27/06/2026
විජය ළමා පුවත්පතේ නව මුහුණුවර උදෙසා ඔබේ අදහස් අපට කියන්න!
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
වසර 45ක දීර්ඝ ඉතිහාසයක් පුරා මෙරට දූ පුතුන් දැනුමෙන් මෙන්ම යහපත් ආකල්පවලින් පෝෂණය කළ විජය ළමා පුවත්පත නව පරිච්ඡේදයකට පා තබමින් සිටියි.
නූතන ළමා පරපුරේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි, වඩාත් නව්‍ය හැඩයකින් සහ වැඩි දැනුමකින් යුතුව විජය පුවත්පත ප්‍රතිසංස්කරණය කිරීමට අප බලාපොරොත්තු වෙමු.
ඒ වෙනුවෙන්, පාඨක ඔබගේ අදහස්, විචාර සහ ඔබ බලාපොරොත්තු වන නිර්මාණාත්මක අන්තර්ගතයන් පිළිබඳව අප දැනුවත් කරන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
ඔබේ අදහස් සහ යෝජනා මෙහි සටහන් කරන්න. මව්පියන් සහ වැඩිහිටියන්, තම දූ පුතුන්ගේ කැමැත්ත විමසා ඒ පිළිබඳව අපව දැනුවත් කරන්නේ නම් එය බෙහෙවින් අගය කරමු. ඔබේ අදහස් මගින් "විජය"හෙට දවස වඩාත් සාර්ථක කරනු ඇත.