30/08/2026
ජීවිතයේ අත්දැකීම් එක්ක ටිකෙන් ටික පරිණත වෙද්දි,
අපි තේරුම් ගත යුතුම ලස්සන සත්යයක් තියෙනවා.
ඒ තමයි,
අපි තවත් කෙනෙකුගේ කතාවක හොඳ චරිතයක්ද,
නරක චරිතයක්ද කියන දෙයට වඩා,
අපි අපේම හෘද සාක්ෂිය ඉදිරියේ
කවුද යන්න පිළිබඳව තමන්ට ඇති නිවැරදි අවබෝධය..
කෙනෙක් තමන්ගේ ජීවිතයේ හමුවුණු හොඳම කෙනෙක් විදිහට
ඔබව මතක තියාගන්න පුළුවන්.
තවත් කෙනෙක් තමන්ට රිදවූ කෙනෙක් විදියටත්
ඔබව මතක තියාගන්න පුළුවන්.
ඒ නිසා හැමෝගෙම කතාවල ඔබව හොඳ චරිතයක් කරගන්න උත්සාහ කරන එක හරිම වෙහෙසකර දෙයක්.
කෙනෙක් ඔබව අගය කළ පමණින්
ඔබේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ.
කෙනෙක් ඔබට නින්දා කළ පමණින්
ඔබේ වටිනාකම අඩු වෙන්නෙත් නැහැ.
බොහෝ විට පැසසුම් සහ නින්දා යන දෙකම
මිනිසුන් ඔබව දකින ආකාරය පිළිබඳව මිස,
ඔබේ සම්පූර්ණ සත්යය ගැන දෙන අවසාන තීන්දුවක් නෙමෙයි.
හැමෝටම තමන් හොඳ කෙනෙක් බව
ඔප්පු කිරීමේ අවශ්යතාවය අත්හරින්න.
ඔබ ගැන කෙනෙක් වැරදි කතාවක් කියන හැම තැනකදිම
ඒක නිවැරදි කරන්න අවශ්ය නැහැ.
ඔබව තේරුම් නොගන්න හැම කෙනෙකුටම
ඔබේ සිතුවිලි පැහැදිලි කරන්න අවශ්ය නැහැ.
ඔබේ වටිනාකම පිළිගන්නට
කාගෙන්වත් ඉල්ලන්නත් අවශ්ය නැහැ.
ඔබ කළ දේ ඔබ දන්නවා නම්..
ඔබේ අරමුණ ඔබ දන්නවා නම්..ඒ ප්රමාණවත්
පරිණත වීම යනු හැමෝගෙම කතාවේ වීරයා වීම නෙමෙයි.
තමන්ගේ හෘද සාක්ෂිය ඉදිරියේ
වරදකරුවෙකු නොවී ජීවත් වෙන්න ඉගෙන ගැනීමයි.
✍ දුෂාන්ති අතපත්තු ____
#කවිසිත්තම