26/03/2026
අද උදේ මම ගියා සොර්පාස් එකෙන් මේ පාන් ගෙඩි අරන් එන්න එම්ප්ලෝයට...
ලියන්න ගත්තේ පාන් ගෙඩිය ගැන නෙමෙයි..
සෝර්පාස් එකෙන් ගන්න ගිය පාන් ගෙඩිය අද වෙනකොට එකයි හැටක්..
සුපුරුදු පරිදි පාන් ගෙඩිය ඉල්ලලා නිකමට මම ගාන ඇහුවා මොකද මට ඒ අංකෙ පැහැදිලිව පෙනෙන්නෙ නැති නිසා.. ගාන කිව්වාම මගේ අතේ තිබුණේ එකයි පනහයි..
බනිස් ගෙඩි දෙකක් දෙන්න කියලා...මං අදහස වෙනස් කලා
ඇය මට කිව්වා නෑ ඔයා මේක අරගෙන යන්න මං ඔයාට සත දහය දෙන්නම් කියලා...
ඇත්තටම ඇය හිතන්නැත්තේ ඒ පාන් ගෙඩිය මගේ පෞද්ගලිකව මට ගන්න ආවා කියලා.. මටත් නැවත ගෙදරට ගිහින් සත දහය ගේන්න කම්මැලිකමට මම ස්තුති කරල පාන් ගෙඩිය අරගෙන කවුන්ටරේට යනකොට ඇයත් මා පිටුපසින් ආවා...
කැසියර් සුපුරුදු පරිදි bill කරනකොට එකයි පනහ තිබ්බහම. 1.60 කියලා කිව්වා...
ඒ එක්කම අර සේවිකාව සත දහය ඇගේ පර්ස් එකෙන් අරගෙන මේසේ උඩින් තිබ්බා.
සත දහය මහා අගයක් නොවුනට එතන ඒ ළඟ තිබ්බ මනුස්ස කම වැදගත් . අපි කඩවල් වලට බඩු ගන්න ගියහම සත පහ දහය වැඩිය ගණන් ගන්නේ නෑ...
නමුත් සයිප්‍රසල වල සතයටම ගාන බලනවා.. ඉතුරු වෙන සතයක් අරගෙන තමයි
යන්නේ...
ඔයාලත් මතක් කරලා බලන්න..සත 5ක් 10ක් .. 0.50ක් නැති නිසා කිරි බෝතලයක් ගන්න බැරි උන... Bus එකෙන් town එකට යන්න බැරි උන.. කන්න ඕනා කෑම ක් ගන්න බැරි උන අවස්ථා....
ඊටත් වඩා මතක ඇති සමහරක් ට රට එන්න කලින් rs නැති නිසා හාල් 1kg ගන්න බැරි උන අවස්ථා...
ඒ නිසා හැම තිස්සෙම කඩේකට.. Bus එකට නගිනකොට අවට අවදානයෙන් ඉන්න... ඔයාට 0.50 hari කාටා හෝ උදව් කරන්න පුළුවන් කමක් අද ලැබෙයි... අනිවාර්යෙන් ඒක කොයි විදියෙන් hari ආශීර්වාදය යක් වෙනවමයි...
ජාතිය බලන්න එපා... හැකි දේ කරන්න...
මේ හැමදේම univers එකට පේනවා...
සමහරක් කියයි අපෝ අපි 1000..2000 දීලා කෙලවගෙන ඉන්නේ කියලා....
අන්න ඒකයි කිවේ හැකි පමණින් දෙන්න අසරණ වුණු කෙනෙකුට... දෙන ප්‍රමාණය නෙමෙයි වැදගත්.. දෙන්න හිතෙන සිතුවිල්ලයි වැදගත්...
❤️ මං ගනුදෙනු කරන සමහර සුප මාකට් තියෙනවා.. බඩු අරන් ගිහිල්ල පස්සෙ සල්ලි ගිහින් දුන්න...
විශ්වාසය තුළ අවංක කම තුළ අහිමිවීම් ගොඩක් භුක්ති විඳීම් ලැබීමට අවස්ථාව ඇත