31/08/2026
වතුර ලීටර් 2500ක් දවස් තුනකින් එකතු කර ගත්තත්
අපිට හරි හමන් වාහනයක් හොයා ගන්න බැරි උනා ලොරි දෙක තුනකටම කතා කලත් වතුර බෙදන්න යන්න කැමති උන පිරිස එක්කන් ලොරියක යන්න බැරි වීමම ලොකු ප්‍රශ්නයක් උනා 😇
ඉතින් ප්‍රමුඛ පෙලේ බස් රථ හිමියන්ට කතා කලත්... බස් එකක් හොයා ගන්න එක පහසු කාර්‍යයක් උනේ නෑ 😇🥰 මෙච්චර හරියක් මෙච්චර පුංචි කාලෙකින් කලා නම් මේ දේ කරන්න බැරි නැති බව හිතාගෙන දාගොන්න පාරේ වතුර ගන්න තැනක් බලන්න යද්දි අහම්බෙකින් අපිට බස් හිමියෙක් හම්බුනා හරිම කාරුණික සහ සාදාරණ 🥰
ඉතින් ඔන්න අපි අද දින උදේ පාන්දරින් ම පිටත් උනේ මැදිරිගිරිය පැත්තට යනවා කියලා හිතාගෙන 😇
පහුගිය දින කිහිපයේම මැදිරිගියේ එක එක වසම් වලට අදාළව ඉන්න ග්‍රාම සේවක මහතුන් මහත්මීන් Contact කර ගත්තත් එයාලා කිව්වෙම වතුර වලින් හිගයක් ඒ පැති වලට නැති බවයි 🙃
අපේ විහාරස්ථානාධිපති අපේ අමරවිශුද්ධි ස්වාමීන් වහන්සේද තැන් කිහිපයකටම කතා කරලා බැලූවද තත්ත්වය එසේ ම විය 🤧
එහෙනම් ටීවි එකේ යන නිව්ස් බොරුද ???
අපි අද පාන්දර තුනට පිටත් උනේ මේ වතුර 2500ම වතුර අවැසි අය වෙනුවෙන් ම බෙදා අවසන් කර යළි පැමිණෙන අධිෂ්ඨානයෙන් 😇
ඉතින් යන අතර තුරද මැදිරිගියේ ග්‍රාම සේවකයින් කිහිප දෙනෙක්ටම යළි කතා කළද වතුර හිගයක් නැති බව කී අතර එක් නිළදාරියෙකු සුන්ගාවිල නම් වසමට වතුර හිග යැයි කී නිසා ම අපි සුන්ගාවිල බලා යෑමට තීරණය කලේ වතුර අවැසිම අයට මෙය ලබා දීමේ අරමුණින් 😇
කිව්වට විස්වාස කරන්න සුන්ගාවිලටද වතුර අවැසි බවක් පෙන්නෙන්නට නොතිබුණ නිසා ම අපි ගම්වාසීන්ගෙන් විමසූයේ වතුර හිග ප්‍රදේශයන් කවරෙක්ද යන්නයි ???
ඉතින් අපි එතැනින් මීගස් වැව බලා පිටත් විය 😇🥰
මා දුටු පරාර්ථකාමී ම මිනිසුන් සිටියේ මීගස් වැවයි. කර්කශ සුලග පවා අපිට ගෙනාවේ විඩාවකි. තණ කොළ වේලී ගොස් ලින් හිදී යමින් තිබිණ. අමාරුවෙන් පොම්ප කර ගන්න ටැංකියකින් දවසම ඔවුන් ගැටගහ ගන්න විය.. රජයෙන් එන වතුර ලයින් එකෙන් ම සතියකට පාරක් පමණක් වතුර ලැබෙද්දිත් ඔවුන් අපිට පැවසූයේ මීගහවැව ප්‍රදේශයේද වතුර හිග උනත් ඊටත් එහා පතොක් වැවට වතුර නැත්තටම නැති බවයි 😇
එහෙම කියපු අයටත් වතුර කෑන් කිහිපයක් ලබා දී අපි පිටත් උනේ පතොක් වැවට 😇
එක් දිනක් කරන්ට් එක කපා හැරියොත් ඒ දවස ගෙවා ගන්නා අසීරුව ඔබත් මමත් රිසි සේ දනී 🤧
ඉතින් වතුර නැතුව ජන ජීවිතයම අසරණ වී ඇති මොවුන් ගැන ඔබ කුමක් සිතන්නේද ????
ඒ ජිවිත වල කර්කශ බව මං ඔවුන්ගේ ම වචනයෙන් අරන් එන්නම් 😇 කියවීම ඔබට භාරයි 🙃
01.ලින් වල අඩියෙම වතුර නැතුව නෙමේ නෝනා වතුර තියෙනවා වගාවන්ට පාවිච්චි කරන බෙහෙත් නිසා ලින් වල වතුර වගාවට ගතහැකි බොන්න ගන්නේ ෆිල්ටර් වතුර ( ඒවත් සල්ලි වලට ) ඉතින් පානීය ජලය තමා මෙහෙට හුගක් ම හිග...
2.
5l කෑන් එක දැක එක් අයෙක් 😇
මරු කෑන් එක හේනට මේකෙන් කෑන් දෙකක් අරන් ගියානම් හොදටම ඇති 😇
3.ලීටර් එක හමාරේ විතර වතුර බෝතල් දැක පොඩි එකෙක්
අම්මේ අර බෝතලයක් මං ඉල්ල ගන්නම් මට ඒ බෝතලේට වතුර අරන් ස්කෝලේ ගියැකි 🙃🙃
4. මාස හතරකින් වැහැලා නෑ නෝනා 🤧
5. තනියා කුලප්පු වෙලා වතුර නැතුව
6. හවස හය වෙද්දි කාටවත් ම එළි බහින්න බෑ අලි එනවා 😇 ( වතුර හිදිලා ගිය වැව දෙසට අත දික් කරමින් )
7. රජයෙන් වැව් දෙකක් පිරෙව්වා නෝනා ඒත් වගාවට හොදයි බොන්න බෑ මේ පැත්ති හුගක් තියෙන්නේ වකුගඩු අමාරුවනේ 😇
ඉතින් කියන්න තියෙන්නේ මෙච්චරයි
එක ම එක ලීටටයකින් හරි අපිට සහය උනු හැමෝටම අන්න අර මිනිස්සුන්ගේ උගුරෙන් පහළට යන හැම වතුර පොදකට ගානේ ම පින් අයිති වෙනවා 😇🙏🙏🙏
ඉතින්,
ඒ ගහක හෙවන යට හිටියත් දැනෙන හිරුරශ්මියේ කුරිරු බවින්
හමා එන හුලගේ එන ගිණි දැල් වලිනුත් මිදිලා අපි ආයේ ආවේ ම ඊලග පාර ඒ පැත්තට පුංචි උන්ට පොත් පත් වතුර බෝතල් අරන් යන ඒකායන අරමුණින් 🥰😍
හැමෝටම සුභ රාත්‍රියක් 🥰😍🙏
මං
අප්සරා