29/03/2026
අම්මා, ඔව් නැන්දම්මා කියනවාට වඩා ඇයට ගැලපෙන නම අම්මායි. ❤️දුවක් නැති ඇය නිතරම සිතන්නේ මා ඇයවෙත එවා ඇත්තේ දෙවියන් බවයි. තම පුතුට දෙන තරමටම අප්‍රමාණ ආදරයක් මා හට දක්වන ඇයට මගේ පුන්චි වෙනසක් වුව ඉක්මනින් දැනයි.මා වෙනුවෙන් ඕනෑම කෙනෙකු සමග යුද්ධය ප්‍රකාශ කිරීමට දෙවරක් නොසිතන ඈ මගේ සිත රිදවීමට තම පුතුටවත් ඉඩ නොදෙයි.❤️ මගේ කදුලු නොඉවසන ඈ “ අනේ අඩන්න එපා සදූ කවුරු නැතත් මම ඉන්නවනේ ඔයාට” කියා මා සනසයි. ඉතින් මා ඇගේ දුවය 🥰
ඈ සමග පයින් කොහේ හෝ ගමනක් ගොස් මා දකින සැවොම හිතන්නේ මා ඇගේම දුව කියායි. ඉතින් “ අනේ නෑ මේ මගේ පුතා බැන්ද දුව “ කියා අම්මා ආඩම්බරයෙන් කියයි. අතින් අල්ලාගෙන විටෙක සිනාසෙමින් , විටෙක ජීවිතයට දේවල් කියා දෙමින්, තවත් විටෙක ඕප දූප කියවමින් සිටින ඇය අසල සිටීම මට ඉමහත් සතුටක් ගෙන දෙයි.
පුතා ගෙදර නැති විට ලේලි පොඩ්ඩගේ තනි රැකීමට, සිත හැදීමට ඇය තරම් මහන්සි වන වෙනත් නැන්දම්මලා සිටීදැයි මම නොදනිමි. මවක් සේ ලේලියකට සලකන නැන්දම්මෙක් දුටුවානම් ඒ ඇය පමනි.
ලස්සන ඇදුම් ආයිත්තම් දුටු විට ලෝබ නැතිව ඒවා මා වෙනුවෙන් මිලදී ගන්නා ඇය ,ඒවා මට දී මහා සතුටක් ලබනනේ මා ඇගේ දුව එලෙසම සිතාය. එසේම ඕප දූප කියවන අතර එය දරාගන්න බැරි විට ඇය මහ හයියෙන් සිනාසෙයි.
බොහෝ විට පුතු , සැමියා බෙදා ගැනීමට පොර කන නැන්දම්මලා ලේලිලා මෙන් මට හෝ ඇයට ඔහු බෙදා වෙන්කර ගැනීමට අවශ්‍ය වී නැත. අප දෙදෙනාම ඔහුට අපට හැකි උපරිමෙන් ආදරය දී අනෙකා ආදරය විදින අයුරු දැක සතුටු වෙමු. ඉතින් අපට ප්‍රශන නැත❤️ එලෙසම මගේ සැමියාගේ ජීවිතයේ අංක එක අම්මා බව මා දන්නේ මගේ පෙම්වතා මගේ සැමියා වූ මුල් කාලයේ සිටයි..මට ඒ ආදරය ප්‍රශ්නයක් වී නැත.
“අම්මා”මට ලියා නිම කල නොහැකි පොතකි. යකඩ ගැහැනියකි. මට ඇය copy කල නොහැකි නමුත් ඒ ආදරය, ඒ කරුනාවන්තකම , ඒ ඉවසීම , ඒ දරා ගැනීම මට copy කල හැකිනම් මා දෙවරක් නොසිතා එය කරමි❤️
Thikshana Kaluarachci
අම්මේ, මම ඔයාට නොව ඔයාව මට දෙවියන් එවූ සුරගනකි. ඔයා එක්ක ,ඔයා ලග , ඔය අතින් අල්ලගෙන තව ගොඩක් දුර යාමට තිබේ... දෙවියන් මට වරමක් දුනහොත් මම මතු ආත්ම වලදී ඔබ මගේම අම්මා වෙන්න යැයි මම ඉල්ලන්නේ ඔබ මට වටින නිසා ය. ( අම්මා දරුවන්ට ආදරය වීම සොබාදම් නීතියයි. නමුත් නැන්දම්මා ලේලියට ආදරය වීම විශේෂත්වයකි.. ඉතින් මට ඔබ විශේෂ කෙනෙකි.)
අද අම්මගෙ උපන්දිනේ , ඔයාට සුභ ම සුභ උපන්දිනයක් වේවා අම්මේ❤️🙏 අපෙත් ආයුශ අරන් ජීවත් වෙන්න වාසනාව ලැබේවා ❤️🙏 ආදරෙයි අම්මා.😍😘
Dand Sanu Sahi Leo Sahiru Thilanka Thikshana Kaluarachchi