31/07/2026
⚠️ Samsung පාවිච්චි කරන උන් පරිස්සමෙන්! පාස්වර්ඩ් එක 13 පාරක් වැරදුණොත් ෆෝන් එක සදහටම ෆෝමැට්........ 💥👇
ඉස්සර ෆෝන් එකේ පාස්වර්ඩ් එක අමතක වුණාම අපි මතක් වෙනකම් 100 පාරක් විතර එක එක ඒවා ගහලා බලනවනේ?.. අන්න ඒ සෙල්ලම් ඔක්කොම ඉවරයි Samsung ලගේ අලුත්ම One UI 9 (Android 17) අප්ඩේට් එකත් එක්ක ෆෝන් එකේ Lock Screen එකට "Nuclear" ලෙවල් එකේ සෙකියුරිටි එකක් දාලා තියෙනවා.
පාස්වර්ඩ් එක හරි, පින් එක හරි 13 පාරක් වැරදුණොත්, උඹේ ෆෝන් එකේ තියෙන සේරම ඩේටා මකලා දාලා ඔටෝම Factory Reset වෙනවා. Z Fold 8, Flip 8 ෆෝන්ස් වලින් පටන් අරන් ඊළඟට එන හැම Samsung ෆෝන් එකකටම එන මේ "13-Attempt Limit" එක වැඩ කරන්නේ කොහොමද කියලා Tech Sona අපි අද අස්සක් මුල්ලක් නෑරම කතා කරමු.
⏳ වැරදෙන හැම පාරම දඬුවම වැඩිවෙන හැටි
ඉස්සර Android ෆෝන් වල අවුරුදු 5ක් ඇතුළත 1,800 පාරක් පාස්වර්ඩ් එක වරදින්න චාන්ස් එක දීලා තිබ්බා. Android 17 වලින් ඒක 20කට අඩු කළා. හැබැයි Samsung ලා ඒක 13කටම බැස්සුවා. මෙන්න දඬුවම හම්බෙන හැටි :
5 පාරක් වැරදුණොත් → විනාඩි 1ක් ෆෝන් එක ලොක්.
6 පාරක් වැරදුණොත් → විනාඩි 5යි.
7 පාරක් වැරදුණොත් → විනාඩි 15යි.
8 පාරක් වැරදුණොත් → විනාඩි 30යි.
9 පාරක් වැරදුණොත් → පැය 1 1/2 යි.
10 පාරක් වැරදුණොත් → පැය 4යි.
11 පාරක් වැරදුණොත් → පැය 12යි.
12 පාරක් වැරදුණොත් → පැය 24ක් (දවසක්ම)
13 වෙනි පාරත් වැරදුණොත් → ෆෝන් එක Permanent Lock වෙනවා. ආයේ පාවිච්චි කරන්න නම් අනිවාර්යයෙන්ම Factory Reset (Format) කරන්නම ඕනේ!..
🧠 Smart Counting (එකම පාස්වර්ඩ් එක දිගටම ගැහුවොත්?)
උඹට බයක් එන්න පුළුවන් කලිසම් සාක්කුවේ තියෙද්දි ඉබේ ටයිප් වෙලා ෆෝන් එක ෆෝමැට් වෙයිද? කියලා. ඒකට Samsung ලා Smart Counting කියලා ක්‍රමයක් දාලා තියෙනවා. ඒ කියන්නේ, උඹ එකම වැරදි පාස්වර්ඩ් එක දිගටම 5 පාරක් ගැහුවත්, සිස්ටම් එක ඒක ගණන් ගන්නේ "1 පාරක්" වැරදුණා විදිහට විතරයි. අලුත් අලුත් පාස්වර්ඩ් 13ක් ගැහුවොත් විතරයි ෆෝමැට් වෙන්නේ.
🛡️ OS එක ගැහුවත්, සොෆ්ට්වෙයාර් කරලවත් කඩන්න බෑ!
ගොඩක් උන් හිතයි "අවුලක් නෑ, කඩේකට දීලා OS එක ගස්සගන්නවා" කියලා. මේක එහෙම ලේසියෙන් බයිපාස් කරන්න බෑ.. මේ 13-limit counter එක සේව් වෙලා තියෙන්නේ සාමාන්‍ය Storage එකේ නෙමෙයි. ඒක තියෙන්නේ Android Gatekeeper එකටත් යටින් තියෙන Weaver / Secure Element (Knox Hardware) එකේ. පරණ OS එකක් ගැහුවත්, ෆ්ලෑෂ් කළත් මේ කවුන්ටර් එක රීසෙට් වෙන්නේ නෑ. CID, පොලිසිය පාවිච්චි කරන ලක්ෂ ගාණක් වටින Cellebrite වගේ Forensics මැෂින් වලටවත් දැන් ෆෝන් එකකට කේබල් එක ගහලා පාස්වර්ඩ් එක කඩන්න (Brute-force කරන්න) බෑ.
🚫 හොරුන්ට විකුණන්නත් බෑ (FRP Lock)
"එහෙනම් හොරෙක්ට ෆෝන් එකක් අහු වුණොත්, 13 පාරක් වැරදියට ගහලා ඔටෝ ෆෝමැට් කරගෙන පාවිච්චි කරන්න පුළුවන් නේද?" බෑ!.... ෆෝන් එක ෆෝමැට් වුණාට පස්සේ FRP (Factory Reset Protection) එක ඔන් වෙනවා. ඒ කියන්නේ පරණ අයිතිකාරයාගේ Gmail සහ Samsung Account එකයි, ඒකේ පාස්වර්ඩ් එකයි නැතුව ෆෝන් එක ආයේ On කරන්නම බෑ. හොරාට ෆෝන් එකෙන් වැඩක් නැති වෙනවා.
⚠️
මේක හොරුන්ටයි, උඹේ ෆෝන් එක චෙක් කරන්න එන උන්ටයි පට්ටම ප්‍රශ්නයක් වුණාට, සාමාන්‍ය යූසර්ස්ලටත් මේක අවදානමක්. ගෙදර පොඩි එවුන් ෆෝන් එක අරන් ගේම් ගහන්න පාස්වර්ඩ් එක එක එක ඒවා ට්‍රයි කළොත්, එහෙමත් නැත්තම් ෆෝන් රිපෙයාර් කරන කඩවල අය නිකමට පාස්වර්ඩ් ට්‍රයි කළොත් ෆෝන් එකේ තියෙන ෆොටෝස්, ඩේටා සේරම සදහටම මැකිලා යනවා.
හොරුන්ගෙන් බේරෙන්න Samsung ගෙනාපු මේ අලුත්ම නීතිය ගැන උඹලට මොකද හිතෙන්නේ? මේක හොඳ වැඩක්ද? නැත්තම් ඩේටා නැතිවෙන්න තියෙන අවදානම වැඩියිද?