් ඕකා ඔතන හානන්න ගන්නවා.
"ඉතින් නංගි කොහොමද දැන් තාත්තට"මම ඇහුවා.කෙල්ල බය වෙලා වගේ.මොකුත් කිව්වෙ නැ බිම බලාගෙන හිටියා.සාමාන්‍යයෙන් 1st year අය රැග් එක කලෙට ඔහොම සිර්නිය අය එක්ක කතා කරන්න එන්නෙ නැ.එත් එදා මම කරපු උදවුවට අයෙත් පාරක් thanks කරන්න තමයි එය එහෙම මට කත කරන්න ඇවිත් තියෙන්නෙ.මම දැනගෙන හිටියෙත් නැ මෙයා අපේ camps එකේ නංගි කෙනෙක් කියලා.මොකද එදා බස් එකේදි අපිට හරියට කතා කරන්න බැරි උනා.ඇයි කිව්වොත් වයසක කෙනෙක් සිට් එක ළඟ හිටපු හින්ද මම ඒ කෙනාට සිට් එක දීලා ඉස්සරහට ගියා එකයි.
"බය වෙන්නැතුව කියන්න නංගී"මම අරු දිහා රවලා බලලා කිව්වා.
"දැන් නම් ටිකක් හොදයි අයියේ.ට්කට් කපන් ගෙදර එක්ක ආවා"කෙල්ල හෙන හෙමින් එක කිව්වේ.
"ආ...එහෙනම් දැන් ලොකු අවුලක් නැනේ"මම එයා දිහා බලලා කිව්වා.
"එයි,නංගි උබේ නම මොකක්ද?"ඔන්න අරු අයෙත් පැන්නා...
කෙල්ල බිම බලා ගත්තා.ඌ එන්න කලින් සාමාන්‍ය විදිහට කතා කර කර හිටපු කෙල්ලට දැන් ඇඩෙන්න වගේ.ඉල්ලගෙන කැවා වගේ වැඩක්නෙ උනේ ඉතින්,බස් එකෙ කරපු උදවුවට thanks කරන්න ඇවිත්...
"මේ පොඩ්ඩ්ක් හිටහන්කෝ බන්.මෙයා මාව දන්නවා, එකයි කතා කරන්න ඇවිත් තියෙන්නේ"
"ආ... එහෙමද.කලින් දැනුවත් කරන එපැයැ බන් අපිව" ඌ තේ එක බොන්න පටන් ගත්තා.

"බය වෙන්න එපා නංගි ඒ උගේ හැටි"මම එයගේ මුණ දිහා බලලා කිව්වා.ඇස් දෙකත් පොඩ්ඩ්ක් රතු වෙලා වගේ තියෙනවා මම දැක්කා.ඇත්තටම හරියටම එයගේ මුණ දැක්ක පලවෙනි වතාව තමයි ඒක.අමුතුම ලස්සන අහිංසක පෙනුමක් එයාට තිබුනේ.මං දන්නේ නැ ඇයි මට එහෙම දැනුනේ කියලා, එත් අමුතුම හැගිමක් දැනුනා ඒ වෙලාවේ ඒ කෙල්ල දැක්කාම.මම එයා දිහා බලාගෙනම හිටියත් එයා හිටියේ බිම බලා ගෙන හිනදා එයා එක දැක්කේ නැ...
මලා!..එයා ඔලුව උස්සලා මගේ දිහා බැලුවා. මම එක පරටම අහක බලා ගත්තා.
"සොරි අයියේ, මට අයියව දැක්කම අදහා ගන්න බැරි වුණා. එදා හරියට ස්තුති කරන්නවත් බැරි උනනේ.ඒ හින්දා මම හිතාගෙන හිටියේ අයියාව අයේ කොහෙදිම හරි හම්බ උනොත් කතා කරන්න කියලා. එකයි අයියලා සිනියර්ස්ලා කියලත් මට අමතක උනේ"මට එහෙම කියද්දි නම් දුක හිතුනා...
"එහෙම අවුලක් නැ නංගී.අපි සිනියර්ස්ලා උනාට අපි කියලා නැ ඔයාලට අපි එක්ක කතා කරන්න එන්න එපා කියලා.ඔයාලා බය වෙන්නේ නැතුව ඔනි වෙලාවක අපිත් එක්ක කතා කරන්න එන්න.අපිත් ආසයි ඔයාල එක්ක ටිකක් කතා කරන්න"මම එයට කිව්වා.එතකොට එයාගේ මුහුණට පුංච් හිනාවක් ආවා.මම හොරෙන් වාගේ ඒ දිහා ආසාවෙන් බලා හිටියේ.මාරම ලස්සනක් ඒ මුණේ ඒ වෙලාවෙ නම් තිබුණේ...
ඉට පස්සේ, එයා යන්නම් අයියේ කියලා එතනින් අහකට ගියා.මං එයා ඇතට යන දිහා බලා....

"සර්...සර්...please ඔයාගේ බැග් එක උඩ ලැග් එකෙන් තියනවද?"මම එකපරටම එහේ මෙහේ හැරිලා බලන්න පටන් ගත්තා.
"ආ..ආ..මො...මො...කක්ද කිව්වේ"එක පාරටම මට කියවුනා...
"Please සර් ඔයගේ බැග් එක උඩ ලැග් එකේන් තියනවද?" අම්මෝ! දැන් තමා මට හරියටම සිහිය අවේ.මගේ ඉස්සරහා air hostess කෙනෙක් හිටගෙන හිටියා.
"ආ...හරි හරි මිස්..."මම ලොකු කල්පනාවක ඉඳලා තියෙන්නේ.මට අමතක වෙලා ඉන්නේ කොහෙද කියලවත්...

මේ මගේ පළවෙනි වාතාව plane එකක යන.මේ තමයි මම වගේම මගේ අම්මාගෙයි තාත්තාගෙයි ත් හිනය.අද ඒ හිනේ හැබැ වෙනවා.මාරම සතුටුයි.අද තමයි හරියටම මගේ ජිවිතේ පටන් ගන්න දවස.අවුරුදු ගාණක් දුක් විදලා හැබැ කර ගත්තු target එක.එහෙම හිතෙද්දි නම් මගේ ඇස් දෙකේ කඳුළු පිරෙන්න ගත්තේ පුංච් හිනාවකුත් එක්කමයි.ඉතින් මම එහේම්මම ශිට් එකේ ඔලුව තියාගෙන ඇස් දෙක පියා ගත්තා....
........................
ඊලග කොටසෙන් නැවත හමු වෙමු...කියවපු හැමොටම බොහොම ස්තුතියි....❤️❤
.......................
මම අසංක✍️✍️
K. Dikella

Address

Dehiowita

Telephone

+94763195491

Website

Alerts

Be the first to know and let us send you an email when Asanka K. Dikella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asanka K. Dikella:

Shortcuts

Share