12/08/2024
1948 සිට මේ දක්වා වර්ශ 76 අප සැබෑවටම ආර්ථික, සමාජීය වශයෙන් බෝහෝ දුර පැමිණ ඇත. විශාල දියුනුවක් ලබා ඇත. අප දැන් සිටින්නේ එදා සිටි නොදියුණු සමාජයට වඩා බොහෝ දියුණු නවීන සමාජයකය. ඒ සදහා එදා සිට අද දක්වා අඩුපාඩු වැරදි වුවත් මේ දක්වා රට පාලනය කළ නායකයන් අඩු වැඩි වශයෙන් දායක විය. පළවා හරින ලද ගෝටභය ජනපති කොරෝනා උවදුරින් ජනතාව මුදාගෙන රැ 5000 දීමනාව දුන් බව මතක තබා ගැනීම වටී. ජනතා අරගලයට මුවාවී විවිධ දේශපාලන, අන්තවාදී හා ප්‍රගතිශීලි යයි හදුන්වන, තවමත් විප්ලවයකින් පාලන බලය ගන්නට ඉව අල්ලන වර්තමාන NPP සහ වාම යයි කියාගන්නා බලවේග රනිල් ජනපති හා ආරක්ෂක අංශ නොවන්නට අද අප බංගලදේශයට වඩා අන්ත වන්නට ඉඩ තිබින. මේ රටේ දියුනුවට බදා කළ දෙපාර්ශවය වන ජවිපෙ සහ එල් ටී ටී මෙන්ම වාම දේශපාලන බලවෙිග නොවන්නට අප අද ජපානය වැනි දියුණු රාජයයකි. බලය ඇල්ලීීමේ අරමුණු ඇතිව යම් කණ්ඩායමක් දියත් කරන අරගලයක්, මෝඩ, ජාතිවාදී , අන්තවාදී පිරිස් අතට ගොස් සිදුවන ව්නාශය බංගලාදේශයෙන් තවමත් අපට පෙනේ. අප රටේත් මෙම ජනතාව සහ තරැණ පිරිස් නොමග යවන බලවේග සහ මුලින්ම විනාශ කිරීමට කාලය උදාවී ඇත. නොඑසේනම් හෙට දින අප රටේ විරැවන්ගේ ප්‍රතිමා වල හිසට මුත්‍රා කිරීමට පිරිසක් බිහිවන්නට හැක. පොලිසිය හා අධිකරණය පලවා හැර මහමග නඩු අසන දිනයක් වුව උදාවිය හැක.