Dilu Dreamy Eye

Dilu Dreamy Eye Join with me on a journey of self-discovery, mindfulness and turning pages... ❤️🥰

දෙවන කොටස .... ❤️✨️"ආලෝකා"තිගැස්සී ගිය ඈ සිය සුරතින් දෑසට උනා තිබූ කදුලු මිතුරියගෙන් වසන් කරන්නට මහත් ආයාසයක් දරන්නට වූව...
15/06/2026

දෙවන කොටස .... ❤️✨️

"ආලෝකා"

තිගැස්සී ගිය ඈ සිය සුරතින් දෑසට උනා තිබූ කදුලු මිතුරියගෙන් වසන් කරන්නට මහත් ආයාසයක් දරන්නට වූවාය.

"වෙලාව හරි, එන්න අපි පාඩම් කරන්න යමු"

යෙහෙළිය නිතිනි කී පසුවයි ඇය සිහිනයකින් පිබිදෙන්නියක මෙන් යථා තත්ත්වයට පැමිණියේ. ළමා නිවාසයක හැදී වැඩෙන්නට සිදු වුවද උපතින්ම අධ්‍යාපන කටයුතුවලට සමත්කම් දැක්වූ ආලෝකා නිරන්තරයෙන්ම පාලක මණ්ඩලයේ සෙනෙහසට බදුන් වූවාය.

"උබයි මමයි විභාගෙ ගොඩ දාගත්තා කියන්නෙ ජීවිතේම ගොඩ"

සුපුරුදු පරිදි නිතිනි කියවන්නට වූවාය. ඇය ප්‍රධාන පාලිකාවගේ දෙවන දියණියයි. දුක සතුට සම සේ බෙදාගන්නට ආලෝකාට සිටියේ ඇය පමණකි. පාලිකාවන්ට නිතරම ළමුන්ගේ දුක් දොම්නස් සිත් තැවුල් ආදිය අසා සිටීමට තරම් කාලයක් නොමැතිවාක් මෙනි. පෑ විසි හතරම වැඩ කරන ඔවුන්ගේ සිතැගි බෙදා ගන්නට කවරෙකුනම් සිටිනවා කියාද? ඔවුන් කරනා වැඩ තොගය දන්නේ ඔවුන් පමණක්මය. එහෙව් විටෙක ඔවුන්ට කරදරයක් වීමට ආලෝකා සතුටු නොවුනාය.

මවකගේ පියෙකුගේ තුරුලේ හැදී වැඩෙන්නට යුතු වයසක පසු වුවද ඇයට සියල්ල තනිව දරාගන්නට සිදු වූවාය. මෙහි පැමිණ වසර දහයක් ගත වුවද මව්පිය සෙනෙහස සොයන ඈ තුල සිටින කුඩා දරුවා එලෙසින් සිටියදීම ඇය සිය මිතුරිය සමග උසස් පෙළ විභාගයට මුහුණ දුන්නාය.

අද ඇය බාධක හමුවේ නොසැලී සිටින, තමාට නොලැබුණු ආදරය අන් අයට ලබා දෙන ආදරණීය ගුරුවරියකි. තමාට ජීවිතය ජය ගන්නට දිරිය දුන් නිදහස් අධ්‍යාපනයට ණය ගෙවීමක් ලෙස දහස් දෙනෙකුගේ ඇස් පාදන්නට ඇය සමත් විය. ❤️🖋️📚

ඔයාලා මේකට ගැළපෙන මාතෘකාවක් comment කරගෙන යන්න.....

කෙටි කතාවකි 🖋️❤️📚පළමු කොටස.... 🧿ඇගේ දෑස් කදුලින් තෙත්ව තිබූ අයුරු කිසිවෙකුත් නොදුටු සේය...නීල දෙනය සමගින් දිගු වරලසකට හි...
14/06/2026

කෙටි කතාවකි 🖋️❤️📚

පළමු කොටස.... 🧿

ඇගේ දෑස් කදුලින් තෙත්ව තිබූ අයුරු කිසිවෙකුත් නොදුටු සේය...

නීල දෙනය සමගින් දිගු වරලසකට හිමිකම් කී ඈ දහසක් දෙනා අතරේ සුලබව හමු නොවන දුර්ලභ ගණයේ යොවුන් රූමතියක වූවාය. සිය පවුලේ එකම දරුවා පුතෙකු නොවී දියණියක වීම දෙමහල්ලන්ගේ නොසතුටට කාරණයක් විය. එබැවින් කුඩා කල පටන්ම ඇයට විදින්නට සිදු වූ දුක් කම්කටෙලු සහ වෙනස්කම් අපමණය. නමුත් මේ වසා පැන නැගුණු දුප්පත්කම තවත් ඈ අසරණ කරන්නට නැගී සිටි මහත් රාක්ෂයෙකුම විය.

කුලී කරමින් සිටි පියාට හදිසියේම මානසික රෝගයකින් පීඩා විදින්නට සිදු වූ අතර මෙයට හේතුව ලෙස මව සදහන් කලේ පියාගේ නෑදෑයින් ඔහුට යම් කොඩිවිනයක් කර ඇති බවයි. ඉන් ටික කලකට පසු ඇගේ මව විදේශ ගත වූයේ යස ඉසුරු ලගා කර ගැනීමටය. ඇයට සිය රෝගී පියා සමග නිවසේ තනි වන්නට සිදු වූයේ කිසියම් ආරක්ෂාවක් හෝ නොමැතිවයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඇයට අධිකරණය හරහා මෙහි පැමිණ මෙම ස්ථානය සිය නිවස්නය කරගන්නට සිදු වූයේ සිහිනයක යම් සිදුවීමක් යථාර්ථයක් බවට පත්වනවාක් මෙනි.

ඇය නමින් ආලෝකා නෙත්මාලි වූවාය. අතීතයේ කොනෙක සිර වී සිටි ඈ සම වැදී සිටි දැහැනින් මිදුනේ සිය මිතුරියගේ ඇමතීම සවන් වැකෙනවාත් සමගිනි.
"ආලෝකා"......🖋️❤️

ඔයාලා මේ කතාවට කැමතිද? මේකේ ඊලග කොටසත් ඉක්මනට ඕනෙනම් comment එකක් දාගෙන යන්න ළමයිනේ.....

මගේ පුංචි පොත් ගුලට අලුතින් එකතු වුණු සගයන්...❤️📚පොත් එකතු කරනවා කියන්නෙත් එක්තරා මට්ටමක ආකර්ෂණීය විනෝදාංශයක්...ඒක දන්නෙ...
18/05/2026

මගේ පුංචි පොත් ගුලට අලුතින් එකතු වුණු සගයන්...❤️📚

පොත් එකතු කරනවා කියන්නෙත් එක්තරා මට්ටමක ආකර්ෂණීය විනෝදාංශයක්...

ඒක දන්නෙ පොත්වලට ආදරය කරන කෙනෙක්ම තමයි...🥰😗

ජීවත් වෙනවා කියලා දැනෙන්න නම්...පොතක් කියවන්නම ඕනෙ....            📚❤️😌
17/05/2026

ජීවත් වෙනවා කියලා දැනෙන්න නම්...
පොතක් කියවන්නම ඕනෙ....

📚❤️😌

13/03/2026

✨️❤️

🫰
13/03/2026

🫰

ගැහැණියකගෙ ලස්සන තව දුරටත් මූණෙන්ම පෙනෙන්නෙ නැහැ ,

ඒ නිසා ,

🩸පුළුවන් තරම් ඉගනගන්න !
🩸ආර්ථිකව ස්ථාවර වෙන්න !
🩸සංසුන් වන්න !
🩸හැකියාවන් ප්‍රගුණ කරන්න !
🩸ආත්ම විශ්වාසය ගොඩනගාගන්න !
🩸ඍජුව තීරණ ගන්න පුරුදු වෙන්න !
🩸Independent වෙන්න !
🩸තමන් වෙනුවෙන් පෙනී සිටින්න !
🩸අවශ්‍ය තැනදී බය නැතුව කථාකරන්න !
🩸පිරිසිඳු වෙන්න !
🩸 Values එකතු කරගන්න!
🩸පොරොන්දු රකින්න !
🩸විස්වාසවන්ත වන්න !
🩸අවශ්‍යතැනදී නිර්භයව එඩිතර වෙන්න !

ලස්සන ගැහැණියෙක් කියන්නෙ තනිකරම Brand එකක් ,

ඒක උපතින් ලැබෙන රූපයට එහා ගිහින් තමන් විසින්ම නිර්මාණය කරගන්න දෙයක් ..

ලස්සන කියන්නෙ තව දුරටත් කෙනෙක්ගෙ මුහුණෙ විතරක් තියන දෙයක් නෙමෙයි ,
ඒක පෙත්තකින් ,ඉන්ජෙක්ෂන් එකකින් ක්‍රීම් එකකින් ලැබෙන දේකුත් නෙමෙයි ,

ඒක වෙනම 'ම attitude එකක්

ඔයා වෙනුවෙන් ඒ attitude එක topup කරන්න පුළුවන් එකම කෙනා ඔයාම විතරයි . 💜

අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor )

13/03/2026

ඔයා ඒක ප්‍රයෝජනයට ගත්තොත් ... 🤔
..ඔව් ඔයාට මල් වත්තක්ම ලැබේවි...🥰❤️

ඔයා brand එකක් වෙන්න ❤️🌻
20/02/2025

ඔයා brand එකක් වෙන්න ❤️🌻

🌟
Hai' Hippie Corner

Address

Deltota

Website

Alerts

Be the first to know and let us send you an email when Dilu Dreamy Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share