Melbourne බුවා

Melbourne බුවා 100% Content

නිදහස කියන්නේම වෙනස්ම වෙනස් තනිකමක්
20/08/2026

නිදහස කියන්නේම වෙනස්ම වෙනස් තනිකමක්

රන්දෝලි පෙරහැර: පෙරහැරේ වඩාත්ම උත්කර්ෂවත් කොටසයි. මෙයද දින 5ක් පුරා පැවැත්වෙන අතර, අවසාන රන්දෝලි පෙරහැර (මහා රන්දෝලි පෙර...
18/08/2026

රන්දෝලි පෙරහැර:
පෙරහැරේ වඩාත්ම උත්කර්ෂවත් කොටසයි. මෙයද දින 5ක් පුරා පැවැත්වෙන අතර, අවසාන රන්දෝලි පෙරහැර (මහා රන්දෝලි පෙරහැර) ඉතාමත් දර්ශනීය ලෙස සියලුම නර්තන හා වාදන අංග සහිතව පැවැත්වේ.

කුඹල් පෙරහැර: දේවාල භූමියෙන් පිටතට පැමිණ වීථි සංචාරය කරන මුල්ම පෙරහැරයි. මෙය දින 5ක් පුරා පැවැත්වේ. කුඹල් පෙරහැරේ ගමන් ක...
18/08/2026

කුඹල් පෙරහැර:
දේවාල භූමියෙන් පිටතට පැමිණ වීථි සංචාරය කරන මුල්ම පෙරහැරයි. මෙය දින 5ක් පුරා පැවැත්වේ. කුඹල් පෙරහැරේ ගමන් කරන්නේ සාපේක්ෂව අඩු නර්තන අංග ප්‍රමාණයකි.

ශ්‍රී දළදා පෙරහැරඅභ්‍යන්තර / දේවාල පෙරහැර: කප් සිටුවීමෙන් පසු දින 5ක් පුරා සතර මහා දේවාල භූමිය තුළ පමණක් පැවැත්වෙන පෙරහැ...
18/08/2026

ශ්‍රී දළදා පෙරහැර
අභ්‍යන්තර / දේවාල පෙරහැර: කප් සිටුවීමෙන් පසු දින 5ක් පුරා සතර මහා දේවාල භූමිය තුළ පමණක් පැවැත්වෙන පෙරහැරයි.
See less

කප් සිටුවීම යනුසතර දේවාලයේ පිරිසක් ඇසළ මස අමාවක දිනට දින කිහිපයකට පෙර පල හට නොගත් කොස් ගසකට පුද පූජා පවත්වා  එහි අරක්ගත්...
18/08/2026

කප් සිටුවීම යනු
සතර දේවාලයේ පිරිසක් ඇසළ මස අමාවක දිනට දින කිහිපයකට පෙර පල හට නොගත් කොස් ගසකට පුද පූජා පවත්වා එහි අරක්ගත් දෙවියෙන් වේ නම් ඉවත්ව යන ලෙස ආයාචනා කොට ගස කපා එහි කඳෙන් රියන බැගින් කොටස් 4 ක් දේවාල සතරෙහි සිටුවීම.

පෙරහැරේ ගමන් මග සහ ප්‍රධාන අංගපෙරහැර ආරම්භ වන්නේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙන් වන අතර, පෙරහැරේ පෙරමුණේම ගමන් කරන්නේ මාළිග...
18/08/2026

පෙරහැරේ ගමන් මග සහ ප්‍රධාන අංග
පෙරහැර ආරම්භ වන්නේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙන් වන අතර, පෙරහැරේ පෙරමුණේම ගමන් කරන්නේ මාළිගාවේ පෙරහැරයි. ඉන්පසු පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලවල පෙරහැරවල් ගමන් කරයි.

කසකරුවන් සහ ගිනිබෝල කරුවන්: පෙරහැර පැමිණෙන බව දැනුම් දීම සහ මග එළිපෙහෙළි කිරීම.

බෞද්ධ කොඩි සහ දිසා කොඩි ගෙනයන්නන්: ප්‍රාදේශීය සංස්කෘතික අනන්‍යතාව නිරූපණය කිරීම.

පෙරමුණේ රාළ: මාළිගාවේ තොරතුරු ඇතුළත් ලේඛනය (තෝම්බුව) ඇතින්මත තබාගෙන ගමන් කිරීම.

ගජනායක නිලමේ: මාළිගාවේ අලින් භාර ප්‍රධානියා.

නර්තන හා වාදන අංග: වෙස් නැටුම්, උඩරට නැටුම්, නෙළුම් නැටුම්, පන්තේරු, ලී කෙළි සහ හේවෙසි වාදකයින්.

සධාතුක කරඬුව වැඩමවන මංගල හස්තියා: පෙරහැරේ පූජනීයම අවස්ථාව වන අතර, හස්තියා ගමන් කරන්නේ පාවාඩ පිටය.

දියවඩන නිලමේ: ශ්‍රී දළදා මාළිගාවේ ගිහි භාරකාරතුමන් ලෙස පෙරහැරේ අගින් ගමන් කිරීම.

සමාප්තිය (දියා කැපීම සහ දවල් පෙරහැර)
අවසාන රන්දෝලි පෙරහැරෙන් පසු පසුදින අලුයම ගැටඹේ තොටේදී දියා කැපීමේ මංගල්‍යය පැවැත්වේ. අනතුරුව එදින දහවල් පැවැත්වෙන දවල් පෙරහැරෙන් පසුව, පෙරහැර සාර්ථකව නිමා වූ බවට වූ සංදේශය දියවඩන නිලමේතුමන් විසින් ජනාධිපතිතුමා වෙත භාරදීමෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිල වශයෙන් නිමා වේ.

The four main stages of the Perahera:Planting of the 'Kap' (Sacred Post): The festival begins with the planting of the '...
18/08/2026

The four main stages of the Perahera:

Planting of the 'Kap' (Sacred Post):
The festival begins with the planting of the 'Kap'—a post obtained from an 'Ehela' or 'Kiri' tree—at the four major 'Devalas' (Natha, Vishnu, Kataragama, and Pattini) at an auspicious time close to the New Moon (Amavaka) of the 'Esala' month.

Internal / 'Devala' Perahera: A procession held exclusively within the precincts of the four major 'Devalas' for five days following the planting of the 'Kap'

Kumbal Perahera: This is the first procession to emerge from the temple premises and parade through the streets. It takes place over a period of five days. The Kumbal Perahera features a relatively smaller number of dance performances.

Randoli Perahera: This is the most magnificent segment of the procession. It also spans five days, with the final Randoli Perahera (the Maha Randoli Perahera) being a spectacular event that showcases the full array of dance and musical performances.

පෙරහැරේ ඓතිහාසික පසුබිමදන්ත ධාතූන් වහන්සේ වැඩමවීම: 4 වන සියවසේදී (කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ සමයේ) හේමමාලා කුමරිය සහ දන්ත ක...
18/08/2026

පෙරහැරේ ඓතිහාසික පසුබිම
දන්ත ධාතූන් වහන්සේ වැඩමවීම: 4 වන සියවසේදී (කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ සමයේ) හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලදී.
පෙරහැරේ ආරම්භය: දන්ත ධාතූන් වහන්සේ උදෙසා ප්‍රථම පෙරහැර අනුරාධපුර යුගයේදී ආරම්භ වූ අතර, පසුව රාජධානි වෙනස් වීමත් සමඟ මහනුවර යුගය දක්වා එය විකාශනය විය.
සංකලනය: කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේදී සියම් උපසම්පදාව ලංකාවට ලැබීමත් සමඟ, ඊට පෙර පැවැති සතර මහා දේවාල පෙරහැරට දළදා පෙරහැරද එක් කර වර්තමාන ස්වරූපය සකස් කරන ලදී.

Address

Clyde, VIC

Website

Alerts

Be the first to know and let us send you an email when Melbourne බුවා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Melbourne බුවා:

Shortcuts

Share