27/07/2026
ඔයාට කවදාවත් හිතුනද…
සමහර වෙලාවට මිනිස්සු
එකපාරටම නිහඬ වෙන්නේ ඇයි කියලා…?
ඇයි ඔයා එක්ක කතා කරන්න ආසාව තිබුණත්
ටිකක් ඈත් වෙලා ඉන්නෙ කියලා…?
සමහරවිට ඒ ආදරේ අඩු වෙලා නිසා නෙවෙයි…
එයාලගෙ ඔලුව ඇතුළේ
දරාගන්න අමාරු වේදනාවක් එක්ක
එයලා සටන් කරන නිසා වෙන්න පුළුවන්.
Migraine කියන්නේ “හිසරදයක්”
Depression කියන්නෙ "මානසික ආතතියක්"
කියල විතරක් හිතන්න එපා…
ඒක සමහර වෙලාවට
ඇස් දෙක ඇරගෙන ඉන්නත් අමාරු කරන වේදනාවක්…
ආලෝකය, =(පුංචි ඉටිපන්දන් එලියත් එයාලගෙ ඇස්වලට කෙලින්ම වදින fash lite එකක් වගේ වෙනවා)
ශබ්දය = (අඩුම බිමට පෑනක් වැටෙද්දි එක ඝාංටාරයක් කන උඩ ගහනවා වගේ වෙනවා)
අඩුම කෙදිරීමක්වත්,
දරාගන්න බැරි කරන තත්වයක්…
සාමාන්‍ය වැඩක්වත් කරන්න හිතෙන්නෙ
නැති තරම් වෙහෙසක්.
සමහර දවස්වල එයා හිනාවෙලා
ඔයාල එක්ක කතා කරයි…
“මට හොඳයි” කියලා කියයි…
ඒත් ඒ වචන පිටිපස්සෙ එයා
කොච්චර වේදනාවක් හංගගෙන ඉන්නවද කියලා
ඔයාට නොපෙනෙන්න පුළුවන්.
ඒ නිසා ඔයාගේ ආදරනීයන් කාටම හරි
Migraine, Depression තියෙනවා නම්…
එයා වෙනස් වෙලා කියලා හිතන්න එපා.
එයාගෙන් ප්‍රශ්න කරන්න එපා
උබ එහෙමනම් අපිත් එහෙමයි වගේ
ඇතෑරලා දාන්න එපා,
එයා කේන්තියෙන් වගේ පේනවා නම්,
නිහඬ වෙනවා නම්,
ටිකක් තනියම ඉන්න හදනවා නම්…
ඒ මොහොතේ එයාට අවශ්‍ය වෙන්නේ වාදයක් නෙවෙයි…
තේරුම් ගැනීමක්.
එයාගෙන්
“ඇයි ඔයා මෙහෙම?”
කියලා අහනවට වඩා…
“ඔයාට අමාරුද?
ටිකක් විවේක ගන්න…
අපි ඔයා ළඟ ඉන්නවා” කියලා කියන්න.
බෙහෙත් බොන්න මතක් කරන්න…
මොකද එයාලට ඒ වෙලාවට
වෙන දේවල් ,
කරන්න ඔන දේවල්,
මතක් වෙන්නෙ නෑ,
"මැරෙන්න තිබ්බනම්"
කියන සිතුවිල්ල
විතරයි මනසෙ දුවන්නෙ...
වැඩියෙන් මහන්සි වෙන්න දෙන්න එපා…
එයාගේ වේදනාව
පොඩි දෙයක් වගේ
සලකන්න එපා...
මතක තියාගන්න…
සමහර අය තමන්ගේ වේදනාව ගැන
වැඩිය කියන්නේ නැහැ.
කෑ ගහල හිනවෙලා
හැමෝටම ආතල් එකක් දිදී
විහිලු කාරයෙක් වගේ හැසිරෙනවා,
ඒත් එයාල තනි උන වෙලාවට,
නිහඬවම දරාගෙන ඉන්නවා…
කාටවත් බරක් වෙන්න අකමැති නිසා.
ඒත් ආදරේ කියන්නේ
යාලුකම කියන්නේ,
ලස්සන දවස්වල විතරක් ළඟ ඉන්න එක නෙවෙයි…
එයාට අමාරුම මොහොතකත්
“අපි ඉන්නවා”
"ඔයා තනිවෙලා නෑ"
කියලා දැනෙන්න අරින එකයි. 🤍
ඔයාගේ partner ට යාලුවාට,
Migraine Depression තියෙනවා නම්…
එයාව තවත් ටිකක් ආදරෙන් පරිස්සම් කරන්න.
Simi.....🤞