ISHU

ISHU Female

13/05/2026
13/05/2026

ඊයේ හැන්දෑවේ ඉදන්ම ඇද හැළුණ වැස්ස තුරල් වුණේ උදේ නවයට විතර.දිගින් දිගටම වැටුණ වැස්ස නිසා ඇළ ළගට ගියේ වතුර මට්ටම බලලා එන්න.ප්‍රධාන මාවතේ ඉදන් ගෙදරට එන අතුරු පාර දොළ පාරෙන් යට වෙලා.

ඇළ පාරේ වතුර පාලමෙන් උඩට දාන්න ඔන්න මෙන්න.අද වගේ දවසක උදේට සප්පායම් වෙන්න කාක් කොච්චි දාපු උණු උණු රොටි එක්ක බිම්මල් වෑංජනේ මරුවට පෑහුණා.

කෑලෑ මල් බිමට නැමිලා තිබුණේ වැස්සේ සැර දරා ගන්න බැරිව වගේ.වැස්ස පොඩ්ඩක් තුරල් වුණ ගමන් ම ආයේ තේ ඉඩම මැද්දෙන් මම වැස්සට පිරිලා ඉතිරිලා යන දොළ පාර බලන්නත් ගියා..

ආයේ එනකොට මම ආවේ දොළ අයිනේ ගහෙන් කොස් ගෙඩියකුත් කඩා ගෙන.යහමින් තම්බලා ගත්ත කොස් ටිකට කාක් කොච්චි එක්ක,පොල් දාලා ගත්තම කියන්න වචන නෑ....වැරණිය මිරිස් කරල් ටිකකට උම්බලකඩ දාලා හදා ගත්‍ත තක්කාලි සුවද එන හොද්ද එක්ක කොස් පිගානක් කාපු මම ආයේ හවස් වරුවේ ඇහුණ වැහි සද්දෙට ඇස් පියා ගත්තා....

03/05/2026

Tour 💗


03/05/2026

Morning peace in my little garden 🥰

14/03/2026

💘

03/03/2026

ජීවීතේට ඉන්නම ඕන හිනාවක් දෙන්න පුලුවන් යාළුවෝ.....
අඩන්නවත් ඉඩක් නොදෙන යාළුවෝ...
පාළුවක් නොදැනෙන්න දෙන යාළුවෝ...
කොටින්ම මොංගල් ඩයල් 😁

✍️ I S H U ✍️

Address

233
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when ISHU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category