20/02/2026
⚠️ හදිසි මහජන දැනුම්දීමයි! - AK Mobiles Anuradhapura ⚠️
පහසුකම් සහ ලාබ ගැන හිතලා වංචාකරුවන්ට අහුවෙන්න එපා! මගේ AK Mobiles - Anuradhapura ආයතනයේ නම සහ ලෝගෝව භාවිතා කරමින් යම්කිසි පුද්ගලයෙක් ව්‍යාජ WhatsApp ගිණුමක් හරහා මුදල් වංචා කරන බවට මේ වනවිට තොරතුරු ලැබී තිබෙනවා.
දැනටමත් නුවර, යාපනය වැනි ප්‍රදේශවලින් 8 දෙනෙකුට වැඩි පිරිසක් මට කතා කර ඔවුන්ගේ මුදල් අහිමි වූ බව දැනුම් දී ඇත. එබැවින් කරුණාකර පහත කරුණු ගැන දැඩිව අවධානය යොමු කරන්න:
🚫 විශේෂ අවධානයට:
• මම කිසිම කෙනෙකුට වාරික (Installment) ක්‍රමයට ෆෝන් ලබා දෙන්නේ නැත.
• මගේ Official දුරකථන අංකය හැර වෙනත් කිසිම අංකයකින් එන පණිවිඩ විශ්වාස කරන්න එපා.
• මගේ නමින් නොමැති වෙනත් පුද්ගලයින්ගේ බැංකු ගිණුම් වලට කිසිම විටෙක මුදල් බැර කරන්න එපා.
✅ ඔබ දැනගත යුතු සත්‍ය තොරතුරු:
• මා විසින් Cash on Delivery සහ Deposit ක්‍රම හරහා ගනුදෙනු සිදු කරන නමුත්, ඒවා සිදු කරන්නේ මාගේ නිල දුරකථන අංකය සහ ගිණුම් හරහා පමණි.
• පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් මේ දිනවල අපගේ ප්‍රදර්ශනාගාරය (Shop එක) තාවකාලිකව වසා ඇත. මේ දේවල් හැර මම කිසිම වංචාවකට සම්බන්ධ වී නොමැත.
⚠️ මගේ ආදරණීය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක්:
• නොදන්නා පුද්ගලයින්ට මුදල් දමා රැවටෙන්න එපා.
• ෆෝන් එකක් ගන්නවා නම් shop එකකට ගොස්, ෆෝන් එක හොඳට පරීක්ෂා කර බලා මිලදී ගන්න.
• රු. 5000ක් – 10000ක් වැඩි වුණත් කමක් නැහැ, විශ්වාසවන්ත තැනකින් භාණ්ඩ මිලදී ගැනීම තමයි වඩාත්ම ආරක්ෂිත දේ.
📌 වංචාව පිළිබඳ සාක්ෂි මා සතුව ඇත:
මේ වංචාවට අදාළව හොරා භාවිතා කළ BOC සහ HNB බැංකු ගිණුම් විස්තර සහ Chat වල සාක්ෂි මේ වනවිට මා සතුව තිබෙනවා. මේ පුද්ගලයාව නීතියේ රැහැනට කොටු කරගැනීමට උදව් කළ හැකි කෙනෙක් සිටී නම් කරුණාකර මාව දැනුවත් කරන්න.
📞 වැඩිදුර තොරතුරු සහ සහයෝගය සඳහා:
කරුණාකර මගේ නිල දුරකථන අංකයට පමණක් ඇමතුම් ලබා දෙන්න.
👉 0785920136
🙏 කරුණාකර මේ පෝස්ට් එක Share කරලා හැමෝම දැනුවත් කරන්න.
ඔබගේ එක Share කිරීමකින් තවත් කෙනෙක්ගේ මහන්සියෙන් හම්බකරපු සල්ලි ටිකක් බේරගන්න පුළුවන් වෙයි!
ස්තූතියි!
AK Mobiles – Anuradhapura (Official)
📅 Date: 2025.02.20