20/08/2026
ජීවිතය වෙනස් කරන්න ලොකු ව්යාපාරයකින්ම පටන් ගන්න ඕන නෑ. පොඩියට, අතේ තියෙන පුංචි මුදලින්, පුංචි තැනකින් පටන් ගන්න මේ පුංචි ව්යාපාරය පිටිපස්සේ තියෙන්නේ කවුරුත් නොදකින මහා විශාල කැපවීමක්.
හැමෝම දකින්නේ අන්තිමට ලැබෙන සාර්ථකත්වය විතරයි. ඒත් ඒ සාර්ථකත්වය පිටිපස්සේ නොසූදානම්ව ආපු අභියෝග, කවුරුත් නැතිව තනියම හඬපු රාත්රීන්, ඇඟට දැනුණු නිමක් නැති මහන්සිය සහ "තව එක පාරක් උත්සාහ කරලා බලමු" කියන නොසැලෙන උත්සාහය හැංගිලා තියෙනවා. අනුන්ගේ හීන වෙනුවෙන් පැය ගණන් මහන්සි වෙනවාට වඩා, තමන්ගේම පුංචි හීනයක් වෙනුවෙන් මහන්සි වෙන එකේ තියෙන්නේ වෙනස්ම ආඩම්බරයක්.
සමහර දවස්වලට ව්යාපාරය හිතපු තරම් සාර්ථක නොවෙන්න පුළුවන්, කිසිම ලාභයක් නැති වෙන්න පුළුවන්. ඒත් මහන්සිය අතහරින්නේ නැතුව, වැටෙන හැම පාරකම ඊටත් වඩා හයියෙන් නැගිටින එකයි ඇත්තම ජයග්රහණය. හිමීට යන ගමනක් වුණත්, ඒ යන්නේ නිවැරදි පාරේ නම් දවසක අනිවාර්යයෙන්ම යන තැනට යනවා.
අද මහන්සි වෙන මහන්සිය, අද කරන කැපවීම හෙට දවසේ ලොකු ජයග්රහණයකට පාර කියාවි. තමන්ගේ උත්සාහය ගැන විශ්වාස කරන්න, ගමන අතහරින්න එපා!💯🥺❤️