Vishwa Book Shop

Vishwa Book Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vishwa Book Shop, Panadura, Panadura.

11/11/2025
🔴 දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වන, වෙළඳපොළ තුළ පවතින ප්ලාස්ටික් සම්බන්ධ නිෂ්පාදන සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් ක...
03/07/2025

🔴 දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් වන, වෙළඳපොළ තුළ පවතින ප්ලාස්ටික් සම්බන්ධ නිෂ්පාදන සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය විසින් කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි මාස දෙකක කාලය තුළදී එමගින් ලබාදෙන නිර්දේශ අනුව සෞඛ්‍යයට තර්ජනයක් එල්ල කරන නිෂ්පාදන වෙළඳපොළට පැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

දරුවන්ගේ කෑම පෙට්ටි සහ වතුර බෝතල් සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත්, ඒවායේ අඩංගු විය හැකි පිළිකාකාරක පිළිබඳව සොයා බලන බවත් ඔහු පැවසුවා.

වෙළඳපොළ තුළ සිදුකළ සොයා බැලීම්වලදී අවදානම් සහිත බරපතල තත්ත්වයන් වාර්තා වී ඇති බවත්, මෙම භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන් හා නිෂ්පාදකයින් ගෙනැවිත් ඔවුන්ට කරුණු පැහැදිළි කර දීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

පාරිභෝගික සේවා අධිකාරිය, පරිසර අමාත්‍යංශය, කර්මාන්ත අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධ කර ගනිම්න් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

🎓📚 ඉගෙනුමෙන් ඉස්සරහට යන්න උදව් වෙන, ටිකක් අලුත් AI ටූල්ස් 10ක් ගැන කියන්නම්!1️⃣ Perplexity AI 🔍: රිසර්ච් එකට ගොඩක් ලේසි!...
19/06/2025

🎓📚 ඉගෙනුමෙන් ඉස්සරහට යන්න උදව් වෙන, ටිකක් අලුත් AI ටූල්ස් 10ක් ගැන කියන්නම්!

1️⃣ Perplexity AI 🔍: රිසර්ච් එකට ගොඩක් ලේසි! ඔයාගේ ප්‍රශ්නවලට ඉක්මනින් උත්තර දෙනවා, ඒ එක්කම ඒ උත්තර ආපු තැන් පවා පෙන්නනවා.
🔗 https://www.perplexity.ai/

2️⃣ QuillBot ✍️: ලියන එක වඩාත් පැහැදිලි හා ලස්සන කරනවා. පැරෆ්‍රේසින්, ග්‍රැමර් චෙක් කිරීම, ටෝන් එක ගලපන්නත් පුළුවන්!
🔗 https://quillbot.com/

3️⃣ MathGPTPro ➗: ගණිත ගැටලුවලට ඉක්මන් විසඳුම්! ඕනෑම මැතුමැටික් ප්‍රශ්නයකට 90%ක නිවැරදි උත්තර දෙනවා.
🔗 https://www.mathgptpro.com/

4️⃣ Cognii 🤖: ඔයාගේ ලිවීම් ඇගයීමට AI ටියුටර් කෙනෙක්! තනි තනි උපදෙස් දීලා ලියන හැකියාව ටොප් ලෙවල් එකට ගෙනියනවා.
🔗 https://www.cognii.com/

5️⃣ NotebookLM 📖: Google ගෙන් එන රිසර්ච් ටූල් එකක්! PDFs, Docs, හෝ YouTube වීඩියෝ බලලා ඔබේ රිසර්ච් එකට ලේසි කරනවා.
🔗 https://notebooklm.google/

6️⃣ Elicit AI 🔬: ඇකඩමික් රිසර්ච් එකට සුපිරි! පේපර්ස් හොයාගන්න, සම්මරයිස් කරන්න, ඔබේ වැඩේ ලේසි කරනවා.
🔗 https://elicit.org/

7️⃣ Consensus AI 📊: විද්‍යාත්මක රිසර්ච් එකට විශේෂයි! 200 මිලියන පේපර්ස් එකතුවකින් උත්ත7759c2d5-4e3e-4b7a-8c1f-5a8e9b1c2d3eර හොයාගන්න.
🔗 https://consensus.app/

8️⃣ Team-GPT 👥: ගුරුවරුන්ට හා සිසුන්ට එකට වැඩ කරන්න AI එකෙන් උදව්! ලෙසන් ප්ලෑන්, ග්‍රූප් චැට්, රිසර්ච් එක ලේසි කරනවා.
🔗 https://www.team-gpt.com/

9️⃣ Socratic by Google 🧠: සිසුන්ට ප්‍රශ්න ඇහුවම උත්තර දෙනවා, ඒ විතරක් නෙමෙයි, ඒවා පැහැදිලි කරලා, වීඩියෝ ලින්ක්ස් එක්ක එනවා!
🔗 https://socratic.org/

🔟 Otter AI 🎙️: ලෙක්චර් එකකදි නෝට්ස් ගන්න ඕනි නෑ! රියල්-ටයිම් ට්‍රාන්ස්ක්‍රිප්ෂන් එකෙන් ඔක්කොම රෙකෝඩ් කරලා තියාගන්න.
🔗 https://otter.ai/

🎯 මේ ටූල්ස් ටික ඔයාගේ ඉගෙනුම් ගමන වේගවත් හා රසවත් කරනවා! ලින්ක්ස් එක්ක ට්‍රයි කරලා බලන්න, ඔයාට හොඳම එක හොයාගන්න!

සමහර විට, ඔබට අවශ්‍ය වන්නේ නිහඬ බංකුවක් සහ ප්‍රඥාවන්ත මිතුරෙකු පමණි.🤍🍃Sometimes, all you need is a quiet bench and a wis...
09/06/2025

සමහර විට, ඔබට අවශ්‍ය වන්නේ නිහඬ බංකුවක් සහ ප්‍රඥාවන්ත මිතුරෙකු පමණි.🤍🍃

Sometimes, all you need is a quiet bench and a wise friend. 🤍

ඔයාට එතන උරුම නැත්නම් , ඔයාට ඒ කෙනාව ගැලපෙන්නෙ නැත්නම් , ඔයාට ඒ කෙනාගෙන් වෙන්නේ වැරැද්දක් නම් , ඔයාට ඒ කෙනාගෙන් වෙන්න ති...
08/03/2025

ඔයාට එතන උරුම නැත්නම් , ඔයාට ඒ කෙනාව ගැලපෙන්නෙ නැත්නම් , ඔයාට ඒ කෙනාගෙන් වෙන්නේ වැරැද්දක් නම් , ඔයාට ඒ කෙනාගෙන් වෙන්න තියෙන්නේ වැරැද්දක් නම් , හොඳට මතක තියාගන්න ඔයාව එතනින් ඈත් කරන්නට සොබාදහම නොගන්න උත්සාහයක් නැහැ !!!

රෙඩ් ෆ්ලෑග්ස් එක දිගට ඔයාට එයාගෙන් ලැබෙනවා , ඔයාට එයාගේ වැරදි පේනවා , එයාගේ සැබෑ ස්වරූපය එයා පෙන්නනවා , ඔයාට බොරු කරනවා , ඔයාව රවට්ටනවා ,දරුණු ප්‍රශ්න ඇති කරනවා , ඔයාට එයාගේ සැබෑ ස්වරූපය පෙන්නන්න ට අවස්ථා ඇතිකරනවා , සැඟවුණු දුෂ්ට චරිතය පෙන්වනවා , ද්‍රෝහි වීම් කරනවා , මෙහෙම දේවල් වලින් ඔයාගේ හිත ඒ වෙලාවට රිදුනත් ඒ හැම දෙයක්ම වෙන්නේ එතන ඔයාට ගැලපෙන්නෙ නෑ කියලා ඒත්තු ගන්වන්න !!!!

හොඳට මතක තියාගන්න , ඒ වෙලාවට රිද්දලා ඔයාව එයාගෙන් ඈත් කරන්නෙ සදාකාලික වේදනාවකින් ඔයාව බේරන්න !!!!!!

-Gumiho's Diary-

ප්‍රඥාවන්තයෙකු තම සිත වෙනස් කරයි, මෝඩයෙකු කිසිදා වෙනස් නොවේ.හිත ඇත්නම් ඔයාට ඕනෑම දෙයක් කරන්න පුළුවන් 🪵🪴🍀🎋🌱☘️🥕🎍🍃🍂🌵🍁🪵🪴🎋🍀🍃🌳...
23/11/2024

ප්‍රඥාවන්තයෙකු තම සිත වෙනස් කරයි, මෝඩයෙකු කිසිදා වෙනස් නොවේ.හිත ඇත්නම් ඔයාට ඕනෑම දෙයක් කරන්න පුළුවන් 🪵🪴🍀🎋🌱☘️🥕🎍🍃🍂🌵🍁🪵🪴🎋🍀🍃🌳🎍🌱🌵🌳🐉🥕🎍🌱🎋🍃🍂🍁

ජීවිතේ දිනන්න නම් ලොකු ලොකු මිනිස්සු දිහා බලන්න...ඒ අය කෙරෙහි ඉරිසියාවක් ඇති කරගන්නම එපා.දිනපු අයව ආශ්‍රය කරන්න..පොසිටිව...
20/11/2024

ජීවිතේ දිනන්න නම් ලොකු ලොකු මිනිස්සු දිහා බලන්න...
ඒ අය කෙරෙහි ඉරිසියාවක් ඇති කරගන්නම එපා.
දිනපු අයව ආශ්‍රය කරන්න..
පොසිටිව් අදහස් තියෙන අය එක්ක වැඩිපුර කාලය ගත කරන්න..
නිතරම හක හක ගාලා හිනා වෙලා ඉන්න අය එක්ක ජීවිතේ විදින්න..
මූනට හිනාවක් ගේන මිනිස්සු ඇසුරු කරන්න..
අනුන්ගෙ අඩුපාඩු වැරදි හොයන අයව ජිවිතෙන් ශේප් එකේ ඈත් කරන්න.

අපි..
පසු පස හබා යා යුත්තේ
ශක්තිවන්තයෝ පසු පස්සේය..
නිර්භීතවූවන්ගෙ පසු පස්සෙය..
සාර්ථක මිනිසුන් පසු පස්සෙය..
දිනපු උන්ගෙ පසු පස්සේය...

එහෙම අයගෙ අඩි හරි ශක්තිමත්.
පාර පස්සෙ අඩිය තියලා යන්න.
බය නැතුව...

"මම උදේ 4 ට නැගිටලා දුවනවා.  මම දන්නවා මගේ ප්‍රතිවාදියා තවමත් නිදාගෙන සිටින බව.  එය මට වාසියක් වගේම එ හැගීම මගේ හිත  පුර...
19/11/2024

"මම උදේ 4 ට නැගිටලා දුවනවා. මම දන්නවා මගේ ප්‍රතිවාදියා තවමත් නිදාගෙන සිටින බව. එය මට වාසියක් වගේම එ හැගීම මගේ හිත පුරවාලයි". සෑම දිනකම අලුයම් කාලයේ පුහුණුවීම් කරන්නේ දැයි ඇසූ විට මයික් ටයිසන්ගේ ප්‍රතිචාරය මෙය විය. .

මයික් ටයිසන් තවදුරටත් පැවසුවේ, "මගේ ප්‍රතිවාදියා උදේ 4 ට දුවන බව මම දැනගත්තොත්, මම උදේ 2 ට දුවන්න පටන් ගන්නවා, කවුරුහරි පාන්දර 2 ට පුහුණු වෙනවා නම්, මම පුහුණුවීම් දිගටම කරගෙන යාමට නිදාගැනීම සම්පූර්ණයෙන්ම නවත්වනවා."

" විනයකින් නැතිනම් . ඔබ කොතරම් දක්ෂයකු උවත්, ඔබ වැඩක් නැහැ " - මයික් ටයිසන්

"Without discipline, no matter how talented you are, you’re nothing." – Mike Tyson

රූපයේ, හෙවිවේට් ශූර මයික් ටයිසන් 1987 දී ඔහුගේ දැඩි පුහුණුව ලේඛනගත කරමින් වාර්තාකරුවන් සමඟ ඔහුගේ දෛනික කිලෝමීටර 5-8 චර්යාව තුළ දුර දිවීම පිලිබද කල වැඩසටහන.

Copied : පැරණි ඓතිහාසික ඡායාරූප (FB)

නිතර නිතර භාවිතය සඳහා පාසල් දරුවන් ඇතුළු මහජනතාව භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිලදී ගැනීමේදී එම ප්...
05/11/2024

නිතර නිතර භාවිතය සඳහා පාසල් දරුවන් ඇතුළු මහජනතාව භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි මිලදී ගැනීමේදී එම ප්ලාස්ටික් නිෂ්පාදනවල ආරක්ෂිත සලකුණ පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරන්නේ පතුල මත අංක 05 හෝ වීදුරුවක් සමග ගෑරුප්පුවක් සලකුණු කර ඇති ආරක්ෂිත සංකේතය සඳහන් ප්ලාස්ටික් උපකරණ පමණක් නැවත නැවත භාවිතය සඳහා සුදුසු බවයි.

එම ආරක්ෂිත අංකය වන අංක 5 හෝ ආරක්ෂිත සලකුණ සඳහන් කර නොමැති ප්ලාස්ටික් වතුර බෝතල් සහ ආහාර ඇසුරුම් පෙට්ටි අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කරයි.

දරුවන්ගේ ආහාර ඇසුරුම්වල සුරක්ෂිතතාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සභාපතිවරයා මෙසේ සඳහන් කළේය.

“දරුවන් සඳහා භාවිතයට වෙළෙඳපොළේ තිබෙන ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි බහුතරයක් නිපදවලා තිබෙන්නේ අනාරක්ෂිත ප්ලාස්ටික්වලින් බව වෙළෙඳපොළ නිරීක්ෂණවලදී අපට තහවුරු වුණා. භයානකම තත්ත්වය තමයි මේවායේ බිස්නිනෝල් වැනි පිළිකාකාරක අඩංගු වෙන්න පුළුවන්. එවැනි අනාරක්ෂිත ප්ලාස්ටික් උපකරණ ආහාරපාන සඳහා භාවිත කිරීම තුළින් දරුවන්ට පිළිකා වැළඳීමේ අවදානම මෙන්ම මඳසරුභාවය, ලිංගික දුබලතාවය වැනි ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත ව්‍යාකූලතා වගේම පියයුරු පිළිකා වැනි තත්ත්වයන්ට මුහුණදෙන්න වෙනවා. මේක දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධය භයානක තත්ත්වයක්. ඒ නිසා අංක 5 සහ ආරක්ෂිත සලකුණ සඳහන් වතුර බෝතල් සහ කෑම පෙට්ටි පමණක් දරුවන් වෙනුවෙන් මිලදී ගන්න කියලා මම දෙමාපියන් ඇතුළු රටේ සමස්ත මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ආරක්ෂිත අංකය සහ සලකුණු සඳහන් නොවන හෝ කිසිදු අංකයක් සඳහන් නොවන ප්ලාස්ටික් ආහාර ඇසුරුම් උපකරණ අලෙවිකරන ව්‍යාපාරිකයන්ට එරෙහිව ආහාර පනතට අනුව නඩු පැවරිමට කටයුතු කරනවා.”

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වු සභාපතිවරයා සඳහන් කරනු ලැබුවේ, මේ පිළිබඳ වෙළෙඳපොළ නිරීක්ෂණ සහ වැටළීම් කටයුතු එළඹෙන සතියේ සිට ආරම්භ කරනු ලබන බවයි.

Address

Panadura
Panadura

Telephone

+94727332475

Website

Alerts

Be the first to know and let us send you an email when Vishwa Book Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vishwa Book Shop:

Share