Nethlin Video & Gift Center

Call Contact the business

Nethlin Video & Gift Center well come

13/04/2024
◾ MOST ELIGIBLE BACHELOR (2021)◾ වඩාත්ම සුදුසුකම් ඇති අවිවාහකයා◾ ROMANCE / DRAMA ◾ 7.1/10 IMDB 2020 වසරේ තිරගත වෙන්න තිබ...
23/11/2021

◾ MOST ELIGIBLE BACHELOR (2021)
◾ වඩාත්ම සුදුසුකම් ඇති අවිවාහකයා
◾ ROMANCE / DRAMA
◾ 7.1/10 IMDB

2020 වසරේ තිරගත වෙන්න තිබුනු ෆිල්ම් එකක් කොරෝන නිසා තමයි මේක මේ අවුරුද්දට කල් ගියේ.Drama | Romance කාණ්ඩයට අයත් වෙන ෆිල්ම් එක 2021 ඔක්තෝබර් 15 තමයි රිලීස් වුනේ.සාර්ථකව තිරගත වුනු චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඉන්දියානු රුපියල් කෝටි 51 ක ආදායමක් ලබාගන්න සමත් වුනා
හර්ෂා කියන්නෙ ඇමරිකාවෙ ජොබ් එක කරන කොල්ලෙක්.එයා දැන් ලෑස්ති වෙන්නෙ කසාද බඳින්න.ඒකට එයා එහෙන් ගෙයකුත් අරන් ඒකට ඔන හැමදේමත් ලෑස්ති කරල ඉන්දියාවට එනවා පවුලෙ අය එක්ක කසාද බලන්න ඒ කියන්නෙ විවාහ යෝජනා ගේන ගෙවල් වලට යන්න.දැන් එයා හිතන් ඉන්නෙ එයා හැමදේම දන්නවා විවාහ ජීවිතේ ගැන කිසි ව්‍යාකූල බවක් නෑ කියල.
ඔන්න එතකොට තමා මෙයාට විභාව හම්බවෙන්නේ..

කොල්ලා අන්දුකුන් වෙලා දඩස් ගාල බිම වැටෙන තරම් සිදුවීම් තමයි ඊට පස්සෙ වෙන්නෙ

◾ KANABADUTALEDU (2021)◾ අතුරුදහන් ◾ THRILLER / MYSTERY ◾ 7.1/10 IMDB ◾ SUBTITLES CINERU.LKෆිල්ම් එක ආරම්භවෙන්නේ කසල අංග...
11/11/2021

◾ KANABADUTALEDU (2021)
◾ අතුරුදහන්
◾ THRILLER / MYSTERY
◾ 7.1/10 IMDB
◾ SUBTITLES CINERU.LK

ෆිල්ම් එක ආරම්භවෙන්නේ කසල අංගනයක දලා ගිහින් තිබුණු ඉතාමත් දරුණු විදියට ඝාතනය කරපු පුද්ගලයෙකුගේ මළසිරුරක් අහම්බෙන් එතනට එන පුද්ගලයෙකුගේ නෙත ගැටෙන දර්ශනයකින්…ඉතින් ඊට පස්සේ ඒ මනුස්සයා මේක පොලීසියට දැන්නුවට පස්සේ පොලීසියෙන් අවශ්‍ය වැඩ කටයුතු සිද්ධ වෙනවා..කොහොම වුණත් ඝාතනය සිද්ධ කරපු මිනීමරුවා මේ සිරුරේ අනන්‍යතාව හෙලිකරගන්න බැරිවෙන්න මිනිමැරුමෙන් පස්සේ මේ සිරුරේ මූණ,අත,පය සේරම ගිණි තියලා දානවා..ඒත් ඒක සිරුර අයිති පුද්ගලයට සැත්කමකින් කකුළට බද්ධ කරලා තිබුණු ලෝහ තහඩුවකින් මෙයාගේ අනන්‍යතාව හෙළිවෙනවා…ඉතින් මේ කේස් එක භාරවෙන්නේ වික්ටර් රාජු කියන සර්කල් ඉන්ස්පෙක්ටර්ට…මිනිහා ටිකක් කාම අශාවෙන් පිරුණු චරිතයක්…ඒත් මිනිහා මේ නඩුව නිකන් වහලා දාන්න කටයුතු කරනවා..ඒත් ටික දවසකින් මේ වික්ටර් රාජුත් නාදුනන කෙනෙක් අතින් ඝාතය වෙනවා…

ඔන්න ඊට පස්සේ තමයි අපේ කතාවේ කතා නායකයන්ගේ කතාව පටන් ගන්නේ..සෂී…සෂී කියන්නේ තමන්ගේ අකමැත්තෙන් විවාහයකට මැදි වුණු කාන්තාවක්..මෙයාගේ මහත්තයා අදිත්‍යා..දෙන්න කසාද බැන්ද දවසේ ඉදන් දෙන්නා අතර කිසිම කතා බහක් නෑ…නමුත් දවස් සෂී අදිත්‍යගෙන් දෙයක් ඉල්ලනවා..වෙන නෝනලනම් මල් ඉල්ලයි..ඇඳුම් ඉල්ලයි..ඒත් මෙයා ඉල්ලන්නේ කවදාවත් අදිත්‍යා නොහිතන දෙයක්..ඒ තමයි මිනීමරුමක් කරන්න කියන එක…සෂී ඉල්ලන්නේ එයාගේ කලින් පෙම්වතා වුණු සූර්යව මරලා දාන්න කියලා…කවුද ඉතින් මේ සූර්යා? සූර්යා කියන්නේ පීසා බෙදන කොල්ලෙක්…අහම්බෙන් දවසක් සෂිගේ යාලුවා වුණු ජෝතිගේ පෙම්වතා වුණු මයිකල් මේ දෙන්නට කරදර කරන්න එනවා මේ සූර්යා දකිනවා..ඉතින් සූර්යා මැදට පැනලා මයිකල්ට හොඳටම ගහලා පොලීසියට අල්ලලා දෙනවා..ඔන්න එදයින් පස්සේ සෂීගෙයි සූර්යගෙයි අතර අදාරයක් ඇතිවෙන්න පටන් ගන්නවා…කොහොම වුණත් සූර්යා තමන්ට කරපු දේට පළිගන්න සිතුවිල්ලෙන් තමයි මයිකල් පසුවෙන්නේ…

ඔය අතරෙදි දවසක් සෂිවයි සූර්යවයි සෂීගේ තාත්තගේ අතටම අහුවෙනවා…ඉතින් ඊට පහුවදා සෂී ගැන තොරතුරක් දැනගන්න සූර්යා සෂීගේ ගෙදර ගියාට පස්සේ සූර්යා සෂීගේ අයියටයි තාත්තටයි අහුවෙලා ලොකු රණ්ඩුවක් වෙනවා..මේ වෙලාවෙදි සෂීගේ අයියා සූර්යව මරනවා කියලා තර්ජනේ කරනවා..දැන් සූර්යට හතුරෝ ගොඩයි…ඉතින් සෂී තීරණේ කරනවා සූර්යා එක්ක පැනලා යන්න..ඒත් පොරොන්දු වුණ විදියට සූර්යා ආවේනම් නෑ…එදා ඉදන් සූර්යා අතුරුදහන්….මේ අතරේ සූර්යගේ කේස් එක කො​හොම හරි රහස් පරීක්ෂකයෙක් වුණු රාමක්‍රිෂ්ණා අතට පත්වෙනවා..ඉතින් මේ රාමක්‍රිෂ්ණා සූර්යගේ අභිරහස විසඳුවද? ඇත්තටම සූර්යට මොකද වුණේ..? කලින් කියපු මිනීමරුම් දෙක කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ..? කවුද මේ සේරගෙම පිටිපස්සේ ඉන්න කියලා දැනගන්නම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා.

◾ CINDERELLA (2021)◾ මරණය පස්සෙන් එයි...◾ THRILlER/FANTASY◾ 7.1/10 IMDB ෆිල්ම් එකේ Raai Laxmi ඩබල් ඇක්ටින් තුලසී හා අකිර...
31/10/2021

◾ CINDERELLA (2021)
◾ මරණය පස්සෙන් එයි...
◾ THRILlER/FANTASY
◾ 7.1/10 IMDB
ෆිල්ම් එකේ Raai Laxmi ඩබල් ඇක්ටින් තුලසී හා අකිරා , මේ කතාවේ අකිරා කියන්නේ පොඩි සංගීත කණ්ඩායමක් තියාගෙන විනෝදෙන් කාලා බිලා ඉන්න කෙනෙක්. එයා දවසක් යාළුවො එක්ක පොඩි ඩ්‍රින්ක් එකක් දානකොට එයාගේ තාත්තාත් එයාලට එකතුවෙලා පොඩි ඩ්‍රින්ක් එකක් දානකොට එක වියාපෘතියක් ගැන කියනවා කැලෑවේ ගිහින් එක කුරුල්ලෙකුගේ හඬක් පටිගත කරගන්න ඕනේ කියලා ( එයාගේ තාත්තා වැඩකරන්නේ ඩිස්කවරි සීන් එහෙක කිව්වොත් හරි ) ඉතින් කොහොම හරි මේ වියාපෘතිය අකිරා යාළුවො එක්ක කරන්න බාරගන්නවා. ඉතින් ඔන්න එයාලා කැලෑවට යනවා, ඉතින් යාළුවො ටික විනෝදෙන් ඉන්න කට්ටියක් කිව්වනේ ඉතින් එහෙම උන් ටිකක් එක්ක මේ වැඩේ කරන්න ලේසි නැහැනේ, ඉතින් ඒ වැඩ ටික වෙනකොට දවසක් අකිරගේ යාළුවො පොඩි මෙව්වා වගයක් ගන්න ( කොල්ලෝ ටික හොඳේ ) එයාලා නැවතිලා ඉන්න තැනින් එලියට යනවා ( අකිරාට ටිකක් වැඩි උන නිසා එයා එන්නේ නෑ ) එයාගේ තව යාලුවෙක් ඉන්නවා කෙල්ලෙක් එයා යනවා අර කට්ටියත් එක්ක ( ඔක්කොම යාළුවො ) ඉතින් මෙයාලා එහෙම ගිහින් පාරේ අර ගන්න ගියපු ඒවා වල සල්ලි ගණන් කතා කරනකොට එක පාරට බයික් එකේ අකිරා යනවා දකිනවා ( එන්න බෑ කියපු අකිරා ඇත්තට කොහෙද ඒ ගියේ ) ඔන්න ඔතනින් තමයි මේ ප්‍රශ්න ඔක්කොම පටන් ගන්නේ ) මේක හොල්මන් ෆිල්ම් එකක් ඉතුරු ටික දැනගන්න ෆිල්ම් එක බලන්න

💢 SANAK 2021 😍💢 Action / Thriller 💢 1h 56m💢 7.7/10 IMDb💢 උපසිරැසි සමග     "සනැක් යනු ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, සීමා ...
28/10/2021

💢 SANAK 2021 😍
💢 Action / Thriller
💢 1h 56m
💢 7.7/10 IMDb
💢 උපසිරැසි සමග

"සනැක් යනු ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර, සීමා සහිත වාතාවරණයක දැඩි අසීරුතාවයන්ට එරෙහිව සටන් කරන, තම බිරිඳ සහ අනෙකුත් අවාසනාවන්තයන්, අසරණ වූ ප්‍රාණ ඇපකරුවන් නපුරු කරදර වලින් ගලවා ගැනීම සඳහා තනිවන වීරයෙකුගේ හැඟීම් සහ ගමන සාරාංශගත කරයි."

🔥 නරඹන්නට රසවත් චිත්‍රපටයක් වේවි 🔥


Nethlin video

❉ Seetimaarr - 2021❉ කබඩි කෝච්❉ IMBD - 7.1 / 10❉ Action / Sport ❉ Main Cast -  Gopichand / Tamannaah / Digangana Suryava...
28/10/2021

❉ Seetimaarr - 2021
❉ කබඩි කෝච්
❉ IMBD - 7.1 / 10
❉ Action / Sport
❉ Main Cast - Gopichand / Tamannaah / Digangana Suryavanshi /Bhumika Chawla

✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦✦

කාර්තික් කියන්නේ එයාගේ ගමේ ගැහැණු ලමයින්ට කබඩි පුහුණු කරන කෝච් කෙනෙක්,ඉතින් මෙයා වෙනස් රස්සවක් කරත් මෙයාගේ ප්‍රධාන කාර්‍ය්‍ය තමයි මේ ලමයින්ව පුහුණු කරන එක,මේ ගම්මනායේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ගැහැණු ලමයි ගෙදරට වෙලා ඉන්න ඕනි පිරිමි ලමයි වගේ දුවල පැනල වැඩ කරන්න හොද නෑ කියල,මේ ප්‍රශ්නත් තියෙද්දි තමයි කාර්තික් ඒවත් බලාගෙන මේ ගැහැණු ලමයින්ට පුරුදු කරන්නේ,මෙහෙම ඉන්න අතරේ තමයි මේ කණ්ඩායමට දිල්ලි වල තියෙන ශූරතාවකට යන්න අවස්ථව ලැබෙන්නේ..ඉතින් මම කලින් කිව්වා වගේම ගෙදරින් එලියට යනවට අකමැති දෙමව්පියන් තමන්ගේ දරුවන්ව දිල්ලි වලට යවයිද…මේ ප්‍රශ්නේ කාර්තික් විසදගත්තට,එයාගේ මතට ලොකු වගකීමක් පැවැරෙනවා,ඒ තමයි මේ ලමයින්ට කිසිම හීරීමක්වත් නොවී ආපහු එක්කරෙගන එන්නත් ඕනි කියල,ඒ වගකීමත් අරගෙන දිල්ලි වලට කණ්ඩායමත් අරගෙන යන කාර්තික්ට වෙන්නේ හීනෙන්වත් නොහිතපු දෙයක්..ඒ තමයි මෙයාගේ මුලු ටීම් එකම අතුරුදහන් වෙනවා..ඉතින් ඇත්තටම මොකක්ද මෙයාගේ කණ්ඩායමට උනේ..ගැහැණු ලමයින්ගේ දෙමව්පියන් ට ආයෙත් කාර්තික් මුහුණ දෙන්නේ කොහොමද?…එහෙනම් ඉතින් බලන්නකෝ Film එක
Nethlin video

🌹 New Released 🌹 ▪️සිංහල උපසිරස සමඟ▪️◽️ Love Story 2021◽️ දිවි ඇති තුරා නුඹ සමඟයි◽️ IDMB 7.7/10◽️ Romance/Drama  රේවන්ත්...
28/10/2021

🌹 New Released 🌹
▪️සිංහල උපසිරස සමඟ▪️
◽️ Love Story 2021
◽️ දිවි ඇති තුරා නුඹ සමඟයි
◽️ IDMB 7.7/10
◽️ Romance/Drama

රේවන්ත් කියන්නෙ හයිද්‍රාබාද් වල සුම්බා සෙන්ටර් එකක් කරගෙන යන කොල්ලෙක්.ඉතින් මෙයා උත්සහ කරන්නෙ බැංකු ණයක් අරගෙන ටිකක් ලොකුවට මේක කරගෙන යන්න.ඔය අතරෙ ඊට අල්ලපු ගෙදරට මෞනිකා කියල කෙල්ලෙක් එනවා.ඒ එන්නේ රස්සාවක් කරන්න ඉන්ටව් එකකට යන්න.ඉතින් එයා ගමේ යමක් කමක් තියෙන කෙනෙක් රේවන්ත් වගේ නෙමේ.නමුත් මෙයා සමහර දේවල් වලට හරිම බයයි.බයයි කියන්නෙ ආතතිය වැඩිකමට කලාන්තෙ පවා දානව නිතරම.ඉතින් මෙයා මේ ගෙදර ඉන්නෙ එයාගෙ යාලුව එක්ක.එයා රේවන්ත්ගෙ සුම්බා සෙන්ටර් එකට යන කෙනෙක්.

දැන් රේවන්ත්ට ඕන කරල තියෙන්නෙ මෞනිකාවටත් සුම්බා සෙන්ටර් එකට ගන්න.මොකද එයා ගොඩක් සල්ලි ප්‍රශ්න එක්ක ඉන්න නිසා.

බලන්නකො ඊට පස්සෙ මොකද වෙන්නේ කියලා ඔයාලම..
ඉතින් කියන්න ඕන මේක නිකම්ම නිකං ආදර කතාවකුත් නෙමෙයි.සමාජේ ගොඩක් දේවලුත් ඈදගෙන නිර්මාණය කරපු අපූරු කතාවක්.

Nethlin video

Address

91/Biyagama Road Pattiya
Peliyagoda Pattiya

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94769695923

Website

Alerts

Be the first to know and let us send you an email when Nethlin Video & Gift Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nethlin Video & Gift Center:

Shortcuts

Share