05/09/2026
මහ රෑ යාමේ… 🎶❤️
මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
තනියෙම සීපද කියනු අසා
වෙහෙස දරාගෙන
පාර අසාගෙන ...
වෙහෙස දරාගෙන
පාර අසාගෙන ...
ආවෙමි අඳුරෙම ඔබව සොයා
ආවෙමි අඳුරෙම ඔබව සොයා
සීපද රාවේ සවනත වැටිලා
ඉන් මත් වීලද ඔබ ආවේ
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට
හොඳ නෑ ඇයි එය නොසිතූවේ
හොඳ නෑ ඇයි එය නොසිතූවේ...
ඔබෙ සීපද මට හරි මිහිරියි
මෝරන සෙනෙහස යයි ඉතිරී ..
ඔබෙ සීපද මට හරි මිහිරියි
මෝරන සෙනෙහස යයි ඉතිරී ..
කියන්න සීපද රස කරලා
අහන්න ඒවා සැනසෙලා ...
ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා ...
අඳුරයි සුළඟයි අපව වටා
තනි රකිනවා ආදරය සොයා ...
අඳුරයි සුළඟයි අපව වටා
තනි රකිනවා ආදරය සොයා ...
දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...
දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...
දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...
#මහරෑයාමේ #සිංහලගී #සිංහලසින්දු