KAAYA

KAAYA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KAAYA, Kurunegala.

        ❤️
15/05/2026


❤️

❤️
15/05/2026

❤️

14/05/2026
28/03/2024

මේ විශ්වයේ හැම මනුස්සයෙකුටම ලැබෙන්නම ඕන දෙයක් තමයි
මානසික සතුට සහ මානසික නිදහස .

11/03/2024

උසස් මිනිසා ගුණධර් මවලට හිස නමයි
පහත් මිනිසා මුදලට හිස නමයි

පෑනෙන් පැන්සලෙන් කුරුටු ගාන මනුස්සකම බොහෝ මිනිසුන්ගේ හදවත් වලින් මැකී ගොස් ඇත ....😥😥
01/03/2024

පෑනෙන් පැන්සලෙන් කුරුටු ගාන මනුස්සකම බොහෝ මිනිසුන්ගේ හදවත් වලින් මැකී ගොස් ඇත ....😥😥

01/03/2024

එක් වරක් සාර්ථක වන්නට...
සිය වතාවක් අසමත් වන්න බිය නොවන්න ...🤛🤛

29/02/2024

ජීවිතයේ අපිට අහන්න දකින්න ලැබෙන සමහර කතා සමහර වෙලාවට මේ ලෝකයේ සිදුවෙන ඒවාද කියලත් හිතෙනවා.
මේ කතාව කියන ඇය නයෝමී කියලා හඳුන්වන්නම්.
ඇයව මට හමුවෙන්නේ එක්තරා අවස්ථාවක ළමා සායනයකදි.
මේ නයෝමිගේ කතාව.

අයියට පහසු වෙවි මං ටිකක් විස්තර කියන්නම් තව එහෙමයි එයා කතාව පටන් ගත්තේ.
මගෙ ජිවිතේට එයා එන්නේ මට අවුරුදු දාහතක් වගේ වෙන කාලෙකදි..
ඒ වෙන කොට එයාට බඳින්නේ කියලා කෙනෙක් කතා කරල තියෙනවා..
ඒකත් එයාගේ එයාගෙ ආදර සම්බන්ධතාවයක්..
පස්සේ එයාව හරියන්නේ නෑ ගැළපෙන්නෙ නෑ කියලා මං එක්ක ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තා...

එහෙම අවුරුද්දක් විතර හම්බවුණා කතා කෙරුවා එයාලගේ ගෙදර ආවා ගියා මම..
එකපාරටම එයා මට දවසක් කිව්වා මට සමාවෙන්න දෙයක් කියන්න තියෙනවා...
එයාට මං හින්දා බබෙක් හම්බවෙන්න එයාව මට බඳින්ඩ වෙනවා මට ඒ දරුවා නැති කරන්න බෑ කියලා

ඒ වෙනකොටත් මගේ බඩටත් මාසයක් වෙනවා....
එයා මට බේත් පෙති ගොඩක් ගෙනත් දීලා කිව්වා ඔයා මේ ටික බීලා ඉවරවෙලා ඔය දරුවෝ නැති කරල දාන්න කියලා
හැබැයි මට තිබුන එයාගේ ජීවිතේම අපායක් කරන්න.... ඒත් මං එහෙම කරේ නෑ ...

ඔයා ලස්සන මනමාලයෙක් වෙලා ලස්සනට යන්ඩ කියලා මං මගෙ බඩත් උස්සගෙන ඒ ගෙදරින් එයාට සුබ පතල අයින් වුණා...
මොනවද කරන්නේ කියන්න තරම්වත් තේරුමක් මට ඒ කාලේ නැහැ....

වෙඩින් එක කියන දවසෙත් එයාගේ ගෙදර ඇවිල්ලා ලස්සනට ඇඳල ඉන්නවා බලලා ටයි එකක් හදලා එවලෙ මගෙන් ඇහුවා ඔයා මං දීපු බේත් බිව්වද කියලා?

අද වගේ මතකයි ඔයා ඒ ගැන හිතන්න එපා ඔයාට කවදාවත් ප්‍රශ්නයක් වෙන්නෑ
මගෙන් ඔයාගේ අලුත් ජීවිතේ ගත කරන්න කියලා හිනා වෙලා මං ආවා.

පාරට ඇවිත් බඩට අත තියාගෙන කිව්වේ මං ඔයාට මේ ලෝකෙ තාත්ත කෙනෙක් හිටියත් නැතත් මං ඔයාව මේ ලෝකෙට ගෙන එක නවත්තන්න කාටවත් බෑ කියල.....

එතන ඉඳලා මාස 5 ක් විතර යනකන් පහක් විතර යනකන් හැමෝටම හොරෙන් හංගගෙන එයාව මේ ලෝකෙට ගේන්න ඕන හැමදේම කරන්න මං ටික ටික එකතු කරා හැමදේම....

ඩොක්ට කෙනෙක් ලගට යන්න බයයි පෝලිමක ඉන්න කවුරුහරි මාව දකි කියලා...

ඒත් මාස 5ක් වගේ ටික කාලයක් යනකොට හරි ඉක්මනට බන්ඩි ගෙඩිය එන්න එන්න ලොකු වුණා....

හැමෝම කියන්න ගත්තා බඩ වෙලා ගෙදර ඇවිත් නේද කියලා...

හොඳ වැඩේ ඕකිට තිබුන විසේට ...

අයාලේ ගිහින් කාට හරි කියල බඩ කරගෙන....

පාරේ යනකොට මුනට කෙල ගහනවා,හූ කියනව ,අනේ මගේ බඩේ ඉන්න පැටියා මොකුත් දන්නේ නැතුව ඔහේ පයින් ගහනවා...

මං දකිනවා පාරේ යද්දි එයාගේ නෝනව එක්කගෙන ආස දේවල් අරන් දෙනවා....

ඒත් මගේ පැටියට ආස කිසි දෙයක් නෑ ...😢

මාව දැක්කාම කිවුවේ මං කිවුවා ඕක නැති කරලා දාන්න කියලා මට කරන්න දෙයක් නෑ කියලා...

ඔයාගෙන් මං මොනත් ඉල්ලුවද?නෑ මේ මගේ පැටියා .

ඔයා බයවෙන්න එපා මන් හදාගන්නම් එහෙම කිවුවාම මාව බිම දාගෙන ගහලා බඩ පගලා දාලා ගියෙ මගෙ පැටියා මැරිලා ඇති කියලා ඒත් මං පත්තිනි අම්මගෙන් බිම වැටිලා ඉල්ලුවෙ මගේ පැටියා රකින්න කියලා ....

එහෙම කියලා බය නැතුව උන්නත් පැටිය ගේන්න හොස්පිටල් එකට ගිහම හැමෝම දිහා බල බල මං ගොඩක් හීල්ලුවා..

හ්ම්ම්ම්ම් කමක් නෑ ......

කවුරු නැතුව හරි එයා මගේ අත් දෙකට අවාම මට දැනුන සතුට එයාට සීරිමක්වත් නෑ...අනේ මගේ පුතා....❤️

ඔව් මං දැන් පුතෙක්ගේ අම්මෙක් ..

සේරගෙම පැටවු බලන්න සේරම එද්දි මාත් ඇස් ලොකු කරන් බැලුව අඩුම මුනවත් බලලා යන්න එයිද කියලා?..

කවුරුත් අවේ නෑ බඩගින්නේ කිරි දෙන්නත් මට හයියක් නෑ ..

ඒත් මං දැන් අම්මා කෙනෙක් කියලා දැනෙද්දි ඉබේම කිරි බේරෙන්න ගත්ත ... ..
දෙවනි දවසේ ඩොක්ට ඇවිත් අහද්දි බබාගේ උප්පැන්නේ ලියන්න කසාද සහතිකය අරගෙන තාත්තා ට හෙට එන්න කියද්දි ....
මට මුලු ලෝකෙම කැරකෙනවා වගේ දැනුනා...
මං එයාට කතා කරලා කිවුවා මං කාටවත් කියන්නේ නෑ මගේ පුතාට නම දෙන්නකෝ එයාව ගෙදර ගේන්න කියල ...

මට කියුවා උඹ හදාත්තනම් දැන් විදෝපන් නැත්තම් ඔහොම්ම කාට හරි දීලා දානවා මං එන්නේ නෑ කියල ..මට දුකයි ඒත් කරන්න දෙයක් නෑ කිවුවා ..... ...

මේක දැනගත්තම හැමෝම මගේ පැටියා ඉල්ලන්න ගත්ත හදා ගන්න ..

සල්ලි දෙන්නම් කියලත් ඉල්ලුවා...ඒත් මං තාත්තගේ නමට ඉරක් ගහලා මගේ පුතා වකුටු කරගෙන හොස්පිටල් එකෙන් ගෙදර ආවා .....
............................................................................
ඒ තමයි අම්මා ❤️ ❤️ ❤️ ❤️ ❤️
( උපුටා ගැනීමකි )

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when KAAYA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share