12/11/2023
How to place an oder : හරියටම ඕඩර් එකක් දාන හැටි...
Hey dizellers ! අද ආවෙ කොහොමද පේජ් එකට ඕඩර් එකක් දෙන්නෙ කියන්න.
•මුලින්ම කරන්න තියෙන්නෙ මගෙ පේජ් එකේ උඩට උඩට හරි පහළට පහළට හරි එහෙට මෙහෙට හරි කැමති දිහාකට ගිහින් ඔයා කැමතිම ටෝට් බෑග් චුට්ටෙක්ව තෝරගන්න එක.
•ඊළඟට දුවල දුවල ගිහින් පේජ් එකට හරි වට්සැප් නම්බර් එකට හරි අක්කේ හරි නංගී හරි කමක් නෑ මේන් මෙයා ඉන්නවදෝ කියල අහන එක.
මේක හෑන්ඩ් පේන්ටින් වැඩක් නිසාත් මම තාම ඉගෙනගන්න නිසා ගොඩාක් වෙලාව නැති නිසාත් මම එකපාර ගොඩක් ඩිසයින්ස් කරන්නෙ නෑ. ඒ නිසා තමා ඔයාට ඕන ඩිසයින් එක අවේලබල්ද කියල බලන්න ඕන. එතකොට මම දුවල පැනල ගිහිල්ල ඔයා ආසම ආසම ආසම ඩිසයින් එක ස්ටෝ එකේ තියෙනවද බලල කියන්නම්.
•ඔයා ආසම ආසම ආසම ඩිසයින් එක ස්ටෝ වල තියේ නම් ඔන්න ඔයා ලකී.
මම එතකොට ඔයාට මගේ බෑන්ක් ඩීටේල්ස් එවනවා. එතකොට ඔයා දුවල දුවල දුවල ගිහින් කෑශ් ඩිපොසිට් කරන්න ඕන. එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රාන්සර් කරන්නත් පුලුවන්. ඊටපස්සෙ සල්ලි දැම්ම කියන ස්ලිප් එක මට වට්සැප් කරන්න ඕන ඔයාගෙ කෝඩ් එකත්, පාර්සල් එක ලැබිය යුතු එඩ්‍රස් එකත්, ෆෝන් නම්බර්ස් දෙකකුත් එක්ක. එතකොට තමා මම හරියටම ඔයාගෙ ඕඩර් එක කන්ෆර්ම් කරන්නෙ.
•බැරි වෙලා හරි ඔයා ආසම ආසම ආසම ඩිසයින් එක ස්ටෝ එකේ නැත්නම් ඔයාට වෙනව චුට්ටම චුට්ටම චුට්ටක් ඉවසන්න. චුට්ටම චුට්ටක් කියන්නෙ සතියක්. මොකද ඉතින් පේන්ට් වේලෙන්නත් ඕනනෙ. අනික ඉවසීමෙන් සැනසීමෙන් ලැබෙනවනෙ.
•ස්ටෝ එකේ නැති ඕඩර් එකක් උනත් කන්ෆර්ම් කරන්න නම් ඔයාට ඉස්සෙල්ලම සල්ලි ඩිපොසිටි කරල ඉන්න වෙනවා. එහෙම කරන්නෙ තරහට නෙවෙයි. දෙන්නම් දෙන්නම් කියල පොල්ල තියෙන අයත් වැහි වැහැලනෙ. එතකොට ඉතින් වැඩේ ටිකක් අමාරුයිනෙ. ඒ නිසයි අකමැත්තෙන් උනත් එහෙම කරන්න වෙන්නෙ.
ඊටපස්සෙ ඉතින් ඇවිල්ල ඉවරදෝ හරිදෝ තාම නැද්දෝ කියල කරදර කලාට මං තරහ වෙන්නෑ. ඉඩ ලැබුන ගමන්ම ඔයාගෙ වැඩේ ගැන අප්ඩේට් එකක් මම ඔයාට දෙනවා.
• ඊටපස්සෙ ඉතින් ගෙදරට වෙලා ඔය මොනා හරි කකා බීබී කාටුන් එකක් එහෙම බල බල ඔයාගෙ ටෝට් චුට්ටා එනකම් පාර බලන්නයි තියෙන්නෙ.
එහෙනම් මං ගියා. ටටා බායි Dizellers ! අලාවියෝ... උම්මාහ්... 🌚🙈😘