01/01/2025
මේ පොටෝ එක ගත්තෙ ඊයේ රෑ ..🌁
පාක් එකේ ජොගින් කර කර ඉද්දි එක මනුස්සයෙක් ෆෝන් එකෙන් lyrics බලාගෙන තනියම ,ගිටාර් එකත් ගගහා තනියම සිංදුවක් කියනවා. කියනවා විතරක් නෙමේ එයා ඒක මාර විදිහට විඳිනවා .
ඒ මනුස්සයගෙ enjoyment එකේ තරම මුළු මූණෙම තිබ්බ නිසා ,එක සිංදුවක් ඉවර වෙනකන් ඉඳල පොඩ්ඩක් ලංවෙලා
“වාව් මාර ලස්සනයි , ඉතින් ඇයි ඔබ මේ තනියම සිංදු කියන්නෙ
කියල ඇහුවම ,
දීපු උත්තරේ තමයි මරු ,
📍”මිනිස්සු උනාම ඉඳල හිටල හරි තනියම විනෝද වෙන්නත් පුරුදු වෙන්න ඕනේ .."
ඒ කියපු වචන දෙක තුන ඇතුලේ නොකියපු දේවල් හුඟක් තිබ්බා .
අපි ජීවිතේ පුරාවටම ජීවත් වෙන්න එක එක්කෙනාව හොයනවා .
යාළුවො ,නෑදෑයෝ ,සහෝදරයෝ ,ප්‍රේමවන්තයෝ පස්සේ යනවා .
කවුරුත් නැති උනාම හරි හිටපු අය දාලා ගියාම හරි බලාගත්තු අත බලාගෙන ඉන්නවා .
ඒ කියන්නේ මෙච්චර කල් අපි සතුටු වෙලා තියෙන්නෙ ,අපි අපිව සතුටු කරගෙන තියෙන්නේ වෙන වෙන අයගෙ කරවල් උඩින් විතරයි .
මම දන්න සමහර පවුල් තියනවා ඒ මිනිස්සු තනියම යන්නෙ වැසිකිලියට විතරයි .
පොළට පංසලට යන්නත් තව පවුල් දහයක් විතර ඕනෙ .
ඒක යාළුකම ම නෙමෙයි .උන්ට තනියම සතුටු වෙන්න තේරෙන්නෙ නැතිකම .හුඟක් මිනිස්සු තනියම සතුටු වෙන්න දන්නෑ 😔
සමහර ඇල්මැරුණු ජීවිත දිහා බැලුවම ,අනේ මන් තනිවෙලා මට කවුරුත් නෑ ,කියල සසර කළකිරවගෙන අපිට කථා කරන ජීවිත දිහා බැලුවහමත් කියන්න තියෙන්නේ එකම එක දෙයයි .
👇🏾👇🏾👇🏾
ඇත්ත ,
"මිනිස්සු උනාම ඉඳල හිටල හරි තනියම විනෝද වෙන්නත් පුරුදු වෙන්න ඕනේ .."
මේ අවුරුද්දේ බැරි උනානම් ලබන අවුරුද්දේ ඉඳලවත් ,
ඔයාව සතුටු කරන වගකීම ලෝකෙට බාරදෙන්න එපා .
ඔයාගේ සතුට ,ඔයාගේ ජොලිය ඔයාම වෙන්න .
තමන්ව සතුටු කරන්න තමන් කැමති ක්‍රමයක් හොයාගන්න .
ඉඳල හිටලා හරි ඔයා , ඔයා වෙනුවෙන් සතුටු වෙන්න .
ලෝකයා අත්පුඩි ගැහුවත් එකයි නැතත් එකයි .
ඔයා සතුටෙන් නම් එච්චරයි .😊
තනියම ජීවතේ විඳින්න පුරුදු උන මිනිස්සු සම්බන්ධකම් ඉස්සරහ දණ ගහන් නහයෙන් අඬන්නෙ නෑ ..
එහෙම අයට කවුරු හිටියත් එකයි ,නැතත් එකයි ..එයාල සතුටෙන් එච්චරයි ..💜️
Smart Kids
අනිශා ජයකොඩි ✍️(මේ පෝස්ට් එක මෙමරියක් විදිහට ඇව්ත් තිබුනා)