Tech Ape

Tech Ape Official home of "Tech Ape" on Facebook

12 pro 256 GBLL/ABattery 88%195000/=
20/06/2023

12 pro
256 GB
LL/A
Battery 88%
195000/=

30/10/2022

මල් කඩන්න හැමෝම හොයන නොකියා පොඩි ෆෝන් එක...😁💃🕺

ඔන්න බ්‍රෑන්ඩ් නිව් ස්ටොක් එක අපිට ආවා...
රුපියල් 5500/= ක් විතරමයි වෙන්නෙ...

අදම කතා කරන්න Tech Ape එකට.... 🦍
නැත්තන් මැසේජ් එකක් දාන්න... 👇👇
0711264287

Contact us through the whatsapp 🔥⚡
30/10/2022

Contact us through the whatsapp 🔥⚡

මල් කඩන්න හැමෝම හොයන නොකියා පොඩි ෆෝන් එක...😁💃🕺ඔන්න බ්‍රෑන්ඩ් නිව් ස්ටොක් එක අපිට ආවා...රුපියල් 5500/= ක් විතරමයි වෙන්නෙ....
30/10/2022

මල් කඩන්න හැමෝම හොයන නොකියා පොඩි ෆෝන් එක...😁💃🕺

ඔන්න බ්‍රෑන්ඩ් නිව් ස්ටොක් එක අපිට ආවා...
රුපියල් 5500/= ක් විතරමයි වෙන්නෙ...

අදම කතා කරන්න Tech Ape එකට....

නැත්තන් මැසේජ් එකක් දාන්න... 👇👇👇
Message TecApe on WhatsApp. https://wa.me/message/U7P4X7LTHF6NF1

iPhone 7 128GB-49900/=(Unit Only price)👉Condition 100%      Original display ✔      Original battery ✔      Battery heal...
20/09/2022

iPhone 7 128GB-49900/=
(Unit Only price)

👉Condition 100%
Original display ✔
Original battery ✔
Battery health 85% up ✔
7 days checking warranty ✔


👉 Call us for more details
Contact no - 0768200046 Whatsapp only

ඔබට අවශය ආකාරයට phone only හෝ full set ලබා ගැනිමට හැකිය.

02/09/2022

ස්මාර්ට් ෆෝන් එකක් ගන්න හිත ඉන්න ගොඩක් අය අපිට කතා කරම ඉස්සල්ලාම අහන්නේ අයියේ කැමරාව කොහොමද කියලා...
ඉතින් ඒ නිසාම අපි ෆෝන්ස් ගේනකොට කැමරාව හොද ඩිවයිස් වලට වැඩිපුර චාන්ස් එක දෙනවා.ඒ නිසාමයි අපි ගූගල් පික්සල් 03 එකට ලොකු චාන්ස් එකක් දෙන්නේ..
ඉතින් ඇත්තටම පික්සල් එකේ කැමරාව ඔය කියන තරම් හොදයි ද ?
ෆෝන් එක යූස් කරපු ඕනේ කෙනෙක්ගෙන් අහලා බලන්න කැමරාව කොහොමද ෆීල් වෙන්නේ කියලා..ඒ අහලත් විස්වාශ මදි නම් මේ වීඩියෝ එකත් බලන්නකෝ...

මේ තියෙන්නේ පික්සල් 03 එකකින් කරපු සිනෙමැටික් වීඩියෝ එකක්...

Oxygen OS 13හි විශේෂාංග==================OnePlus සමාගම විසින් ඔවුන්ගේ Smart Phones සදහා වසර ගණනාවකම සිට Oxygen OS Androi...
25/08/2022

Oxygen OS 13හි විශේෂාංග
==================

OnePlus සමාගම විසින් ඔවුන්ගේ Smart Phones සදහා වසර ගණනාවකම සිට Oxygen OS Android Skin එක සදහා යොදා ගනු ලබනවා. ඒ වගේම පසුගිය කාලයේදී OnePlus සමාගම හා Oppo සමාගම ඔවුන්ගේ ColourOS Teams හා OxygenOS Codebase එකා බද්ධ කිරිමත් සිදු වුවා.

ඒ වගේම මේ වෙන විට OnePlus සමාගම විසින් Android 13 මත පදනම් වු Oxygen OS 13 පිළිබඳ කටයුතු කරමින් සිටින අතර මේ Version එක “Aquamorphic Design” එකකින් යුතු වෙන බවත් දක්වා තිබෙනවා. කෙසේ වෙතත් මේ Design එක Samsung සමාගමේ පරණ Android Skin එකට ද යම් සමානකම් දක්වන බවටත් දක්වන්න පුලුවන්.

Oxygen OS 13හි විශේෂාංග
Oxygen OS 13 ඔස්සේ Home Screen එකේ ප්‍රමාණයෙන් විශාල Folder සැදීමට මෙන්ම මෙම Folders සදහා යොදනු ලබන Apps, එම Folder එක Open කිරිමකින් තොරව Open කිරිමේ හැකියාවත් ලබා දෙනු ඇත.

එමෙන්ම මේ Update එක මගින් වෙනස් කළ හැකි Always-on Display Feature එකත් සමග තවත් අමතර Functionality හා Widgets ලබා දෙන අතර එක් අතකින් දුරකථනය භාවිතා කිරිම පහසු කිරිම සදහා Sidebar Toolbox එක සමග Apps සදහා Quick Access ලබා දෙනු ඇත.

මීට අමතරව Google’s Audio Switch tech, Fast Pair integration හා Spatial Audio/Dolby Atmos ආදි පහසුකම් මේ Update එක මගින් ලැබෙන අතර Privacy Safe 2.0 Version එකත්, Nearby Share support, AI system booster හා App Streaming ආදි තවත් නව පහසුකම් ගණනාවක් ලබා දිමට නියමිත වෙනවා.

Oxygen OS 13 සදහා සහය දක්වනු ලබන Devices
OnePlus 8, OnePlus 8 Pro
OnePlus 8T
OnePlus 9, OnePlus 9 Pro
OnePlus 9R
OnePlus 9RT
OnePlus 10 Pro
OnePlus 10R
OnePlus 10T

OnePlus Nord 2
OnePlus Nord 2T
OnePlus Nord CE
OnePlus Nord CE 2
OnePlus Nord CE 2 Lite

කෙසේ වෙතත් OnePlus සමාගම විසින් තවමත් Oxygen OS 13 Update එක මෙම Devices සදහා ලබා දෙන්නේ කවදාද යන්න පිළිබඳ ප්‍රකාශ කර නොමැති වනවා.

උපුටා ගැනීමකි.
අයිතිය,
සූලෝචන එරන්ද

Nothing Phone එක ගැන හැමදේම...========================OnePlus සමාගමේ Co-founder කෙනෙක් විදියට ඉඳලා 2020දි එතනින් ඉවත් වු...
22/08/2022

Nothing Phone එක ගැන හැමදේම...
========================

OnePlus සමාගමේ Co-founder කෙනෙක් විදියට ඉඳලා 2020දි එතනින් ඉවත් වුණ Carl Pay තමයි මේ Nothing කියන Company එක පටන් ගන්නේ. මේ අලුත් Brand එකේ වැඩේ මෙයා කොච්චර හොඳට කරලා තියෙනවා නම් මේ දවස්වල බොහෝ දෙනෙක් මේ Nothing කියන Brand එකට කැමති වුණත්, නැති වුණත් මේක ගැනම ගොඩාක් කතා කරනවා. හරියට නිකන් අපි හැමෝමත් කාලයක් එක්කෙනෙක් ගැන විතරක් ම කතා කර කර හිටියා වගේ.

මේ Carl කියන විදියට මිනිස්සු Android පැත්තට ගෙන්න ගන්න බැරිව මේ iPhone පැත්තටම ගොඩක් ගියපු හේතුව තමයි මේ iPhone වල තියෙන Unique design එක, UI/UX Feeling එක සහ අලුත් Innovations. ඒක නිසා Apple වලට ලොකු තරඟයක් දෙන්න වගේම මේක ගොඩක් මිනිස්සු අතරට යවන්න මෙයා Try කරනවා.

Nothing Phone (1) එකේ Specifications

6.55in 120Hz FHD+ OLED තිරය
Snapdragon 778G Plus Chipset එක
8GB සහ 12GB ලෙසින් RAM එක මාදිලි 2ක්
128 සහ 256GB ලෙසින් Storage එක මාදිලි 2ක්
Android 12 සමඟින් Nothing OS එක
50MP main කැමරා එකක්, ultrawide කැමරා එකක් සහ 16MP selfie cam එක
5G, e-SIM, Wi-Fi 6E, NFC, Bluetooth 5.2 සඳහා සහාය
IP53 Water resistance (splash-resistant) පහසුකම
Nothing Phone (1) එකේ Design එක

මේක iPhone එකක් වගේ, ඒත් කිසිම iPhone එකක් මේ වගේ නැහැ. ඈ, ඒ මොකද්ද ඒ කිව්වේ?

සාමාන්‍යයෙන් දුරකථන සමාගමක් ඔවුන්ගේ මුල් නිෂ්පාදනයක් හදනකොට ඔවුන්ටම අනන්‍ය වුනු Design එකක් නේ යොදාගන්නේ. ඒත් මේ Nothing ලා ඔවුන්ගේ පළමු දුරකතනය සම්පුර්ණයෙන්ම Apple ලගේ unique Design එක ඉලක්ක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. Androidවලින් Apple වලට යන Customer Base එක නවත්වන්න බැරි එක හේතුවක් තමයි iPhoneවල තියෙන Unique Design එක සහ Unique Feeling එක. ඉතින් Android Usersලා විතරක් නෙවෙයි iPhone Usersලත් මේ Device එකට යොමුවෙන්න මේ Device එකේ මිලත් හේතු වේවි.

මේ Phone (1) එක White වගේම Black Colour Variant වලින් නිපදවෙනවා. Phone 1 ප්‍රමාණයෙන් සාමාන්‍ය දුරකථනයක්. එය iPhone "Max" Smartphone එකේ ප්‍රමාණය යැයි කිව්වොත් නිවැරදියි. iPhone 13 Pro එක වගේම 13 Pro Max එකට වැඩිය මේක බරිනුත් අඩුයි. එකට හේතුව iPhone එක හදල තියෙන්නේ Stainless Steelවලින් උනත් මේක හදල තියෙන්නේ Aluminum වලින් නිසා වෙන්න ඇති. Gorilla Glass 5 වලින් Nothing Phone 1 හි ඉදිරිපස සහ පසුපස ආවරණය කරල තියෙනවා. එමගින් Phone එකට සැලකිය යුතු ආරක්ෂාවක් ලැබෙනව කියලත් කියන්න ඕනි.

දුරකථනයේ සැලසුමේ එකම එක කැළලක් වන්නේ එහි IP53 water resistance ශ්‍රේණිගත කිරීම. කොහොම උනත් ගැටලුවකින් තොරව වැස්සකදී, සුළු තෙමීමකට එහෙම ඔරොත්තු දෙනවා. වතුරේ ගිලුනොත් තමා ප්‍රශ්නේ.

අලුතින් කරලියට ආපු Glyph Interface එක

Nothing Phone 1 එකේ Design එකේ ප්‍රධානම අංගය Transparent Back එක. මේ Transparent Back එකට අසන්න වශයෙන් Light 900 ක් විතර තියෙන LED Panel එකක් දාල තියෙනවා. මේක හඳුන්වන්නේ Glyph Interface එක කියලා. මේ Glyph Interface එක මේක Charge කරනකොට Charging Level Indicator එකක් විදියට සහ Wireless Charging කරද්දි ඒ Charging pad එක වටේ Highlight වෙන විදිය්ට ක්‍රියා කරනවා. තව Notification එකක් එනකොට, Phone එක Ring වෙනකොට Ringtone එකේ විදිහට, නැත්නම් Vibrate pattern එකේ විදිහට වැඩකරනවා.

ඒවගේම Back camera Use කරනකොට Fill Light එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. තව Calls සහ Notifications Mute කළ විට පවා ආලෝක රටා මගින් දුරකතනයට ඔබව දනුවත් කල හැකිවෙනවා. මේ Glyph Lights වල Brightness එක අඩු වැඩි කරන්න අපිට Notification tray එකේ තියෙන Bubble එකකින් පුලුවන්.

Chipset එක

Nothing Phone 1 Device එක බලගන්වන Qualcomm Snapdragon 778G Plus චිප්සෙට් එක පිලිබදව සම්පුර්ණ විස්තරයක් අප මිට පෙර ගෙනාවා ඔබට මතක ඇති. ඒක කියෙව්වේ නැත්නම් දැන්මම එක කියවල එන්න.

සාමාන්‍යයෙන් දුරකතනයේ Operations ගොඩක් Smooth. CPU එකට ලොකු Impact එකක් ඇති කරමින් එකසැරේ Apps කිහිපයක් Run කරමින් ගොඩක් වෙලා බැලුවත් Heat උනේවත් Lag උනේවත් නැහැ.

Display එක

මේකේ Display එක විදියට තියෙන්නෙ 6.55" AMOLED FHD+ Display එක. මේකෙ 10+ HDR මෙන්ව බිලියන 1ක Colours තියෙන මේකෙ Refresh Rate එක 120Hz. මේ Display එක වටේම එක සමාන bezels බලාගන්න පුළුවන්. මේකෙ In Display Fingerprint Scanner එකකුත් අඩංගු වෙනවා.

දැන් මේ Nothing Phone 1 කියන්නේ iphone වගේම හදපු android දුරකතනයක් කිව්වනේ. එහෙනම් ඇයි Nothing OS එකක්?

මෙහෙමයි, ඔය OS කියන වචනේ Use කරාට මේක තාක්ෂණික වශයෙන් මෙහෙයුම් පද්ධතියක් නෙවෙයි. Nothing Phone 1 හි මෙහෙයුම් පද්ධතිය Android 12 වන අතර ඒ නිසා Play Store සහ සාමාන්‍ය Google softwares එක්ක සියලුම සාමාන්‍ය උපාංග තියෙන්නේ. ඇත්තටම මේ Nothing OS එක කියන්නේ Android උඩ ගහපු Skin එකක් හරියට නිකන් Samsungලගේ OneUI, Xiaomiලගේ MIUI වගේ.

Nothing OS වෙනත් පරිශීලක අතුරු මුහුණත් වලින් සමාන හෝ වෙනස් වෙන්නේ කොහොමද කියල බලමු.

පළමුවෙන්ම, එය බොහෝ දුරට "Stock Android" වලට සමානයි කිව්වොත් නිවැරදියි. ඒ නිසා එය Pixel UI එකට ගොඩක් දුරට සමානයි. කොහොම උනත්, Nothing OS හි අද්විතීය සහ හඳුනාගත හැකි විශේෂාංග කීපයක් තියෙනවා. මේවාට Nothing වලම සුවිශේෂී Pixelated Style ඇතුළත් වන Widgets සහ සුවිශේෂී Features සහිත හඬ පටිගත කිරීම වැනි ඇතැම් යෙදුම් ඇතුළත් වනවා. Sound Design ද අනෙකුත් දුරකථනවලට වඩා වෙනස් බව ඔබට දැනෙනු ඇත. එබැවින් ඔබ එන ඇමතුම් හෝ කෙටි පණිවුඩ ලබා ගන්නා විට හෝ ශබ්දය වෙනස් කරන විට, ශ්බ්දයන් ඔබට මීට පෙර පුරුදු වී ඇති දේට වඩා වෙනස් බව බලාගන්න පුළුවන්.

Nothing (1) Phone එකේ Camera Setup එක

මේකේ තියෙන Dual Back Camera Setup එකට 50MP Main Camera Sensor එකක් එක්ක තව 50MPම තියෙන Ultra Wide Camera Sensor එකක් යොදාගෙන තියෙනවා. ඔය Main Sensor එක Sony IMX 766 කියන Sensor එක. ( ඔයාලට මතක නම් ඕකම තමයි Xiaomi 12 වල Main Camera Sensor එක විදියට තියෙන්නේ ). ඕකට OIS ( Optical Image Stabilization - අඩු ආලෝකයකදී පවා පැහැදිලි සහ තියුණු ඡායාරූප ගැනිමට හැක ) සහ DIS ( Electronic Image Stabilization - කැමරාව චලනවලට ලක්වන අවස්ථා වලදීත් Smooth Videos Capture කිරීමේ හැකියාව ) Facilities දීල තියෙනව.

Launching Event එකෙදී Carl Pei කියපු විදියට Smartphones වල Quad back Camera Setup එකක් තිබුනත් ඒවල Main Camera Sensor එක හැරුනම අනිත් Sensors හරියට වැඩක් කරගන්න අමාරු Quality අඩු Sensors දල තමයි හදන්නෙ. හැබැයි ඒ වෙනුවට එයාල Back Camera Setup එකට Quality Sensors 2ක් යොදා ගත්ත තීරණය නම් ඇත්තටම හොදයි. ඒවගේම Selfie Camera Sensor එක විදියට හොද 16MP Camera එකක් මෙයල දීල තියෙනව.

Audio

Stereo Speakers වලට ඉතා ඉහල Sound එකක් ලබා දිය හැකි අතර Higher Volumes වලදී පවා පැහැදිලි Output එකක් ලබා ගන්න පුළුවන්. ඒත් ඉතා පොඩි Earpiece Speaker එක නම් Recommend කරන්නේ නෑ. සතුටට කරුණ නම්, රැහැන් රහිත ශ්‍රව්‍ය සඳහා පුළුල් පරාසයක Bluetooth Codecs සඳහා සහය තිබීමයි.

Battery එක

Nothing Phone 1 එක 4500mAh Standard Battery එකකින් යුක්ත වන අතර එය 33W Fast Charging වලට සහය දක්වනු ලබනවා. මෙය සම්පූර්ණයෙන්ම Charge කරාම සාමාන්‍යයෙන් පැය 15ත් 17ත් අතර කාලයක් සාමාන්‍ය Apps පවිච්චි කරල ක්‍රියාත්මක කරවන්න පුළුවන්. හැබැයි ඒක Run කරවන software එක අනුව වෙනස් වෙනවා. Gaming වලදි නම් Battery එක ඉක්මනින් Drain වෙනවා. 33W Fast Charging යටතේ මිනිත්තු 30 සිට 35 දක්වා කාලයකදි ස්මාර්ට් ජංගම දුරකථනය 50% Charge වෙනව. Reverse Wireless Charging එක 15W. මේකත් එක්ක USB Type C Cable එකක් හම්බ උනත් Charger Adapter එකක් නම් හම්බවෙන්නේ නෑ.

වටිනාකම

ඇත්තටම කිව්වොත් Phone (1) එක Fashion Statement එකක් පමණක් නොවේ. එවැනි මිලකට ළඟා වීමට සමහර Features අඩු කිරිමට සිදුවනු ඇත. එත් Snapdragon 8 Gen chipset එක්ක සසදද්දී අතිසුපිරි එකක් නොවුනට මේකේ තියෙන Qualcomm’s Snapdragon 778G+ Chipset එක සැලකිය යුතු කර්යසධනයකින් යුතුව ක්‍රියාකරනවා. මූලික මාදිලියේ පවා ප්‍රමාණවත් RAM එකක් සහ Storage එකක් තියෙනවා. මේ අතර, wireless සහ Reverse Wireless Charging වගේ Features වගේම Glyph Interface එක නිසාම රුපියල අවප්‍රමානය උනේ නැත්නම්, Price එකට සුපිරිම Value එකක් තියෙනවා . ඔන්න ඉතින් රට ඉන්න කාට හරි කියල ගෙන්නගන්න පුළුවන් නම් සුපිරි.

උපුටා ගැනීම ,
ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ.
Nelitha Vindinu Priyawansha

Android සිට iOS කරා මාරු වීමේ සහය WhatsApp විසින් ලබා දේ==================================WhatsApp විසින් Android සහා iO...
22/08/2022

Android සිට iOS කරා මාරු වීමේ සහය WhatsApp විසින් ලබා දේ
==================================

WhatsApp විසින් Android සහා iOS අතර Chat history හුවමාරු කිරීම පසුගිය කාලවකවානුවේ සිටම පරික්ෂා කරමින් සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම විශේෂාංගයේ සම්පුර්ණ ක්‍රියාකාරීත්වය නිල වශයෙන් සමාගම විසින් එළිදක්වනු ලැබුවා. මෙතෙක් මෙම හුවමාරු වීම third-party data transferring tools ආධාරයෙන් සිදුවූ අතර ඒවා තුලින් chat history එක මාරු කිරීමට පමණක් අවස්ථාව ලැබුණි. කෙසේ වෙතත් මෙම third-party tools සදහා යම්කිසි මුදලක් ගෙවිය යුතු වන අතර ඒවා භාවිත කිරීමද එතරම් පහසු නොවේ.

මේ අවස්ථාව වන විට මෙම හුවමාරු ක්‍රමය Android සිට iPhone වෙත පමණක් ක්‍රියාත්මක වන අතර මෙය සිදු කිරීම සඳහා Android හි Move to iOS app එක භාවිතා කිරීම අවශ්‍ය වනවා.

තවද මෙය සිදු කිරීම සදහා android හා එය ලබා ගන්නා iOS Device එක යන දෙකෙහිම WhatsApp latest version එක තිබිය යුතු වීම අනිවාර්ය වන අතර පැරණි දුරකතනයේ දුරකථන අංකයම හුවමාරු කරන දුරකතනයේද භාවිත කල යුතු වනවා. මීලග පියවර ලෙස හුවමාරුවට යොදාගන්නා iPhone එකද factory reset එකකින් පසුව යොදා ගත යුතු වන අතර හෝ නව උපාංගයක් විය යුතුය.

ඉහත උපදෙස්වල දක්වා ඇති පියවර මත පදනම්ව, WhatsApp විසින් iOS හි දුරකථනයකට WhatsApp chat history එක සාර්ථක ලෙස මාරු කිරීම සඳහා එහි Move to iOS App එක piggyback කිරීමට Apple සමඟ කටයුතු කර ඇත.

ඔවුන් විසින් වැඩිදුරටත් දක්වා ඇත්තේ මෙම ක්‍රියාවලියේදී account information, profile photo, individual/group chats, chat history, chat media සහා WhatsApp settings යන අංගයන් සියල්ලම හුවමාරු වන බවයි. මෙහිදී WhatsApp call history එක හා peer to peer payment messages මාරු කිරීමට නොහැකි වනවා.

iOS සහ Android අතර මාරුවීමේදී WhatsApp Chats ලබාගැනීමට නොහැකි වීම පරිශීලකයින් විසින් අත්විදින මහත් ගැටලුවකි. දැනට පවතින බොහෝමයක් messaging apps මගින් Android හෝ iOS යන ඕනෑම device එකක් ඔස්සේ messages සහ chats වෙත පිවිසීමට ඉඩ සලසා ඇති නමුත් WhatsApp භාවිතා කළ හැකිවන්නේ තනි දුරකථන අංකයකින් සහ තනි Smartphone එකක් ඔස්සේ පමණි.

කෙසේ වෙතත් WhatsApp විසින් මෑතකදී හදුන්වා දුන් පරිදි main mobile device එක ලග නොමැති අවස්ථාවකදී linked devices මගින් WhatsApp වෙත log වීමට ඇති හැකියාව යම්තාක් දුරට හොද අවස්ථාවක් වනවා.

උපුටා ගැනීම ,
ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ.

21/08/2022

මේ සම්පූර්ණ වීඩියෝ එකම මොබයිල් ෆෝන් එකකින් කරපු වීඩියෝ එකක්... 😍😍😍😍😍

Cinematic sony Xperia xz3 _ No colour grade!!

ඉතින් ෆෝන් එකක් ගන්නවා නම් හොද කැමරාවක් තියන එකක් අනිවාර්යෙන් තෝරගන්න... 😇📱📱📷📸

21/08/2022

මට සෝනි ෆෝන් එකක් අරන් දෙන්න අයියෝ.....😍😍😍😍
සෝනි කැමරාවේ සුපර් ස්ලෝ මෝෂන් විඩියෝ එකක්.
ඔයාලගෙත් වීඩියෝ තියනවා නම් කමෙන්ට් කරන්න.
හොදම වීඩියෝ එකට තෑග්ගක් දෙනවා... 😊
මතක ඇතුව පේජ් එක ලයික් කරන්න.... 😍👍👍👍👍
Test Video Slow-mo
Devices Mantap

අතේ සතේ නැතුව ගෙවෙන මේ කාලයේ ඇහැක් වගේ ෆෝන් එක පරිස්සම් කරගන්න... 😃😃😃මීගමුවේ හොදම ටෙම්පර්ඩ් ග්ලාස් ඩීල් එක මෙන්න...ඔයා ල...
19/08/2022

අතේ සතේ නැතුව ගෙවෙන මේ කාලයේ ඇහැක් වගේ ෆෝන් එක පරිස්සම් කරගන්න... 😃😃😃
මීගමුවේ හොදම ටෙම්පර්ඩ් ග්ලාස් ඩීල් එක මෙන්න...

ඔයා ලගටම ගෙන්න ගන්න...
රුපියල් 850.00 විතරයි...
ඉක්මන් කරන්න....
තොග අවසන් වනතුරු පමණයි.

All Apple and Android Modules are Available.
until out of Stocke...
Hurry up and Buy your glass Now.

Address

Katunayake
11500

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Tech Ape posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share