Sri Book Shop- Polgahawela

Sri Book Shop- Polgahawela All the school books, stationary, school items & mobile phone accessories you need to buy at a same place with low price & with friendly service...

ශ්‍රි කොමියුනිකේෂන් ඇන්ඩ් බුක් ශොප්ඔබට අවශ්‍ය 💎 සියලුම පාසල් උපකරණ💎 අභ්‍යාස පොත්💎 සති අන්ත පුවත්පත් 💎 ලමා පුවත්පත් 💎 ෆොට...
21/02/2026

ශ්‍රි කොමියුනිකේෂන් ඇන්ඩ් බුක් ශොප්

ඔබට අවශ්‍ය
💎 සියලුම පාසල් උපකරණ
💎 අභ්‍යාස පොත්
💎 සති අන්ත පුවත්පත්
💎 ලමා පුවත්පත්
💎 ෆොටෝ කොපි
💎 ප්‍රින්ට් අවුට්

26/11/2025

ඩයිනෝසෝරයන්ටත් වඩා විශාල පෘථිවියේ විශාලතම සත්වයා වන නිල් තල්මසා අඩි 100ක් දක්වා දිගින් යුතු අතර බර ටොන් 200ක් පමණ වේ

ඔවුන්ගේ හෘදය පමණක් කුඩා මෝටර් රථයක පමාණයට සමාන වේ..ඒ වගේම දැවැන්ත දිව රාත්තල් 6,000ක් පමණ බරයි .දළ වශයෙන් කිලෝග්‍රෑම් 2,700ක් පමණ වේ..එය සාමාන්‍ය ප්‍රමාණයේ අලියෙකුට සමානයි.

මෙම මාංශය දිව කුඩා ගොදුර පෙරීමට උපකාරී වේ.එසේම සෑම හෘද ස්පන්දනයක්ම කුඩා දරුවෙකුට පිහිනීමට තරම් පළල ධමනි හරහා රුධිරය පොම්ප කරයි..

එහෙත් මෙම යෝධයන් අදවන විට විව්ධ තර්ජනවලට මුහුණ දේ. නැව් ගැටීම්, දැල් වල පැටලීම, ශබ්ද දූෂණය ආදී කාරණා නිසා ඔවුන් ක්‍රමයෙන් අනතුරට පත්වෙමින් පවතී.

15/11/2025

හිතන්න, ඔබ කිසියම් දෙයක් ගැන සම්පූර්ණයෙන්ම නිවැරදියි, ඒත් ඒක ලෝකය දකින විදිය සදහටම වෙනස් කරනවා.. ඒ නිසාම මුළු ලෝකයම ඔබට පිස්සෙක් කියලා හිනාවෙනවා. ඒ තමයි ඇල්ෆ්‍රඩ් වෙග්නර් කියන ජර්මානු විද්‍යාඥයාට වෙච්ච දේ..

1912 දී ඔහු කිව්වේ, සමකාලීන විද්‍යාඥයන්ට අනුව සම්පූර්ණයෙන් විකාරයක් වගේ පෙනුන අදහසක්. ඔහු කිව්වා, අපේ පාද යට තියෙන ගොඩබිම නැත්නම් මේ මහාද්වීප නිශ්චලව නැහැ. ඒවා ඇත්තටම සෙමෙන් පාවෙන, චලනය වන දැවැන්ත ඔරු වගේ! කියල..

මේ අදහසට ඔහු නම දුන්නේ මහාද්වීපීය විස්ථාපනය 'Continental Drift' කියලා. වෙග්නර් කිව්වේ අද අපට පේන සියලුම මහාද්වීප, අතීතයේදී පැන්ජියා කියලා හඳුන්වන එකම යෝධ සුපිරි මහාද්වීපයක් විදිහට එකට එකතු වෙලා තිබුණා කියල!

දකුණු ඇමරිකාවේ වෙරළ තීරය, අප්‍රිකාවේ වෙරළ තීරයට හරියට ම ගැළපෙනවා නේද? හරියට කැඩිච්ච ප්‍රහේලිකා කෑලි දෙකක් වගේ! ඒ වගේම විවිධ සාගර වලින් වෙන් වුණු මහාද්වීප වලින් එකම වර්ගයේ පාෂාණ සහ එකම වර්ගයේ පැරණි ෆොසිල (සත්ව හා ශාක පොසිල) හමුවුණා.. ඒත් මේ විදියට සාක්ෂි කොයි තරම් ඉදිරිපත් කළත්, වෙග්නර්ට තමන් හරි කියල ඔප්පු කරන්න අවශ්‍ය එකම දේ තිබුණේ නැහැ..

ඒ තමයි මහාද්වීප මේ සාගර පතුල හරහා තල්ලු කරන්න පුළුවන් බලවේගය මොකක්ද? කියල! එයාලා වෙග්නර් ගෙන් ඇහුවා "මේ වගේ යෝධ ගල් තලාවකට සයුරු පතුලක් උඩින් යන්න පුළුවන් වුණේ කොහොමද?" වෙග්නර්ට ඒ ප්‍රශ්නයට පිළිතුරක් තිබුණේ නැහැ.

ඒ නිසා විද්‍යා ලෝකය ඔහුට හිනාවුණා. ඔහුගේ වටිනා අදහස කසළ ගොඩට දැම්මා.. වෙග්නර් 1930 දී ග්‍රීන්ලන්තයේ ගවේෂණයක යෙදී ඉන්න අතරතුර මිය ගියා. ඒ කියන්නේ, තමන්ගේ සිහිනය නිවැරදි බව ඔහුට කවදාවත් දැනගන්න ලැබුණේ නැහැ!

හැබැයි, 1960 දශකයේදී මුහුදු පතුල ගැන අධ්‍යයනය කරපු විද්‍යාඥයන්ට විශාල පෙරළියක් කරන්න ලැබුණා. ඔවුන් සොයා ගත්තා, මුහුදු පත්ලේ යටින් උණු වූ ගල් ඒ කියන්නේ මැග්මා නිතරම උඩට ඇවිත් අලුත් සාගර පෘෂ්ඨයක් හදනවා කියලා. මේ ක්‍රියාවලියෙන් පරණ පෘෂ්ඨය දෙපැත්තට තල්ලු වෙනවා. මේකට තමයි මුහුදු පත්ල පැතිරීම කියන්නේ.

ඔන්න දැන් අර සැගවුණු වුණු "බලවේගය" හොයාගෙන! මේ සොයාගැනීමත් එක්ක භූ තැටි නැත්නම් Plate Tectonics කියන න්‍යාය බිහි වුණා.. ඒකෙන් මහාද්වීප චලනය වීම විතරක් නෙවෙයි, භූමිකම්පා, ගිනිකඳු, සහ කඳු සෑදෙන හැටිත් පැහැදිලි කළා..

අද වෙග්නර්ගේ අදහස, ඒ කියන්නේ එදා "පිස්සුවක්" ලෙස සැලකූ දේ නූතන භූ විද්‍යාවේ පදනම බවට පත් වෙලා. සෑම භූ විද්‍යා පංති කාමරයකම මේ න්‍යාය උගන්වනවා. ඉතින් අපට මේකෙන් ගන්න පුළුවන් පාඩම මොකක්ද?

සමහරවිට ඔබ දන්න, ඔබ විශ්වාස කරන සත්‍යයට මුළු ලෝකයම විරුද්ධ වෙන්න පුළුවන්! ඔබව සමච්චලයට ලක් වෙන්නත් පුළුවන්.. හැබැයි, ඒ අදහසට ශක්තිමත් සාක්ෂි තියෙනවා නම්, ඔබ දිගටම විශ්වාස කරන්න.

ඉතින් ඔයත් කවදා හෝ නිවැරදියැයි කියු කිසියම් දෙයක් නිසා, එක්කෝ ඒක පුද්ගලයෙක් ගැන, ව්‍යාපාරික අදහසක් ගැන, දේශපාලනය හෝ වෙනත් දෙයක් ගැන එදා සමච්චලයට ලක් වුණාද? හා පසුව ඔබ කියු දේ ඇත්ත වුනාද?

එක්සත් ජනපද, ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ දී ගත් මේ ජායාරූපයත්, අපේ අද කතාවට සම්බන්ධයි. මේක හරියට මීට අවුරුදු මිලියන 500කට කලින් ගත් මුහුදු පතුළේ සෙල්ෆියක් කිව්වොත් නිවැරැදියි. අවුරුදු මිලියන 500කට පෙර කියන්නේ, ඩයිනෝසරයන් ඉන්නත් බොහෝ කලකට පෙර!

ඒ කාලයේ, අපි කලින් කතා කළ මහාද්වීප තිබුණේ නැහැ. තිබුණේ එක ගොඩබිමක්, ඒත් ඒකත් හිස්. ඒ කියන්නේ ජීවීන් හිටියේ නෑ. හැබැයි, මුහුද ඇතුළේ ජීවය පුපුරා යමින් තිබුණා..

මෙම දුර්ලභ ෆොසිලයේ තියෙන්නේ, මුහුදු පතුළ දිගේ එකට රිංගා යන ට්‍රයිලොබයිට් නමින් හැඳින්වූ පුරාණ ජීවීන් කිහිපදෙනෙක්.. ඔවුන් ඒ මොහොතේ මුහුදු පතුළේ ගමන් කරමින් සිටියා. තත්පරයකින් සියල්ල නතර වුණා. අද අපට පේන්නේ ඔවුන්ගේ ඒ නැවතුණු චලනය!

ට්‍රයිලොබයිට්ලා කියන්නේ සන්ධිපාදකයින් නැත්නම් Arthropods කියන සත්ව වර්ගයට අයත්, ඉස්සන් හා කකුළුවන්ට ඥාතිත්වයක් තියෙන ජීවීන් කොට්ඨාසයක්. ඔවුන්ගේ ශරීරය කොටස් තුනකට බෙදිලා තිබුණා, ඒ නිසා තමයි ට්‍රයිලොබයිට් කියන නම ආවේ. ඔවුන්ගේ දිගටි, කොටස් වලට බෙදුණු ශරීර වලින් ඔය පේන සියුම් නිල් පැහැති රේඛා, අදටත් ෆොසිල තුළින් අපට පුදුමාකාර විස්තර ලබා දෙනවා.

මේ සත්තු මුහුදු පතුළ පුරා විශාල ජනපද ලෙස ජීවත් වුණා. ඔවුන් සියවස් මිලියන ගණනක් තිස්සේ මුහුදු පරිසර පද්ධතිවල ආධිපත්‍යය දැරුවා. ඒ කියන්නේ, මිනිසුන් ඉපදෙන්නත් කලින් ලෝකයේ සාගර පාලනය කළේ මේ නිහඬ, දඟලන ජීවීන්!

සාමාන්‍යයෙන් ෆොසිල වලින් පේන්නේ මැරුණු සතෙක්ගේ හැඩය විතරයි. හැබැයි, මේ වගේ 'චලනය වෙන ඉරියව්වක' ෆොසිලයක් හමුවීම ඇත්තටම දුර්ලභයි. ඒක හරියටම ඈත අතීතයේ ජීවත් වූ මේ සතුන් එකිනෙකා සමඟ සමාජගත වූයේ කෙසේද? ඔවුන් එකට ගමන් කළේ ඇයි? අනතුරක් දැක්කාද? ආහාර සොයා ගියාද? වැනි හැසිරීම් රටා ගැන අපිට ඉඟි ලබා දෙනවා.

ට්‍රයිලොබයිට්ලා මේ පෘථිවියේ අවුරුදු මිලියන 300කට වඩා වැඩි කාලයක් ජීවත් වුණා.. මිනිස් සංහතියට එතරම් දීර්ඝ ඉතිහාසයක් නැහැ. අපේ සංකීර්ණ ජීවිතය පටන් ගත්තේ බොහොම මෑතකදී. ඒ නිසා මේ කතාවෙන් අපට පේනවා, පෘථිවියේ කාල රාමුව ඇතුළේ අපේ ජීවිතය කොතරම් ක්ෂණික ද කියලා.

ට්‍රයිලොබයිට්ලා වඳවී ගියා.. ඔවුන්ගේ තැන වෙනත් ජීවීන් ගත්තා.. ඒක තමයි ජීවයේ නීතිය. සෑම දෙයක්ම වෙනස් වෙනවා. අද ප්‍රබල ලෙස පෙනෙන දේ හෙට අනිද්දාට පාෂාණගත මතකයක් පමණක් වෙන්න පුළුවන්! ඉතින් මීළඟ වතාවේදී ඔබ මුහුද දකින කොට, මොන තරම් නම් අතීතයක් මේ මහා ජලකඳ සගවා ගෙන ඉන්නවද කියල ඔබට සිතේවි!

✍️සාගර දියගම
[email protected]

27/10/2025

ලෙසතෝ...

ඔබ ජැක්සන් ඇන්තනි මහත්මයා කරපු සලංහංතෙ වැඩ සටහන බැලුවා නම් මේ රට ඔබට නුහුරු වෙන්නෙ නෑ..

සම්පූර්ණ භූමියම අඩි 3,281 (මීටර් 1,000) ට වඩා ඉහළින් පිහිටා ඇති පෘථිවියේ ඇති එකම රට වෙන්නෙ ලෙසෝතෝ රාජ්‍යය. එහි පහළම නිම්න පවා බොහෝ රටවල් වල උසම කඳු මුදුන්වලට වඩා ඉහළින් පිහිටා තිබෙනවා..

දකුණු අප්‍රිකාව තුළ පිහිටා තිබෙන මෙම කුඩා වටපිටාවකින් යුත් රාජ්‍ය වර්ග සැතපුම් 11,500 (වර්ග කිලෝමීටර් 30,000) කට වඩා වැඩි භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර මිලියන දෙකක් පමණ ජනතාව එහි වාසය කරනවා. එහි රළු උස්බිම්, ගැඹුරු නිම්න සහ හැපෙනසුළු කඳුකර වාතය එයට "අහසේ රාජධානිය" යන නම ලබා දීලා තියෙනවා..

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) ට අනුව, වෙනත් කිසිදු රටක් මීටර් 1,000 ට වඩා සම්පූර්ණයෙන්ම ඉහළින් පවතින්නෙ නෑ.. ලෙසෝතෝ නිර්වචනය කරන කඳු එහි ජනතාව ජීවත් වන ආකාරය ද හැඩගස්වනවා.. බසෝතෝ ජාතිකයින් සියයට 80 ක් පමණ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන අතර, ඔවුන්ගෙන් හතරෙන් තුනක්ම ගොවිතැන මත රඳා පවතිනවා..

නමුත් මේ උස එක්ක ජීවිතය ගෙනයාම අභියෝග යක් වෙනවා.. දේශගුණික විපර්යාස දිගු නියඟ, දරුණු ගංවතුර සහ උෂ්ණත්වයේ පුළුල් වෙනස් කම් ඇති වෙනවා.. මෙම දේශගුණික මාරුවීම් රටේ උස්බිම් කෘෂිකර්මාන්තයේ සමතුලිතතාවයට තර්ජනයක් වෙලා තිබෙනවා.

ඒ වගේම ලෙසෝතෝ හි දියමන්ති පතල් ලෝකයේ උසම ස්ථාන වල පිහිටි පතල් වන අතර එය ලෝකයේ වටිනාම දියමන්ති නිෂ්පාදනය කරනවා.

ඉතා අලංකාර වගේම සංස්කෘතික වශයෙන් පොහොසත් මේ රාජ්‍යට දකුණු අප්‍රිකාවේ ඩර්බන් සහ ජොහැන්නස්බර්ග් සිට ප්‍රවේශ වීමට හැකියාව තියෙනවා. ඒ වගේම ලෙසෝතෝ අප්‍රිකාවේ වඩාත්ම නොසලකා හරින ලද රාජ්‍යයක් විදිහටත් පවතිනවා.

📸Credit: The Tribe

25/10/2025

🌊අප්‍රිකාවේ ගැඹුරුම රහස 🌍(බයිකල් විලට වඩා මීටර් සිය ගණනක් ගැඹුරින් අඩු)

අප්‍රිකාවේ ගැඹුරුම විල මතුපිට සිට කිලෝමීටර් 1.5 ක් (අඩි 4,800) විතර ගැඹුරුයි. 😱
ඒ තමයි ටැන්ගානිකා විල . ඒක ටැන්සානියාව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, බුරුන්ඩි සහ සැම්බියාව හරහා විහිදෙන සැබෑ ස්වාභාවික පුදුමයක් කිව්වොත් නිවැරදියි.

නැගෙනහිර අප්‍රිකානු රිෆ්ට් නිම්නයේ වසර මිලියන ගණනකට පෙර නිර්මාණය වූ මෙම විල ගැඹුරර අමතරව විද්‍යාඥයින් විශ්වාස කරන්නේ එය පෘථිවියේ පැරණිතම විල් වලින් එකක් වන බව. ඒ වගේම ලෝකයේ මිරිදිය ජලයෙන් 18% ක් පමණ රඳවා තබා ගන්නත් මේ විල සමත් වෙනවා.!

ඒ වගේම එහි මතුපිටට යටින් ලෝකයේ වෙනත් කිසිම තැනක දක්නට නොලැබෙන වර්ණවත් මත්ස්‍ය විශේෂ සිය ගණනක් ජීවත් වෙනවා.

..

Address

Kahawatta Ela
Polgahawela
60300

Opening Hours

Monday 06:00 - 21:00
Tuesday 06:00 - 21:00
Wednesday 06:00 - 21:00
Thursday 06:00 - 21:00
Friday 06:00 - 21:00
Saturday 06:00 - 21:00
Sunday 06:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Book Shop- Polgahawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category