La Aroma

La Aroma THE ART OF FRAGRANCE

තවමත් අලෙවි වන ලොව පැරැණිත ම සුවඳ විලවුන් වර්ග‘ඔබට කතා කරන්න වචන නැත්නම් ඇඟ ගල්වා ඇති සුවඳ විලවුන්වලට කතා කරන්නට ඉඩ හරින...
06/11/2024

තවමත් අලෙවි වන ලොව පැරැණිත ම සුවඳ විලවුන් වර්ග

‘ඔබට කතා කරන්න වචන නැත්නම් ඇඟ ගල්වා ඇති සුවඳ විලවුන්වලට කතා කරන්නට ඉඩ හරින්න’
සුවඳ විලවුන් කෙතරම් වැදගත් ද යන්න මෙම පාඨයෙන් මනාව පිළිබිඹු වේ. ස්ත්‍රී- පුරුෂ, බාල- මහලු සියලු දෙනා අතර ජනප්‍රිය සුවඳ විලවුන් මේ වන විට ඇඳුම් පැළඳුම් තරමට ම වැදගත් අවශ්‍යතාවක් බවට පත් වී තිබේ.
සුවඳ විලවුන් භාවිතය විශාල වශයෙන් ව්‍යාප්ත වූයේ පසුගිය දශක කිහිපය තුළ වුවත් ඒවා නිෂ්පාදනය සියවස් ගණනාවක් තිස්සේ සිදු විය. පුදුමයට කරුණක් වන්නේ ඒ අයුරින් මීට සියවස් ගණනකට පෙර, මුලින් ම නිෂ්පාදනය කළ සමහර සුවඳ විලවුන් වර්ග වර්තමානයේ දී පවා මිල දී ගත හැකි වීම ය.
මෙම ලිපිය මීට සියවස් ගණනාවකට පෙර නිෂ්පාදනය ආරම්හ වූ, වෙළෙඳපොළෙන් තවමත් මිල දී ගත හැකි එවැනි සුවඳ විලවුන් වර්ග කිහිපයක් පිළිබඳ යි.

‘Acqua di S.M. Novella’ – us.smnovella.com
1. Acqua di S.M. Novella
වාණිජමය වශයෙන් නිෂ්පාදනය කළ ලොව පළමු සුවඳ විලවුන් වර්ගය වන මෙම ‘Acqua di S.M. Novella’ මුලින් ම නිෂ්පාදනය කර ඇත්තේ ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ 1533 දී ය. ‘ඇක්වා ඩෙලා රෙජිනා’ එනම් ‘රැජනගේ ජලය’ ලෙස ද මෙය හැඳින්වේ. ඉතාලියේ සැන්ටා මාරියා නවෙලාහි විසූ ‘ඩොමිනිකන් ෆ්‍රියර්ස්’ නම් පුද්ගලයා සකස් කළ වට්ටෝරුවක් පදනම් කරගෙන මෙය නිෂ්පාදනය කර තිබේ.
ඔහු එම සුවඳ විලවුන් වට්ටෝරුව සකස් කළේ ‘කැතරින් ඩි මෙඩිසි’ නම් ප්‍රභූ කාන්තාවකගේ ඉල්ලීම මත බව කියැවේ. ඇය සිය අනාගත සැමියා වූ ප්‍රංශයේ දෙවැනි හෙන්රි රජුට ත්‍යාගයක් වශයෙන් මෙම සුවඳ විලවුන් බෝතලයක් දී තිබේ. කාන්තා-පිරිමි දෙපාර්ශවයට ම භාවිත කළ හැකි සුවඳ විලවුන් වර්ගයක් වූ මෙය මධ්‍යසාර අන්තර්ගත කර නිෂ්පාදනය කළ පළමු සුවඳ විලවුන් වර්ග අතරින් ද එකකි. පැඟිරි යුෂ, ලැවෙන්ඩර් සහ ආසියානු ඖෂධ පැළෑටි වර්ග කිහිපයක් මෙය නිෂ්පාදනය සඳහා යොදා ගත් අමුද්‍රව්‍ය අතර වේ.

‘4711 Echt Kölnisch Wasser’ – www.wikimedia.org
2. 4711 Echt Kölnisch Wasser (Cologne Water)
රහස් වට්ටෝරුවක් සහිත මෙම සුවඳ විලවුන් වර්ගය නිෂ්පාදනය ආරම්භ වූයේ 1792 දී, ජර්මනියේ දී ය. ඊට අදාළ වට්ටෝරුව වසර 200ක් තිස්සේ විවිධ වෙනස්කම්වලට භාජනය වී තිබේ. මෙම ‘4711 Echt Kölnisch Wasser’ නිෂ්පාදනය සඳහා මූලික වශයෙන් ලෙමන්, ලැවෙන්ඩර්, රෝස්මේරි වැනි දෑ සහ පැඟිරි ශාක නිස්සාරණය කර ලබා ගත් තෙල් වර්ග දෙකක් භාවිත කරයි.
එම තෙල්වලට ශරීරයේ දාහය අඩු කිරීමට සහ සම නිරෝගීමත් ව තැබීමට හැකියාවක් ඇති බව විශ්වාස කෙරේ. ජර්මනියේ ‘Glockengasse’ හි පිහිටි නිවසක මුලින් ම නිෂ්පාදනය කර ඇති මෙම සුවඳ විලවුන් වර්ගය, එම නිවසේ නමින් නම් කර තිබේ. පසුකාලීන ව සමාන නම්වලින් සුවඳ විලවුන් වර්ග ගණනාවක් නිෂ්පාදනය වූ බැවින් ‘4711’ යන්න යෙදීම නිසා මෙහි සන්නාමය ඒවායෙන් වෙන් කරගත හැකි වූ බව පැවැසේ.

‘Extra Vieille – Jean-Marie Farina’ – www.roger-gallet.fr
3. Extra Vieille/ Jean-Marie Farina
ජර්මනියේ ජීවත් වූ ඉතාලි ජාතිකයකු වූ ‘Gian Paolo Feminis’ එක්තරා සුවඳ විලවුන් වර්ගයක් නිෂ්පාදනය කළ අතර ඊට යම් යම් චර්ම රෝග සුව කිරීමේ හැකියාවක් තිබෙන බව 1727 දී හෙළි විය. ඔහුගේ ඥාති පුත්‍රයකු වූ ‘Gian Maria Farina’ මෙම වට්ටෝරුවේ හිමිකරු බවට පසුකාලීන ව පත් විය.
ඔහු 1862 දී ‘Roger & Gallet’ නම් සමාගමට එම වට්ටෝරුව අලෙවි කළ අතර එතැන් පටන් මේ දක්වා මෙම සුවඳ විලවුන් වර්ගය නිෂ්පාදනය කරන්නේ අදාළ සමාගම ය. ‘Extra Vieille/ Jean-Marie Farina’හි අඩංගු මූලික අමුද්‍රව්‍ය ලෙස පැඟිරි, බර්ගමොට්, රෝස, කරාබුනැටි, සඳුන් සහ කස්තුරි හැඳින්විය හැකි ය.

‘Florida Water’ – www.lanman-and-kemp.com
4. Florida Water
අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ දී මෙම සුවඳ විලවුන් වර්ගය නිෂ්පාදනය ආරම්භ වූයේ 1808 දී ය. ස්පාඤ්ඤ ජාතික දේශ ගවේෂකයෙකු වූ ‘පොන්ස් ද ලියොන්’ ෆ්ලොරීඩාවේ දී ‘යෞවනයේ දිය උල්පත’ (එම ස්ථානයේ ඇති ජලයෙන් ස්නානය කළ විට තරුණ බව රැකගත හැකි බවට විශ්වාස කෙරේ) සොයා ගත් බවට වන ජනප්‍රවාදය නිසා මෙම සුවඳ විලවුන් වර්ගයට ඒ නම ලැබී තිබේ.
කාන්තා- පිරිමි දෙපාර්ශවයට ම භාවිත කළ හැකි වූ මේ ‘Florida Water’ වික්ටෝරියානු යුගයේ කාන්තාවන් අතර වඩාත් ජනප්‍රිය වූ බව කියැ වේ. ඊට හේතුව වික්ටෝරියානු යුගයේ කාන්තාවන් අධික සුවඳකින් යුතු සුවඳ විලවුන් භාවිත නොකළ යුතු යැයි මතයක් පැවතීම ය. ඊට අමතර ව මෙම සුවඳ විලවුන් කුඩා පැකට්ටුවක් ආකාරයෙන් ද අලෙවි කර ඇති අතර ඇඳුම් අල්මාරිවල ඇති ඇඳුම් අතර ඒවා තැබීම එකල ජනප්‍රිය ව තිබිණි. ලෙමන්, දොඩම්, ලැවෙන්ඩර් සහ කරාබුනැටි වැනි අමුද්‍රව්‍ය යොදා ගෙන මෙය නිෂ්පාදනය කෙරේ.

‘Eau de Cologne Imperiale’ – www.guerlain.com
5. Eau de Cologne Imperiale
‘Eau de Cologne Imperiale’ මුලින් ම 1853 දී නිෂ්පාදනය කර ඇත්තේ ප්‍රංශයේ අවසන් රජු වන තුන්වන නැපෝලියන්ගේ බිරිය වූ ඉයුජින් කුමරිය සඳහා ම වෙන් වූ සුවඳ විලවුන් වර්ගයක් වශයෙනි. ඒ නිසා මෙය නිෂ්පාදනය කළ පුද්ගලයාට ‘රජුට සුවඳ විලවුන් සපයන්නා’ යන අන්වර්ථ නාමය ලැබිණි. පසුකාලීනව එය අලෙවි කිරීම සඳහා ඉයුජින් කුමරියගෙන් ඔහුට අවසර ලැබුණු බව කියැවේ. මෙම සුවඳ විලවුන් බෝතලයේ මී මැස්සන් 69කගේ රුව දැකිය හැකි අතර අවශ්‍ය නම් නම්වල මුල් අකුරු වැනි දේ තමන්ට අවශ්‍ය පරිදි බෝතලයේ සටහන් කරවා ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ඇත.

‘Fougère Royale’ – www.wikimedia.org
6. Fougère Royale
සුවඳ විලවුන් කර්මාන්ත ඉතිහාසයේ නව ආරම්භයක් ලෙස සැලකෙන මෙම ‘Fougère Royale’ නිෂ්පාදනය ආරම්භ වූයේ 1882 දී, ප්‍රංශයේ පැරිස් නුවර දී ය. මෙය නිෂ්පාදනය කිරීමට මීවන ශාක කොටස් යොදා ගැනීම සුවිශේෂී ලක්ෂණයකි. ඊට අමතර ව පැඟිරි ශාක කොටස් සහ ලැවෙන්ඩර් මල් වැනි අමුද්‍රව්‍ය ද යොදා ගනී.
‘Fougère Royale’ පිරිමි පාර්ශවය සඳහා වෙන් වූ සුවඳ විලවුන් වර්ගයක් වේ. යම්කිසි කාලයක් තිස්සේ මෙහි නිෂ්පාදන කටයුතු අත්හිටුවා තිබුණත් 2010 වසරේ සිට එය නැවත නිෂ්පාදනය කිරීම ආරම්භ විය.

‘Tabac Blond’ – www.wikimedia.org
7. Tabac Blond
ප්‍රංශයේ පැරිස් නගරයේ 1919 දී මෙම සුවඳ විලවුන් වර්ගය නිෂ්පාදනය ආරම්භ විය. නිෂ්පාදකයන්ට අවශ්‍ය වූයේ දුම්කොළ සහ ලෙදර් සුවඳින් යුතු විලවුන් වර්ගයක් නිෂ්පාදනය කිරීම යි. පිරිමි පාර්ශවයට පමණක් වෙන් වූ මෙය පසුකාලීන ව ප්‍රංශයේ දුම්බොන කාන්තාවන් අතර ද අතිශයින් ජනප්‍රිය වී තිබේ.
දුම්කොළ සහ ලෙදර් සුවඳට අමතර ව එහි කානේෂන් මල්, තුර්කි රෝස, කරාබුනැටි සහ වැනිලා සුවඳ ද අන්තර්ගත ය. ‘Tabac Blond’හි නිෂ්පාදන කටයුතු ද දීර්ඝ කාලයක් තිස්සේ අත්හිටුවා තිබූ අතර මෑතකාලීන ව නැවත ආරම්භ විය.

‘Chanel No. 5’ – www.pinterest.com
8. Chanel No. 5
ප්‍රංශ සහ රුසියානු සම්භවයක් ඇති සුවඳ විලවුන් නිෂ්පාදනය කරන්නකු වූ ‘Ernest Beaux’ මෙම සුවඳ විලවුන් වර්ගය 1921 දී මුලින්ම නිෂ්පාදනය කළේ ය. ඔහු රුසියාවේ සාර් රජ පවුලට සුවඳ විලවුන් සපයන්නා ලෙස ද කටයුතු කර තිබේ. ‘Ernest Beaux’ ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පිණියක් සහ ව්‍යාපාරික කාන්තාවක් වූ ‘Coco Chanel’ සමඟ හිතවත්කමක් පැවැත්වූ අතර සුවඳ විලවුන් වර්ගයට නම යෙදුවේ ඇය බව කියැවේ. Ernest, මුලින් ම එය නිෂ්පාදනය කළේ සිය සමීප මිතුරන් වෙනුවෙන් වුවත් ඊට ඇති ඉල්ලුම විශාල ලෙස වැඩි වීම හේතුවෙන් පසුකාලීන ව මහා පරිමාණයෙන් නිෂ්පාදනය ආරම්භ කළේ ය. ශාකසාර නිෂ්පාදනයක් වන එහි රෝස, පිච්ච සහ පැඟිරි ශාක කොටස් ඇතුළත් වේ.

Discover recipes, home ideas, style inspiration and other ideas to try.

22/10/2024

විවිධ Perfume වර්ග ගැන දන්නවද? කියවලම බලන්න

Perfume එහෙමත් නැත්තම් සුවඳ විලවුන් කියන්නෙ හැමෝම වගේ දන්න, ඒ වගේම සෑහෙන්න උනන්දු මාතෘකාවක්නෙ. උනන්දුව කොච්චරද කියනවනම් පාර දිගේ පවා perfume වෙළෙන්දෝ ඉන්නවා අර තෙල් බෙහෙත් වෙද්දු වගේ කුප්පි කුප්පි තියාගෙන. ඒ බාල වර්ග වල perfume ගහගෙන පොදු ප්‍රවාහන සේවා වල යන අය නිසා අනිත් මිනිස්සු අපහසුතාවයට පත්වෙන අවස්ථා ඕන තරම්. හැබැයි මේ perfume කියන්නෙ හරියට දැනගෙනම පාවිච්චි කරනවනම් අනිත් අයව වශී කරවගන්න පුළුවන්, මූඩ් වෙනස් කරන්න පුළුවන්, ලොකුම ලොකු වාසි තියෙන විලාසිතා පැත්තට නැඹුරු වුණු මාතෘකාවක්. ඉතින් අපි හිතුවා නොදන්න හැමෝටම දැනගන්නත් එක්ක perfume නැත්තම් සුවඳ විලවුන් ගැන පොඩිම තැනේ ඉඳන් කියල දෙන්න. ඉතින් කියවලම බලන්නකෝ perfume වල සුවඳ සහ වර්ග ගැන මේ විස්තරේ.





1. Perfume වල සුවඳ ස්ථර



මුලින්ම කියන්න ඕන මේ සුවඳ ස්ථර කතන්දරේ වගේම මෙතනින් එහාට කියන ඔක්කොම කතන්දර අයිති වෙන්නෙ නියමිත ප්‍රමිතියට හදන ඉහළ තත්ත්වයේ perfume වලටයි කියන එක. ඔන්න මෙහෙමයි කතන්දරේ. සුවඳ විලවුන් වල තියෙනවා විවිධ සුවඳ ස්ථර. මේ ස්ථර වලට කියන්නෙ Perfume Notes කියල. අපි මේ perfume එක ආලේප කරාට පස්සේ එක දිගටම එකම සුවඳ නොදැනී, වෙලාව යන්න යන්න විවිධ සුවඳ මට්ටම් කිහිපයකින් දැනෙන එක තමයි මේකෙදි වෙන්නෙ.

Top Notes – මේ කියන්නෙ අදාළ විලවුන් වර්ගය ආලේප කරපු සැනින් ඔයාගේ නහයට දැනෙන සුවඳ. මේ සුවඳ ඉක්මනින් වාෂ්ප වෙන සුළුයි.
Middle Notes – මුලින්ම දැනෙන සුවඳ වාෂ්ප වීගෙන යනවත් එක්කම මතුවෙන, perfume එකේ මූලික සුවඳ තමයි මේ.
Base Notes – මේ කියන්නේ කලින් කියපු middle note එකත් එක්කම, ඒකටම සහයෝගයක් වෙමින් මතුවෙන සුවඳ. මේ සුවඳ මතුවෙන්නෙ perfume එක යම් වෙලාවක් ආලේප කරගෙන හිටියට පස්සෙයි.
ඉතින් ආලේප කරපු සැනින් ක්ෂණිකව නහයට දැනෙන සුවඳ ටිකක් වෙලා යද්දි වෙනස් වෙන්න පුළුවන් නිසා සුවඳ විලවුන් වර්ග මිලදී ගන්නකොට මේ ගැනත් දැනගෙන ඉන්න එක වැදගත්.





2. හදන අමුද්‍රව්‍ය අනුව ප්‍රභේද


හදන අමුද්‍රව්‍ය අනුව විලවුන් ප්‍රභේද කිහිපයක් තියෙනවා.

Fresh – පැඟිරි වර්ග, ජලය, ස්වභාවික ගස්කොලන් වල සුවඳ ආශ්‍රිත හිත ප්‍රබෝධමත් කරන සුවඳ වර්ග තමයි මේ.
Floral – මල් සුවඳ අඩංගු විලවුන් වර්ග තමයි මේ. හුඟක්ම ප්‍රසිද්ධ විලවුන් වර්ග වෙන්නෙත් මේවම තමයි. කාන්තාවන්ටම විශේෂ වෙනවා වගේම ආදරණීය බවක් හැඟවෙන සුවඳවල් තමයි මේ Floral Scents වල තියෙන්නෙ.
Oriental – වැනිලා, කුරුඳු, කරාඹු නැටි වගේ කුළුබඩු සුවඳ ආශිත්‍ර වර්ග.
Woody – සුදු හඳුන්, දේවදාර, සැවැන්දරා වගේ සුවඳ වර්ග තමයි මේ ගණයට අයිති වෙන්නෙ.
ඊළඟට කතා කරන්නෙ විවිධ perfume ප්‍රභේද ගැන. මූලික වර්ග 5ක් යටතේ ඒ ගැන විස්තර කරන්න පුළුවන්. ඒ මෙන්න මෙහෙමයි.





3. Perfume



සුවඳ සාරය වැඩිම ප්‍රතිශතයක් අඩංගු වෙන්නෙ මෙන්න මේ වර්ගයේ. ලේබල් එකේ සඳහන් වෙනවට අමතරව ටිකක් බරින් වැඩි පෙනුම බෝතල් වල එන නිසාම ලේසියෙන්ම අඳුරගන්න පුළුවන්.

සුවඳ විලවුන් වර්ග අතරින් වැඩියම මිල අධික සහ හුඟක්ම තද සුවඳකින් යුක්ත වෙන වර්ගය තමයි මේ. මේ විලවුන් වර්ගය ශරීරයේ හැම තැනම ගල්වන්නෙ නැහැ. විශේෂ සුවඳ පැතිරෙන්න උදව් වෙන තැන් වල පමණයි ගල්වන්නෙ. දළ වශයෙන් පැය 8ක පමණ කාලයක් සුවඳ පවතිනවා.





4. Eau de Perfume



ඊළඟට වැඩියෙන්ම සුවඳ සාරය අඩංගු වෙන්නෙ මේ වර්ගයේ. සාමාන්‍යයෙන් 10% ත් 15%ත් අතරේ ප්‍රමාණයක් සුවඳ සාරය අඩංගු වෙනවා කියල තමයි කියන්නේ. ඉතුරු හරිය ඉතින් ඇල්කොහොල් සහ ජලය තමයි. හැබැයි මේකත් කලින් කියපු perfume වලටම අයිති එහෙම නැත්තම් ඊට සමාන ප්‍රභේදයක්. හැබැයි ඒ තරම්ම කාලයක් පවතින සුවඳක් නම් නැහැ. සාමාන්‍යයෙන් පැය 4ත් 6ත් අතර කාලයක් සුවඳ පවතිනවා. ඒ වගේම මිල කලින් වර්ගයට සාපේක්ෂව අඩුයි. කලින් වර්ගය වගේ ඇබයක් එහෙමත් නැත්තම් stopper එකක් එක්ක එන බෝතල් විදිහටත් spray bottles විදිහටත් වෙළඳපොලේ දකින්න පුළුවන්.





5. Eau de Toilette


කලින් කියපු වර්ග දෙකටම වඩා අඩු, 4%ත් 15%ත් අතර වගේ සුවඳ සාරය අඩංගු වර්ගයක් මේක. ගොඩක් වෙලාවට දකින්න තියෙන්නෙ spray bottles විදිහට. ඒ වගේම මේ වර්ගයේ ඇල්කොහොල් සංයුතිය ඉහළයි. ඒ නිසාම ඉක්මනින්ම වාෂ්ප වෙලා සුවඳ ඉක්මනින් නැතිවෙලා යන ගතිය වැඩි. උපරිම පැය 2ක් 3ක් වගේ කාලයක් තමයි සුවඳ රැඳෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.





6. Eau de Cologne



මේ cologne වර්ග හුඟක්ම ප්‍රසිද්ධ පිරිමි සුවඳ විලවුන් වර්ග විදිහටයි. හැබැයි මේ ප්‍රභේදය යටතේ එන කාන්තා විලවුන් වර්ගත් නැතුවාම නෙමෙයි. මේ වර්ගයේ සුවඳ සාරය 2%ත් 5%ත් වගේ අතරේ ඉතාම අඩු අගයක් තමා ඇතුළත් වෙන්නෙ. ඒ නිසාම ඝණත්වයෙන් වගේම මිලෙනුත් හුඟක්ම අඩුයි. ඒ වගේම කිසිම උසස් තත්ත්වයේ විලවුන් වර්ගයක් මේ cologne කියන category එක යටතේ දකින්න ලැබෙන්නෙත් නැහැ. උපරිම පැය දෙකක් වගේ කාලයක් තමයි සුවඳ රඳවාගන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්.





7. Eau Fraiche


සුවඳ සාරය ඉතාම අඩුම වගේම මිලෙනුත් අඩුම විලවුන් ප්‍රභේදය තමයි මේ. ආලේප කරල උපරිම පැයක් හෝ දෙකක් ඇතුළත සුවඳ නැත්තටම නැතිවෙලා යන්න පුළුවන්. මේ Eau Fraiche කියන ප්‍රංශ වචනේ තේරුම fresh water කියන එකයි. ඒ කියන්නෙ හරියටම කිව්වොත් සුවඳ කවපු වතුරක් වගේ කියන තේරුමයි. ඒ තරම්ම මේ වර්ගය ඝණත්වයෙන් අඩුයි

20/10/2024

සුවඳ විලවුන් යනු සුවඳවත් තෙල් හා සංයෝග, මැලියම් හා ද්‍රාවක අඩංගු මිශ්‍රණයක් වන අතර එය මිනුස් සිරුර , වස්තු හා ජීවත්වන අවකාශයට ප්‍රසන්න සුවඳක් ලබා දීම සඳහා භාවිතා කරයි.

සමහරක් ප්‍රසිද්ධ වාණිජ සුවඳවිලවුන් බෝතල් ( දක්ෂිණාවර්තව උඩ සිට පහලට) Bois De Violette, Serge Lutens, 1992; Angel, Thierry Mugler, 1994; Shalimar, Guerlain, 1925; Beyond Paradise, Estée Lauder, 2003; No. 5, Chanel, 1921 (Pre-1950 bottle); Cabochard, Parfums Grès, 1959 (original bottle); Bellodgia, Caron, 1927; Arpège, Lanvin, 1927 (original bottle); Nombre Noir, Shiseido, 1981; Mitsouko, Guerlain, 1919; Pour Un Homme, Caron, 1934.

14/10/2024

සුවද කියන්නෙ Fashion එකක්

13/10/2024

සුවද කියන්නෙ කලාවක්

11/10/2024

දවසම සුවඳවත්ව ඉන්න ආස නම් පර්ෆියුම් ගැන හරියට ඉගෙන ගන්න

සුවඳ විලවුන් යනු වයස් භේදයක් නොමැතිව බොහෝ දෙනෙක් ගැල්වීමට ප්‍රිය කරන එසේම තරුණ තරුණියන්ට නැතිවම බැරි අංගයකි. කාන්තාවන් වැඩි ප්‍රමාණයකගේ ගමන් මල්ලේ සුවඳ විලවුන් බෝතලයක් තිබීම වර්තමානයේදී සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ. ලෝකයේ විවිධ නම්වලින් සුවඳ විලවුන් නිපදවෙන අතර ගාර්ඩිනියා, ඕලු, නෙළුම්, සමන්පිච්ච, රෝස ආදී මල් වර්ග හා පලතුරු වර්ගවල සුවඳ බහුලවම සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගනියි. ඔබත් යොවුන් වියේ පසුවන තරුණියක් නම්, නිවැරැදිම සුවඳ විලවුන් වර්ගයක් තෝරා ගන්නා ආකාරය, භාවිත කරන ආකාරය දැන ගැනීමට මෙම ලිපිය ඔබට වැදගත් වේවි.

ඔබ දන්නවාද? ඔබ භාවිත කරන සුවඳ විලවුන් වර්ගය ඔබේ අනන්‍යතාව ඔප්පු කරන එක් සාධකයක් බව. ඔබ යම් සුවඳ විලවුන් වර්ගයක් භාවිත කරන විට එහි සුවඳින් ඒ ඔබ යැයි බොහෝ දෙනෙකු හඳුනා ගනු ලබයි. ඇතැම් සුවඳ විලවුන් ඇඳුම් මත තැවරීමෙන් පසු ඇඳුම මත පැල්ලම් ආකාරයෙන් ද සිටින නිසා ඔබ තෝරා ගන්නා සුවඳ විලවුන් වර්ගය පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම සුදු පැහැති ඇඳුම්වලට කහ පැහැති සුවඳ විලවුන් භාවිත නොකළ යුතුය. ඒ නිසාම සුවඳ විලවුන් තවරන විට කන අසල, බෙල්ලට පහළින් තිබෙන හිසකෙස්වලට ආලේප කරන්න.

බොහෝ වෙලාවට අප විමසා බලන්නේ සුවඳ විලවුන් ගැල්වූ පසු එය කොපමණ වෙලාවක් සුවඳවත් වේද යන්න පිළිබඳව පමණයි.

එකම වර්ගයේ නිෂ්පාදන එනම්, ඔබ මිලදී ගත යුත්තේ ඔබ භාවිත කරන ඩියෝඩ්‍රන්ට් එකට ගැළපෙන සුවඳ විලවුන් වර්ගයකි. නැතිනම් සුවඳ වර්ග දෙකකින් යුතු ඩියෝඩ්‍රන්ට් එකක් සහ සුවඳ විලවුන් වර්ගයක් ආලේප කළ විට ඔබ ගල්වන සුවඳ විලවුන් වර්ගයෙන් නිසි ප්‍රතිඵලයක් ඔබට ලැබෙන්නේ නැත.

ඕනෑම සුවඳ විලවුන් වර්ගයක්ම භාවිත කළ යුතු කාලයක් තිබේ. දහවල් කාලවලදී සහ උණුසුම් කාලගුණයක් සහිත මාසවලදී සැහැල්ලු සුවඳකින් යුතු විලවුන් වර්ගද සීතල කාලයකදී හෝ යම්කිසි උත්සව අවස්ථාවකට සහභාගි වන විට ප්‍රබල සුවඳකින් යුතු විලවුන් වර්ගද භාවිත කිරීම සුදුසුය. ඔබ අනිවාර්යයෙන්ම කල්පනා කළ යුතු කරුණක් වන්නේ ඔබ ගල්වන සුවඳ විලවුන් වර්ගය නිසා තවත් කෙනකු අපහසුතාවට ලක්වේද යන්නයි.

ඕනෑම විලවුන් වර්ගයක් යෙදිය යුතු වන්නේ ඔබේ සම මතටයි. ඇඳුම් මත සුවඳ විලවුන් යෙදීම නිර්දේශ නොකරන අතර එයට හේතුව වන්නේ කපු, ලොම්, වූල්, ලිනන් වැනි රෙදිවලට සුවඳ විලවුන් ස්ප්‍රේ කළ පසු කාලයක් ගතවන තුරු එම ඇඳුම් මත සුවඳ රැඳී තිබේ. ඔබ කලින් කලට සුවඳ විලවුන් මාරු කරනවා නම් මෙය ගැටලුවකි. එසේම සැහැල්ලු ඇඳුම් මත සුවඳ විලවුන් යෙදීම නිසා පැල්ලම්ද ඇති විය හැකිය.

විලවුන් භාවිත කරන බොහෝ දෙනෙකු බහුල වශයෙන් සිදුකරන දෙයක් නම් මැණික් කටුව අසලට විලවුන් යොදා පිරිමැදීමයි. එය නොකළ යුතු දෙයකි. එසේ සිදු කිරීමෙන් සුවඳ විලවුන්වල අණු විනාශ වී යා හැකිය. එම නිසා සුවඳ විනාශ නොවී රැක ගැනීමට සුදුසුම දෙය වන්නේ ස්ප්‍රේ කිරීමයි.

සුවඳ විලවුන් යෙදිය යුත්තේ කුමන ස්ථානවලටද යන්න බොහෝ දෙනාට මතුවන ගැටලුවකි. සුවඳ විලවුන් යෙදීම වඩාත් සුදුසු වන්නේ කන් පිටුපසට සහ මැණික් කටුව ආදී ප්‍රදේශවලටය. මෙම ප්‍රදේශවල තිබෙන රුධිරවාහිනි සමෙහි මතුපිටට ආසන්නයෙන් පිහිටා තිබෙන නිසා එයින් ඇතිවන උෂ්ණත්වය සහ ස්පන්දනය සුවඳ පැතිරීමට උපකාරී වෙයි. මෙම ප්‍රදේශවල මේද ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙන නිසා තෙල් පදනම් කරගත් සුවඳ විලවුන් ආලේපයෙන් වළකින්න.

හිසකෙස්වලටද සුවඳ විලවුන් ඉසීම මඟිනුත් සුවඳ රඳවා ගන්නට හැකියාව ලැබෙන අතර ඇල්කොහොල් මත පදනම් වූ සුවඳ විලවුන් මඟින් හිසකෙස් වියළීමට ලක්කරන නිසා සෘජුව ස්ප්‍රේ නොකර පනාව මතට සුවඳ විලවුන් යොදා ආලේප කරන්න.

සුවඳ වැඩි වෙලාවක් රඳවා ගන්නා ස්ථානය ලෙස හා සුවඳ විලවුන් සඳහා වඩා බලවත් ප්‍රදේශය වන්නේ ගෙල පිටුපසයි. මෙම ප්‍රදේශයට ශීත කාලයේදී පමණක් සුවඳ විලවුන් ඉසීම කළ යුතු අතර එයට හේතුව වන්නේ උණුසුම් කාලයේදී තාපය මඟින් ඔබේ සුවඳ විලවුන්වලින් නිකුත්වන සුවඳ තවදුරටත් තීව්‍ර කිරීමට හැකියාව තිබෙන නිසයි.

අනෙක් ස්ථානවලට සාපේක්ෂව වැළමිට අසලට සුවඳ විලවුන් යෙදීම සුදුසු යැයි හඳුන්වන අතර එහෙත් මෙම ස්ථානවල සම ඉතා මෘදු නිසා ඇතැම් සුවඳ විලවුන් මඟින් අසාත්මිකතා ද ඇති වීමද සිදුවිය හැකිය.

විවිධ සුවඳ විලවුන් වර්ග

සුවඳ විලවුන්වල තිබෙන්නේ මූලික සුවඳ වර්ග කිහිපයකි. එය Fragrance Wheel යනුවෙන් හඳුන්වන අතර මෙම මූලික සුවඳ වර්ග කිහිපයට අප වෙළෙඳපොළෙහි මිලදී ගන්නා සුවඳ විලවුන්ද අයත් වේ. සුවඳ විලවුන් කුප්පිවල කුඩාවට Eau de Parfum නැතිනම් Eau de Toilette වැනි වචන කිහිපයක් ගසා ඇති ආකාරය බොහෝ විට ඔබ දැක ඇත. නමුත් ඔබ මෙවැනි වචනවල තේරුමක් කිසිදාක සොයා බලන්නට උත්සාහ කර නැතිවෙන්නට පුළුවන්. මේවායෙහි තේරුම දැනගෙන වෙළෙඳපොළට ගියහොත් ඔබට අවශ්‍ය ආකාරයට සුවඳ විලවුන් මිලදී ගැනීමට පහසු වේවි.

Parfum

මෙමඟින් පිරිසුදු සාන්ද්‍ර සුවඳ විලවුන් මිශ්‍රණයක් අඩංගු බව සඳහන් වේ. 15% සිට 40% දක්වා ඉහළ සුවඳ විලවුන් සාන්ද්‍රණයක් මෙහි තිබෙන අතර ඒ නිසාම පැය 6 -8 අතර කාලයක් මෙහි සුවඳ ශරීරයේ රැඳී පවතියි. එමෙන්ම මෙහි ඇල්කොහොල් සාන්ද්‍රණයද ඉතා අඩු අතර මෙවැනි සුවඳ විලවුන් වර්ගයක මිලද ඉතා අධික විය හැකිය.

Eau de Parfum

දෙවැනුවට වැඩිපුරම සුවඳ විලවුන් සාන්ද්‍රණය වන්නේ මෙයයි. මෙහි සාමාන්‍ය සුවඳ විලවුන් සාන්ද්‍රණය 15%ත් 20% ත් අතර වේ. සාමාන්‍යයෙන් පැය 4-5 කාලයක් සිරුරේ සුවඳ රැඳී තිබේ. එදිනෙදා පාවිච්චියට මෙය වඩාත් සුදුසුය.

Eau de Toilette

මෙහි සුවඳ විලවුන් සාන්ද්‍රණය 5% සිට 15% දක්වා තිබේ. මිල ගණන්ද අඩු නිසා බොහෝ දෙනෙකු භාවිත කරන අතර මෙහි සුවඳ රැඳී තිබෙන්නේ පැය 2-3 අතර කාලයකයි. ඇතැම් අය මෙය දිවා කාලයටද නිර්දේශ කරති.

Eau de Cologne

ඕඩිකොලොන් නැතිනම් Edu යනු අන් සුවඳ විලවුන්වලට සාපේක්ෂව අඩු සුවඳ විලවුන් සාන්ද්‍රණයකි. මෙහි සුවඳ විලවුන් සාන්ද්‍රණය සාමාන්‍යයෙන් 2%ත් 4%ත් අතර වේ. මිල ගණන්ද අඩු නිසා මෙහි සුවඳ රැඳී තිබෙන්නේ පැය දෙකක් වැනි කාලයකි. මෙය සුවඳ විලවුන් වර්ගයක්ම නොවන බවද පැවසිය යුතුයි.

එසේම මයිකල් එඩ්වර්ඩ් විසින් හඳුන්වා දෙන ලද Fragrance Wheel නැතිනම් සුවඳ රෝදය සුවඳ විලවුන් සඳහාම සකස් වූවකි. Fragrance Wheel යනු විවිධ සුවඳ විලවුන් සහ එයට යටතේ පවතින සුවඳ විලවුන් වර්ග ප්‍රදර්ශනය කරන වටකුරු රූප සටහනකි. මෙවැනි දෙයක් සෑදීම සඳහා හේතු වී ඇත්තේ සුවඳ විලවුන් අලෙවි කරන වෙළෙඳුන්ට වඩාත් කාර්යක්ෂමව පාරිභෝගික සේවාවක් ලබාදීම සඳහායි.

මෙය ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදා දක්වා ඇත. එනම් නැවුම් දේවල්වලින් නිෂ්පාදිත සුවඳ විලවුන්, දැවයෙන් නිෂ්පාදිත සුවඳ විලවුන්, පෙරදිග රටවල්වල නිපදවන සුවඳ විලවුන්, මල්වලින් නිපදවන සුවඳ විලවුන්, ලෙස වර්ග කොට ඇත. තවද එය යටතේද උප කොටස් රැසක් තිබෙන අතර වෙළෙඳපොළෙහි තිබෙන අනෙකුත් සුවඳ විලවුන් වර්ග එම කොටස්වලට අයත් වේ. ඔබත් විලවුන් භාවිත කරන්නේ නම් මේ පිළිබඳ දැනුවත් වීම අගනේය.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

31/12/2019

Manusath deals with Humanity. A deal beyond just a business. We know good deeds return good things.

25/12/2019

මනුෂ්‍යත්වයේ ගනුදෙනුව

Address

Kottala Road
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when La Aroma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to La Aroma:

Shortcuts

Share