21/08/2026
සතේටම ගණන් හදලා, ලොකු බයකින් සල්ලි වියදම් කරන පුරුද්දක් ඔයාටත් තියෙනවද? එහෙනම් අදම මේ මනෝවිද්‍යාත්මක රහස අහන්න!
අපි හැමෝම ආසයි සල්ලි ඉතුරු කරලා දියුණු වෙන්න. ඒක ගොඩක් හොඳ පුරුද්දක්. හැබැයි ඔයා සල්ලි වියදම් කරන්නේ "අනේ මගේ සල්ලි ඉවර වෙයිද, මේක ගණන් වැඩියි, මට මේවා ගැලපෙන්නේ නෑ" කියන ලොකු බයකින් සහ පීඩනයකින් නම්... ඔයා කරන්නේ ඔයාගේ සල්ලි එන මාර්ගය ඔයාම වහගන්න එකයි!
මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ "Scarcity Mindset" නැත්නම් හිඟතා මානසිකත්වය කියලයි.
සල්ලි කියන්නේ එකතරා "ශක්තියක්" . ඔයා බයෙන්, ලෝබකමින් සල්ලි හිර කරන් ඉද්දි, ඔයාගේ යටිසිතෙන් විශ්වයට යවන්නේ "මට සල්ලි නෑ, මම අසරණයි, මට අඩුවක් තියෙනවා" කියන සෘණාත්මක පණිවුඩයයි.
එතකොට විශ්වය කරන්නේ මොකක්ද? ඔයා නොහිතන වෙලාවක ඔයාගේ වාහනේ කැඩෙනවා, ලෙඩ රෝග හැදෙනවා, නැත්නම් හදිසි වියදමක් ඇවිත්... අර ඔයා බයෙන් හිරකරන් හිටපු සල්ලි ටික එකපාරටම වියදම් වෙලා යන්න පාරවල් හදනවා!
මේ "හිඟතා මානසිකත්වයෙන්" මිදිලා, සල්ලි ආකර්ෂණය කරන "සෞභාග්‍යයේ මානසිකත්වයට අදම මාරු වෙන්නේ කොහොමද?
1️⃣ බය අතහරින්න
ඔයා බිලක් ගෙවද්දී හරි, කඩේකට සල්ලි දෙද්දී හරි දුකින් දෙන්න එපා. "මේ සල්ලි වලින් අනිත් කෙනාගේ පවුලත් ජීවත් වෙනවා නේද, මට වියදම් කරන්න සල්ලි තියෙන එක ගැන ස්තූතියි!" කියලා හදවතින්ම සතුටින් ඒ සල්ලි දෙන්න. අතහැරියම තමයි ආයෙත් ලැබෙන්නේ!
2️⃣ ලාබෙම හොයන්න එපා
ඔයා හැමදාම අඩුවටම තියෙන බාල දේවල්ම හොයන්න එපා. කවදාහරි දවසක ඔයා ආසම කරන, ටිකක් මිල වුණත් ගුණාත්මක කෑමක් කන්න, ඇඳුමක් ගන්න. ඒකෙන් ඔයාගේ මොළයට ඔයා කියන්නේ "මම මේ වගේ වටිනා දේවල් ලබන්න සුදුසු කෙනෙක්" කියන ප්‍රබල පණිවුඩයයි.
3️⃣ මුදල් ගඟක් වගේ
සල්ලි කියන්නේ හරියට ගලාගෙන යන ගඟක් වගේ. ඒක එක තැනක හිර කළොත් පල් වෙනවා. ගලන්න දුන්නොත් අලුත් වතුර (අලුත් සල්ලි) ආයෙත් ගලාගෙන එනවා.
ඔයා සල්ලි වලට බය වෙන එක නවත්වපු දවසට, සල්ලි ඔයාගේ පස්සෙන් එන්න පටන් ගන්නවා අනිවාර්යයි!
"මගේ ජීවිතේට මුදල් ගඟක් වගේ ගලාගෙන එනවා!" කියලා අදම විශ්වාස කරන්න.
💞පෝස්ට් එක කියවල පේජ් එකත් ෆලෝ කරන් යමු කට්ටිය ආදරෙයි ඔයාල හැමෝටම