07/04/2026
රස ගුණ පිරි අති දුර්ලභ Silver Tips තේ ගැනයි අද #තේ_ගැන_විස්තරේ අරගෙන එන්නේ.
Silver tips තේ යනු තේ ගසෙහි දිග නොහැරුනු ඉතා ලාබාලම දලු වලින් නිපදවනු ලබන දුර්ලභ සුදු තේ වර්ගයකි. මෙම තේ කොළ එහි රිදී වන් සුදු පැහැය නිසා ප්‍රචලිත අතර එයට අනන්‍ය සුවිශේෂ සෞම්‍ය රසය සහ සුවඳ නිසාම මිලෙන් ද ඉතාඅධිකය.
Silver tips තේ යනු සාපේක්ශව ඉතා අඩු ප්‍රමාණ වලින් නිශ්පාදනය කරනු ලබන තේ වර්ගයක් වන අතර එයට හේතුව මේ සඳහා සුදුසු තේ දලු නෙලා ගැනීමට හැකි වන්නේ ඒ සදහාම සුවිශේශී වූ TRI 2043 යන තේ ප්‍රබේදයෙන්ම පමනක් වන නිසයි. තේ දල්ලෙහි දිග හැරීමට පෙර ඉතා කුඩා දල්ල (තිරය) නෙලා ගැනීමේ සිට ඉතා සියුම් සහ සූක්ශම අධීක්ෂණයක් යටතේ මෙම තේ දලු සකස් කිරීම බොහෝ ප්‍රවේශමෙන් සිදුකරනු ලබන අතර එහි දී එම දලු ඔක්සිකරන ක්‍රියාවලියකින් අතොරව පවනේ වියලීම මගින් සිල්ව ටිප්ස් තේ නිපදවන බව සරලවම කිව හැකියි. මෙහිදී නොකැඩුනු සම්පූර්ණ දලු වශයෙන් නෙලා ගැනීමේ සිට වියලීමේ ක්‍රියාවලියේ ගුනාත්මක බාවය මත අවසන් තේ වල ගුනාත්මය කාන්ඩ කිහිපයකට වෙන් කිරීම දැකගත හැකියි.
ශ්‍රී ලංකාවේ silver tips තේ ලෝකයේ ප්‍රදාන තේ නිශ්පාදන ආයතන වල ඉහල ඉල්ලුමක් සහිත නිශ්පාදනයක් වන අතර, "Cyelon vintage silver tips" යනු මෙලෙස ශ්‍රී ලංකාවේ ඉහළ කඳුකරයේ නිශ්පාදනය කරන ලෝකයේ ඉහලම ආදරය දිනාගත් නිශ්පාදනයක් ලෙස හදුන්වාදිය හැකිය. Harney & Sons සමාගම Ceylon vintage silver tips තේ ගැනුම්කරුවන් අතර ප්‍රදන සමාගමක් ලෙස හදුන්වාදිය හැකියි.
ලෝකයේ සමස්ත Silver tips තේ නිශපාදනයෙන් වැඩි කොටස ඉන්දියාවේ ඩාජිලිං හි සිදුවන අතර ඊට අමතරව චීනය, ශ්‍රී ලංකාව, කෙන්යාව, නේපාලය සහ ඉන්දුනීසියාව ද Silver tips තේ නිශ්පාදනය කරයි. චීනයේ Fujian කඳුකරයේ Fuding ගම්මානය ආශ්‍රිත ප්‍රදේශය ලෝකයේ Silver tips තේ නිශ්පාදනය කරනු ලබන කලාප අතර ඉහළින්ම ලා සලකනු ලැබේ. මෙහිදී නිශ්පාදනය කරනු ලබන Silver tips තේ ඉතා කුඩා ප්‍රමාණ වලින් පමණක් නිපදවෙන අතර අවම නිශ්පාදන ක්‍රියාවලියකට ලක්වන සහ සකස් කිරීමට ලක්වන තේ ප්‍රබේද අතර Silver tips සදහා ඉහලම ස්තානයක් හිමිවේ. එනිසාම මෙය සාපේක්ෂව වැඩිම ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු තේ වර්ගයක්ද වේ.
Silver tips තේ වල උපත පිළිබඳව නිශ්තිවම කිව නොහැකි නමුත් බොහෝ දෙනෙකුගේ විශ්වාසය චීනයේ ෆුජියෑන් පලාතෙන් ආරම්බ වීබවත් එහි ඉතිහාසය වසර ක්‍රිව.1800 දක්වා තරම් ඈතට දිවයන බවත් වේ.
සිල්වර් ටිප්ස් ගැන ඔබ යමක් ඉගෙන ගත්තා නම් පෝස්ට් එක ශෙයා කරන්න. ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගන්න.
අපි Ceylon Tea Culture.
"Where Every Cup Tells a Story"