17/05/2026
හිත මැරිලා ගිය ගැහැණියකගේ,
ඒ හිතට ආයෙම හුස්ම පිඹලා,
අඩියෙ ඝනීභවනය වෙලා තිබුණු ප්‍රේමය අවුස්සනවා කියන්නේ....
"ගිණි පොලීයට ලොකු ණයක් ගන්නවා" වගේ වැඩකි.
ඒ ප්‍රේමය සන්කර්පණය කරගනු වස්,
ආත්ම ගණනක් වුවත්, ඇය ඔහු ව හඹා එන්නට නොපැකිලෙනු ඇත.
නිස්කාන්සුවේ ජීවත් වන්නටත් ඉඩ නොදී,
අඩුම තරමේ මැරෙන්ණටවත් ඉඩ නොදී,
ඔහුගේ හදවත "සති පොළක්" තරමට කාර්ය බහුල කරනු ඇත.
හිත මැරුණු ගැහැණියකට ප්‍රේම කළ යුත්තේ ඒ අවදානම දරාගන්නට සූදානම්ව ය.
ඇය නුඹේ හිසෙහි සිට උණ්ඩුක පුච්ඡය දක්වාම අයිතිය ඉල්වනු ඇත.
නමුදු
එය අතිශය සුන්දරය.
ඒ ප්‍රේමය තවුසෙකුගේ දැහැන්ගත සිතක් වුව, උමතු කර ඇබ්බැහි කරවයි.
එබඳු ගැහැනියකගේ ප්‍රේමය ලැබීම...
වාසනාවක්ම මිස අන් කව.
මතක/Memory/நினைவகம்
✍️ By Jeewanthi...
゚viralシ All Friend