26/05/2026
ජේන් නෝනා.
ඒ වර්ෂ දෙදහස් දහයේ අග බාගයයි.එවකට මා දෙවන වසර හෙද ශිෂ්‍යයයාවකි. හෙද පුහුණුවේ අනිවාර්ය නිර්ණායකයක් වූ මානසික රෝග පුහුණුව සඳහා ඒ වන විට අපි මුල්ලේරියාවෙ හෙද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබමින් සිටියෙමු.මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනය සහ දෙවන ඒකකයේ රෝගීන් අපගේ අධ්‍යන කටයුතු සදහා සහභාගී වූවෝය.
පමාවී ඇහැරීම ජීවිතයේ අනිවාර්‍යය අංගයක් කොට ගෙන සිටි මම, සුපුරුදු ලෙසම එදිනත් පමාවී විද්‍යායතනය වෙත පිය මැන්නේ, රෝගී සත්තාර අධ්‍යනය සඳහා රෝගියෙක් තෝරා ගැනීමේ අරමුණෙනි. මාගේ පමාවට පින් පිණිස සියළුම දොඩමළු රෝගීන් මා යන විටත් මගේ මිතුරියන් සමඟ එක් වී අධ්‍යන වාර්තාව සැකසීමට සහය වෙමින් සිටියෝය. ඒ අතර වාට්ටුව කෙලවරක එක්තරා කාන්තාවක් ජේත්තුවට හැඳ පැලඳ තනිව වාඩිවී පොතක් කියවමින් සිටියාය.දෙපතුලට දිග, අත් දිග ගවුමත්, මුතු ඇට ගෙල බැඳියත්, දෑසයේ පැලදූ කණ්ණාඩි යුගලත් මා කුඩා කල කියවූ ජේන් අයර් කෘතියේ ජේන් අයර් චරිතය ඇය මට සිහි කැඳවීය. පෙනුමට ඇය දිවියේ හතරවෙනි දශකය ගතකරනු ඇතැයි මට සිතුණි.ඇය බැලූ බැල්මට රෝගී බවක් නොපෙනුනද මානසික රෝගයන් පිලිබඳ ඒ ආකාරයෙන් පෙර විනිශ්චය කිරීම අපහසු බව මම දැන සිටියෙමි.මා කෙමෙන් ඇය වෙත ලඟා වී ඇයට බාදාවක් නොවන අයුරින් ඇය වෙත සුභ පැතීමි.මට අවැසි වූයේ ඇය හා කෙසේ හෝ දොඩමළු වීමටය.
"Good morning" මා සිනහවක් පෙරටු කරගනිමින් ඇයට පැවසුවද ඇය මාවෙත හෙළුවේ මා බාධාවක් බව පෙන්වන නොරුස්සනා බැල්මකි.නමුත් "Good morning "යනුවෙන් ඇයත් පෙරලා පවසා නැවතත් පොත වෙත දෑස යොමු කර ගත්තීය.
මොහොතකට කරදර කාරී හැඟීමක් මගේ හිතට වද දෙන්නට විය. නමුත් මම ලේසියෙන් පරාජය බාරගන්නියක නොවන්නෙමි. එබැවින් මා රෝග ඉතිහාසය ලබාගන්නේ ඇයගෙන්ම පමණක් බව තරයේම තහවුරු කර ගත්තෙමි. "කරදරයක් නැත්තම් නම කියනවද ඔයාගෙ?"මම නැවතත් ඇයගෙන් බලාපොරොත්තුවක සේයාවක් හිත තබාගෙන ඇසුවෙමි. "ජේන්, ජේන් ද සිල්වා". මෙවර ඇගේ ස්වරය වඩාත් නොරුස්සනා සුළු වූ අතර, මෙවර ඇය මා වෙත බැල්මක් හෝ නොහෙලා පොත දෙසම නෙත් යොමු කරගෙන සිටියාය.
"මේ මොන කරදරයක් දැයි"මටම කන් කෙඳිරි ගා ගනිමින් මා අනෙක් පසට හැරුණේ ඇගේ ඇඳ ඉහපත හෝ වෙන යම් රෝහල් වාර්තාවක් ඇසුරින් කිනම් හෝ තොරතුරක් ඈ ගැන දැන ගන්නා අරමුනෙනි. ඒ වන විට රෝගී සත්කාරයේ යෙදී සිටින හෙදිය තරමක් කාර්‍යභහුලව සිටි හෙයින් ඇය තරමක් වගකීම් වලින් නිදහස් වන තෙක් මට තරමක් වෙලා එහි රැදී සිටීමට සිදුවිය. මා සෑහෙන වෙලාවක් ඇය අසල කැරකෙනු දුටු එම හෙදිය "ඔව් නංගි,මොකද වෙන්නෝනෙ?" යැයි මගෙන් ඇසුවාය. "මිස් මගේ care study එකට ජේන් ද සිල්වා පේශන් ගෙ BHT එක හරි මොනව හරි records තියනවනම් ගන්න පුළුවන්ද? යි මා ඇයගෙන් විමසුවෙමි.
"ජේන් ද සිල්වා care study එකට history දෙන්න කැමති උණා?" ඇය මහත් පුදුමයෙන් මා දෙස බලා පෙරලා මගෙන් ඇසීය." තාම නම් නෑ මිස්, ඒ උනාට මට වෙන patient කෙනෙක් නෑ, එයා ගැනම තමා care study එක කරන්න වෙන්නෙ." යැයි මම ඇයට පිලිතුරු දුන්නෙමි. කට කොණක හිනාවක් නඟා ගත් හෙදිය "මේ ආත්මෙ නම් ඔයාට එයාගෙන් history එකක් ගන්න වෙන්නෑ නංගී, හැබැයි ඔයාට ඕනෙනම් මෙන්න තියනවා එයාගෙ BHT එක".යනුවෙන් පවසා ජේන් ද සිල්වා ගේ ඇඳ ඉහපත මා අත තැබීය.
Jane de Silva, 40years old. Diagnosed patient with Schizophrenia for 3years.
ඇඳ ඉහපත පිරික්සීමේදී ලද තොරතුරු වලින්ද ඒ හැටි සෑහීමකට පත් වීමට නොහැකි වූ තැන මම සන්සුන් මුහුණැති, නමුත් කාර්යබහුලව හුන් හෙදියක් වෙත කෙමෙන් ලංවීමි. "ඇයි නංගී, මොකද වෙන්නෝනේ?" ඇය මා වෙහෙසෙට පත් නොකර ඉතාමත් ඉක්මනින් මගෙන් විමසුවාය." මිස්, මට කොහෙම හරි ජේන් ද සිල්වගෙ history එක ගන්න ඕනෙ, මිස් දන්නැද්ද එයා මොනවටද ආස කියලා. එයා එක්ක කතාවක් පටන් ගන්න එයා ආස මාතෘකාවකින් පටන් ගත්තොත් පුළුවන් වෙයි කියලා මට හිතෙනවා."මම පැවිසීමි.හෙදියගෙ මුහුණේ ඇඳුන සිනාව කොහෙත්ම සමච්චල් සහගත නොවීය. "කෙල්ල වැඩේ අතාරින්නෙම නෑ වගේ නේද? හරි. මං හරියට පොත් කියවනවා, ජේන් කැමතී පොත් වලට. එයා මාත් එක්ක පොත් ගැන කතා කරලා තියනවා. එතකොට එයා ආසයි මල් වලටත්, මං දැකලා තියනවා මේක වටේ ඇවිදලා කැලෑ මල් කඩාගෙන ඇවිත් ලඟ කෝප්පෙකට දාගෙන මල් වාස් එකක් හදාගෙන ඉන්නවා.මොනව කරත් පරිස්සමෙන්, මේ මානසිකව දුර්වල වෙච්ච රෝගියො කියන එක අමතක කරන්නෙපා." හෙදිය එසේ පවසමින් ඇගේ රාජකාරි කටයුතු සඳහා පිටව ගියාය.
එදින රාජකාරී නිමාවෙන් පසුව මම පොත් කඩයට ගොඩ වැදීමි.හතලිස් වියැති කාන්තාවකට ගැලපෙන පොත් කිහිපයක් මා හට තෝරාදීමට කඩේ සේවිකාවන් යුහුසුලුව කටයුතු කලෝය. මම එයින් නොනැවතී ස්වාභාවික පෙනුමැති මල් පොකුරක්ද මිලදී ගත්තෙමි.
පසු දින වේලාසනම අවදි වූ මම ඉක්මනින් ලක ලැහැත්ති වී ඊයේ දින මිලදී ගත් මල් පොකුරද, පොතක්ද අතැතිව වේලාසනම ජේන් ද සිල්වා මුණ ගැසීමට පිය මැන්නෙමි.ජේත්තුකාරිය පෙර දින පරිදිම හැඳ පැලඳ පෙර ස්තානයේම හිඳගෙන ස්වකීය ආඩම්භර ලීලාවෙන් පොතක් කියවමින් උන්නාය.මා කෙමෙන් ඇය වෙතට ලංව මා අත තිබූ මල් පොකුරත් පොතත් ඇය වෙත පා "Good morning මිස් ජේන්" යැයි පැවසූවෙමි.
ඇයගේ මුහුණේ තප්පර කිහිපයකට ඇඳුන සතුට ක්ෂණිකව වියැකී යනු මම දුටිමි. "මේ දේවල් කරන්නෙ මගේ කතාව අහ ගන්න ඕනෙ නිසානම්,ඒම ඕනෙ නෑ.මං කතාව කියන්නම්."ඇය බිඳුන හඬකින් මට පැවසුවාය.ඇගේ වචන වල මැලේ හුරුවක් විය. පලමු වතාවට මට වරදකාරී හැඟීමක් දැනෙමින් තිබුණි. ඇය මනස රෝගී වූ කාන්තාවක් බවත්, අධ්‍යාපන කටයුත්තකට වූවත් ඇගේ හැඟීම් සමඟ මෙසේ සෙල්ලම් කිරීම ඉතාම ලැජ්ජා සහගත ක්‍රියාවක් බවත් මට දැනෙමින් තිබුණි. ලාබ ප්‍රයෝජන තකා මිතුර මිතුරියන් වත් ආශ්‍රය නොකරන මම අසරණ රෝගී කාන්තාවකගේ ප්‍රකාශය හමුවේ පරාජිතව තිබුණි. මගේ ඇසට නැගුන කඳුලු බිඳු අතින් පිසදමමින්, "අනේ සමාවෙන්න මිස් ජේන්,මම එහෙම හිතුවෙ නෑ. කතාව කියන්න ඕනෙ නෑ.මං මේවා ගත්තෙ ඔයාට. ඔයා මේ ටික ගන්න." මම ඇය දෙස බලා බිඳුණ හඬින් පැවසීමි. ඇය මල් පොකුරත් පොතත් අතට ගෙන සුසුමක් හෙලුවාය. "මට ඔයාට කතාව කියන්න බැරි කමක් නැහැ, හැබැයි ඊට පස්සෙ ඔයාත් මාව විස්වාස කරන්නෙ නැහැ.මට පිස්සු කියලා හිතයි.මං ඒකයි දැන් කාත් එක්කවත් කතා නොකර ඉන්නෙ. මං කියන ඇත්ත කවුරුත් පිලිගන්නෙ නැහැ."ඇය ඇඬුම් ස්වරයෙන් කීවාය.
"මිස් ජේන්, ඔයා කැමති නම් කියන්න. අකමැති නම් නොකිය ඉන්න. මං ඔයාව ජජ් කරන්නෑ. මම ඔයාව විස්වාස කරනවා."මම ඇයට හදවතින්ම පැවසීමි. "හරි එහෙනම්", ඇය ඉඳ හුන් තැනින් නැගිට්ටාය. තව පුටුවක් ගෙන ඇගේ පුටුව සමීපයේම එය තබා "කතාව දිගයි.හිටගෙනම අහන් ඉන්න ගත්තොත් ඔයාගෙ කකුල් රිදේවි" යැයි ඇය සිනහ වෙමින් පැවසුවාය. මම එහි ඉඳගනිමින් ඇගේ සිනහවට හවුල් වූයෙමි. "ඔයාට කමක් නැත්තම් මම පොඩි පොඩි ප්‍රශ්න ටිකක් ඔයාගෙන් අහලා ඉන්නද මුලින්ම? ඒවා මට ලියාගන්නත් ඕනෙ.හැබැයි ඔයාට ප්‍රශ්නයක් නැත්‍තම් විතරක්."මම අවිස්වාසයෙන් යුතුව ඇයගෙන් ඇසීමි. "ඔයාගෙ කැමැත්තක්'.ඇය සුසුමක් හෙලමින් පැවසුවාය.
ඇයගේ Mental Status Examination, නොහොත් මානසික තත්ත්ව ඇගයීම අතින් ගත්කල එය කිසි සේත්ම Schizophrenic රෝගියෙකුගේ මානසික තත්ත්ව වාර්තාවක් සමඟ සමපාත නොවීය.මට ඇය ගැන අනුකම්පාවක් දැණුනි. මා වටේ සිටින අයවලුන් මා විස්වාස කිරීම සම්පූර්ණයෙන්ම නැවත්වූහොත් මට කුමන හැඟීමක් දැනේදැයි මා නිකමට කල්පනා කලෙමි. මොහොතකට මාගේ රුධිර ගමනාගමනය පවා අක්‍රමවත් වන බවක් මට හැඟී ගියේය.
"කියන්න මිස් ජේන්, ඔයා මොනවා කිව්වත් මං ඔයාව ජජ් කරන්නෑ. ඒ නිසා ඔයා බය නැතුව හැමදේම මට කියන්න."මම ඇයට පැවසීමි.ඇය සුසුමක් හෙලා දීර්ඝ කතාවකට සූදානම් වූවාය.
"මොකක්ද ඔයාගෙ නම?" ඇය අනතුරුව මගෙන් විමසුවාය. මගෙ නම "සචින්තා" මම ඇය දෙස බලා මහත් උද්‍යෝගයෙන් පැවසුවෙමි.
"මං මේ කතාව කියන පලවෙනි කෙනා ඔයා නෙවේ, හැබැයි මං ආයෙ මේ කතාව කාටවත්ම කියන්නෑ කියලයි හිතාන හිටියෙ. ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මේ කතාව මගෙන් අහන අවසානයා ඔයා. ඔයා මේක විස්වාස කරන එකක් නැහැ, මට මේක මෙහෙමමයි කියලා ඔප්පු කරලා පෙන්නන්න සාක්ෂියකුත් නැහැ. ඒ නිසා කතාව අවසානෙ මං ඔයාට අවස්තාව දෙනවා මේක ඇත්තද බොරුද කියලා තීරණයක් ගන්න."ඇය මාගේ දෑස් දෙසම බලාගෙන එසේ පැවසුවාය.මම ඇගේ මේසය මත වූ වීදුරුව ගෙන, එයට වතුර පුරවා එය ඇය වෙත පෑවෙමි, පසුව,"මිස් ජෙන්, වතුර ටිකක් බීලා, හොඳට හුස්ම ගන්න මුලින්. පස්සෙ විස්තරේ කියන්න."යනුවෙන් ඇයට පැවසුවෙමි. විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයකින් පසු ජේන් හඬ අවදි කලාය.මගේ ජීවිතයේ මා ඇසූ විස්වාසකිරීමට අපහසුම, මිලේජ්චතම කතාව ජේන් විසින් මා හට පැවසීමට පටන් ගත්තාය.
"මගෙ නම ජේන්ද සිල්වා.මගේ මමා බියට්‍රිස් ෆර්නෑන්ඩෝ, පපා ජෝන් ද සිල්වා දෙන්නම වැදගත් පවුල් වල අය. ඒ අයගෙ එකම දරුවා මම. පපාගෙ පැත්තෙත් පපාට ලැබුණ දේපල වලට අමතරව මමාගෙ පැත්තෙනුත් පපාට ගොඩක් දේපල ලැබුණු නිසා අපේ පපා හරි පෝසත් මනුස්සයෙක්.හැබැයි හරිම සැර කිසිම ආදරයක් තෙතමනයක් නොතිබුණ, බීමතටත් ගෑණුන්ටත් ඇබ්බැහි වෙච්ච මනුස්සයෙක් පපා. මගේ මමා හැමදේම දරාගෙන කාලයක් පපා එක්ක හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න උත්සාහ කරා. ඔක්කොම වෙනස් උනේ පපා මේරිවයි ඇන්ටනීවයි ගෙදර ගෙනාපු දවසෙ.ඇන්ටනී කියන්නෙ මේරිගෙ පුතා,මටත් වඩා අවුරුදු හතරක් වැඩිමල්. බැලු බැල්මට ඇන්ටනි කියන්නෙ පපාගෙම දරුවෙක් කියන එක දකින ඕන කෙනෙක්ට තේරෙනවා,පොඩි කාලෙ මට නොතේරුණාට. එතකොට මේරි, මේරි හරිම සංකර, දුෂ්ට,නපුරු ඒ වගේම කපටි ගෑණියෙක්..!" ඇය මද විරාමයක් ගත්තාය. කතාව අතරතුර ඇගේ දේහ ලක්ෂණ නිරීක්ෂණය කිරීමේදී, ඇයේ මව ගැන පවසන විට අනුකම්පාවත්, මේරි සහ ඇන්ටනි ගැන පවසන අවස්තාවේදී ඇගේ කෝපයත් ඇගේ මුහුනින් මනාව පිළිබිඹු විය.
"ඊට පස්සෙ?"මම ඇයට අලඟු තැබුවෙමි.
"ඊට පස්සෙ, දවසක් පපාව මමාගෙ අතටම අහු උනා මේරි එක්ක ඉද්දි,ඒ වෙලාවෙ ලොකු රණ්ඩුවක් ඇති උණා. ඒ වෙලාවෙ පපා මමාට කිව්වා ඇන්ටනී කියන්නෙත් තමන්ගෙම දරුවෙක් කියලා,ඒ විතරක් නෙවේ පපා මමාට කිව්වා මේරිවයි, ඇන්ටනීවයි මේ ගෙදර නවතිනවය,ඒකට කාගෙවත් අවසරයක් පපාට අවශ්‍ය නැතිය කියලා. මමා මේරි ලඟට ගිහින් "උබ මහ ලැජ්ජනැති ගෑණියෙක්ය "කියලා මේරිට බැන්නා. මං හොඳට දැක්කා එවෙලේ මේරි මගෙ මමාව තල්ලු කරා.මමා වැටුණා.එදයින් පස්සෙ මමා කවදාවත් ආයෙ නැගිට්ටෙ නෑ. මීට අවුරුදු පහකට කලින් මමා නැති වෙනකම්ම මමා හිටියෙ ඇදක් උඩ එකම තැන. විහිළුම දේ තමා මමාගෙ වැඩ ඔක්කොම පපා බාරදීලා තිබ්බෙ මේරිට. ඒ වගේම පපා හොඳටම දන්න ඩොක්ට කෙනෙක්ට තමා මමාව බලාගන්න දීලා තිබ්බෙ, ඩොක්ට කිව්වට ඒ මනුස්සයගෙත් තිබ්බෙ නරියෙක්ගෙ වගේ මහ කපටි මූණක්. එයා මේරි එක්කත් හුඟක් හිතවත්.එයා දෙන බෙහෙත් මමාට දුන්නෙ මේරි, මමාට ඉව්වෙ කැව්වෙ ඔක්කොම කරේ මේරි.පපා නිකමට වත් මමාව බලන්නවත් ආවෙ නෑ. මං පුංචි සන්දියෙ ඉඳන් මේ හැමදේම දිහා බලාගෙන ලොකු උනා.මේරි මාව බය කරා මමා ගැන විස්තරයක් කාට හරි කිව්වොත් මමාට බෙහෙත් ටික නොදී මැරෙන්න අරිනවය කියලා. කොහොමත් මට වැඩි යාලුවො හිටියෙ නෑ, මං වැඩිය කතා කරන කෙනෙකුත් නෙවේ නිසා මං මමා ගැන කාටවත්ම කිව්වෙ නෑ..." මේරි සුසුමක් හෙලා අතැතිව හුන් කෝප්පයෙන් වතුර උගුරක් බී නැවත ඇයගේ කතාව ආරම්භ කලාය.
"මට හොඳට ඉගන ගන්න පුළුවන්, මොනව උනත් ඇන්තනීටත් හොඳට ඉගන ගන්න පුලුවන්.මම සාහිත්‍ය තෝරගද්දි,ඇන්ටනි තෝරගත්තෙ ජීව විද්‍යාව.මේ හැමදේටම පපා වියදම් කරා, පපා වියදම් කරා කිව්වට මේරි පපා ලව්වා වියදම් කෙරෙව්වා. කොටින්ම ඇන්ටනි ගෙදර පුතා වෙලා,මම වැඩකාරිගෙ දුව ගානට වැටිලා හිටියෙ. පපා ඉන්න වෙලාවට මේරි මට හොඳට සැලකුවත් පපා නැති වෙලාවට ඇන්ටනී එක්ක මේරි මට හරියට කරදර කරා.මට ගැහුවා,මගේ පොත් පත් ඉරුවා, මගෙන් ගෙදර වැඩ ගත්තා. පපා ගෙදර ආවම මං ගැන පැමිණිලිත් කරා. මම බොහොම හිතුවක්කාර දරුවෙක් ය, මේරි මට කොච්චර හොඳ කලත් මං එයාව පිලිගන්නෑ කියන එකයි, මගේම පොත් පත් මං ඉරා කඩා ගන්නවය, දවසෙම සෙල්ලම් කරලා කුණු දූවිලි ගාගෙන පිරිසිදු වෙන්නෙ වත් නැතුව ඉන්නවය වගේ එක එක දවසට මං ගැන කියන්න,මේරිට එක එක වැරදි තිබුණා.පපා හැමදාම මං එක්ක හිටියෙ තරහින්, එයා ඉනේ බඳින පටිය ගලවලා ඒකෙන් හැමදාම මට ගැහුවා."ජේන්ගේ දෑසට කදුළක් නැගී තිබුණි. ඇගේ කටහඬ ඇඩුම් ස්වරයක් ගත්තීය. අත් පවා වෙව්ලමින් තිබුණි.මෙම අසරණ කාන්තාව පිළිබඳ නැවත වරක් මාගේ සිතෙහි වේදනාවක් හට ගැනුණි.
"මිස් ජේන්, ඔයාට අපහසු නම් අපි අදට නවත්තමු,හෙට බැරිය ඉතුරු ටික කියන්න."මම ඇයට පැවසුවෙමි. මදක් නිහඬව සිට දෑසට නැගි කදුළු බිඳු පිසගත් ඇය, සුසුමක් හෙලා ලය සැහැල්ලු කරගත්තාය. "නෑ එහෙම ඕනෙ නෑ, මං කතාව කියන්නම්." ඇය නැවතත් ඇයගේ වේදනාබර අතීත කතාව මා ඉදිරියේ දිඟහැරීමට පටන් ගත්තාය.
"මමා නැති වෙද්දි මට අවුරුදු දහසයක් විතර,මමා ඇදේමයි හිටියෙ.එදා වැටුනට මමාට සිහිකල්පනාව නැතිවෙලා මැරෙන්න තරම් අමාරුවක් එයාට තිබ්බෙ නැහැ. එයා බලන් ඉද්දි වයසට ගියා. එක දවසක්, මේරි එයාට සුප් එක කවන අතරෙම මමා නැති උණා.ඊට පස්සෙ මම සෑහෙන්නම තනි උණා.මමා නැති වෙච්ච දවසෙ පපා මේරි එක්ක රණ්ඩු කරා, මේරිත් හරි හරියට පපා එක්ක කියෙව්වා, ඒ අතරෙ ඇන්ටනි කොහෙදෝ ඉඳලා ලොකු පොල්ලක් දික් කරගෙන ඇවිත් පපාට ඒක පෙන්නලා බය කරා. ඒ වෙද්දි ඇන්ටනි medical facalty එකේ දෙවෙනි අවුරුද්දෙ හිටියේ.පපා ඇන්ටනි දිහා බැලුවෙ හරි වියරු බැල්මක් "උබ එනවද මට අත උස්සන්න,උබ දන්නවද මං කවුද කියලා" පපා සද්දෙන් කෑ ගහල ඇන්ටනීගෙන් ඇහුවා. ඇන්ටනී පපා දිහා බලන් හිටියෙ අවඥාවෙන්, ඒ බැල්ම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. "උබ මං වගේ ළමයි ගොඩකගෙ තාත්තෙක්, හැබැයි උන් වගේ මං නම් මේවා අතඇරලා යන්නෑ. හොදින් හරි නරකින් හරි මං මට හිමි දේ ගන්නවා."ඇන්ටනි ඒ ටික කිව්වෙ හිමින් උනත් හරිම විස්වාසෙකින්.ඒ සිද්දියෙන් පස්සෙ පපා වැඩිපුර එලියට ආවෙ නැහැ.හැබැයි එයාව හම්බුවෙන්න නිතරම හොඳ සූට් ඇදපු මහත්වරු කීප දෙනෙක්ම ආවා.එයාලා ආපු ගියපු එක විතරයි මම දැක්කෙ. මේරි පපාගෙ හිත හදන්න සෑහෙන්න උත්සාහයක් ගත්තා. ඒත් පපා සෑහෙන්න කලකිරීමෙන් හිටියෙ කියන්න බැලූ බැල්මට පෙනුනා. පපා මට වැඩිය කැමති නැති නිසා මම පපාගෙන් ටිකක් ඈත් වෙලා මගේ වැඩ ටික කරන් හිටියෙ මට අනවශ්‍ය කරදර ඕනෙ නැති නිසයි.ඒත් දවසක් හදිස්සියෙම පපා මට එන්න කියලා තිබුණා. මං පපාගෙ කාමරේට ගියෙ හරිම දෙගිඩියාවෙන්.පපා වෙන යමක් කීවෙ නැහැ කොලයක් පෙන්නලා ඒකෙ අස්සන් කරන්න කිව්වා.පපාගෙ කටහඬත් ටිකක් වෙනස් වෙලා තිබුනෙ.මං දොර පැත්තට හැරෙද්දිම පපා ආයෙ මට කතා කරා, "ජේන්....!" මම පපා දිහා බැලුවම පපා මට ලියුම් කවරයක් දීලා කිව්වා ඒක අපේ පල්ලියෙ සිස්ටර් ඈන්ට ගිහින් දෙන්නයි කියලා, නමුත් මේරිටවත් ඇන්ටනීටවත් මේ ගැන දැනගන්න තියන්න එපයි කිව්වා.සතියක් විතර සාමකාමීව ගෙවිලා ගියා. හදිසියේම පපා වැටිලා තිබුණා. මමා වගේම පපාවත් බැලුවෙ මම අර නමක් ගමක් නොදන්න දොස්තර, සතියකින් විතර බලද්දි,මමා වගේම පපාත් සෑහෙන්න වයසට ගිහින් කියලා තේරුණා.පපා මේරිගෙ කෑම ප්‍රතික්ෂේප කරද්දි,මේරි තමා බලෙන් බලෙන්ම පපාට කවලා පොවලා එයාව බලා ගත්තේ.හැමෝම ඒකට මේරිට හොඳ කිව්වා."
හුස්මට කියවූ ජේන් මදකට නතර වූවාය.ඇගේ මුහුණ පෙරටත් වඩා නොසන්සුන් වූ අතර හුස්ම ගැනීමේද යම් අක්‍රමවත් බවක් විය.මම ඇයගේ ජීව ලක්ෂණ (Vital sings )පිරික්සුවෙමි.ඇයගේ රුධිර පීඩනය මදක් ඉහළ ගොස් තිබූ අතර හර්ද ස්පන්දයේද සැලකිය යුතු මට්ටමක ඉහල යාමක් දක්නට ලැබුණි.මම ඇයට වතුර වීදුරුවක් පෑවෙමි."මිස් ජේන්, deeply breath කරන්න. මම count කරන්නම්." එයින් ඇය මදක් සන්සුන් වනතෙක් ඇගේ ආශ්වාස වේගය පාලනය කිරීමට මට හැකිවිය.
මොහොතකින් සන්සුන් වූ ඇය නැවත කතාව ඇරඹුවාය. "ඔය අතරෙ තමා මට ක්‍රිස්ටෝපර් ව හම්බු උනේ, මම සාමාන්‍යයෙන් වැඩිය එළියට බහින කෙනෙක් නෙවේ. පල්ලියෙ දේව මෙහෙයට ගිහින් එද්දි තමා මට ක්‍රිස්ටෝපර්ව මුලින්ම මුණ ගැහුනෙ.මං හිතන්නෙ එයත් පල්ලියට ඇවිත් වෙන්න ඇති. එයාගෙ උසට සුදුවට ඝණකම් ඇහිබැම, කැරලි කොන්ඩෙත් එකතු වුණාම ක්‍රිස්ටෝපර්ට ගෙනාවෙ අමුතුම ආකර්ෂණයක්.පල්ලියට එන සෑහෙන්න ගෑණු ළමයි මඟහැරලා ක්‍රිස්ටෝපර් ඇවිත් මට කතා කරාම මං සෑහෙන්න නොසන්සුන් උනා. ඒත් හැම ගෑණු ළමයෙක්ටම දැනෙන පුංචි ආඩම්බරේකුත් මට දැනුණා. හෙලෝ කියලා පටන් ගත්තු අපේ කතාව සෑහෙන්න දුර ගියා. දවස් කීපෙකින් ක්‍රිස්ටෝපර් මගේ පෙම්වතා උණා. ක්‍රිස්ටෝපර් මට කිව්වා එයා ගැනවත්, එයාගෙයි මගෙයි සම්බන්ධෙ ගැනවත් දැම්ම කාටවත් කියන්න එපා කියලා. එයා එහෙම කිව්වෙ මගෙම ආරක්ෂාවට.
ඔය අතරෙ පපාට ගොඩාක් අමාරු උණා, ලෙඩ ඇදේ ඉන්න පපා එක්ක මේරි නිතර නිතර රණ්ඩු උනා. මට යන්තමින් තේරුණ විදියට එයාලා කතා උනේ දේපළ ගැන.මේරිට ඕනෙ උනේ දේපළ ඇන්ටනි ට ලියවලා දෙන්න. ඒත් පපා කියපු දේට මං පුදුම උනා. පපා කිව්වා එයා මේ වෙද්දිත් දේපළ ඔක්කොම මගෙ නමට ලියලා ඉවරයි කියලා. මේරිගෙ මූණෙ ඇදුණ දුෂ්ඨ වියරුව ඈත තියාම මට අඳුනගන්න අමාරු උනේ නැහැ.ඒ මූණෙ තිබ්බෙ මාව මරලා දාන තරම් තරහක්.පපා මේරිගෙ සිතුවිලි තේරුම් අරන් ද කොහෙද "ජේන්ට කරදරයක් කරන්න හිතන්නවත් එපා,ජේන්ට මොනව හරි උනොත් ඒ තප්පරේම මේ ඔක්කොම දේපල මහළු නිවාසෙකට පවරන්න මං අවසාන,කැමැත්‍ත ලියලා භාර දීලා තියෙන්නෙ." අමාරුවෙන් උනත් ස්තීර හඩකින් පපා මේරි දිහා බලලා කිව්වා.
මේරි හැසිරුණේ පිස්සුවෙන්,වියරුවෙන්. "උබ යක්ෂයා, උබ හැමදේම විනාස කරා මේරි කෑ ගගහා පපාගෙ කාමරේ තිබුණ බඩු විසි කරන්න පටන් ගත්තා.පපාගෙ මේසෙ ලාච්චු ඇරගෙන මේරි පිස්සුවෙන් වගේ මොනවද හෙව්වා, අවසානෙ ෆයිල් එකක් අතට ගත්තු මේරී "අයියෝ ඔක්කොම ඉවරයි,මගෙ ඇන්ටනී. මේ යක්ෂයා අපිව රැවැට්ටුවා."කියලා කෑ ගහලා අඬන්න පටන් ගත්තා. ඒ අස්සෙ පපා අමාරුවෙන් උනත් හරි සරදම් හිනාවකින් මේරි දිහා බලාගෙන හිටියා."
"මේ අතරෙ ක්‍රිස්ටෝපරුයි මමයි සෑහෙන්න ලං උණා, සෑහෙන්න කියන්නෙ ඕනවටත් වැඩිය.මොකද මට මේ ලෝකෙ විස්වාස කරන්න පුළුවන් කෙනෙක්ට හිටියෙ ක්‍රිස්ටෝපර් විතරයි. ක්‍රිස්ටෝපර් හැමතිස්සෙම මගේ ආරක්ෂාව ගැන හිතුවා,කොයිම වෙලේකවත් පිට ලෝකෙ අපේ සම්බදෙ ගැන නොදැනගන්න වගබලාගන්න කියලා ක්‍රිස්ටෝපර් මට කිව්වා. එහෙම උනොත් මේ හැමදේම මේරියි ඇන්ටනියි එකතුවෙලා විනාස කරලා දාවි කියල එයා කිව්වා, තව මාස පහකින් එයාලගෙ දෙමව්පියො ආවම මාව එයාගෙ බ්‍රයිඩ් කරගන්නයි ක්‍රිස්ටෝපර් ප්ලෑන් කරලා තිබ්බෙ. මං ක්‍රිස්ටෝපර් ගැන කොච්චර විස්වාස කරාද කියනවනම් ඒ වෙනකොටත් ක්‍රිස්ටෝපර් ගෙ ලේ මගේ කුසේ වැඩෙමින් තිබුණ බව වත් මං කාටවත් කීවෙ නෑ, ක්‍රිස්ටෝපර් කිව්වා පුළුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න, බබාව පරිස්සම් කරගන්න ඕනෙ නිසා මං ගැබිනියක් කියන එක බොහොම පරිස්සම් රහසක් විදියට තියාගන්න කියලා."
"ඔහොම දවස් කිහිපයක් ගත උනා, ගේ ඇතුලෙ අමුතු දේවල් වෙන්න පටන් අරන් තිබුණත් මෙහෙමයි කියලා කියන්න තරම් ඒවයෙ පැහැදිලි කමක් වත්,තේරුමක් වත් තිබ්බෙ නෑ මට. පපාට සෑහෙන්න අමාරු වෙද්දි එයා මට එන්න කියලා පණිවිඩයක් එවලා තිබ්බා. "ජේන්, මට ඕනෙ උනේ පිරිමි දරුවෙක්,මං කවදාවත් ඔයාව මගේ දරුවෙක් විදියට පිළි නොගන්න ලොකුම හේතුව ඔයා ගෑණු ළමයෙක් වීම."පපා මට එහෙම කියද්දි එයාගෙ ඇස්වලින් කඳුළු බේරෙනව මං දැක්කා.මං ඒවා මගෙ ලේන්සුවෙන් පිහදාලා, "පපා, මට සමාවෙන්න මෙහෙම කියනවට.ඔයාට තිබුණා තව දරුවෙක් හදන්න. මමා එක්ක තව ඔයාලා දෙන්නගෙ පිරිමි දරුවෙක් හදන්න. එහෙම නැතුව ඔයා කරපු මේ වැඩෙන් වෙච්ච විනාසෙ බලන්න පපා.රජෙක් වගේ ජීවත් වෙච්ච ඔයා දැන් ඉන්න හැටි බලන්න".මමත් පපාගෙ අත් දෙක අල්ලගෙන කඳුළු අතරින් පපාට කිව්ව. ඒ තමයි පපයි මමයි හොඳින් කතා කරපු මුල්ම හා අන්තිම පාර. "ජේන් මේ අහන්න මගෙ දරුවෝ, මං මුලින් සරු මිනිහෙක්, මගේ දරුවො සෑහෙන්න ඇති. මං මමාව බැන්දෙ මගේ වැරදි හදාගෙන හරි ගමනක් යන්න. ඒත් ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවේ. මමාව බැඳලා ටික කාලයක් යද්දි මම සම්පූර්ණයෙන්ම බෙලහීන මනුස්සයෙක් වෙනවා.මගේ තිබ්බ මාන්නක්කාරකමට ඒක ඔයාගෙ මමාට කිව්වෙ නෑ. ඒ වෙනුවට මම මමාව මට එපාවෙලා වගේ රඟපෑවා.පස්සෙ මේ බොරු රඟපෑමක් කරන්න වෙන්නෙ මමා නිසයි ඔයා නිසයි නිසා මට ඇත්තටම තරහ ගියා. ඇන්ටනි මගේ පුතෙක් තමා, මේරිට මං විස්තරේ කියලා ගෙන්නව ගත්තෙ මේ ප්‍රශ්නෙට සහනයක් ගන්න. ඒත් මේරිට දේපල දැක්කම තන්හාවක් ආවා.එයා මමාවයි ඔයාවයි මගෙන් ඈත්ම කරලා දැම්මා. මමාගෙ මරණෙටත් වග කියන්න ඕනෙ මේරි,මගෙ මරනෙට උනත් එහෙමයි.මට තව වැඩි වෙලාවක් ඉතුරු වෙලා නෑ මගෙ දරුවෝ.මං මේ හැමදේම ඔයාගෙ නමට ලිව්වා.එයාලට ඔයාට මුකුත් කරන්න බෑ,ඔයාට මොනව හරි වුනොත් මේවා එයාලට පාවිච්චි කරන්නවත් වෙන්නෙ නෑ. පරිස්සමෙන් ඉන්න.පපා ඔයාට ආදරෙයි.පපාට සමාවෙන්න....!! පපා එච්චරයි කිව්වෙ, පපුව අල්ලගෙන හයියෙන් හුස්ම ගත්තා. ඊට පස්සෙ පපාගෙ බෙල්ල කඩාගෙන වැටුණා...!".
"පපා මැරුණම මේරි ඒකෙ වැරැද්දත් මගෙ පිට දැම්මා. ඒ අතරෙ, ගෙදර අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තා. මුලින් මුලින් මං හිතුවෙ පපයි මමයි දෙන්නම් නැති නිසා මට මැවෙන විකාර කියලා. ඒත් මට හිටි හැටියෙ තදට නින්ද යන්න, එක එක විකාර හීන පේන්න පටන් ගත්තා.මට නින්ද යන්න තැනක් නොතැනක් තිබ්බෙ නෑ. උදාහරණයක් විදියට කිව්වොත් කෑම කාමරේට ගිහින් ඉද්දි මට නින්ද යනවා, මට ඇහැරෙද්දි මේරි බෙරිහන් දිදී බනිනවා මොනවද ඒ පුරුදු කියලා. කෑව මතකයක් වත් නැති උනාට මගේ කෑම පිඟානෙ බාගයක් මම කාලා. "
"අහ් කලින් කියන්න අමතක උනා, අපේ ගෙදර බල්ලෙක් හිටියා කාලෝ කියලා. කාලෝ මට හරි එකතුයි. මම දවසක් කාලෝගෙ කූඩුව තිබුණ තැනට ගියා. එතන කූඩුවක් තිබ්බෙ නෑ, ලස්සන මල් ගොඩක් වවලා පරණ බෙන්ච් එකක් එතන තිබුණා.මං වත්තෙ වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවා කාලෝ ගැන. එයා කාලෝ ගැන දැනන් හිටියෙ නෑ, එයා කිව්වා එයා දන්න කාලෙ ඉඳලා එතන තිබ්බෙ ඒ බෙන්ච් එකයි මල් ගසුයි කියලා.හැබැයි එහෙම කෙනෙක් කලින් වත්තෙ වැඩ කරා කියලත් මට මතකයක් තිබුනෙ නෑ."
"මට හිතවත් කෙනෙක් කුස්සියෙ වැඩට හිටියා මාගරීටා කියලා. එයා ටිකක් වයස,මහත මව්වත් පෙනුමක් තිබ්බ මනුස්සයෙක්.මට හිතුණා මේ ගැන මාගරීටා එක්ක කතා කරන්න. මං මාගරීටා එනකම් කාමරේට වෙලා බලාගෙන හිටියා. කාමරේට ආවෙ බුම්මං ඉන්න මූණක් තිබ්බ ගෑණු ළමයෙක්. "මමයි මාගරීටා,මිස්ට මොනවද ඕනේ?" ඒ ළමයා කිසිම ගරු සරුවක් නැතුව මගෙන් ඇහුවා."
"මට හැමදේම පැටලිලා වගෙයි දැනුනෙ. මට හිතුණා ක්‍රිස්ටෝපර් මාව තේරුම් ගනී කියලා. මං දවසක් දේව මෙහෙයට සම්බන්ධ වෙලා එද්දි ක්‍රිස්ටෝපර්ව හමු උනා. එයා මං දිහා බලාන හිටියෙ මාව කවදාවත් දැකලා නෑ වගේ, ඒ එක්කම ලස්සන ගෑණු ළමයෙක් ඇවිත් ක්‍රිස්ටෝපර් ගෙ අතේ එල්ලිලා ඇහුවා මොකක්ද ප්‍රශ්නෙ කියලා.මං ඒ වෙලාවෙ ක්‍රිස්ටෝපර්ගෙයි මගෙයි සම්බන්ධෙ ගැන කතා කරන්න උත්සාහ කරා.ඒත් ක්‍රිස්ටෝපර් මාව බැනලා එලව ගත්තා. එයා කිව්වා එයාගෙ නම ක්‍රිස්ටෝපර් නෙවේ කියලත්. මං පල්ලියට ගිහින් එහෙත් හොයලා බැලුවා ක්‍රිස්ටෝපර් ගැන. එයාලා කිව්වා එහෙම නමක් තියන කෙනෙක් කවදාවත් පල්ලියෙ දේව මෙහෙයට සහභාගී උනේ නෑ කියලා. සෑහෙන්න පටලැවිල්ලක් වෙලා කියලා මට තේරුණා. මං ඉක්මනින් ගෙදර ගියා.එදා දවසෙම මං එලියට බැස්සෙ නෑ."
"එදා රෑ, මට එක පාරම ඇහැරුනේ දුම් ගඳකට. මං බලද්දි කාමරේ දුමෙන් පිරිලා තිබ්බා. මගේ කාමරේට එහා පැත්තේ බිම ලොකු ගින්නක් ඇවිලෙමින් තිබුණා. මට කෑ ගහන්න ඕනෙ උනත් දුම හින්දා ඒකකරගන්න් පුළුවන් කමක් තිබුණෙ නැහැ. මං ගිහින් මගේ දොර අරින්න උත්සාහ කරා, ඒ උනාට දොර පිටින් යතුරු දාලා තිබ්බෙ. ඒ උනාට දොරේ යතුරු තුනම මගේ යතුරු කැරැල්ලෙ තාම එල්ලෙමින් තිබුණා..!!
"දුම් සැරට මට සිහිය නැති උනේ දොර ගාවමයි.ඒත් මං ඇහැරුණේ මගේ ඇඳ උඩ.කිසිම දෙයක් වෙනස් නොවී කලින් විදියටම කාමරේ තිබුණා, හැබැයි මගේ කාමරේ එයාෆ්‍රෙෂ්නර් සුවදටිකක් වැඩිපුර දැනෙනවා වගෙයි මට හිතුනෙ.මම ජනේලෙන් එලිය බැලුවත් සියලුම දේ,කලින් වගේම සාමකාමීව තිබුණා...!!"
"මම බොහොම අමාරුවෙන් මගේ කුස සඟවගත්තේ. මොකද තව දුරටත් ක්‍රිස්ටෝපර් කෙනෙක් මං වෙනුවෙන් හිටියෙනෑ. ඒ ඇරත් මට ඇත්තටම බය හිතුනා මේ ගැන දැනගත්තම ඇන්ටනි දරුවට මොනව හරි කරයි කියලා. මං පුළුවන් තරම් හැංගිලා, දරුවව ආරක්ෂා කර ගත්තා. ඒත් එක රැයකහැමදේම වෙනස් උනා, එතකොට මගේ බබාට සති 34ක්,35ක් විතරඇති. මට නින්ද ගියෙ නෑ, වරින් වර ඇතිවෙන වතුර තිබහ සහ මුත්‍රාබර නිසා මම අවදියෙනුයි හිටියෙ. මට එළියෙ කතාබහක් ඇහුණා. පිරිමි දෙන්නෙක් එලියෙ කතාවෙමින් හිටියෙ, එක්කෙනෙක් ඇන්ටනි බව මට කටහඬින් අඳුර ගන්න පුළුවන් උනා. අනිත් පිරිමි කටහඬත් මට සෑහෙන්න හුරු පුරුදු එකක් උනත් කවුද කියන එක එක පාරටම හිතාගන්න බැරි උනා. එයාලා කතා උනේ බබෙක්ව විකුණන එකක් ගැන, ඊට අමතරව අම්මගෙයි බබාගෙයි කළල බන්ධයට පවා ඉල්ලුමක් ඇවිත් කියලා ඇන්ටනි කිව්වා. අනිත් පිරිමි කෙනා ඇහුවා ඒ මොකටද කියලා.
"ඇයි ලුවිස් දන්නෙ නැද්ද සල්ලිකාර ගෑණු තමන්ගෙ තරුණකම රැකගන්න ඔය කළල බන්ධෙන් හදපු සුප් බොනවා, ඒකෙන් හදපු එක එක ජාතියෙ ක්‍රීම් ගානවා.ගෑනුන්ට නම් පිස්සු". එහෙම කියලා ඇන්ටනි වියරුවෙන් හිනා උණා. මම ජනේලෙ රෙද්ද අයින් කරලා චුට්ටක් එබුණා එතන හිටියෙ කවුද කියලා බලන්න. මගේ අත්පය ඔක්කොම හිරි වැටුණා, කොන්ද දිගේ සීතලක් ඇඳුනා. මට කලාන්ත ගතියක් ආවා. එතන හිටියෙ වෙන කවුරුත් නෙවේ. ඇන්ටනී එක්ක කතා කරේ ක්‍රිස්ටෝපර්. මම බය වෙච්ච පාරට මගේ අත වැදිලා මේසෙ උඩ තිබ්බ වතුර වීදුරුව වැටුණා, ඒකෙ සද්දෙට මේ පැත්ත බලපු ඒ යක්ෂයො දෙන්නට මං ඉන්නවා හොඳට පෙනුණා.....!!"
"ලුවිස්, ඒකිට ඔක්කොම ඇහුණා, දෙවියන්ගෙ නාමෙට ඒකිව අල්ලගන්න ලුවිස්." ඇන්ටනි කෑ ගහගෙන දුවගෙන ගේ පැත්තට ආවා.මට මොකක්ද කරන්න ඕනෙ කියලා හිතාගන්න බැරුව හිටියේ.මම එලියට දිව්වා,මට ඕනෙ උනේ මේ වත්තෙන්ම එලියට දුවලා උදව් ඉල්ලගන්න.ඒත් මගේ කකුල් පැටලිලා මම ඇදගෙන වැටුණා. අර යක්ෂයො දෙන්නා මාව අල්ල ගත්තා. ඊට පස්සෙ වෙච්ච දේවල් මට මතක කඩින් කඩ. උන් ඇන්ටනීගෙ පරීක්ෂණ කාමරේදි මගෙ දරුවව එලියට ගත්තා. ඊටත් පස්සෙ කළල බන්දයත් ගත්තා..!! ඊට පස්සෙ මට සිහිය නැති උණා."
"මට සිහිය එද්දි පුරුදු පරිදි මං හිටියෙ කාමරේ ඇඳ උඩ. බඩේ තිබුණ හිස් කමයි, වේදනාවයි නැත්තම් හැමදේම හීනයක් වගේ ඉවර වෙලා තිබුණා. මං ඉස්සරහ හිටියෙ මමාටයි පපාටයි බෙහෙත් කරපු දොස්තර. මාගරීටා කියන් ගෑණු ළමයත් මුස්පේන්තු මූණෙන් කාමරේ අයිනකට වෙලා හිටියා. ඔයා ඊයෙ එලියෙ වැටිලා හිටියා.ඔයාට මොකද උනේ?' ඒ මිනිහා කපටි හිනාවක් දාගෙන මගෙන් ඇහුවා."කෝ මගෙ දරුවා, උඹලා මට මොකද කරන්න යන්නේ?" මං කෑ ගහලා උන්ගෙන් ඇහුවා. මොන දරුවෙක්ද මිස් ඔයාට. "ඔයාට පෙම්වතෙක්වත් හිටියෙ නැහැනෙ?"මාගරීටා කට අඹරවවල මට උත්තර දුන්නා."
"මට ටිකක් සුව උනාම මං පල්ලියට ගිහින් මට වෙච්ච කරදරේ කිව්ව. ඒ උනාට ඒ වෙද්දි මේරියි, ඇන්ටනියි ඉස්සර වෙලා තිබුණා. එයාලා හැමෝටම කියලා මමාගෙයි පපාගෙයි මරණෙන් පස්සෙ මං විකාර හිතාගෙන විකාර කියවනවා කියලා. පල්ලියෙ පියතුමාවත්,සිස්ටලාවත් මගේ කතාව විස්වාස කරේ නෑ. මගේ දරුවා ගැන, ක්‍රිස්ටෝපර් ගැන කාටවත් නොකියා හිටිය එක මට ඒ වෙලාවෙ ලොකු අවාසියක් උනා. පස්සෙ මට තේරුණා, ක්‍රිස්ටෝපර් එහෙමත් නැත්තම් ලුවිස් කියන්නෙත් මෙයාලගෙ ප්ලෑන් එකේම කොටසක් කියන එක. ගැටළුව එක එක ලිහුනත් මට ඒක ඔප්පු කරගන්න සාක්ෂි තිබුණෙ නෑ. ඒකට සාක්ෂි හොයන්න මං බොහොම විමසිල්ලෙන් හිටියා. දවසක්, මේරියි අර හොර දොස්තරයයි කාමරේ කතා කරද්දි මං එළියට වෙලා අහන් හිටියා. මමාගෙයි, පපාගෙයි මරණෙට හේතුව ඒ දොස්තර දීපු තැලියම් අඩංගු බෙහෙතක් කියන එක එයාට කියවුණා. ඌ කොක් හඬලලා හිනා වෙලා "අර පිස්සු ගෑණිවත් අයින් කරාම මේ ඔක්කොම ඔයාගෙයි මගෙයි අපේ පුතාගෙයි මේරි"කියලා කිව්වා. මට මාව පාලනේ කරගන්න බැරි උනා.මම කාමරේට පනිද්දිම මට අහුවුණේ මේරිව.මං ඒකිගෙ බෙල්ල මිරිකගෙන හිටියා. ඒ අස්සෙ දොස්තර මට බෙහෙතක් විද්දා,මං නැගිට්ටෙ මෙහේදි.මං දැන් මේ ජීවිතේට හුරුවෙලා දරුවෝ.කවුරුත් මේවා විස්වාස කරන්නෙ නැහැ "
ජේන් දිගු හුස්මක් හෙලා ඇගේ කතාව අවසන් කලාය. අපැහැදිලි තැන් රහිත ඇගේ කතාව Schizophrenia රෝගියෙකුට ගෙතිය නොහැකි එකක් බව මට හැඟී ගොස් තිබුණි.මේ ගැටළුව කෙසේ ලිහන්නදැයි කල්පනා කරමින් සිටි මගේ කල්පනාව ජේන්ගේ හඬින් බිඳුණි.
"ඔයාටත් මාව විස්වාස නෑ නේද?"සිනහවක් මුවට නගා ගනිමින් ඇය මගෙන් විමසුවාය.
"නෑ මිස් ජේන්,මට තේරෙනවා මොකක් හරි වැරැද්දක් වෙලා තියනවා. මං මේ කල්පනා කරේ මං කොහොමද ඔයාට උදව් කරන්නෙ කියලා."යනුවෙන් මම ඇයට පැවසුවෙමි.ඇයගේ මුහුණේ බලාපොරොත්තුවක සේයාවක් ඇඳෙනු මම දුටුවෙමි.
"මං දන්නවා,මං මේ ඉල්ලන දේ ඔයාගෙ රස්සාවට පටහැනී කියලා.මට මේ උදව්ව ඉල්ලන්න වෙන කෙනෙක් නෑ.ඔයාට පුළුවන් නම් ඔයා මට මෙතනින් එලියට යන්න උදව් කරන්න. මං මේ ප්‍රශ්නෙ විසඳගන්නම්. දැන් ඉස්සර වගේ මෝඩ වැඩ කරන්නෑ මම,මට මේකෙ මුල මැද අග තේරෙනවා.මං අහුවුනත් ඔයාව අහුකරන්නෑ කියලා මං පොරොන්දු වෙනවා." ජේන් මා ඉඳිරියේ බැගෑපත් වීය.
"හොඳයි මිස් ජේන්,මං ඔයාට උදව් කරන්නම්. හැබැයි ඒකට මට පොඩි කාලයක් ඕනේ." මම පැවසු අතර ඇය එකඟ වූවාය.
සති හයේ මානසික රෝග පුහුණුව අවසන් වීමට ආසන්නය.නමුත් ජේන්ගේ රෝග සත්කාර අධ්‍යනය මේ වන විටත් මා රෝගියෙකු කර අවසානය.උදයක් දහවලක් රැයක් නොමැතිව ජේන්ගේ කතාව මගේ හිසේ රැදී තිබීම මට මහත් අපහසුතාවයක් ගෙන දෙන්නක් විය.අවසාන විභහගයත් සමත් වූ නමුත් මගේ සිත බෙහෙවින් නොසන්සුන් විය.වෘත්තීය ගරුත්වය පසෙකලා ජේන් නැමති අසරණ කාන්තාවට උපකාර කිරීමට මම තීරණය කලෙමි. මාගේ අවසාන වාට්ටු ගමනේදී , උපැස් යුවලකුත් හෙද ඇදුම් කට්ටලයකුත් හෑන්ඩ් බෑගයකුත් මගේ බෑගයේ රැගෙන ගොස් මම ජේන්ට ලබා දුනිමි.
"ඔය ටික හරියට ඇඳගෙන, එහා වාට්ටුව පාරෙන් යන්න. මම මේ කොලේ ඇඳලා තියනවා ඔයා යන්න ඕනෙ පාර. God bless you මිස් ජේන්, Good luck...!!" ඉක්මනින් ඇයට පැවසූ මම එතනින් වේයයෙන් පිට වූවෙමි.
එතැනින් පසු මට ජේන් ගැන කිසිවක් දැන ගැනීමට නොලැබුණි. කිසිවෙකු ඒ ගැන මගෙන් ප්‍රශ්න කිරීමක් හෝ නොකරාය. නමුත් වෘත්තීය ගරුත්වය පළුදු කිරීම යන චෝදනාව මගේ හෘද සාක්ෂිය මඟින් විටින් විට මා වෙත චෝදනා කල අතර, මා රැකියාව අතහැර යාමට තීරණය කලෙමි.
පසුව මම කොළඹ ආයතනයක සහකාර කළමණාකාරවරියක් ලෙස වැඩ බාර ගතිමි, ජේන් සහ ඇගේ කතාවත්, ඇයට උදව් කිරීමෙන් මා කල වරද ගැන වූ හෘද සාක්ෂියත් කාලය අවෑයමෙන් මට අමතක වීය. නමුත් ආයතනය තුල වූ පරණ පත්තර මිටියක් රැගෙන පැමිණි සේවකයෙක් ඒවා විකිණීමට මගෙන් අවසර පැතුවේය. මම යන්තම් ඒ දෙස බලා හිස වනා එය අනුමත කර අතර වහා යමක් මතක් වී සේවකයාගෙන් පත්තරය ඉල්ලාගත්තෙමි. පත්තරයේ සිරස්තලය ලෙස " දේපළ වලට තන්හාවෙන් අඹුසැමියන් ඝාතනය කල පවුල අත්අඩංගුවට, දියණිය මානසික රෝගියෙකු යැයි පෙන්වන්න උත්තාහ කරලා" යනුවෙන් තිබුණු අතර ක්ෂණිකව මට ජේන්ද සිල්වා මතකට නැගුණි. මම සටහන සම්පූර්ණයෙන්ම කියෙව්වෙමි.ඇත්තටම එය ජේන් ද සිල්වාගේ කතාව විය, අවසානයේ අසරණ කාන්තාවට යුක්තිය ඉෂ්ඨ වී තිබුණි.අත්තඩංගුවට පත් ඇන්ටනී ලඟ තිබූ ලිපි ගොණු මගින් ඇයට ඇගේ දරුවාවද සොයාගැනීමට හැකිවී තිබුණි. ඇයගේ සටහන ලියූ වාර්තාකාරිණියව ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ කරගත් මම ජේන් ද සිල්වා ගැන වැඩි දුර විමසුවෙමි.
"ඔයා සචින්තාද?" ඇය මගෙන් විමසුවාය. "ඔව්". යනුවෙන් මම උත්තර දුන් අතර "ජේන් කිව්වා එයාට ඔයා ලොකූ උදව්වක් කරා කියලා, හැබැයි එයා ඔයා මොනවද කරේ කියලනම් කිව්වෙ නෑ මට. එයාගෙ නම්බර් එක තියනවා මං ගාව ඔයාට ඕනෙ නම් එයා එක්ක කතා කරන්න පුළුවන්".ඇය නොනවත්වා කියවාගෙන ගියාය.
ඇයගෙන් ජේන් ද සිල්වාගෙ දුරකථන අංකය රැගෙන මා ජේන්ට ඇමතුමක් ගත්තෙමි.අහේතුකව මගේ හෘද ස්පන්දනය වේයවත් විය. තුන් වරක් නාද වීමෙන් පසු ඇය අනෙක් පසින් ඇමතුමට සම්බන්ධ විය.
"හලෝ මිස් ජේන්?" මගේ කටේ කෙල සිදී ඇති බවක් මට දැණුනි. "මිස් සචින්තා". වස