04/06/2026
ඔබ කවදාහරි ලෝක සිතියමක් දිහා බලලා කල්පනා කරලා තියෙනවද, ලෝකේ තියෙන දියුණුම සහ පොහොසත්ම රටවල් (USA, UK, Germany, Norway, Japan) ඔක්කොම වගේ තියෙන්නේ ලෝකේ උඩට හරි පල්ලෙහාට හරි වෙන්න තියෙන සීතල කලාප වල කියලා? 📉❄️
ඒ වගේම අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ දකුණු ආසියාව වගේ සමකය කිට්ටුව තියෙන රස්නේ කලාප වල තියෙන බොහෝ රටවල් ගොඩක් දුප්පත් කියලා ඔයාට පේනවා නේද? ☀️
මේක නිකන්ම නිකන් අහම්බයක්ද? එහෙමත් නැත්නම් රටක තියෙන රස්නය සහ සීතල, ඒ රටේ ආර්ථිකයට කෙලින්ම බලපානවාද? දත්ත වලට අනුව, ලෝකේ තියෙන දියුණුම රටවල් වලින් 70% ක්ම තියෙන්නේ සමකයෙන් පිටත!
මේ අමුතුම සම්බන්ධතාවය (Correlation) පිටිපස්සේ තියෙන විද්‍යාත්මක, ඓතිහාසික සහ ආර්ථික හේතු මොනවාද කියලා අපි හොයලා බලමු. 🌍🔍
ආර්ථික විද්‍යාඥයින් සහ සංඛ්‍යානවේදීන් මේ රස්නය සහ ආර්ථිකය අතර තියෙන සම්බන්ධතාවය ගැන ගොඩක් පර්යේෂණ කරලා තියෙනවා. ලෝකේ රටවල් 98 ක දත්ත (GDP per capita සහ Average temperature) අරගෙන කරපු පරීක්ෂණයකින් පුදුම හිතෙන දෙයක් හොයාගත්තා. 📊🌡️
ඒකට අනුව රටක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 කින් ඉහළ යද්දී, ඒ රටේ ඒක පුද්ගල ආදායම (GDP per capita) ඩොලර් 762 කින් පහළ බහිනවා! ඒ කියන්නේ රටක ආර්ථිකයෙන් 9% ක්ම තීරණය කරන්නේ ඒ රටේ තියෙන උෂ්ණත්වය. මේක පොඩි ගාණක් වගේ පෙනුණට, ආර්ථික විද්‍යාවේදී මේක මාරම ලොකු බලපෑමක්.
මේක ලෝකෙට විතරක් නෙවෙයි, එකම මහද්වීපයක් ඇතුළෙත් මේක වෙනවා.
දකුණු ඇමරිකාව: සමකයෙන් ඈතට වෙන්න තියෙන ටිකක් සීතල රටවල් වෙන Uruguay සහ Chile වල ආර්ථිකය, සමකය උඩ තියෙන Colombia සහ Ecuador වලට වඩා ගොඩක් ඉහළින් තියෙනවා.
ඔස්ට්‍රේලියාව: ඔස්ට්‍රේලියාවේ උඩින්ම තියෙන, සමකයට කිට්ටු, ගොඩක් රස්නේ නගරය වෙන Darwin (ඩාවින්) වලට ලොකු ස්වභාවික සම්පත් තිබුණත් ඒක තමයි ඔස්ට්‍රේලියාවේ දුප්පත්ම නගරය. හැබැයි සමකයෙන් ගොඩක් ඈත තියෙන, රස්නය අඩු Sydney සහ Melbourne තමයි ධනවත්ම නගර! 🏙️
මේ කතාව ඇහුවාම ඔයාට එකපාරටම හිතෙන්න පුළුවන්, "ඉස්සර ලෝකේ ලොකුම අධිරාජ්‍යයන් වුන ඊජිප්තුව, මෙසපොතේමියාව, මායාවරු ඔක්කොම හිටියේ රස්නේ රටවල් වල නේද?" කියලා. ඔව්, ඒ කතාව 100% ක්ම ඇත්ත! 🏺📜
මීට අවුරුදු 2000 කට කලින් තත්ත්වය අදට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කාලේ රටක ධනවත්කම තීරණය වුණේ ඒ රටට "කොච්චර කෑම වවන්න පුළුවන්ද" කියන එක මත. රස්නේ රටවල් වල අවුරුද්ද පුරාම වගා කරන්න පුළුවන් නිසා, එයාලට ලොකු ජනගහනයක් පෝෂණය කරන්න පුළුවන් වුණා. ඒ නිසා එයාලා ලෝකේ ලොකුම අධිරාජ්‍යයන් බවට පත්වුණා. 🌾👑
එහෙනම් ඇයි ඒක වෙනස් වුණේ?
මේ කතාව වෙනස් වෙන්නේ කාර්මික විප්ලවයත් එක්ක. අද ලෝකේ රටක ධනවත්කම තීරණය කරන්නේ කෑම වලින් නෙවෙයි, තාක්ෂණය සහ කර්මාන්ත වලින්.
සීතල රටවල් වල මිනිස්සුන්ට ඉස්සර කාලේ ජීවත් වෙන්න මාරම අමාරු වුණා. ශීත ඍතුව එද්දී වගා කරන්න බෑ, කෑම නෑ. ඉතින් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් අනිවාර්යයෙන්ම කෑම ගබඩා කරන්න, ශක්තිමත් ගෙවල් හදන්න, සහ අනාගතයට ප්ලෑන් කරන්න සිද්ධ වුණා. මේ විදිහට අමාරුවෙන් ජීවත් වුන සමාජයන්, කාර්මික විප්ලවය එද්දී ඒ අලුත් වෙනසට වේගයෙන් හැඩගැහිලා, යන්ත්‍ර සූත්‍ර හදලා මුළු ලෝකයම අල්ලගත්තා.
රස්නේ රටවල් වල මිනිස්සුන්ට අවුරුද්ද පුරාම කෑම තිබුණු නිසා, එයාලට ඒ වගේ අමාරුවෙන් ප්ලෑන් කරන්න ඕනේ වුණේ නෑ. හැබැයි ලෝකය කෘෂිකර්මාන්තයෙන් කාර්මික යුගයට මාරු වෙද්දී, රස්නේ රටවල් වලට ඒ වේගයට හැඩගැහෙන්න බැරි වුණා. 🏭⚙️
යුරෝපීය ජාතිකයින් කාර්මික විප්ලවයෙන් ලොකු දියුණුවක් ලබලා, මුළු ලෝකයම යටත් කරගන්න පටන් ගත්තා. එයාලා ආසියාවේ සහ අප්‍රිකාවේ රස්නේ රටවල් වලට ඇවිත් ඒ රටවල තිබුණු සම්පත් ඔක්කොම සූරාගෙන, ඒ රටවල මිනිස්සුන්ව වහල්ලු විදිහට පාවිච්චි කළා. ⚔️👑
අන්තිමට ඒ රටවලින් යද්දී එයාලා කළේ ඒ රටවල පාලනය අවුල් කරලා දාලා ගියපු එක. ඒ නිසා මේ රස්නේ රටවල් නිදහස ගත්තත්, එයාලට ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න බැරි වුණා. ආණ්ඩුවක් ස්ථාවර නැත්නම් කොහොමටවත් ආර්ථිකයක් දියුණු වෙන්නේ නෑ.
ඒ වගේම යුරෝපීයයන් ඇමරිකාව සහ කැනඩාව වගේ සීතල රටවල් අල්ලගත්තාම, ඒ රටවල දේශගුණය එයාලගේ යුරෝපයේ දේශගුණයට සමාන නිසා එයාලා ඒ රටවලම පදිංචි වුණා. ඒ නිසා ඒ රටවල් ඉක්මනින් දියුණු වුණා. හැබැයි රස්නේ රටවල් වල රස්නය සහ ලෙඩ රෝග නිසා එයාලා ඒ රටවල පදිංචි වුණේ නෑ, කළේ සම්පත් සූරාගෙන ගියපු එක විතරයි! 💎🚢
රස්නේ කලාප වල ආර්ථිකය පල්ලෙහාට වැටෙන්න තවත් ප්‍රධානම හේතුවක් තමයි සෞඛ්‍ය ප්‍රශ්න. 🦟🤒
සීතල රටවල් වල ශීත ඍතුව එද්දී මදුරුවෝ සහ වෙනත් කෘමීන් ඔක්කොම මැරිලා යනවා. ඒ නිසා ලෙඩ රෝග පතුරුවන වෛරස් සහ බැක්ටීරියා වලට අවුරුද්ද පුරාම පැතිරෙන්න බෑ. ඒ නිසා තමයි ඇමරිකාව සහ යුරෝපය වගේ රටවල් මැලේරියාව වගේ ලෙඩ සම්පූර්ණයෙන්ම තුරන් කළේ.
හැබැයි රස්නේ රටවල් වල අවුරුද්ද පුරාම එකම රස්නයක් තියෙන නිසා කෘමීන්ට සහ වෛරස් වලට දිගටම වර්ධනය වෙන්න පුළුවන්. මේ නිසා රස්නේ රටවල් වල ලෙඩ රෝග හැදෙනවා ගොඩක් වැඩියි. ළදරු මරණ අනුපාතය 50% කින් වැඩියි, ආයු අපේක්ෂාව 8% කින් අඩුයි.
රටක මිනිස්සු නිතරම ලෙඩ වෙනවා නම්, පවුල් වල සල්ලි ඔක්කොම බෙහෙත් වලට වියදම් වෙනවා නම්, ඒ රටේ මිනිස්සු කොහොමද හරියට රස්සාවක් කරලා ආර්ථිකය උස්සන්නේ? ඒ මදිවට ලෝකේ ලොකුම ඖෂධ සමාගම් තියෙන්නේ සීතල රටවල් වල. එයාලා මැලේරියා බෙහෙත් හදලා, ඒ ලෙඩේ වැඩියෙන්ම තියෙන දුප්පත් රස්නේ රටවල් වලට විකුණන්නේ 5 ගුණයක් විතර වැඩි ගාණකට! 💊🏥
"රස්නේ රටවල් වලට කෑම වවන්න ලේසියි" කියලා අපි කලින් කිව්වට, අද කාලේ තත්ත්වය ඒක නෙවෙයි. සහල්, බඩඉරිඟු සහ තිරිඟු වගේ ප්‍රධාන බෝග වගාවන් වල අස්වැන්න රස්නේ රටවල් වලට වඩා 50% කින්ම වැඩියි සීතල රටවල් වල! 🌾🐛
ඇයි ඒ?
කෘමීන් සහ පළිබෝධකයින් : රස්නේ රටවල් වල කෘමීන් අවුරුද්ද පුරාම ඉන්න නිසා එයාලා වගාවන් විනාශ කරනවා. ගොවියන්ට ගොඩක් කෘමිනාශක ගහන්න වෙනවා. ඒකෙන් පොළොව සහ වතුර විනාශ වෙනවා.
පස නිසරු වීම: සීතල රටවල් වල පත්‍ර වැටිලා සීතලට මිදිලා තියෙනවා, පස්සේ දියවෙද්දී ඒකෙන් පසට මාරම පොහොරක් ලැබෙනවා. හැබැයි රස්නේ රටවල් වල කොළයක් වැටුණු ගමන් කෘමීන් සහ බැක්ටීරියා ඒක ඉක්මනින්ම විනාශ කරන නිසා පසට ලොකු පෝෂණයක් ලැබෙන්නේ නෑ.
මේ නිසා අද ලෝකේ වැඩිපුරම කෘෂිකාර්මික නිෂ්පාදන පිටරට යවන පළවෙනි රටවල් 4 ම (USA, Netherlands, Germany, France) සීතල කලාපයේ රටවල්! රස්නේ රටවල් වලට අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ සීතල රටවල් වලින් කෑම සල්ලි දීලා ගෙන්න ගන්න. 🌽🚢
හැබැයි හැම රස්නේ රටක්ම දුප්පත් නෑ. මේ නීතිය කඩපු රටවල් කිහිපයක් ලෝකේ තියෙනවා. 🏙️📈
සිංගප්පූරුව : සමකයට කිට්ටුවෙන්ම තියෙන නිසා මේක ලෝකේ තියෙන රස්නෙම රටක්. හැබැයි එයාලගේ GDP per capita එක ලෝකෙන්ම 2 වෙනි තැන! මෙයාලා මේක කළේ ආසියාවේ ප්‍රධානම නැව් මාර්ගයේ තියෙන වාසිය අරන්, ලෝකේ ලොකුම වරායක් හදලා, බදු අඩු කරලා ලෝකේ වටේම බිස්නස් එයාලගේ රටට ගෙනල්ලා.
මැදපෙරදිග රටවල් : Qatar, UAE වගේ රටවල් කාන්තාර වුණත්, එයාලට තියෙන අසීමිත ඛනිජ තෙල් නිසා අද ඒ රටවල් ලෝකේ ධනවත්ම රටවල් බවට පත්වෙලා තියෙනවා. හැබැයි තෙල් ඉවර වුණු දවසක එයාලට මොකද වෙන්නේ කියලා තවම කියන්න බෑ. 🛢️💰
ඒ වගේම හැම සීතල රටක්ම පොහොසත් නෑ. උතුරු කොරියාව වගේ රටවල් වල ලොකු සීතලක් තිබුණත්, ඒ රටේ තියෙන ආඥාදායක දේශපාලනය නිසා අද ලෝකේ දුප්පත්ම රටක් වෙලා ඉන්නවා. රුසියාවටත් ටිකක් විතර වෙලා තියෙන්නේ ඒ දේම තමයි. ❄️🚫
ඉතින් ඔයාට තේරෙනවා ඇති "රස්නේ රටවල් දුප්පත්" කියන එක පිටිපස්සේ මිනිස්සුන්ගේ කම්මැලිකම නෙවෙයි තියෙන්නේ කියලා. මේක පරිසරය, ඉතිහාසය, යටත්විජිතකරණය සහ ලෙඩ රෝග කියන හැමදේම එකතු වෙලා හැදුණු මහා සංකීර්ණ ජාලයක්. 🌟
තත්පර 5ක් වැය කරලා ලයික් එකක්, කමෙන්ට් එකක් දාලා යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා! 🤒
හැබැයි මේ තත්ත්වය අනාගතයේදී තවත් භයානක වෙන්න පුළුවන්. ගෝලීය උණුසුම වැඩිවෙනවාත් එක්කම, දුප්පත් රස්නේ රටවල උෂ්ණත්වය තවත් වැඩි වෙලා එයාලගේ ආර්ථිකය තවත් පල්ලෙහාට වැටෙන්න ලොකු අවදානමක් තියෙනවා.
ලෝකයේ දියුණුව සහ රස්නය අතර තියෙන මේ අපූරු සම්බන්ධය ගැන ඔයා මීට කලින් අහලා තිබුණාද? ඔයාට හිතෙන විදිහට මේ තත්ත්වය වෙනස් කරන්න නම් දුප්පත් රටවල් මොනවාද කරන්න ඕනේ? මේ ලිපියෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම්, අනිවාර්යයෙන්ම පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ වටිනා ලිපියට Like එකක් දාලා, ලෝකය ගැන අලුත් දේවල් ඉගෙනගන්න ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! ☀️🌍📉👍💬🗣️
උපටාගැනිමක්