06/05/2021
වේලාව සවස 4.30ට පමන. C ovid HDU එක තුල තවත් කාර්‍යබහුල වෙලාවකි. මාත් මාගේ මිත්‍රයාත් උදේ සිට රොගීන් සමග පොර බැද හෙම්බත්ව සිටියේය. අපේ nursesලත් පැය ගනනක් ඇදි PPE ගලවා පැමිනියා පමනි.
Ward registrar HDU එක තුලට කඩා වැදුනේ pregnant අම්මා කෙනෙක්ට Bed එකක් විමසමින්. ඒ වන විටත් අපගේ Bed 6 ම රෝගීන්ගෙන් පිරි ඇත. සියලු දෙනාම ජීවිතයත් මරනයත් අතර සටනකය. සමහරු Ventilator වලය. සමහරු CPAP වලය. උපරිම ප්‍රමානයෙන් ඔක්සිජන් deliver කරමින් ඇත. HDU එක තුල වූ සියලුම Syringe Pump රෝගින්ට සවිකර ඇත. කිසිම අයෙකු සෙලවිය හැකි තත්වයක සිටියේ නැත.
නමුත් ඉල්ලීම තුල ජීවිත දෙකකි. අපි දෙදෙනට වෙන කල හැක්කක් නැත. තරමක් හෝ stable ව සිටිය patientව විගසින් වාට්ටුවකට මරු කර Bed එකක් සූදනම් කර ගත්තේය.
සවස 6.30ට පමණ මිනුවන්ගොඩින් transer එක පැමිනියේය. ඇය වයස 45ක පමණ තෙමස් මවකි. එයද ඇයගෙ පලමු දරුවා වීමද විශේෂත්වයකි.
ඇය HDU එක තුලට ඇතුලුවත්ම කෑ ගසා ඉල්ලා සිටියේ ඇයව බේරා දෙන ලෙසය. ඇය ඉත අපහසුවෙන් හුස්ම ගනිමින් සිටියේය. කඩිනම් වූ අප කර්ය මණ්ඩලය විගස ඇයව bed එකට දමා monitor වලට සවිකර ගත්හ. CPAP එක සූදනම් විය. අමාරු වූ හුස්ම අතරින් ඇය මල්ලෙන් phone එක ඇද call එකක් ගන්නට දැගලිය. බෝහො විට තමාගේ ස්වමියාට විය හැක. Bed එකට දමා ගත වූයෙ තප්පර කිහිපයකි. කිසිවක් කිරිමටවත් ඉඩ නොතබා ඇය arrest විය.
මාගේ මිත්‍රයා තප්පර ගන්නක දි PPE එකට බැස ඇය ලගට දිව ගියහ. PPE එක සම්පූර්නයෙන් ඇන්දාද කියලවත් සිහි නැත. සියලුම හෙදියන් සමග ඔහු resuscitation පටන් ගන්නා අතරතුර මා Registar, SR, Med Team සියල්ලන් කැදවිය.
විනාඩි 45 පමන අප දන්න සියලු ශිල්ප කලෙමු.
නමුත් ජිවිතේ අනිත්‍ය බවත්, c ovid pneumoniyaවේ දරුණු බවත් පසක් කරමින් ජීවිත දෙකක් එකට නැති විය. සියලු දෙනා විනාඩි කිහිපයක් නිරුත්තර විය. හෙදියන්ගේ විඩාබර මුහුණු දිගේ කදුලූ කැට වැටුනි.
මෙය තවත් එක අවසනාවන්ත එක සිදුවීමක් පමණි.
අපගේ ධාරිතාවන් ඉක්මවා යමින් ඇත. සියලුම සෞඛ්‍ය සේවකයන් හෙම්බත්ව ඇත. ඔවුන් , ඔවුන්ගේ උපරිමය කරමින් ඇත.
මහජනතාව තමන්ගේ ආරක්ශව ගැන මීට වඩා සිතිය යුතුව ඇත. එසේ නොමැති නම් අපිටද තව නෝබෝ දිනකින් උරුම වනුවේ ඉන්දියාවට වූ දේම බව මතක තබා ගන්නේන්ම් මැනවි.
#04.05.2021
සටහන - වෛද්‍ය තරිදු C පෙරේරා