16/10/2025
රත්තරන් කොතනින් නවතීද?
GOLD PRICE ANALYSIS OCT 16
GOLDCeylon | Gold News Analysis
අද 2025-10-16 බ්රහස්පතින්දා වන විට ලෝක රන්මිල වාර්තා අලුත් කරමින් ඩොලර් 4238 පසුකරමින් තවදුරටත් ඉහලයාමක් පෙන්නුම් කරනවා.
මේ හේතුවෙන් මෙරට කැරට් 24 රන්මිල ඊයේ දින පැවති ලක්ෂ 380,000 සීමාව අභිබවා තවදුරටත් ඉහල යාමට ඉඩ ඇත.
මේ හේතුවෙන් රත්තරන් මාකට් එකම තැතිගැන්වී ඇත. කොළඹ රන් මධ්යස්ථානය වන හෙට්ටිවිදීයේ රත්තරන් මිලදී ගැනීම් හා විකිනීම් සම්පූර්ණයෙන්ම ගැටළුකාරී තත්වයක් උද්ගතවී ඇත.
ඉතා විශාල GOLDCeylon ශ්රාවක පිරිසක් ඉදිරියට රත්තරන් ඉහල යනවද පහල යනවද අහනවා. ඒ නිසා ඒකට පිළිතුරක් දෙන්න තීරණය කලා.
ඔබ පැලදීමට හෝ තෑගි කිරීමට රන් ආභරණ ලෙස මිලදී ගන්න සිතන්නේ නම් මිලදී ගැනීම ප්රශ්නයක් නොවේ. මිල උච්චාවනය ඔබට බලපාන්නේ ස්වල්ප වශයෙනි.
නමුත් අයෝජනයක් ලෙස රන් කාසි හා බිස්කට් මිලදී ගැනීමට ඔබ සිතනවා නම් පහත කාරණා ගැන සැලකිලිමත් විය යුතුය. ඉතා කෙටිකාලයක් තුල විශාල ලාභයක් බලාපොරොත්තු වන්නේ නම් රන් මිලදී ගැනීමෙන් පලක් නැත. නමුත් අවුරුදු 5කින් එපිටට යම් ලාභයක් ලැබීමට අපේක්ෂා කරන්නේ නම් මිල පහල යාම් ගැන නොසිතා මිලදී ගැනීමට නිර්දේශ කල හැක.
මේ දින වල මෙම මිල ඉහළ යාම තාවකාලික ඇමෙරිකානූ ආර්ථියේ shutdown එක නිසා හා ඩොලරයේ දුර්වල වීම නිසා සිදුවූවකි. මෙය ප්රකෘතිමත් වුවහොත් අනිවාර්යයෙන්ම රන්මිල රුපියල් 25000/= පමණ පහල යාමට බොහෝ ඉඩකඩ ඇත. නමුත් එය කෙසේ කවදා වෙයිදකියන කාටණය තවමත් ගැටළුකාරී තත්වයකි.
විවිධාංගීකරණය (Diversification): ඔබේ මුළු ධනයම රත්රන්වල ආයෝජනය නොකරන්න. කොටස්, ස්ථාවර තැන්පතු, සහ වෙනත් ආයෝජන සමඟ රත්රන් ද එක් කරන්න.
රන් මිලදී ගැනීමට පෙර නැවත විකිණීමේ හැකියාව පවතින විශ්වාසවන්ත වෙළඳසැල් කිහිපයක මිල ගණන් පරීක්ෂා කර, ඔබ රන් සදහා ආයෝජන කරන අකාරය තීරණ කරන්න.
අපගේ එදිනෙදා Updates සමග රැදී සිටීමෙන් නිවැරදි රන් තොරතුරු ඔබ වෙතටම ලබගත හැක. යම් ලෙසක මිල පහල යාම් සිදුවීමට ඉඩ ඇතොත් වහාම අප එම UPDATES නිරන්තරයෙන් ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන්නෙමු. දැනට පවතින තත්වයන් යටතේ මිල මේ සතියේ මිල පහල යාම දක්නට නොළබෙනු ඇත.
ඉතින් GOLDCeylon හරහා බිස්නස් නොකරන අතර එයඔබට රත්තරන් පිළිබද පූර්ණ අවභෝදය ලබාදෙන සගරාවකි. එහි දිනපතා යාවත්කාලීන වන රන්මිල, රන් බිස්කට්, රන් කාසී, ආභරණ මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු හා එදිනෙදා රත්ත්රන් ගැන පුවත් ඔබවෙත ගෙනඑනු ඇත.
INDIKA BANDARA
ADMINISTRATOR
GOLDCeylon - Gold Educational Platform
🟢GOLD NEWS & GOLD EDUCATIONAL CHANNEL🟢 GOLDCeylon is an E Magazine which is a brand that educates about GOLD. Gold has become an essential element of Jewellery and investment. The use of Gold has increased significantly . Our effort is to bring you to right path and guide you to get right GOLD...