31/10/2024
❤️❤️බුද්ධිමත් දරුවෙකු නිර්මාණය කිරීමට ඔබට කල හැකි දේවල් ...
1.ඉතා කුඩා අවදියේ සිටම ඔවුන් හට කතන්දර පොත් කියවන්න, සහ කියවීමට හුරු කරවන්න.
කුඩා දරුවන් හට කතන්දර කියාදීම මගින් ඔවුන්ගේ භාෂාව සහ සවන්දීමේ හැකියාව වර්ධනය කිරීමට, වචන මාලාව ගොඩනඟා ගැනීමට, නිර්මාණශීලිත්වය දිරිමත් කිරීමට සහ සංජානන කුසලතා වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
එය පර්යේෂණ මගින් තහවුරු කර ඇත.
2.පෙර සැලසුම් නොකරන ලද ක්‍රීඩා සහ සෙල්ලම් කිරීම සදහා දිනපතා කාලය ලබාදෙන්න.
සැලසුම් නොකරන ලද ක්‍රීඩා සදහා කාලය ලබාදීමෙන් එහිදී ඇතිවන ගැටලු සහ ඉදිරිය සැලසුම් කිරීමෙන් දරුවාගේ නිර්මාණශීලිත්වය සහ ගැටලු විසදීමේ හැකියාව දියුනු වන අතර ඉතා කුඩා කාලයේ පටන්ම එම හැකියාවන් වැඩි දියුණු කරගනී.
3.වැරදීම් සිදුවීමට ඉඩ හරින්න...
දරුවන් අපහසුතාවට පත්වීම දෙමාපියන් ලෙස අප හට වේදනාව ගෙන දෙන දෙයකි.එවැනි අවස්තාවන් වලදී නිරායාසයෙන්ම ඔවුන් හට උදව් කිරීමට අප බලාසිටී..නමුත් එසේවීමට ඉඩහරින්න.
පර්යේෂනවලින් පෙන්වා දෙන්නෙ, දක්ෂ බුද්ධිමත් දරුවෙක් නිර්මාණය කිරීමේදි, "අසාර්ථකත්වය " හොඳම ගුරුවරයා බවයි. ළමයින් ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීම් සහ වැරදි වලින් ඉගෙන ගෙන වර්ධනය වන අතර එය පසුකාලීන ජීවිතයේ සාර්ථකත්වයට මග පාදයි.
4.දුවපැනීම මගින් ශරීරයට ව්‍යායාම ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්න.
Aerobic excercise මගින් මතකය සහ අපගේ ඉගෙනීමේ හැකියාව වැඩි දියුණු කරයි. එය දරුවන්ට පාසැලේදී ඉගෙනුම් කටයුතු වලටවඩා හොඳින් අවධානය යොමු කිරීමට උපකාර කරයි.
5.. එකට රාත්‍රී ආහාරය ගන්න.
කාර්යබහුලත්වය සහ වැඩ කැපවීම් සමඟ,රාත්‍රී භෝජන සංග්‍රහයකට පවුලේ සියලුදෙනාටම එකට වාඩි වීමට අපහසු විය හැකිය. නමුත් පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහය ඔබේ දරුවාගේ චිත්තවේගීය හා සංජානන වර්ධනයට අතිශයින් වැදගත් වේ.
අධ්‍යයනවලින් සනාථ වන්නේ තම පවුලේ අය සමඟ නිතිපතා ආහාර ගන්නා දරුවන්ට ඉහළ සන්නිවේදන කුසලතා, මෙන්ම හොඳ ආත්ම අභිමානයක් ඇති බවත්, ජීවිතයේ පසුකාලීනව අවදානම් හැසිරීම් වල යෙදීමට ඇති ඉඩකඩ අඩු බවත්ය.
එය දක්ෂ දරුවෙකු ඇති දැඩි කිරීමට තවත් ප්‍රධාන දායකත්වයකි. ඔබේ දරුවාට අනාගත සාර්ථකත්වය ළඟා කර ගැනීමට උපකාර කිරීම සඳහා පවුලක් ලෙස එකට එකතු වී රාත්‍රී ආහාරය ගැනීමට සෑම සතියකම දින වෙන් කරන්න.
6. හොඳ නින්දක් සහිත දින චර්යාවක් ඇති කරන්න.
දරුවාගේ සංජානන හා බුද්ධි වර්ධනය සඳහා ප්රමාණවත් නින්දක් ලබා ගැනීම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පර්යේෂණ මගින් බුද්ධිය සහ නින්ද අතර සෘජු සහසම්බන්ධයක් පෙන්නුම් කරයි. නිසි ප්‍රමාණයේ නින්දක් ලබා ගන්නා දරුවන් ඇගයීම් සහ විභාග වලදී වඩා වැඩි ලකුණු ලබාගෙන හොදින් ක්‍රියා කරයි. දක්ෂ හා සාර්ථක දරුවන් ඇති දැඩි කිරීමට උත්සාහ කරන විට, ඔවුන් ප්‍රශස්ත නින්දක් ලබා ගන්නා බව සහතික කිරීම වැදගත් වේ.නින්ද සදහා සාමාන්‍ය නිර්දේශයන් වන්නේ,
පෙර පාසල් වයසේ ළමුන් සඳහා පැය 10-13 අතර නින්දක්, ප්‍රාථමික පාසල් ළමුන් සඳහා පැය 9-12 අතර නින්දක් සහ මධ්‍යම හා උසස් පාසල් සිසුන් සඳහා පැය 8-10 අතර නින්දකි.
7. ගෙදර දොර වැඩ කටයුතු සඳහා ඔවුන්ව හවුල් කරගන්න.
සමහර අවස්තාවලදී පන්ති කාමරයෙන් පිටත ජීවිතයේ අත්දැකීම්, පාසැලේදී වඩා දක්ෂ වන්නේ කෙසේද යන්න දරුවන් හට උගන්වයි. ළමා සංවර්ධනයේ වැදගත් අංගයක් වන්නේ ගෙදර දොරේ වැඩය. වසර 25ක දත්ත අනුව කරන ලද අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ වයස අවුරුදු තුන හෝ හතරේදී ගෙදර දොරේ වැඩ කිරීමට පටන් ගත් දරුවන්, ඔවුන්ගේ යෞවන අවධියේදි ඉහළ බුද්ධියක් සහ වඩා හොඳ සබඳතා ඇති කර ගැනීමට වැඩි ඉඩක් ඇති බවයි.
ගෙදර දොරේ වැඩ පැවරීමෙන් වඩා දක්ෂ දරුවෙකු ඇති දැඩි කරන බව දැන ගැනීමෙන් දෙමාපියන්ට දැන් සතුටු විය හැක. 😊වැඩ කටයුතු වලට සහභාගීවීමෙන්, දරුවන්ට සම්බන්ධතාවය සහ අරමුණ පිළිබඳ හැඟීමක් ලබා දෙයි. ගෙදර දොරේ වැඩ කටයුතුවලින් දරුවන් දායක වීමෙන් ඔවුන් වගකීම් සහ ගැටළු විසඳීමේ කුසලතා ඉගෙන ගනී.
ඔවුන් වයසින් මුහුකුරා ගිය පසු කළ යුතු දේ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගනිමින් ඔවුන්ගේ අනාගත සාර්ථකත්වයට දායක වේ.
8. ඔවුන්ගේ මොළය සදහා ව්‍යායාම ලබාදෙන්න.(Brain exercises)
ව්‍යායාම වලින් ශරීරයට ප්‍රතිලාභ ලැබෙනවා සේම මොළයටද ව්‍යායාම අවශ්‍ය වේ. දක්ෂ දරුවෙකු ඇති දැඩි කිරීම සඳහා, ඔවුන් සමඟ දාම් චෙස් වැනි ක්‍රීඩා වන් වල නිරත වෙන්න. දරුවන් ජයග්‍රහණය කිරීමට උත්සාහ කරන විට සිතීමට සහ ගැටලු විසඳා ගැනීමට මගපාදයි.එය සංජානන හැකියාවන්(cognitive abilities ) ගොඩනඟයි. නව දේවල් සෑදීමට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය එලියට ඒමට ඔබේ දරුවාට බ්ලොක්, ලෙගෝස් සහ ලින්කන් ලොග් වැනි දේවල් ලබා දෙන්න. ප්‍රහේලිකා, වචන සෙවීම් වැනි අනෙකුත් ක්‍රියාකාරකම් ද බුද්ධිමතෙකු වීමට සැරසෙන දරුවෙකුට, ඔවුන්ගේ මොළයට ව්‍යායායාම කිරීමට ඇති විශිෂ්ට ක්‍රම වේ.
(Brain exercises පිළිබඳව වෙනම ලිපියක් මම රැගෙන එන්නම්)
9. සංගීතය ඉගෙනීමට යොමු කරවන්න.
සංගීතයට සවන් දීම මොළයට සන්සුන් බලපෑමක් ඇති කරන අතර ආතතිය සමනය කිරීමට උපකාරීවේ.
අධ්‍යයනවලින් පෙනී යන්නේ සංගීත උපකරණයක් වාදනය කිරීමට ඉගෙනීම සංජානන හැකියාවන් ගොඩනැගීමට වඩාත් උපකාරී වන බවයි. සංගීත පාඩම් ඉගෙනීම මගින් කියවීමේ හා අවබෝධ කරගැනීමේ කුසලතා වැඩි දියුණු කිරීමට හේතු වන අතර සමහර අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ එය ගණිත කුසලතා ද වැඩි දියුණු කරන බවයි.
10. ගවේෂණය සදහා ඉඩ සලසා දෙන්න...
මෙය දක්ෂ දරුවන් ඇති දැඩි කිරීමේ රහසකි. ළමයින් ක්ෂේත්‍ර චාරිකා වලට බොහෝ කැමතිය.නිවසින් පිටත පරිසරය ගවේෂණය කිරීමෙන් නව අත්දැකීම් හරහා ඔබේ දරුවාගේ මනස පුළුල් කිරීමට හොඳ ක්‍රමයක් වේ. ස්වභාවික ස්ථානයක් නැරඹීමට ගමනක් යාම, කෞතුකාගාරයක්, සත්වෝද්‍යානයක් හෝ මින්මැදුරක් නැරඹීම හෝ නාට්‍ය නැරඹීමට යාමෙන් දරුවන්ට ඉගෙනීමට සහය වන වඩා සතුටුදායක අත්දැකීමක් ලබා දේ. ආරම්භය සඳහා, නිවස අවට ඇති ස්ථාන ගවේෂණය කරන්න. ඔබට ඔබේ දරුවා සමඟ නැරබීමට හෝ ගවේශනය කිරීමට සහ අලුත් දෙයක් ඉගෙන ගැනීමට ඔබේ ප්‍රදේශයේ සැඟවුණු කෞතුකාගාර, උද්‍යාන , පරිසර පද්ධති වැනි දෑ නිරීක්ෂණයට යොදාගන්න.එය ඔබට සහ දරුවන්ට එක්ව කාලය ගත කිරීමට ද හොඳ මාර්ගයකි...
ඉතිං දැනටමත් ඔබ මෙම ක්‍රම සියල්ලම හෝ කිහිපයක් ඔබගේ දරුවා වෙනුවෙන් සිදුකරනවා වෙන්න පුලුවන්.දැනටමත් ආරම්භ කර නොමැතිනම් අද සිට මෙතනින් පටන්ගන්න...
✍️ Palika
උපුටා ගැනීමකි ස්තුතියි