2020 𝓝𝓮𝔀 𝓢𝓡𝓲 𝓵𝓪𝓷𝓴𝓪

Call

2020 𝓝𝓮𝔀 𝓢𝓡𝓲 𝓵𝓪𝓷𝓴𝓪 About Sri Lanka �
Updated Daily news

මම හදවතින්ම මගේ රට ගැන මගේ මිනිස්සු ගැන ආඩම්බර වෙනව..... Respect sir 🙏💪
25/03/2020

මම හදවතින්ම මගේ රට ගැන මගේ මිනිස්සු ගැන ආඩම්බර වෙනව.....
Respect sir 🙏💪

24/03/2020

Respect our motherland!!!

ලොව අංක එක යයි කියන රටේ සිට ලියමි. covid-19 හමුවේ ලංකාවේද තවත් සමීප සබඳතා ඇති රටවල් කිහිපයක ද සිදුවන දේ සාවදානයෙන් බලා සිටියෙමි. බලා සිටීමට බැරිම තැන ලියමි.

මා සිටින රටේ සෞඛ්‍ය සේවා නොමිලයේ ලබා දෙන්නේ නැත. සෞඛ්‍ය රක්ශනාවරන ලබා ගැනීමට ප්‍රමානවත් රැකියාවක් හෝ මුදල් තිබේනම් පමනක් corona හමුවේ medical clinic හෝ ER එකකට යාගත හැකිය. නැතිනම් හැදී මැරුනත් එය රජයේ වගකීමක් නොවේ. එසේ කෙසේ හෝ සෞඛ්‍ය සේවා වෙත ගියද, test results ඒමට දින 4 හෝ 5ක් ගත වන අතර අවශ්‍ය ප්‍රතිකාර කිරීමට තරම් සූදානමක් ද, නිපුණතාවක් ද තිබේ දැයි ප්‍රශ්නයකි. (මෙය New York city වල සිටින වෛද්‍ය වරුන් සහ රොගීන් විසින්ම කියන දේ මිස මගෙ අදහස් නොවේ). බොහෝ corona positive රෝගීන් Tylenol බොන්න යයි උපදෙස් දී ගෙදර යැවූ අවස්තා ද ඇත.
පැය 48, 72 එක දිගට හුස්මක් නොගෙන ජීවිත රකින්නට පොරබදින අති දක්ශ වෛද්‍යවරුන් හෙදියන් ලංකාවේ දුටුවෙමි. තම පවුල් වලින් වෙන් වී, කිසිදු වරප්‍රසාදයක් තමන්ට බලාපොරොත්තු නොවී ඔවුහු තම ජීවිත අවදානමට ලක් කරනු දුටුවෙමි. තාක්ශනයෙන් හිනිපෙත්තේ නොසිටියද, පැය කිහිපයෙන් test results ලබා දී යුහුසුලුව ප්‍රතිකාර කරනු දුටුවෙමි.

රටක ත්‍රිවිධ හමුදාව සිටින්නේ නීතිය සාමය ආරක්ශා කිරීමට වුවද, මා දුටුවේ දින දෙක තුනෙන් quarantine centers ඉදි කිරීමට ලේ දහදිය වගුරුවන හමුදාවේ තරුනයන් ය. මා සිටින රටේ හමුදාවන්ට මානුශීය මෙහෙවර කරමින් රෝගීන් වෙනුවෙන් දර දිය අදීමට වඩා "වැදගත්" භෞමික ආධිපත්‍ය රැකීම වැනි කාර්ය භාර ඇත. මේ සියල්ල මා සටහන් කරන්නේ කිසිවකුගේ ඇද සෙවීමට නොව, ලංකාවේ සිටින ලොව සියල්ල දත් අති පන්ඩිත අනුවනයන්ට සිතන්නට යමක් දීමට ය. අගය කල යුතු දේ අගය කිරීමට කරුනු පෙන්වා දීමට ය.
මා සිටින රටේ වෙනම රජය විසින් තැනූ quarantine camps නැත. නොමිලයෙ ආහර පාන සියලු පහසුකම් ලබා දී බලෙන් quarantine කරන්නේ නැත. වෙන රටක සිට පැමිනියහොත් නිවසේ සිට self quarantine වීමට උපදෙස් දෙන අතර එසේ නොකර පවුල් පිටින් රෝගී වී මැරුනොත් කිසිවකු වග කියන්නේද නැත.
ලංකාවේ මා දුටුවේ හාත්පසින්ම වෙනස් තත්වයකි.
මිනිසුන්ගේ ජීවිත රකින්නට සියලු පහසුකම් සහිත quarantine centers වෙනම සදා ඇති බව දුටුවෙමි.
දින ගනන් එක දිගට, ඉතා අඩු පහසුකම් යටතේ වුවද, මිනිස් ජීවිත වලට වටිනාකමක් දී ඔවුන් රැකීමට වෙහෙස වන වෛද්‍ය කණ්ඩායම් දුටුවෙමි.
ගස් යට, පස් උඩ, පැය දෙක තුන නිදාගෙන මිනිසුන්ගේ බර අදින ත්‍රිවිධ හමුදාවේ දෙවියන් වැනි මිනිසුන් දුටුවෙමි.
තමන් රැකීමට දමන නීති තමන් විසින්ම කඩ කරන අම්බරුවන් පසු පස යාමට සිදු වුනු පොලිස් නිලදරයන් දුටුවෙමි. කෝටිපති ව්‍යාපාරිකයන් මිලියන ගනන් වටින සෞඛ්‍ය සැපයුම් පරිත්‍යාග කරනු දුටුවෙමි. සංචාරක ව්‍යාපාර මුලින් ඇද වැටී අති මොහොතේදී වුව තම සංචාරක හෝටල් රජයේ quarantine ක්‍රියාවලිය සඳහා පරිත්‍යාග කල මිනිසුන් දුටුවෙමි.
මේ කිසිවක් ලොව අංක එකේ රටවල නැති බව වගකීමෙන් කියමි.

එ නිසා ඉල්ලීමට ඇත්තේ එකම දෙයකි.

මිනිස් ජීවිතයකට මෙතරම් වටිනා කමක් දී, ඔබගේ, ඔබ දරුවන්ගේ සහ මවු පියන්ගේ ජීවිත රැකීමට පොරබදින දෙවි මිනිසුන් මෙතරම් සිටියදී, අනුවනයන් සේ නොහැසිරී ඔවුන්ට සහය වන්න.
මෙය කොත්තමල්ලි දන්සැල් දීමටවත්, පිට රට සිට පැමින හොරෙන් පැන පැන සිට තමන්ගේ මිනිසුන්ව මරා දැමීමටවත්, curfew දැම්මම කන්නෙ හුලන්ග් ද යයි අසමින් මෝඩයන් සේ හැසිරීමටවත් කාලය නොවේ.
මේ තමන්ගේ ස්වයං විනය හදා ගැනීමට කාලයයි.
නොමිලයේ ලැබෙන සම්පත් සුළු කොට නොතකා අගය කිරීමට කාලයයි.
නීති දමන්නේ තමන්ගේම යහපතට බව තේරුම් ගෙන, නීති පිලිපැදීමට කාලයයි.
අවුරුදු 2500 ක පම්පෝරි ගසන ශිෂ්ඨාචාරයේ සැබෑ ශිෂ්ඨ සම්පන්න බව පෙන්වීමට කාලයයි.
එක් මිනිස් ජීවිතයක් හෝ තමන් අතින් අවදානමට ලක් නොකොට, වගකීමෙන් බුද්ධියක් ඇති මිනිසුන් සේ හැසිරීමට කාලයයි.
- Prof Manik Hettihewa from USA-

24/03/2020

කොළඹ, ගම්පහ, කළුතර අධි අවදානම් කලාප ලෙස නම් කෙරේ.....🥺😭

රටට, තමන්ට ආදරේ මිනිස්සූ......🥰🥰🙏💪💪💪Chathura Alwis පිටුවෙන්
24/03/2020

රටට, තමන්ට ආදරේ මිනිස්සූ......🥰🥰🙏💪💪💪

Chathura Alwis පිටුවෙන්

23/03/2020

Address

Kottawa
Kottawa

Telephone

+94757160514

Website

Alerts

Be the first to know and let us send you an email when 2020 𝓝𝓮𝔀 𝓢𝓡𝓲 𝓵𝓪𝓷𝓴𝓪 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share