Beam Flower Decor

Beam Flower Decor Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beam Flower Decor, Welivita Kaduwela, Kaduwela.
(1)

Vision:
To be a leading flower-growing business recognized for our commitment to excellence, innovation, and environmental stewardship, creating a vibrant and sustainable future where everyone can experience the beauty of nature

11/01/2026

# # 🤯 **"ඔස්මොකෝට්" විසි කරන්න!
ගෙදර වැටේ හැදෙන "රත්තරන් පොහොර" ගැන ඔබ දන්නේ නැත්නම් ලොකු පාඩුවක්!** 🤯

ඔබේ ඇන්තූරියම් පැල වලට තවදුරටත් රසායනික පොහොර දාලා සල්ලි නාස්ති කරනවාද? 😡

* මල් පොහොට්ටු හැලෙනවාද?
* පත්‍ර කහ පාට වෙලාද?
* මල් කුඩා වෙලාද?

**එහෙනම්, මේ පොස්ට් එක කියවන හැමෝටම අලුත් ලෝකයක් විවර වේවි! 👇**

ලංකාවේ දක්ෂ ඇන්තූරියම් වගාකරුවන් අතර රහසක්ව තිබූ,
දැන් රට පුරා පැතිර යන **විශ්මිත සොයාගැනීම** තමයි අපේ ගෙවත්තේ වැටට හිටවන **"ගිනිසීරියා"** (Gliricidia) කියන ශාකය! 🌿✨

# # # 🆚 **ඇයි ගිනිසීරියා "ඔස්මොකෝට්" වලටත් වඩා හොඳ?**

1. **ස්වභාවික නයිට්‍රජන් ගබඩාව
:** ඔස්මොකෝට් වල නයිට්‍රජන් (N) තිබුණට,
ගිනිසීරියා වල තියෙන නයිට්‍රජන් ශාකයට ඉතා පහසුවෙන් උරාගන්න පුළුවන් ඒ නිසා පත්‍ර වේගයෙන් ලොකු වෙනවා,
තද කොළ පැහැයෙන් බැබළෙනවා. 🤩
2. **මුල් පද්ධතිය ශක්තිමත් කරයි:
** රසායනික පොහොර වලින් මුල් පිච්චෙන්න පුළුවන්.
ඒත් ගිනිසීරියා වලින් මුල් පද්ධතියට කිසිම හානියක් නැහැ,
අලුත් මුල් ගොඩක් හදාගෙන ශාකය හොඳින් තහවුරු වෙනවා. 🌱
3. **මිල-නොමිලේ:** ඔස්මොකෝට් පැකට් එකක් ගන්න රුපියල් දහස් ගණන් යනවා.
ගිනිසීරියා කොළ මිටක් කඩන්න සතයක්වත් යන්නේ නැහැ! 💰
4. **පස සාරවත් කරයි:
** රසායනික පොහොර පසේ ස්වභාවිකත්වය නැති කරනවා
ගිනිසීරියා පසට කාබනික ද්‍රව්‍ය එකතු කරලා පස සරු කරනවා,
ක්ෂුද්‍ර ජීවීන්ට හොඳ පරිසරයක් හදනවා. 🐛
5. **දිලීර රෝග අඩු කරයි:
** ගිනිසීරියා වල තියෙන ස්වභාවික ගුණාංග නිසා ඇන්තූරියම් වලට එන සමහර දිලීර රෝග පාලනය වෙනවා. 🛡️

---

# # # 🔥 **ඇන්තූරියම් "මල් රැජිනක්" කරගන්න සරල රහස් ක්‍රම 2 මෙන්න!**

**1. "මැජික් ටොනික්" එක හදාගමු (අපේම දේශීය "සුපර් සීරම්" එක):**

* ගිනිසීරියා කොළ මිටක් (කිලෝ 1ක් පමණ) අරගෙන වතුර බාල්දියකට දමා දින 3-5ක් හොඳින් වසා තබන්න. (හොඳට නරක් වෙන්න දෙන්න – මේක තමයි රහස!).
* පසුව එම වතුර පෙරාගෙන, සාමාන්‍ය වතුර සමඟ **1:10 අනුපාතයට** (වතුර පංගු 10කට දියරයෙන් 1 පංගුවක්) මිශ්‍ර කරන්න.
* **සතියකට වරක්** හවස් වරුවේ පෝච්චියට වත් කරන්න. සති 3කින් ඔබේ ඇන්තූරියම් වල අලුත් දළු, තද කොළ පැහැති පත්‍ර සහ ලොකු මල් එන හැටි බලලා පුදුම වෙයි! 😲

**2. "ඉක්මන් විසඳුම" (වියළි කොළ වසුනක් ලෙස):**

* ගිනිසීරියා කොළ අව්වේ වේලා කුඩු කරගන්න.
* මාසයකට සැරයක් තේ හැඳි 2ක් පමණ මල් පෝච්චිය මතුපිටට ඉසින්න. (නැවුම් කොළ කෙලින්ම දැමීමෙන් වළකින්න, ඒවා කුණු වීමේදී තාපය උත්පාදනය වී මුල් වලට හානි විය හැක).

---

# # # 💥 **අති-විශේෂ රහස (දැන් හැමෝම හොයන Pro-Tip):**

ඔබට **"ඔස්මොකෝට්"** වල තියෙන පොටෑසියම් (K) ගුණයත් ගිනිසීරියා වලින්ම ගන්න ඕන නම්, ගිනිසීරියා දියර පොහොර දමන විට ඊට **"දහයියා අළු" (Wood Ash)** ස්වල්පයක් එකතු කරන්න.

* ගිනිසීරියා වලින් නයිට්‍රජන් සහ පෝෂක!
* දහයියා අළු වලින් පොටෑසියම්!
**මේ සංයෝගය, ඔබේ ඇන්තූරියම් මල් වලට ඕනම "රසායනික පොහොරකට" වඩා වැඩි උත්තේජනයක් ලබා දෙනවා!** 👑

---

**🛑 දැන්වත් රසායනික පොහොර වලට දුවන එක නවත්තන්න! 🛑**
**මේ වටිනා "රහස" තනියම තියාගන්නේ නැතුව, ඔබේ මිතුරන්ටත් බලන්න මේ පෝස්ට් එක SHARE කරන්න!** 🌿✨

01/01/2026
2025 ගංවතුරේ දැඩි බලපෑම නිසා අපගේ මල්පල තවානේ මල් පැළ 400–500ක් පමණ විනාශ වී ඇත.මෙම අපදා හේතුවෙන් කාලීනව අපගේ සේවා අත්හි...
08/12/2025

2025 ගංවතුරේ දැඩි බලපෑම නිසා අපගේ මල්පල තවානේ මල් පැළ 400–500ක් පමණ විනාශ වී ඇත.

මෙම අපදා හේතුවෙන් කාලීනව අපගේ සේවා අත්හිටුවා ඇති බව දන්වා සිටිමු

අප සමඟ දිගුකාලීනව සහයෝගය දැක්වූ සියලුම පාරිභෝගිකයන්ට අපගේ හෘදයාංගම ස්තුතිය!

අපගේ ව්‍යාපාරයට සහයෝගය ලබා දී උදව් කළ සියලු දෙනාටද ස්තූතියි.🙏🙏🙏

අපදා හමුවේ බොහෝ දෙනාට දැඩි හානි ඇතිවී ඇති අතර, නැවත ආරම්භ කිරීමේ අභියෝගද තිබේ.

අපේ ප්‍රාර්ථනාව – නැවතත් ශක්තිමත් වෙමින්, උද්යෝගයෙන් පටන් ගැනීමට සියලු දෙනාට ශක්තිය, ධෛර්යය සහ ආශීර්වාද ලැබේවා.🙏🙏🙏

🌼 Beam Flower Decor🌼🌼🌼🌼🌼
ඉක්මණින්ම ඔබ හමුවීමට බලාපොරොත්තු වෙමු.

මල් වලට ආදරය කරන ඔයාලා වෙනුවෙන්මයි.

ඉදිරියට නව මුහුණුවරකින් මුණ ගැසෙමු

2025 ගංවතුරින් beam flower decor මල්පල තවානේ මල් පැල නොමැති බව පාරිභෝගික ඔබ වෙත දන්වා සිටිමට කැමැත්තෙමු.(මල් පැල 400ක 50...
08/12/2025

2025 ගංවතුරින් beam flower decor මල්පල තවානේ මල් පැල නොමැති බව පාරිභෝගික ඔබ වෙත දන්වා සිටිමට කැමැත්තෙමු.(මල් පැල 400ක 500ක මිය යෑම )

ඉතින් මෙතුවක් කල් අපි සමග ආදරයෙන් බැදී සිටි සැමට ස්තුතියි .මෙම ව්‍යවසනයේ උදවි උපකාර කල සියලු දෙනාටම ගොඩක් පින් .🙏🙏🙏🙏🙏

මෙම ව්‍යවසනයකට ලක්වු සියලු දෙනාගේ නැතිවු දෑ බොහෝය. කොහොම කෙසේ පටන් ගන්න දැයි නොදනී. එම සියල්ලම දන්නේ එයට මුහුණ දුන් පිරිස්ය.

අප ඇතුලු මේ අපදාවට ලක්වු සියලු දෙනාටම නැවතත් බිංදුවෙන් පටන් ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා !!!

මල් වලට ආදරය කරන ඔයාලා වෙනුවෙන්

Beam flower Decor 🌼

ඉතින් ඉක්මණින් නැවත මුණ ගැසෙමු

09/12/2024

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි..

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..

පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ

ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇

Tomo-Therapy & Linear Accelerators කියන්නෙ

ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.

ඒත් ඒවා ඉතාම මිල අධිකයි..

මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්

මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!

• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්

ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..

• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්

කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,

• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට

පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට,

පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !

අපි එකතු වෙමු,

ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු

ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL

Bank of Ceylon, Maharagama

Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

හෙදියකගේ හඬ පිටුවෙන් උපුටා ගැනීමකි.

20/11/2024

මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන
හදවත් වෙනුවෙන්..

කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴

ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

10/11/2024

Mission:
To cultivate and provide high-quality, beautiful flowers that bring joy and inspiration to our customers, while promoting sustainable practices and supporting our local community.

Vision:
To be a leading flower-growing business recognized for our commitment to excellence, innovation, and environmental stewardship, creating a vibrant and sustainable future where everyone can experience the beauty of nature

Address

Welivita Kaduwela
Kaduwela
10640

Telephone

+94728990667

Website

Alerts

Be the first to know and let us send you an email when Beam Flower Decor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beam Flower Decor:

Share