02/07/2021
අනුකරණය කළ හැක, එහෙත් සම කළ නොහැක.
වෙළඳපොළේ පවතින කැලීන් සබන් ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්න එපා!
කැලීන් සබන් පාරිභෝගික ඔබ සැම වෙත කෙරෙන කාරුණික දැනුම් දීමක්...!
රටේ පැවති අඩුවක් පුරවාලමින් ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ටතම සබන් නිෂ්පාදනයක් හඳුන්වා දීමේ අරමුණින් කැලීන් සබන් හඳුන්වා දුන් බව ඔබ සැවොම දන්නා කරුණකි. ඉතා ඉහළ නිෂ්පාදන අමුද්‍රව්‍ය යොදාගනිමින්, අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් අමතරව එකතු නොකර, දේශීයව නිපද වූ ජාත්‍යන්තර මට්ටමේ සබන් කැටයක් ලෙසින් කැලීන් සබන් පාරිභෝගික ඔබ වෙත ලබාදීමට අප කටයුතු කළෙමු. මුදලට හෝ ලාබයට වඩා පාරිභෝගික ඔබට ඉහළම දේ ලබා දීම නිරතුරුවම කැලීන් අපේ එකම අරමුණයි.
වෙළඳපොළේ සාමාන්‍ය සබන් කැට 85gක්ව තිබෙන මොහොතක, පාරිභෝගික ඔබට වඩාත් වැඩි ප්‍රතිලාභ අත්කර දීම සඳහා, එතෙක් මෙතෙක් වෙළඳපොළේ පැවති එකම 125gක ලොකුම සබන් කැටය ලෙසින් කැලීන් සබන් ඔබ වෙත හඳුන්වා දීමටද අප කටයුතු කළෙමු. එසේම භාවිතයට පහසු රවුම් හැඩයෙන් හඳුන්වාදුන් එකම සබන් කැටයද කැලීන්ම පමණක් විය. තවද ජාත්‍යන්තරව පිළිගත් IFRA අනුමැතියලත් සුවඳකාරකත්, ඇඟ ගල්වන සබන් අතරේ 76.5%ක ඉහළම TFM අගයක්ද සහිතව වඩා විශිෂ්ට නිෂ්පාදනයක් ලෙසින් අපි කැලීන් සබන් නිෂ්පාදන ඔබ අතට පත් කළෙමු. ඒ නිසාවෙන්ම ඉතා කෙටි කාලයකින් කැලීන් සබන් දිවයින පුරා ඉතා ඉහළ ඉල්ලුමකින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ගියේ පාරිභෝගික ඔබ වඩාත් හොඳ නිෂ්පාදනයක් කෙරේ තැබූ අද්විතීය විශ්වාසය නිසයි. මේ වන විටත් කැලීන් සබන් නිෂ්පාදන සඳහා වෙළඳපොළේ ඇති ඉල්ලුම අපේ නිෂ්පාදන ධාරිතාවයද ඉක්මවා ගොස් තිබේ. අපගේ නිෂ්පාදන කෙරේ ඔබ මේ දැක්වූ මේ අමිල විශ්වාසයට, අපි ඔබ සැමට අපේ අවංක ස්තුතිය පුද කරන්නෙමු.
එහෙත් මේ මොහොතේ වඩාත් හොඳ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරන දේශීය සමාගම් වලට බලපෑම් කරමින්, දිගින් දිගටම අසාර්ථක සබන් නිෂ්පාදන හඳුන්වා දුන් යම් විදේශීය සමාගමක් ලාභ ලැබීමේ පටු අරමුණින් කැලීන් සබන් සඳහා ව්‍යාජ අනුකාරකයක් වෙළඳපොළට ඉදිරිපත් කර ඇති බව අප වෙත දැනගන්නට ලැබී තිබේ. (විදේශීය සමාගම් පවා අප වැනි දේශීය කර්මාන්ත ආයතන විසින් හඳුන්වා දුන් සබන් කැටයක් කොපි කිරීමට උත්සාහ දැරීම අප ලැබූ සාර්ථකත්වයට තවත් එක් සාධකයක් වන අතරම ඒ පිළිබඳව ඇති සතුටද අපි නිහතමානිව භුක්ති විඳින්නෙමු.)
හතරස් ඇසුරුමේ රවුම් හැඩයෙන් 125gක් ලෙස දක්වා CALIN White Beauty සබන් කැටයට අනුකාරකයක් ලෙසින් එම වර්ණයෙන්ම White Beauty නමින් වෙනත් සබන් කැටයක් ද CALIN Rose Beauty සබන් කැටය වෙනුවෙන් Rose Beauty සබන් කැටයක් ද වෙළඳපොළට මුදාහැර ඇති බව අප වෙත දැනගන්නට ලැබී ඇත. ඉතින් ඔබත් ව්‍යාජ අනුකාරක වලට නොරැවටෙන්න. මින් පසු කැලීන් නිෂ්පාදන මිළදී ගන්නාවිට කැලීන් නම තිබේදැයි හොඳින් බලන්න.මේ කැලීන් වෙතින් ඔබ වෙත කෙරෙනා කාරුණික මතක් කිරීමක්!
තත්ත්වය කෙසේ වූවත් සියලු බාධක හමුවේ නොනැවතී ඉදිරියටත් කැලීන් නිෂ්පාදන තවතවත් විශිෂ්ටත්වයට පත් කරමින් ඔබ වෙත ලබාදීමට කටයුතු කරන බවට අප ඔබට පොරොන්දු වෙමු.
ස්තුතියි!