03/06/2026
මීළඟට යන්නේ කොහේද?
මහනුවර ආවම දළදා මාළිගාව වැඳපුදා ගත්තට පස්සේ ඊළඟට යන්නේ කොහේද?
හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මාළිගාව වැඳපුදා ගත්තට පස්සේ, නුවර ටවුන් එකේ විශේෂයෙන්ම යන්න තැනක් නෑ කියන එක.
දළදා මාළිගාවට හරියටම මීටර් 200ක් වගේ ඉතාමත් ආසන්නයෙන්, පිහිටලා තියෙන "ඇහැලේපොල වලව්ව ඉටි රූ කෞතුකාගාරය" තාමත් ඔබ බලන්න ගියේ නැද්ද?
ඇයි ඔබ මෙතනට යා යුත්තේ?
පොත්වල කියවපු ඉතිහාසය සැබෑවක් කරගන්න: මහනුවර රාජධානියේ සිටි වීරෝදාර රජවරුන්, බිසෝවරුන් සහ අපේ ඉතිහාසයේ සුවිශේෂී චරිත රාශියක්, සැබෑ මිනිසුන් ලෙසින්ම දැකබලා ගන්න මෙහිදී ඔබට පුළුවන්.
ජීවමාන අත්දැකීමක් : පොත්වලින්, පින්තූරවලින් විතරක් දැකපු අපේ අභිමානවත් අතීතය, ඇස් පනාපිටම සජීවීව අත්විඳින්න ලැබෙන ලංකාවේ තියෙන හොඳම තැනක්.
අපේ උරුමයට ආදරය කරන අයට: ඔබ ලංකාවේ ඉතිහාසයට, සංස්කෘතියට සහ අපේ දේශීය උරුමයට ආදරය කරන කෙනෙක් නම්, මෙය ජීවිතයේ එක සැරයක් හෝ අනිවාර්යයෙන්ම විඳගත යුතුම, මඟ නොහැරිය යුතුම අපූර්ව අත්දැකීමක්!
මාළිගාව වැඳපුදාගෙන, කිසිම මහන්සියක් නැතුව බොහොම කෙටි වෙලාවකින් පවුලේ සැමටම එකට ඇවිත් නරඹන්න පුළුවන් සුපිරිම තැනක් තමයි මේ ඇහැලේපොල වලව්ව.
ඉතින්, ඊළඟ වතාවේ මහනුවර ආපු වෙලාවක දළදා සමිඳුන් වැඳපුදාගෙන, අපේ අතීත රාජකීය සිරිය ඇස්වලින්ම දැකබලා ගන්න ඇහැලේපොල වලව්වටත් ගොඩවදින්න අමතක කරන්න එපා!
අපේ ටිකට්පත් මිල ගණන්:
දේශීය වැඩිහිටි: රු. 400/-
දේශීය ළමා: රු. 200/-
Foreign Adult: Rs. 3,000/-
Foreign Child: Rs. 1,500/-
(පාසල් කණ්ඩායම් සඳහා සුවිශේෂී වට්ටම් හිමිවේ!)
8:00 AM - 7:00 PM දක්වා විවෘතව ඇත.