16/10/2026
🌸 හීන අතරේ නුඹ 🌸💟
3 කොටස 🧚♀️
රෙශානා සෙනුලා ඉස්සරහට ඇවිත් හිටගනිද්දි, බය වුණු පාර කෙල්ලෝ පස්දෙනාගේම අඩියක් පස්සට වුණා.
සෙනු තමන්ගේ බෑග් එකේ පටිය තදින් අල්ලගත්තේ හදවත වේගයෙන් ගැහෙද්දියි.
"ඔයාලා... පොඩ්ඩක් නවතින්න."
රෙශානගේ මුහුණේ තිබුණු නපුරු බැල්ම කෙල්ලෝ පස් දෙනාට තේරුම් ගන්න අපහසු උනේ නෑ..
"අපිටද අක්කේ?" තේනු හෙමින් ඇහුවා.
"ඔව්. ඔයාලට තමයි."
රෙශානා සෙනුලාගේ ළඟටම ඇවිත් ඔවුන් පස්දෙනා දිහා උඩින් පහළට බැලුවා.
"ඔයාලා first yearsලා නේද? අද නේද පළවෙනි දවස?"
"ඔව් අක්කේ..." මීශා හෙමින් කිව්වා.
"හ්ම්... පළවෙනි දවසේම ලොකු අය එක්ක එකතු වෙලා හොඳට සතුටින් ඉන්නවා වගේ."
රෙශානගේ හඬේ තිබුණේ නොරිස්සුමක්.
"අලුතෙන් ආවා නම් කැම්පස් එකේ පිළිවෙළක් තියෙනවා නේද? ජ්‍යෙෂ්ඨයින්ට ගෞරව කරන්න ඉගෙන ගන්න ඕනේ. අද ඔයාලට පුංචි වැඩක් තියෙනවා කරන්න..."
රෙශානා ඇගේ යාළුවෝ ටිකත් එක්ක සෙනුලව වට කරගන්න හදද්දිම, සෙනුගේ ඇස්වලට කඳුළු පිරුණා.
"අනේ... තවත් මොනවා වෙන්නද යන්නේ..." සෙනුට හිතින් කියවුණා.
"ඒයි ශානා... මොකද මෙතන කරන්නේ?"
එකපාරටම පිටිපස්සෙන් ඇහුණු ඒ හුරුපුරුදු හඬත් එක්ක හැමෝම පිටිපස්ස හැරිලා බැලුවා.
ඒ හිටියේ දේශ් එක්ක යාලුයෝ ටික.
දේශ් අත් දෙක සාක්කුවේ දාගෙන හෙමින් ඇවිත් රෙශානා ඉස්සරහින් හිටගත්තා.
ඔහුගේ මුහුණේ තිබුණේ සීරියස් බැල්මක්.
"දේශ්... මෙතන... නෑ, අපි මේ අලුත් ළමයි එක්ක පොඩ්ඩක් කතා කළා විතරයි." රෙශානා එකපාරටම වෙනස් වෙලා හිනාවෙන්න හැදුවා.
"කතා කළාද, නැත්නම් බය කළාද?" කේශ් හිනාවෙවී ඇහුවත් ඒ වචනවල පොඩි සැරක් තිබුණා.
"අපෝ නෑ කේශ්..." රෙශානගේ මූණ ටිකක් ඇඹුල් වුණා.
දේශ් සෙනුලා දිහා බලලා, ඊට පස්සේ ආයෙත් රෙශානා දිහා බැලුවා.
"මේ කෙල්ලෝ ටික දැනටමත් අපිට උත්තර දීලා ඉවරයි ශානා. එයාලට යන්න දෙන්න." දේශ් කෙළින්ම කිව්වා.
"ඒත් දේශ්, අපි අක්කලා විදිහට මුන්ට—"
"මම කිව්වනේ එයාලට යන්න දෙන්න කියලා." දේශ්ගේ හඬ ටිකක් තද වුණා.
ඒ වචනෙට පස්සේ රෙශානාට තවත් මුකුත් කියන්න ඉඩක් තිබුණේ නෑ.
ඇය නොරිස්සුමෙන් සෙනුලා දිහා බලලා යාළුවොත් එක්ක එතනින් යන්න ගියා.
දේශ් සෙනුලා දිහා බලලා හෙමින් කිව්වා, "දැන් ඔයාලා යන්න.
ආයෙත් පරක්කු වෙන්නෙ නැතුව හොස්ටල් එකට හරි ලෙක්චර්ස්වලට හරි යන්න."
"තෑන්ක්ස් අයියේ..." මීශා හෙමින් කිව්වා.
සෙනුනම් එකපාරක්වත් ඔලුව උස්සලා බැලුවේ නෑ..මොකද සෙනූ හොදටම බය වෙලා හිටියේ..එයාට මේ දේවල් හුරු නෑ..
කෙල්ලෝ පස්දෙනාම ඉක්මනටම ඉස්සරහට ඇවිදගෙන ගියා.
"අප්පච්චියේ... ඒ අයියලා ටික වෙලාවට ආවේ නැත්නම් අද අපිට බඩුම තමයි!" තේනු පපුවට අත තියාගෙන කිව්වා.
"ඒ වුණාට අර දේශ් අයියා නම් මාරයි නේද... එක වචනෙන් අර අක්කව යැව්වේ." යෙහාරා කිව්වා.
සෙනු මුකුත් නොකියුවත්, ඇගේ හිත ඇතුළේ දේශ්ගේ ඒ රූපය තදින්ම සටහන් වෙලා ඉවරයි..
__________________
" ඒ මේ බලපන්කෝ බන් අපේ දේශා පිළිකුල් භාවනාව වඩනවා " සෙනුලා යන දිහා බලන් ඉන්න දේශ්ගේ පිටට එකක් ගහලා දුශ් කිව්වා..
" අනේ පලයන් බන් යන්න "
" ඒ බඩගිනි වගේ බන්.යමන්ද කැන්ටිම පැත්තේ "
නේශ් ඇහුවා..
" යමන් යමන් "
කට්ටියත් එක්ක කතා කර කර කැන්ටිම පැත්තට ගියා..
_____________
" අම්මෝ අද දවසත් ඉවරයි... එහෙනම් මන් යනවා අපේ ඩ්‍රයිවර් අන්කල් ඇවිත් "
එහෙම කියාගෙන අකී පාරෙන් එහා පැත්තෙ නවත්තලා තිබුනු කාර් එක ලගට ගියා...
" ඔයාලා කොහොමද යෙනූ යන්නේ "
සෙනූ මීශයි , යෙනුගෙනුයි ඇහුවා..
" අපෙ අයියා එනවා කිව්වා සෙනූ එයා එක්ක යනවා..ඔයාලා දෙන්නා යන්න.."
"හරි එහෙනම් අපි යනවා..පරිස්සමෙන් යන්න ඔයාලා ..බුදුසරණයි .."
සෙනුයි , තෙනුයි යාලුවෝ දෙන්නට සමු දීලා එයාලගේ බෝඩිමට යන්න ආවා..
එතකොටම එයාලා ගාවින් කාර් එකක් ඇවිත් නැවත්තුවා..
කාර් එක නවත්තලා ඒකේන් බැහැලා ආපු කෙනා දැකලා කෙල්ලෝ දෙන්නා හිටි තැනම නැවතුනා..
……………………………………🌸
කවුද ළමයි කාර් එකෙන් බැහැලා ආවේ..🥰
හතරවන කොටසින් හමුවෙමු... 🧚♀️
Di Li Ni..🌼✍️